(සුජිත් හේවාජුලිගේ)
දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍ය වන ඉන්සියුලින් එන්නත දිවයින පුරා රෝහල් රැසක හිගවීම හේතුවෙන් එම රෝගීහු දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති.
රෝගීහු පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ට මෙම ගැටළුව පිළිබඳව අද (28) පැමිණිලි කළහ.
මේ අතර කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයට ඊයේ (27) පැමිණි රෝගීන් පිරිසක් ඉන්සියුලීන් නොමැතිවීම හේතුවෙන් නැවත හැරී ගොස් තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉන්දියාවේ "වොකාඩ්" සමාගමෙන් ඉන්සියුලීන් එන්නත් හත්ලක්ෂ විසිදහසක් තීරණය කිරීමෙන් පසු එම සමාගම ණයවර ලිපි පවා නිකුත් කර ඇතත් ඖෂධ නියාමන අධිකාරිය නැවත ලියාපදිංචි සහතිකය ලබා නොදීම හේතුවෙන් ඉන්සියුලීන් ඖෂධය නැව්ගත කිරීම තවදුරටත් ප්‍රමාදව තිබෙන බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21වැනිදා පැවති සමාලෝචන රැස්වීමේදී වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පවසා ඇත්තේ ඉන්සියුලීන් ඖෂධය ආනයනය කිරීම සඳහා නැවත ලියාපදිංචි සහතික නිකුත් කර ඇති බවයි
කෙසේ වෙතත් ඖෂධ නියාමන අධිකාරිය එම සහතිකය තවමත් නිකුත් කර නොමැති බව මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී තොරතුරු අනාවරණය විය.
පෞද්ගලික ෆාමසිවල ‘ඉන්සියුලින්’ එන්නතක් රුපියල් 680 සිට 2500 දක්වා මිල ගණන්වලට අලෙවි වෙන බව රෝගීහු පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අප කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දියවැඩියා සායනයේ ඉන්සියුලින් අඩුපාඩුව වරින් වර ඇති වන තත්වයක් මිස දීර්ඝ කාලීන ගැටලුවක් නොවන බවයි.
ඖෂධ සංස්ථාවේ නිලධාරී මාරුවීම් සමග මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද ඔහු සඳහන් කළේය.
හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.
දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ දැදුරු ඔය පිටාර ගැලීමෙන් ආණමඩුව හලාවත මාර්ගය පල්ලම පහලයාය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවිමත් සම
අයහපත් කාලගුණය මධ්‍යයේ ජලයෙන් පිරී තිබූ කන්තලේ, සූරියපුර පිහිටි සිංහ වැවේ පිටවානේ කොටසක් කැඩී ගිය බව ගොවිහු පවසති.
තාවකාලික වාහන අංක තහඩු භාවිතා කිරීම දෙසැම්බර් 15 වැනිදායින් අවසන් වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
දීග ජන්තු නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇති රජකු පලාගල මීගස්වැව ප්‍රදේශයේ නිවසක් වටේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්සියුලින් හිඟයෙන් ලෙඩ්ඩු අමාරුවේ
පිටරටවැසියා Thursday, 28 November 2024 12:45 PM
බොරුකියපු සැපයුම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාට නීති මගින් දැඩිව කටයුතු කළ යුතුයි. රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂක, නිලධාරීන් මාරුවෙනකොට මෙවැනි තත්වයක් බලාපොරොත්තු වෙනවානම් එකටත් විසඳුමක් තියෙන්න ඕන, රෝගීන්ගේ ජීවිත අනතුරේ දමන්නෙ නැතිව.