(විනීතා එම්. ගමගේ)
අපනයනය කෙරෙන විද්යුත් හා ඉළෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (E- Waste) අපනයනය කරනු වෙනුවට ඒවායේ වටිනා ලෝහ කොටස් ඉවත් කර ගැනීම සඳහා මෙරට දීම ප්‍රතිචක්‍රීයකරණයට වැඩ පිලිවෙළක් සැකසීමට තීරණය කළ බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
දැනට මධ්‍යම පරිසර අධිකාරිය යටතේ ලියාපදිංචි ව තිබෙන පුද්ගලික අංශයේ ආයතන 28ක් පමණ මෙම විද්යුත් හා ඉළෙක්ට්‍රොනික අපද්‍රව්‍ය විවිධ ප්‍රදේශවලින් අවිධිමත් ලෙස එක්රැස් කර ප්‍රතිචක්‍රීයකරණය සඳහා අපනයනය කරනු ලබන බවත් බහුල වශයෙන් ඇති මෙම විද්‍යුත් අපද්‍රව්‍ය අපනයනය නොකර එහි ඇති වටිනා ලෝහ කොටස් ඉවත් කර ඒවා රටේ අවශ්‍යතාවයන් සඳහා යොදා ගැනීමටත්, ඉතිරි වන කොටස් දහනයට ලක් කිරීමටත් තමන් යෝජනා කරන බව ද අමාත්‍යවරයා කීය.
විද්යුත් හා ඉළෙක්ට්‍රොනික අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මේ වනවිට නිවාසවල එක්රැස් ව පවතින අතර ඒවා විධිමත් ලෙස එක්රැස් කිරීමට පියවර ගෙන නොමැති නිසා සෞඛ්‍ය ගැටළු පවා මතුවීමට ඉඩ ඇතැයි ඇමතිවරයා ප්‍රකාශ කළේය.
විශේෂයෙන් ජපානයේ ආයතන කිහිපයක් මෙම අපද්‍රව්‍ය මිල දි ගනු ලබන්නේ ඒවායේ අඩංගුවන ඉහළ වටිනාකමක් සහිත ලෝහ කොටස් ඉවත් කර ගැනිම සඳහා බව පෙන්වා දුන් අමරවීර මහතා විශේෂයෙන් පරිගණක හා රූපවාහිනි වල ඇතුළත් කර තිබෙන සමහර කොටස්වල (Printed Circuit Board- PCB වැනි) රත්රන් හා ප්ලැටිනම් වැනි ඉතා මිල අධික ලෝහ අඩංගු වන බවත් පෙන්වා දුන්නේය. ජපානයේ ඇතැම් සමාගම්වලින් ඒවාට ඉහළ ඉල්ලුමක් ඇත්තේ මෙම වටිනා ලෝහ කොටස් ඉවත් කර ගැනීම සඳහා බවද හෙතෙම පැවසීය.
පසුගිය කාලය තුළ විද්යුත් හා ඉළෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ සති ක්‍රියාත්මක කළ ද එම වැඩ සටහන් යම් තරමකට සාර්ථක වුයේ බස්නාහිර පළාතේපමණක් බවත් එසේ වුවද දිවයිනේ අනිකුත් ප්‍රදේශවල ද බහුල වශයෙන් මෙම බැහැර කරන ලද විද්යුත් ඉළෙක්ට්‍රොනික උපකරණ කිසිදු ප්‍රයෝජනයකින් තොරව ඉවත දමා තිබෙන බව වාර්තා වනබවත් අමාත්‍යවරයා පැවසීය.
මේ සම්බන්ධව රජයේ අවධානය යොමු කිරීම සඳහා තමන් යෝජනාවක් රජය වෙත ඉදිරිපත් කරන බවත්, මෙවැනි ව්‍යාපෘති කිහිපයක් ආයෝජන ප්‍රවර්ධන කළාපවල පිහිටුවීමට යෝජනා වී තිබුණද ඒවා මෙතෙක් ක්‍රියාත්මක වී නැති බව ඔහු තවදුරටත් කියා සිටියේය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉළෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙරටදීම ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ යෝජනාවක්
සමීර Saturday, 14 November 2020 07:41 AM
ඔව් ඔව්. ඕවගේ ප්ලැටිනම්, රත්‍රන් එහෙම කිලෝ ගණන් තියෙනවා කියලා වෙන්න ඇති මේ අය හිතන් ඉන්නේ. ඕකෙන් වෙන්නේ කිසිම පිළිවෙලක් නැතුව මිනිස්සු තැන් තැන්වල ඔය විකිරණ සහිත ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගිනි තියලා ඉතුරු වෙන ලෝහ ගන්න හදන එක. දැනටත් පරණ බඩු එකතු කරන අය කරන්නෙ ඒක. එහෙම රට ගැන හිතලා වැඩ කරන අය නම් අර තැන් තැන්වල අගේට හදලා ගන්න පුලුවන් වාහන කැලේට දිරන්න අරින්න ඕනෙත් නෑනේ. ධාවනය කරන්න බැරිනම් යකඩවලට උණුකරලා හරි අරන් මිනිස්සුන්ට ඕන වෙන කැති, උදළු හරි හදලා අඩුමිලට දෙන්න පුලුවන් වැඩපිළිවෙළක් හදන්න මේ වෙනකොට ක්‍රියාත්මක වෙලා තියෙන්න ඕනනේ. එක්කෝ රට පටවන එකේ කොමිස් මදි වෙලා. නැත්නම් මෙහෙ ඉන්න ඇමතිගේ හෙන්චයියන් ටිකට අලුතින් බිස්නස් එකක් පටන් ගන්න ඕනෑවෙලා.
kamalSaturday, 14 November 2020 12:17 PM
හරියටම හරි.. ඕකෙන් වෙන්නේ පරිසරයේ ඉතුරු වෙලා තියෙන ටිකත් විනාශ වෙලා මිනිස්සුන්ටත් ලෙඩරෝග හරදෙන එකයි. නීතිය හරියට නැති රටවල මේ ප්‍රතිචක්‍රීකරණය කුකින් කියලා හඳුන්වන ක්‍රමය ගැන අන්තර්ජාලයෙන් බලාගන්න. රට දියුණු කරන්න හදන හැටි නම් කදිමයි.