IMG-LOGO

2025 පෙබරවාරි මස 10 වන සඳුදා


ඉන්දු ලංකා තරුණ-ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිවරු හමුවෙති

(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)

ඉන්දියාවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය මන්සුඛ් මන්දාවියා සහ ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහත්වරුන් අතර හමුවක් ඉන්දියාවේ මහත්මා මන්දීර් සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්විණි .

ඉන්දියාවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රක්ෂා ඛාඩ්සෙ සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් නිතේෂ් කුමාර් මිශ්‍රා මහත්වරුද එම හමුවට එක්ව සිටියහ.

දෙරට අතර අධ්‍යාපන, තාක්ෂණ, ක්‍රීඩා, සංස්කෘතික වැනි අංශ ගණනාවක් ඔස්සේ තරුණ හුවමාරු වැඩසටහන් පැවැත්වීම පිළිබදව මෙහි දී අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධනයට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවත්, ඉදිරියේ දී තරුණ කටයුතු සම්බන්ධව ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වන බවත් ඉන්දීය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය මන්සුඛ් මන්දාවියා මහතා ප්‍රකාශ කළේය.

බිම්ස්ටෙක් තරුණ සමුළුවට සත්කාරකත්වය දැක්වීම පිළිබඳව ඉන්දියාවට ස්තූතිය පළ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා මෙහි දී පැවසුවේය.

ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ , අහමදාබාද් හි පැවැත්වෙන බිම්ස්ටෙක් තරුණ සමුළුවට සහභාගී වීම සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ඉන්දියාව වෙත ගිය අතර, එම සමුළුව අතර මෙම සාකච්ඡාව සිදු විය. සමුළුව පෙබරවාරි 11 වෙනිදා දක්වා පැවැත් වේ.



අදහස් (1)

ඉන්දු ලංකා තරුණ-ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිවරු හමුවෙති

ගුණරත්න Monday, 10 February 2025 03:07 PM

අපේ ක්‍රීඩා නියෝජ්‍ය ඇමැතිතුමා ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිහින් කියලා ආරංචියක් ආවා. එතුමාටත් එතුමාගේ නායකතුමා හදන්න යන රට ගැන විශ්වාසයක් නැතුව වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

කොටහේනේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 පෙබරවාරි මස 10 4 0

කොටහේන බෙනඩික් මාවතේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු අතරින් එක් පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකුත් තුවාල ලබා රෝහල් ගත


චමිඳු එක්දින සංචිතයෙන් ඉවත් කරයි
2025 පෙබරවාරි මස 10 190 0

ඕස්ට්‍රේලියාවට එරහෙිව අනිද්දා (12) ආරම්භ වන තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වේග පන්දු යවන


IMF විධායක අධ්‍යක්ෂ අග්‍රාමාත්‍ය හරිනි හමුවෙයි
2025 පෙබරවාරි මස 10 86 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍ර


පුරය සරසන්න පෙරහැරට පේ වෙන අලි ඇතුන්ගේ හැඩ
2025 පෙබරවාරි මස 10 160 0

කොළඹ හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘නවම් මහා පෙරහැර හෙට (11) සහ අනිද්දා (12) වීථි සංචරය කිරීමට කටයුතු සූදානම් කර තිබේ.


තානාපතිනී ජුලී චන්ග් ඇමති බිමල් හමුවෙයි
2025 පෙබරවාරි මස 10 293 0

ශ්‍රී ලාංකික ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් නව රජය අනුගමනය කරන ප්‍රතිපත්තිමය ක්‍රියාදාමය සහ ඒ වෙනුවෙන් ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය වෙත හිමිවූ අතිවිශාල


’’අලුත් සත්තු’’ ජාති තුනක් ලංකාවට
2025 පෙබරවාරි මස 10 569 0

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දුඹුරු වලසුන් යුවලක්,හයිනා යුවලක් සහ මියර්කැට් යුවල තුනක් සත්ව හුවමාරු වැඩසටහන යටතේ මෙරට සත්වෝද්‍යාන ප්‍රදර්ශනය සඳහ


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 78 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 119 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 877 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site