(යොහාන් භාසුර)
මුදල්, කර්මාන්ත සහ ධීවර යන විෂයන් ඇතුළත් අමාත්‍යංශ එකතුව උතුරු පළාත තුළ නව කර්මාන්ත සැළසුමක් සහ ආයෝජන රැසක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.
කර්මාන්ත සංවර්ධන හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරු පසුගියදා කන්කසන්තුරේ කර්මාන්තපුරය නිරීක්‍ෂණය කළහ.
උතුරු පළාතේ දැනට අක්‍රීයව පවතින රාජ්‍ය ආයතන කීපයක් නැවත සක්‍රීය කිරීමට සහ අක්‍රීයව පවතින සිමෙන්ති කර්මාන්තශලාව ඇතුළු ව්‍යාපෘති කීපයක් එහිදී අමාත්‍යවරු නිරීක්‍ෂණය කළහ.
අලිංකඩ ලුණු කර්මාන්ත ශාලාව නිරීක්‍ෂණය කළ අමාත්‍යවරු පළමු වරට රාජ්‍ය සංස්ථාවක් හරහා අයඩින් මිශ්‍ර ලුණු නිෂ්පාදනය කිරීමේ තාක්‍ෂණය සමඟ එම කර්මාන්තශාලාව නැවත ආරම්භ කිරීමට උපදෙසස් දුන් අතර කන්කසංතුරේ සහ මාන්කුලම් යෝජිත කර්මාන්ත පුරය සහ පරන්තන් රසායනික ද්‍රව්‍ය කර්මාන්තශාලා නැවත ආරම්භ කිරීම සඳහා ද මෙහිදී සාකච්ඡා කළහ.
අක්‍රීයව තිබූ ඔඩ්ඩුසුඩාන් උළු කර්මාන්තශාලාවේ නිෂ්පදන කටයුතු ද මෙම නිරීක්‍ෂණ චාරිකාව අතරතුරදී නැවත ආරම්භ කිරීම ද කැපී පෙණේ.
බදුල්ලේ සිට කොළඔ කොටුව දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රියේ එන්ජිම පීලි පැනීම හේතුවෙන් ඇනහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (10) උදෑසන සිට
කුරුගංමෝදර බදුවත්ත මාර්ගයේ හතේ කනුව ප්‍රදෙශයේදි ත්‍රිරෝද රථයක් පෙරළී එහි ගමන්ගත් පුද්ගලයෙකු ඊට යටවීමෙන් ලද බරපතල තුවාල හේතුවෙන් මියගොස් ඇති බව කිරි
රුපියල් දහ හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සහවා ගෙන පැමිණි විදේශීය තරුණියක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධ
භාවිතයට නුසුදුසු පොල්තෙල් ලීටර් 15,620 ක් සැකරුවන් දෙදෙනෙකු ලොරි රථයක් සමග අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකායේ අරණගලංවිල කඳවුර කියයි.
කිරින්ද ,අදගලවැල්ල අබලන් සපත්තු බෝක්කූව අසලදී වනඅලියෙකු පහරදීමෙන් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කිරින්ද පොලිසිය පවසයි .
උතුරු, උතුරු - මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ,නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍ය
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
උතුරු පළාත තුළ නව කර්මාන්ත සැළැස්මක්