IMG-LOGO

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා


ඊශ්‍රායල හමාස් සටන් විරාමයක් !

මාස 15 ක් තිස්සේ පැවැති සටන් අවසන් කරමින් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ සටන් විරාමයක් සඳහා එකඟත්වයක් ඇති කර ගැනුණි.

දෙපාර්ශ්වය අතරේ සාකච්ඡා පැවැත්වූයේ කටාර් රාජ්‍යයේ දෝහා නුවරදීය. සාකච්ඡා සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කළේ කටාර් රාජ්‍යයයි.

කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහමාන් බින් ජසීම් අල් තානී කියා සිටියේ සටන් විරාමයත් සමඟ හමාස් සංවිධානය ඔවුන්ගේ ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කරනු ඇති බවය.

ඒ සමඟම, ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් විපතට පත්වුණු පලස්තීනුවන්ට කඩිනමින් මානුෂීය ආධාර හිමිවනු ඇතැයි ද පැවැසෙයි.‍

ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දීම ආරම්භ කළේ 2023 ඔක්තෝබර් 7 වැනිදාය. ඒ, හමාස් සටන්කාමීන්, ලෙබනනයේ ඉරාන හිතවාදී හිස්බුල්ලා සටන්කාමීන් ද සමඟ හවුල් වී, ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමිනි.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් ඉලක්කවලට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවෝ 46,707 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 110,265 කි.

(අල් ජසීරා)



අදහස් (0)

ඊශ්‍රායල හමාස් සටන් විරාමයක් !

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

විදුලි බිලට වෙන දේ හෙට කියයි
2025 ජනවාරි මස 16 19 0

විදුලිය ගාස්තු සංශෝධනයට අදාළ අවසන් වාර්තාවහෙට සිකුරාදා නිකුත් කිරීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.


පොලිසියට ’’සින්ගල් කැබ්’’ දෙන්න ඉන්දීය ගිවිසුමක්
2025 ජනවාරි මස 16 197 0

ශ්‍රී ලංකා පොලිසියේ භාවිතය සඳහා ’’සින්ගල් කැබ්’’ රථ ලබාදීමේ ලබාදීමේ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ මහජන ආරක්ෂාව සහ


ජනපති චීන සංචාරයේ තෙවැනි දිනය අරඹයි
2025 ජනවාරි මස 16 136 0

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙවැනි දිනය ආරම්භ කරමින් අද


නළු සයිෆ් අලී ඛාන්ට අකරතැබ්බක්
2025 ජනවාරි මස 16 706 0

බොලිවුඩයේ සුපිරි නළුවකු වන සයිෆ් අලී ඛාන් තියුණු ආයුධයකින් කළ පහර කෑමක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණි. සයිෆ් අලී ඛාන් තුවාල ලබා ඇත්තේ ඔහුගේ මුම්බ


හොර හරක් ගෙන ගිය හතරක් කොටුවෙයි
2025 ජනවාරි මස 16 134 0

මහියංගණ පගරගම්මන සිට බදුල්ලට කැබ් රථයකින් හිංසාකාරි ලෙස බලපත්‍ර නොමැතිව හොර රහසේ ප්‍රවාහනය කරමින් සිටි එළගවයින් හයදෙනෙකු සමග සැකපිට පුද්ගලයන් සිව


පළාත් හතරකට අදත් වැස්ස
2025 ජනවාරි මස 16 142 0

උතුරු මැද, නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 267 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 564 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 312 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site