IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


එක වගේ දෙන්නෙක් - නදීක සමග ලහිරු

2016-12-06-ent-128

 

නිර්මාණකරුවෙක් තමන්ගෙ නිර්මාණයට අවංක වෙන්න ඕන

නදීක ජයවර්ධන


ප්‍රේක්ෂකයාට කියලා ගීතයක කෝඩ් එකක්වත් වෙනස් කරලා නැහැ

ලහිරු පෙරේරා


 

මොවුන් දෙදෙනාම ගායකයන් ලෙස හැඳින්විය හැකිය. වෙළෙඳ දැන්වීම්වල ගීත ගායනා කළ ඔහු නදීක ජයවර්ධනය. "රම්බරි" ගීතය හරහා ගායන ක්ෂත්‍රයට අවතීරණ වන ඔහු ලහිරු පෙරේරාය.

 

2016-12-06-ent-131නදීක වාදකයෙකු වන අතර, ලහිරු ශබ්ද පරිපාලනය පිළිබඳ අධ්‍යනය ලැබූවෙකි. මෙවර %එක වගේ දෙන්නෙක්^ හා එක් වන්නේ මොවුන් දෙදෙනාය.

 

ලහිරු පෙරේරා කියන්නේ කවුද?

ලහිරු

ඉගෙන ගත්ත දෙයක් ප්‍රයෝජනයට අරගෙන සමාජයට අලුත් දෙයක් දෙන්න බලන කෙනෙක්.

 

නදීක අයිය දකින විදිහට ලහිරු කියන්නේ එහෙම කෙනෙක්ද?

මම ලහිරුව දකින්නේ ගායකයෙක් කියනවට වඩා ඕඩියෝ ඉංජිනියරින් කෙනෙක් විදිහට. ලංකාවට අලුත් දෙයක් ඕන වෙලාවක ලහිරු ඒක ගෙනාවා. ලහිරු වෙනස් ආරක් ගෙනාවා. සංගීතය ගත්තම විවිධ හැඩතල තියනවනේ. මම හිතනවා ලහිරු එහිදී සාර්ථක වුණා කියලා.

 

නදීක ජයවර්ධන කියන පුද්ගලයා ඔබ දකින්නේ කොහොමද?

ලහිරු

මම පාසල් යන කාලේ ඉඳන් තමයි නදීක අයියා ගැන දන්නේ. පාසල් යන කාලේ ඉඳන් නදීක අයියගෙ සින්දුවලට මම කැමැතියි. ලංකාවෙ අන්කොමන් වොයිස් ඉතාම අඩුයි. නදීක අයියගේ ශබ්ද රසය වෙනමම පරාසයක තියන එකක්. ඒක ලංකාවට ආවේණික නැති එකක්. නදීක ජයවර්ධනව හඳුනගන්නේ වෙළෙඳ දැන්වීම්වලට කළ ගී නිර්මාණවලින්. ලහිරුව හඳුනගන්නේ ශබ්ද පරිපාලනය තුළින්.

 

නදීක

ලංකාවෙ දැන් තියෙන තත්ත්වය ඉතා දියුණු තැනක තියනවා. ඒ ගැන නම් සතුටුයි.

ලහිරු

ඒකාලේ මේකාලේ කියලා වෙනසක් මම දකින්නෙ නැහැ. කොලිටි එක වැඩි වෙලත් තියෙනවා. හෝම් ස්ටුඩියෝ කන්සෙප්ට් එකට ගීත නිර්මාණය කරන්න පටන් ගත්තට පස්සේ ශබ්ද පරිපාලනය කියන්නේ හරි පහසු දෙයක් කියලා හිතන්නේ. සමහර අය අන්තර්ජාලයෙන් ඉගෙන ගනිද්දි වැරදි දේවල් කරනවා.

නදීක

තමන් කරන දේ ගැන අදහසක් නැති නිසා තමයි ඒ ප්‍රශ්නය තියෙන්නේ. ගීතවලට වඩා කොමර්ෂල්වලට බලපාලා තියෙනවා. ලංකාවෙ වැඩේ කොහොම හරි කරනවා කියන පරමාර්ථය මිසක්, වැඩේ හොඳට කරනවා කියන පරමාර්ථය නැහැ. ලහිරු කිව්ව දේට එතනදි මම එකඟ වෙනවා.

