( නිශාන්ත කුමාර )
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝදර අතර මාර්ග කොටස තුල ඇති නායයාමේ අවදනම වැලක්වීම සදහා කඩිනම් ස්ථිර සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.
ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 101.3 ක මුදලක් වෙන් කර තිබේ.
ඒ යටතේ බණ්ඩාරවෙල දුමිරිය ස්ථානය ආසන්නයේම දුම්රිය මාර්ගයට ඉහලින් පිහිටා ඇති තැපැල්කන්ද නායයාම වැලක්වීම සදහා දැවන්ත සංවර්ධන ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර තිබේ.
බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නයේම දුම්රිය මාර්ගයට ඉහලින් පිහිටා ඇති තැපැල්කන්ද සෑම වර්ෂා කාලයකදීම නායයාම නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය බොහෝ අවස්ථාවලදී බණ්ඩාරවෙලට පමණක් සීමා වන අතර එය වැලක්වීම සදහා මෙම පියවර ගෙන තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ බණ්ඩාරවෙලල සිට දෙමෝදර දක්වා නිරන්තරයෙන්ම නාය යන ස්ථාන අටක් හදුනා ගෙන එම ස්ථාන අටම නායයාම වැලක්වීම සදහා සංවර් ධනය කිරීමට නියමිතය.
මෙරටට පැමිණෙන සංචාරකයින් බොහෝ පිරිසක් ඇල්ල සහ දෙමෝදරට දුම්රියෙන් පැමිනෙන අතර මෙම සංචාරකයින් උඩරට දුම්රිය මාර්ගයේ සිරි නැරඹීම සදහා ඉමහත් කැමත්තක් දැක්වීම නිසා මෙම මාර්ගයේ නාය යාම් අනතුරු වලක්වා ගැනීමටත් සංචාරක ආකර් ෂණය එලෙසම පවත්වා ගැනීමත් අරමුණු කර ගනිමින් මේ වන විට මෙම දැවැන්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.
පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා
ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
උඩරට දුම්රිය මඟේ නාය යාම වළක්වන්න පියවර