IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


එක්සත් ජනපද තීරු බද්ද අපනයන කර්මාන්තවලට බලපාලා

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමරිකා එක්සත් ජනපදයේ අන්‍යෝන්‍ය තීරුබදු හේතුවෙන් අපනයන මත පදනම් වූ කර්මාන්ත අඩපණ වීමේ පෙර නොවූ විරූ අවදානමකට ශ්‍රී ලංකාව මුහුණ දී ඇතැයි නිදහස් වෙළඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වන අයුරින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 2 වැනිදා මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා සියයට 44 ක තීරු බද්දක් පනවනු ලැබුවේය.

ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාප හරහා ව්‍යවසායන් 300 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන නිදහස් වෙළඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමය ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් මෙරට ආර්ථිකයට ඇති කළහැකි විනාශකාරී බලපෑම පිළිබඳව අනතුරු ඇඟවීමක් පසුගියදා සිදු කළේය. එම සංගමයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන ඇඟලුම්, තේ සහ රබර් කර්මාන්තය ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්ද හේතුවෙන් ඇමෙරිකානු වෙළෙඳපොළ තුළ තරඟකාරීත්වය අඩුවීම නිසා ඇතිවිය හැකි අභියෝගයන්ට මුහුණ දීමට සූදානම් වෙමින් සිටී.

 



අදහස් (7)

එක්සත් ජනපද තීරු බද්ද අපනයන කර්මාන්තවලට බලපාලා

charith Monday, 07 April 2025 09:24 AM

මෙය නිකන් හෑසිරෙන්නෙ ලෝක පාලක දිවියො වගේ. ඔක්කොම රටවල් එකතු වෙලා කිසිම දෙයක් සප්ලයි නොකර හිටියනම් හරියට හරි. එතකොට සුද්දන්ට කන්නත් නෑ, බොන්නත් නෑ, අදින්නත් නෑ......

:       9       11

Akila Monday, 07 April 2025 09:53 AM

මන් දැක්ක සිංගප්පූරු අගමැති ජාතිය අමතල විශේෂ ප්‍රකාශයක් කරා. එරට වැසියන්ට අසීරු කාලෙකට මුහුණ දෙන්න සූදානම් වෙන්න කියල ,ඒ ගොල්ලොන්ට ගහල තියෙන්නේ 10% බද්දක් විතරයි , එත් 44% ගහල තියන බංකොලොත් රටේ ජනාදිපති ට සහ අගමැති ට නම් ඒ ගැන වගේ වගක් නැහැ වගේ හැසිරෙන්නේ

:       15       21

සිල්වා Monday, 07 April 2025 10:24 AM

අපේ අපනයනකරුවන්ට වගේම ඇමරිකානු ආනයනකරුවන් සහ පාරිභෝගික ජනතාව ද බොහොම කලබලයට පත්ව සිටිති. මෙම තත්ත්වය යටතේ ලාංකික අපනයනකරුවන් ඇමරිකානු ආනයනකරුවන් කෙලින්ම සම්බන්ධ වී සාකච්ඡා කලයුතුය. මෙම ක්‍රියාදාමය දැනටමත් බංග්ලාදේශය ආරම්භකර තිබෙනවා.

:       4       7

යෝගා Monday, 07 April 2025 10:39 AM

පහුගිය මාස කිහිපය තුලම මේ අවදානම බොහෝ අය පෙන්වා දුන්නා. ආණ්ඩුව කිසිම සූදානමක් උනේ නෑ. සමහරවිට රේගුවෙන් පන්නපු කන්ටේනර් 323න් කට්ටිය පරම්පරා ගණනාවකට හොයාගෙන ඇති. රටේ ආර්ථිකයට මොනවා උනත් මොවුන්ට කමක් නෑ.

:       8       11

xxxx Monday, 07 April 2025 10:55 AM

කරුණාකර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිෂ්පාදන සඳහා ලෝකයේ නව වෙළඳපොළවල් සොයා ගන්න.

:       0       6

සැලැස්මක් නැති පාලනේ Monday, 07 April 2025 11:21 AM

අපේ රටේ නම් ඉන්න පාලකයෝ මහ මැටි තීරණ ගත්තේ. ට්‍රම්ප් ඡන්දේ ඉල්ලන කාලේ ඉඳන්ම කිව්වා බදු ගහනවා කියලා. මාලිමාවේ අය අඩුගානේ ජූලි ඡන්ග් එක්ක වත් මේ ගැන කතා කරලා තිබුනේ නෑ. ඒක ඉතාම අදූරදර්ශී හැසිරීමක්. මේ පාලකයින්ට දේශපාලනය ගැන කිසිම අවබෝධයක් නෑ. මෙහෙම ගියොත් රටේ ආර්ථිකය ආපහු ගොඩ ගන්න බැරි විදියට වැටෙනවා. එතකොට තමයි ලංකාවේ මැට්ටන්ට තේරෙන්නේ රටේ ආර්ථිකය වැටුනේ හොරකමක් නිසා නෙමෙයි, කොරෝනා වෛරසය නිසා රට වහපු එකෙන් කියලා...

:       6       11

AkilaMonday, 07 April 2025 03:02 PM

@Mr සැලැස්මක් නැති, IMF වාර්තා වලට අනුව ලංකව 2020 මාර්තු වෙනකොටත් බංකොලොත්, එතකොට කෝවිඩ් වයිරස් එක ලංකාවට අවිල්ලාවත් නැහැ... ඔලමොට්ටල බදු කැපිල්ලෙන් තමයි ඒක වෙලා තිබ්බේ...

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 1310 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 280 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 465 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 471 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 546 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 953 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 446 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 925 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site