ලහිරු

ලංකාවෙ එහෙම ශබ්ද පරිපාලනය ගැන ඉගෙන ගන්න තැන් සීමිතයි. දෙකක් පමණයි තියෙන්නේ. මම ශබ්ද පරිපාලනය ඉගෙන ගත්තේ සිංගප්පුරුවෙන්. ලොකු මුදලක් එයට වැය වෙනවා. අම්මයි, තාත්තයි තමයි ඒකට වියදම් කළේ.

 

කලාකරුවා කියන්නේ කොහොම කෙනෙකුටද?

නදීක

සමාජයෙන් පණිවිඩයක් අරගෙන ඒ ගැන අවංක වෙලා සමාජයට නැවත එය ඉදිරිපත් කරන කෙනා තමයි කලාකරුවෙක් බවට පත්වෙන්නේ. එය වගකීමෙන් කරන කෙනෙක් වෙන්න ඕන. සමාජයට යම්කිසි මෙහෙවරක් තියනවා. ඔහු ඒ මෙහෙවර වෙනුවෙන් වගකීමක් දරන පුද්ගලයෙකු විය යුතුයි.

ලහිරු

ඉතාමත් සතුටින් ඉන්න කෙනා තමයි කලාකරුවා කියන්නේ.

 

සතුටින් ඉන්න අය කලාකරුවෝ ?

ඔව්, නදීක අයියලා අපි එකතු වෙද්දි තියන සතුට එළියට එනවා. සමාජයට හානියක් කරනවා දැකලා නැහැ. සින්දුවක් අහලා මිය ගිය කෙනෙක් ගැන තාම අහලා නෑ. මම සතුටින් ඉන්නේ. මට අවශ්‍ය දේ තමයි මම කරන්නේ.

 

මේ මොහොතේ නිර්මාණය වන ගීතය ගැන කතා කළොත්?

නදීක

සමහර කාලවල නරක ඉස්මතුවෙලා පේනවා. සමහර කාලවල හොඳ ඉස්මතුවෙලා පේනවා. ඒ තමයි ස්වභාව ධර්මයේ හැටියි. ලෝකෙම සංගීත පද්ධතියේ එහෙම දේවල් දකින්න තියෙනවා. නමුත් ඒක විනාශයක් කියලා මම කියන්නෙ නැහැ.

ලහිරු

උදාහරණයක් කිව්වොත් ක්‍රිකට් කියන එක ලෝඩ්ස් ක්‍රීඩා පිටිය තුළ බලපු ක්‍රීඩාවක්. අද වනවිට එය ටී 20 කියලා කානිවල් මට්ටමේ ක්‍රීඩාවක් බවට පත්වෙලා. සුදු ඇඳුම් වෙනුවට කලර් ඇඳුම් අඳින්නේ. ඒක වෙනස් වෙන දෙයක්. ඒකට අනුගත වෙන්න ඕන. හොඳ නරක කියලා දෙයක් නැහැ. මිඩියාවලින් පෙන්නන දේයි, තියන දේයි වෙනස්. මේ දවස්වල සුභාවිත සංගීතයේ අපිට ඇහුණ ගීතයක් තමයි "මට මගේ නොවන මගේම ආදරයක් තිබ්බා" කියන ගීතය. ඒක අපේ කාලේ ගීතයක්. එහෙම නම් මෙවැනි ගීත ඉස්මතුවෙලා පේන්න විදිහක් නැහැ. හොඳ නරක කියලා දෙයක් නැහැ.

 

වර්තමානයේ ගීතයේ පැවැත්ම ගැන ඔබේ අදහස?

නදීක

එහෙම ප්‍රශ්නයක් දැනෙන්න තියනවා. ඒත් ඒක කියන්න ඉක්මන් වැඩියි කියලා මම හිතන්නේ. එක දෙයක් පිළිගත යුතුයි. මීට පෙර පරම්පරාවල ගීත ඒ කාලෙත් මේ කාලෙත් දෙකේම ජනප්‍රියයි. එහි අඩුපාඩුවක් තියනවා. ඒ කාලේ සමාජ වට පිටාවක් ඒ නිර්මාණවලට තිබ්බා කියලා මම හිතනවා.

