IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


උතුරු දුම්රිය මාර්ගයේ අලි අනතුරක්

(නිමල් ජයරත්න)

කොළඹ සිට මඩකලපුව දක්වා ඉන්ධන රැගෙන යමින් තිබු දුම්රියක අද අලුයම 4,00 ට පමණ මින්නේරිය දුම්රියපොළ ආසන්නයේදී අලි රංචුවක් ගැටී අලි දෙදෙනකු මිය ගොස් දුම්රිය ද පීලි පැන ඇති බව මින්නේරිය පොලිසිය කියයි.

එම දුම්රියේ ටැංකිවල ඉන්ධන ගැලුම් 11,000 අඩංගු වී තිබූ බවත්, ටැංකි 07 ක ඩීසල් ද, ටැංකි 04 ක පෙට්‍රල් තිබී ඇති අතර ඉන් පෙට්‍රල් ටැංකි දෙකක් පෙරළී තෙල්කාන්දු වෙමින් පවතින බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන මින්නේරිය පොලිසිය සඳහන් කරයි.

මෙම දුම්රියේ රියැදුරු ඇතුළු සේවකයන් හතර දෙනකු ගමන් කර ඇති අතර ඔවුන් කිසිවකුට තුවාල සහ ආපදාවක් සිදුව නොමැති බවද මින්නේරිය පොලිසි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද ප්‍රනාන්දු මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය .

දුම්රිය පීලි පැනීම හේතුවෙන් ගල්ඔය, මඩකලපුව දුම්රිය ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් අවහිර වී ඇති අතර එම ස්ථානයේ ආරක්ෂාවට මින්නේරිය සහ හබරණ පොලිසියේ විශේෂ කණ්ඩායමක් යොදවා ඇත.

තවත් අලියකු බරපතල තුවාල ලබා සිටින බවද මින්නේරිය වනජීවි නිලධාරින් සඳහන් කරයි.

මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද ප්‍රනාන්දු මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

-------------------------------------------------------------

(රෝහණ චන්ද්‍රදාස මලවරආරච්චි සහ නිමල් ජයරත්න)

කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය  පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඔරුගොඩවත්තේ සිට මඩකළපුව දක්වා දුම්රිය ප්‍රවාහනය කළ මෙම දුම්රියේ ඉන්ධන ටැංක කිපයක් ද පෙරළී ඇති අතර ඉන් ඉන්ධන ගලා ගොස් ඇති අතර යුද හමුදාව සහ පොලිසිය එක්ව ඉන්ධන කාන්දුවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

මින්නේරිය හා හිඟුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර දී දුම්රිය මාර්ගයේ සිටි වන අලින් මෙසේ දුම්රියේ ගැටී ඇත.

වන අලින් දෙදෙනකු මිය ගොස් ඇති අනෙක් දෙන්නාට තුවාල සිදු වී ඇති බව ද වාර්තාවේ.

මේ හේතුවෙන් මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මුළුමනින් ම ඇනහිට ඇත. දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා පියවර ගෙන ඇති බව අනුරාධපුර ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරී කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය .

ඡායා නිමල් ජයරත්න

 



අදහස් (0)

උතුරු දුම්රිය මාර්ගයේ අලි අනතුරක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දැනට භාර දී තියෙන්නේ නිල නිවාස 14යි
2024 ඔක්තෝබර් මස 18 118 0

හිටපු ඇමතිවරුන්ට යලි නිල නිවාස භාරදීමට කාලය ලබා දී තිබෙන අතර එයින් දැනට නිල නිවාස භාර දී තිබෙන්නේ 14 දෙනෙක් පමණක් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


බාප්පා - පුතා කළ වැඩ ගොඩක් එළියට
2024 ඔක්තෝබර් මස 18 284 0

ගම්පහ ප්‍රදේශ කිහිපයක මංකොල්ලකෑම් සහ ස්ත්‍රී දූෂණ සිදු කළ බව කියන දැනට පොලිස් අත් අඩංගුවේ පසුවන ඥාතී පුතකු සහ බාප්පා යැයි කියන දෙදෙනා විසින් දිවයිනෙහ


නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 18 808 1

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස අසංක අබේවර්ධන මහතා වැඩ භාර ගත්තේය.


උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2024 ඔක්තෝබර් මස 18 228 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1016 උඩරටමැණිකේ සහ නානුඔය සිට කොළඹ කොටුව බලා ධාවනය වන අංක 1024 දරන ටිකිරිමැණිකේ දුම්රිය න් වල එන්ජින් වල හදිසියේ ඇති ව


මඤ්ඤොක්කා අලෙවිකර ගන්න බැරුව මහවැලි එච් කලාපයේ ගොවීන් පීඩාවට
2024 ඔක්තෝබර් මස 18 738 0

විදේශ රටවලට අපනයනය කරන බවට පවසා මහවැලි අධිකාරියේ මැදිහත්වීමෙන් පෞද්ගලික ආයතනයක් සමඟ එක්ව මඤ්ඤොක්කා වගා කළද ඒවා සාධාරණ මිලකට අලෙවිකර ගැනීමට නොහැකි වී


යතුරුපැදි අනතුරෙන් පාසල් සිසුවෙකු මරුට
2024 ඔක්තෝබර් මස 18 1038 0

යතුරුපැදියක ගමන්ගත් පාසල් සිසුවෙකු ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් තුවාල ලබා ඊයේ(17) වැනි දා නාලන්ද රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි නාඋල ප


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 632 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 499 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site