IMG-LOGO

2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා


ඉන්දියාව පරද්දනවා: පාකිස්තාන අගමැති කියයි

ඉන්දියාව අභිබවා යමින්, පාකිස්තාන දියුණුවෙන් දියුණුවට පත් කිරීමට තමන් ප්‍රතිඥා දෙන බවත්, එසේ කිරීමට අපොහොසත් වන්නේ නම්, තමන්ගේ නම ෂෙහ්බාස් ෂරීෆ් නොවන බවත්, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පුරසාරම් දොඩා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්, දේශපාලන වේදිකාවේ පුරසාරම් දොඩන සහ අතිශෝක්තියෙන් කතා කරන චරිතයක් බවත් ද පෙන්වා දෙමින්, ඉන්දීය මාධ්‍ය මෙම පුවත වාර්තා කර තිබේ. ෂෙහ්බාස් ෂරීෆ් යනු හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ බාල සොහොයුරාය.

‘දෙවියන් වහන්සේ සැමවිටම පාකිස්තානය සමඟ ඉන්නවා. අපි දිවා රෑ නොබලා වෙහෙසෙනවා. පාකිස්තානයේ පවතින තත්ත්වය අපි වෙනස් කරනවා. ඉන්දියාව පරාජය කරන්න අපට හැකිවෙනවා’ යැයි අග්‍රාමාත්‍ය ෂරීෆ් කෑ කෝ ගසා ඇත්තේ පන්ජාබ් ප්‍රාන්තයේ පැවැති ජන රැළියක් අමතමිනි. 

පාකිස්තානය මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකින් පීඩා විඳිමින් සිටින අතර, අන්තර් ජාතික මූල්‍ය අරමුදලින් පාකිස්තානයට ණය ආධාර ලැබෙයි. පාකිස්තාන වැසියන් ජීවත් වන්නේ දැඩි අසීරුතා මධ්‍යයේය. පාකිස්තාන වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කරන බවට ද අග්‍රාමාත්‍ය ෂරීෆ් පන්ජාබ් ප්‍රාන්තයේ ජන රැළිය අමතමින් කෑ කෝ ගැසූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පාකිස්තානය ආර්ථිකමය වශයෙන් කඩා වැටීමකට ලක් වී ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ අධූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් යැයි අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ඔහුගේ රජය චෝදනා කරයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (4)

ඉන්දියාව පරද්දනවා: පාකිස්තාන අගමැති කියයි

ජිල්බු Tuesday, 25 February 2025 10:19 AM

මේ වගේ ඒව කියන්න ගත්තොත් සජිත්ට තර්ජනයක් එනවා මෙයාගෙන්. වහාම ආරක්ෂාව මහත් කරමු.

:       1       22

ගුණරත්න Tuesday, 25 February 2025 11:50 AM

ලෝකේ ලොකුම තෙල් නිධියක් පාකිස්තානයේ මුහුදෙන් හොයාගෙන තියෙනවා, ඕකෙන් ගන්න සල්ලි වලින් ඒ රට පොහොසත් කරන එක අමාරු වැඩක් නෙවෙයි, මට හිතෙන්නේ තව අවුරුදු 10කින් විතර සිංහලු එහෙ ගෘහ සේවයට යාවි කියල.

:       9       1

රනේTuesday, 25 February 2025 01:27 PM

ඒ වෙනකොට වටින්නෙ තෙල් නොවේ ගුණේ, වතුර..

:       0       1

දොන් සේතන් Tuesday, 25 February 2025 12:15 PM

ඉන්දියාව පරද්දන්න පුළුවන් උනත් ලංකාව නම් පරද්දන්න බැහැ . මේක ආසියාවේ ආශ්චර්ය

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකා - පකිස්ථාන තැපැල් ගිවිසුමක්
2025 පෙබරවාරි මස 25 17 0

ශ්‍රී ලංකා - පාකිස්ථානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් මුද්දර නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ පාකිස්ථානු තැපැල් ආයතන


බීජිං සම්මුතියට කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 25 30 0

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතු වලට අදාලව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා වන සම්මුතිය (බීජිං සම්මුතිය, 2010) මෙරට බලාත්මක කිරීම පිණිස න


සූදු ක්‍රීඩා නියාමනයට අධිකාරියක්
2025 පෙබරවාරි මස 25 28 0

සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ජාතික කාන්තා සතියක් ප්‍රකාශයට පත් කරයි
2025 පෙබරවාරි මස 25 36 0

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සමගාමීව ’’ ජාතික කාන්තා සතිය ’’ ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ලංකා-මාල දිවයින් ඒකාබද්ධ සංචාරක වැඩසටහනක්
2025 පෙබරවාරි මස 25 129 1

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.


රතු කුරුසයෙන් රජයට කොළ එළියක්
2025 පෙබරවාරි මස 25 390 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිත කණ්ඩායමේ නව ප්‍රධානී සෙවරින් ෂපාස් මහත්මිය (Ms.Severine Chappaz) අතර හමුවක් ජනාධිපති


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 252 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝග්රෑම් 12 ධාරිතාවය සහිත විශාල සේදුම් ප්‍රමාණයන් සඳහා සුදුසු වන,පාරිභෝගිකයන්ට දිනපතාම රෙදි සේදුම් කාර්යය පහසුකරමින්, කාලය ඉතිරි කිරීමට සහ සෝද

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 435 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 183 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site