ලහිරු

මම දකින්නේ සිංදු ජනප්‍රය වැඩියි. ඒ කාලෙට වඩා නිර්මාණය වන ගීත ප්‍රමාණය වැඩියි. හෝම් ස්ටූඩියෝ සහ ගීත පටිගත කිරීමේ ක්‍රම වැඩි දියුණු වුණා. ඉස්සර ගීත පටිගත කරන්න ගුවන් විදුලි සංස්ථාවටම යන්න ඕන. ගීතයක් තැටිගත කරනවා, පටිගත කරනවා කියන්නේ ඉස්සර ලොකු කාර්යයක්. ඒ නිසා එයට පහසුවෙන් එන්න බෑ. දැන් මයික් එකයි, සවුන්ඩ් කාඩ් එකයි, ලැප්ටොප් එකයි තිබුණ නම් ගීත හදන්න පුළුවන්. දැන් නිර්මාණ ගනත්වය වැඩියි. තව වසර 10කින් බලන්න පුළුවන්.

 

ගීතයක අර්ථ රසය කියන දේ අද වනවිට එතරම් වැදගත් නැද්ද?

නදීක

ගීතයක අර්ථ රසය වැදගත්. සමහර වෙලාවට මෙලඩි එකේ පවර් එකෙන් අර්ථය ඉස්මතුවෙනවා. මම කියන්නේ මේ කාරණාව මේ යුගය විතරක් අරන් කතා කරන්න බැහැ. මේක හැම කාලෙකටම අදාළයි. මේක මේ යුගයෙදි ලොකු ප්‍රශ්නාර්ථයක් කරගෙන කතා කරනවා. මම හිතන්නෙ නැහැ ඒක සාධාරණයි කියලා. නිර්මාණකරුවෙකුට තමන්ගෙ නිර්මාණ ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙන්න ඕන. ඉන් සමාජයට හානියක් නැත්නම් විවේචනයට ලක් කිරීම සුදුසු නැහැ කියලා මම හිතන්නේ. කලාකරුවෙක් වුණාම තමන්ගෙ නිර්මාණය තුළින් සමාජයට වෙන හානිය ගැන අවධානයෙන් ඉන්න ඕන.

ලහිරු

මගේ සිංදුවක් අහලා මිනී මරන්න හිතෙන් නැත්නම්, ස්ත්‍රී දුෂණයක් කරන්න හිතෙන් නැත්තම්, දෙමවුපිය ඝාතනයක් කරන්න හිතෙන් නැත්තම් සමාජයට ප්‍රශ්නයක් නැහැ. ක්‍රෝධය, වෛරය, ඉරිසියාව ඇති කරන්නැත්තම් ඒක හොඳ නිර්මාණයක්. මගේ නිර්මාණවල අර්ථය සම්බන්ධව තමයි ප්‍රශ්න කරන්නේ. මම තේරුමක් නැති සින්දුවක් කියලා කිව්වේ "රම්බරී" විතරයි. මම කැමතිත් ඒ ගීතයට. මම ගායකයෙක් ලෙස ඉදිරියට ආවේ ඒ ගීතය තුළින්.

 

ඉලක්ක ගත ප්‍රේක්ෂකයන්ටද නිර්මාණ කරන්නේ?

ලහිරු

මම කරන්නෙ මට ඕන දේ. නිර්මාණයකට ආස හිතෙන්න ඕන මට. ප්‍රේක්ෂකයාට කියලා ගීතයක කෝඩ් එකක්වත් වෙනස් කරලා නැහැ. මනුරංගයි, මමයි අපි දෙන්නට කැමති ගීත තමයි හැදුවෙ. ප්‍රේක්ෂකයා ඊට පස්සෙ තමයි ඒ ගීතවලට කැමති වුණේ.

නදීක

මගේ පළමු රසිකයා මම. මම, මට තමයි ගීත නිර්මාණය කරන්නේ. මගේ රසිකයා මම. සාර්ථකත්වයට වඩා අවංක භාවය පිළිබඳ ප්‍රශ්නයක් ඒක. නිර්මාණකරුවෙක් තමන්ගෙ නිර්මාණයට අවංක වෙන්න ඕන. ඒ අවංකකම තියෙන්නේ තමන්ගෙ රස විඳීම තුළ. ගීතයක් නිර්මාණය කරද්දි මම විශ්වාස කරන ධර්මය ඒක තමයි.

 

ඒක ලහිරුටත් අදාළද? නැත්නම් මාකට් එක වෙනුවෙන් කරන නිර්මාණවලටලද මූලිකත්වය දෙන්නේ?

ලහිරු

සමහර අය සාර්ථකත්වය මනින්නේ සල්ලිවලින්. සමහරු සාර්ථකත්වය මනින්නේ ලැබෙන බලයෙන්. තව අය පෝස්ට් එකෙන්. මම සාර්ථකත්වය මනින්නේ මගෙ හිතේ සතුටින්. මම හිතනවා ඒක හරි කියලා. මට අවුරුදු 32යි. මගෙ සාර්ථකත්වය තියෙන්නේ මම කරලා තියන දේවල් ගැන පසුතැවීමක් නොමැති නිසා. ඒ සාර්ථකත්වය මම ඕනවටත් වඩා ලබනවා.

 

රස විඳීම තුළ තියෙන අවංක භාවය ගැන නදීක අයියා කතා කළා. මේ පවතික ක්‍රමවේදය තුළ ඒ අවංක භාවයත් එක්ක කටයුතු කළ හැකිද?

නදීක

2016-12-06-ent-132ඒකෙදි ගැටලු මතුවෙන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ එක එක්කෙනා දරන ආකල්ප එක්ක. රිගින් ටෝන් කිරීම ජනප්‍රිය වීම කියන දේ තමන්ගෙ තියන ආකල්ප එක්ක තීරණය වෙන දෙයක්. මම ගායකයත්, වාදකයත් අතර විසිවෙන මනුස්සයෙක්. මේ දෙක ඇතුළෙම මම මගේ සවයිවල් එක හොයා ගන්නවා. මට පුළුවන්වෙලා තියනවා ස්වයිවල් ගැන හිතන්නේ නැතුවම ගීත කරන්න. සමහර ගායනය වෘත්තිය කරගත්ත කෙනෙක්ට එය සාධාරණ නොවිය හැකියි.

 

හැදෑරීම කියන කාරණය ඕනෑම වෘත්තියකට අදාළයි. ලහිරු සංගීතය ගැන කොච්චර දුරට හදාරලා තියනවද?

ලහිරු

හැදෑරීම ඕනම දේකට අදාළයි. වෘත්තියක් විදියට කරනකොට ඒ ගැන හැදෑරීමක් කරන්න ඕන. අද හැම එකටම ස්ටෑන්ඩඩ් එකක් තියනවා කියන්නත් බැහැ. එන්ටටේට්මන්ට් ඉන්ඩස්ට්‍ර එක ගත්තොත් නිර්මාණයක් කරලා ඒ වටේ පස් දෙනෙක් එක් වුණොත්, ඔහු නිර්මාණකරුවෙක්. එන්ටටේන කෙනෙක් වෙනවා. මම ශබ්ද පරිපාලනය තමයි හදාරලා තියෙන්නේ. ශබ්ද පරිපාලනය ඉගෙන ගනිද්දි තමයි මම ගීත නිර්මාණය කළේ. සංගීතය හදාරලා තියෙන්නේ ඕලෙවල් වෙනකම් විතරයි. අනිත් හැමදේම මිතුර මිතුරියන්ගෙන් සහ පොතපත අන්තර්ජාලය මගින් තමයි මම ඉගෙන ගෙන තියෙන්නේ. ඒකත් තමන්ගෙ හිතේ තියන කැමැත්ත නිසා සිදුවෙන්නේ. ශබ්ද පරිපාලනයෙන් තමයි මම ඉස්සරහට දෙයක් කරන්නේ.

නදීක

ලහිරු කිව්ව කාරණාවක් තියනවා. හැදෑරීම කියන දේ දෙපැත්තක් තියනවා. එකක් විධිමත් අධ්‍යාපන ආයතනයකින් කරන හැදෑරීම. අනෙක් දේ තමන්ට වඩා යමක් දන්න මිනිසුන්ගේ ඇසුර. මේ දෙකෙන්ම මිනිස්සු ඉගෙන ගන්නවා. මොනයම් විදියකින් හෝ තමන් කරන දේ ගැන අදහක් තිබීම තමයි වැදගත්.

 

ගායනය වෘත්තියක් බවට පත්වීම සහ ඒ තුළ නඩත්තු වීම කියන කාරණාව ගැන තෘප්තිමත්ද?

ලහිරු

මම වෙන රටක ඉපදුනා නම්, මේ තියන ස්කිල් එකෙන් මට එන්න බැහැ. වෙනත් රටක ඉපදුනානම් මම හැදෙන්නේ වෙනත් විදිහකට. මේ රටේ ඉපදිලා මගේ වටේ ඉන්න රසික රසිකාවියන් නිසා තමයි දැන් මම මෙය වෘත්තියක් ලෙස කරගෙන යන්නේ. මම මේ දැන් තියන ක්‍රමයට ගොඩක් කැමතියි. ලංකාවෙ සංගීතයක් තියනවා කියලා ලෝකෙට කියන එක සංගීතඥයන්ගේ කාර්යයක්. මම ඒක තමයි මේ දිනවල උත්සහ කරන්නේ.

 

ඒකියන්නේ ලංකාවේ සංගීතය තවම ලෝකෙට අරන් ගිහින් නෑ කියලද කියන්නේ?

ලහිරු

මට නම් හිතෙන්නේ එහෙම තමයි. තාම ලංකාවෙ කවුරුත් සංගීතයෙන් ගනුදෙනු කරලා නැහැ.

නදීක

යම්කිසි ප්‍රමාණයකට ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න යොමු වුණ උත්සහයන් තියෙනවා. ජන සංගීතය ගැන කතා කළොත් ලෝකේ විවිධ රටවල විවිධ ශෛලීන් තියනවා. ඇමෙරිකාවේ ඉන්න සංගීතඥයන් ඒ අයගේ ජන සංගීතය තුළින් නෙමෙයි ලෝකෙට ඇවිත් තියෙන්නේ. විවිධ ශෛලීන් තියනවා. ඒ ශෛලීන් තුළ තමයි වටිනාකමක් නිර්මාණය වෙන්නේ. ජන සංගීතයම අරන් ජාත්‍යන්තර තරයට යන්න ඕන නැහැ. ලෝකේ හැදුණ විධිමත් ක්‍රමයක් තියනවා. ශෛලීන් කිහිපයක් තියනවා. ඒ ශෛලීන් තුළ තමයි ජාත්‍යන්තරය තියෙන්නේ.

ලහිරු

මම උදාහරණයක් කියන්නම්, අපේ ඇඹුල් තියලුයි, කිරිබතුයි විදේශිකයන්ට එකවර කන්න දෙන්න බැහැ. සමහර හෝටල්වල ලුණු ඇඹුල් අඩු කරලා ඒක දෙනවා. මම කරන්න හදන්නේ ඒ විදේශික යන්ට දෙන්න පුළුවන් නිර්මාණ කරන එක. එහෙමයි ජැමෙයිකාව ජාත්‍යන්තරයට ගිහින් තියෙන්නේ හිපොප්වලින්.

 

ප්‍රවීණයන් හා නවකයන් අතර සිදුවන ගනුදෙනුව ගැන කතා කළොත්, මේ පාලම හරියට හැදිලා නැද්ද?

නදීක

මම හැමෝම එක්ක වැඩ කරනවා. මෙහෙමයි, පොඩි පිරිසක් අතර තියන ප්‍රශ්නය සමස්තයටම ආරෝපණය කරන්න හදනවා. ඒක සංගීත පද්ධතියෙම ප්‍රශ්නයක් බවට පත්කරනවා.

ලහිරු

නව පරපුරේ බයක් තියනවා අලුත් අය එක්ක වැඩ කරන්න. සන්නිවේදනයේ ලොකු ප්‍රශ්නයක් තියනවා. ප්‍රසංග පවා පැහැදිලි බෙදීමක් තියනවා. සුභාවිත සංගීතය කරන අය වෙනම ප්‍රසංග කරනවා. මොඩන් මියුසික් කරන අය වෙනම ප්‍රසංගය කරනවා. අපිට එහෙම වුණාම හම්බෙන්නේ වෙනම පිරිසක්.

 

ඉදිරියට වෙන කටයුතු ගැන කතා කළොත්?

නදීක

සැලසුම් සහගත ඉදිරියක් නෙමෙයි තියෙන්නේ. අදහසක් ඇතුව එනවනම් වගකීමක් ඇති කාර්යයක් කියලා හිතලා එන්න කියලා තමයි කිව යුත්තේ.

ලහිරු

"ලාසිංඤා" හරහා වෙනස් වැඩ කිහිපයක් ලබන වසරේ කරනවා. ලාසිංඤා හි තාම පෙරවදන විතරයි කියවලා තියෙන්නේ. මේ ක්ෂේත්‍රයට එන අයට කියන්න තියෙන්නේ රිප්පේලේස් කරන්න බැරි චරිතයක් වෙන්න කියලයි.

 

නිදුක් මදුෂික ජායාරූප- තිසර ගංගාදර

 

2016-12-06-ent-130
2016-12-06-ent-129



අදහස් (0)

එක වගේ දෙන්නෙක් - නදීක සමග ලහිරු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2709 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 465 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 722 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2697 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3526 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1918 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40147 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 261 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site