IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


එදා අං කෙළි ලොවේ මෙදා මේ සිරි මැවේ

නියඟය අවසන් කොට ගොවිතැනට ප‍්‍රමාණවත් වැසිද රෝග බිය දුරුකොට බත බුලතින් සරුවී සෞභාග්‍ය ද පතමින් පානම්පත්තු වැසියෝ මේ වසරේ ද ඉපැරැණි අංකෙළිය පැරැණි සිරිතට පවත්වති. පසුගිය 17  ඇරැඹූ මේ උත්සවය පානම ඓතිහාසික පත්තිනි මහා දේවලයේදී ලබන 31 වැනිදා තෙක් පැවැත්වේ. කතරගම ඔකඳ ඇසළ උළෙල අවසානයේ අංකෙළිය ඇරැඹේ. පානම්පත්තුවේ ජීවත්වන සිංහල ජනතාව ඉතා උනන්දුවෙන් උද්‍යෝගයෙන් හා භක්තියකින් යුතුව  මෙම ආගමික උත්සවය පවත්වති. අංකෙළිය අතීතයේ සිට පැවත එන කී‍්‍රඩාවක් මෙන්ම ආගමික මුහුණුවරක් ගන්නා උත්සවයකි. කතරගම දෙවියන් හා වල්ලිඅම්මාත් සමග අලූත් බණ්ඩාර දෙවියන් හා පත්තිනි දෙවියන් පානම  ඔකඳට ගොඩ බැස එතැනින් කතරගම දෙවියන් හා වල්ලිඅම්මා කතරගම දෙසට ගිය අතර අලූත් බණ්ඩාර දෙවියන් හා පත්තිනි දෙවියන් පානම් අම්පිටිය නැමැති ප‍්‍රදේශයට පැමිණ සිටි  බව මෙහි පැරන්නන් ගේ මතය වී තිබේ. අලූත් දෙවියෝ හා පත්තිනි දෙවියෝ උයන්වැදි මල්  නෙළති. දිනක් මල් කඩන කෙකි දෙක එකඑ පැටලිණි එහිදී මෙම දෙදෙනා කෙකි බේරා ගැනීම සඳහා දෙපැත්තට ඇද තිබේ. මෙම දෙදෙනාගේ මෙම  පටලැවිල්ලට අවට සිටි පිරිස්ගේ උසුලූ විසුලූ විනෝදයට උපහාසයට ලක්වී තිබේ. අලූත් බණ්ඩාර  දෙවියන්ගේ ඉතා ශක්තිමත් තෝර කෙක්ක කැඞීයාම කවුරුත් පුදමයට පත් වී තිබේ. මෙම හේතුව පදනම් කරගෙන  අංකෙළි උත්සවය ඇරඹු බවට පානම් පත්තුවේ වැසියන්ගේ මතයයි. අං ඇදීමට පළමුවෙන් හොඳ නැකත් බලා ඉන් අනතුරුව අඩි පහක් (5 හෝ අඩි හයක් 6 )ගැඹුරු ඇති වළක්  කපා සත්රියන් හෝ නවරියන් කැකුණ හෝ වෙනයම් ශක්තිමත් කඳක් මුල් කෙලවර ඉහළට සිටින සේ සිටුවනු ලැබේ. මෙම කඳට හෙන කඳ කියති. හෙනකඳ මුදුනේ මුදුන සුදු රෙද්දක් බැඳ පුවක් මලක් බඳිති. එය වලීමල ලෙස හඳුන්වති. හෙන කඳට  අඩි පහළොවකට පමණ දුරින් සවිමත් කණුවක් සිටුවා ගනු ලබයි. එයට අත්ගහා ලෙස හඳුන්වති. ඉන් අනතුරුව කලවැල් උපයෝගී කරගෙන යොත් දෙකක් ගොතනු ලැබේ. ඊට පෙරැුහැ යැයි කියති. පෙරැුහැ සම්බන්ධ කොට වරමලින් ගොතන ලද වාරම නම් තවත් දිගැටි යොත් දෙකක් උඩ පැත්තට වෙන්න  බඳිති. එසේම වෙළුම නමින් වාරමට සන්ධිකරන වළලූ දෙකක් ද පෙර හැටන් වරමටත් අතර රුකු පොල්ල නමින්  ශක්තිමත් ලී දෙකක් ද ඇත. අං බැලීම සඳහා යොදාගනු ලබන අන්දර නමැති ශක්තිමත් ගස්වල වක් වූ මුල්ය. මෙහි නැමුණු අගට වකාර ලෙසත් තරමක් නැමුණු අගට පැල්ල ලෙසත් හැඳින් වේ. අං කෙළියේදී වෙළුම, කර, බැම්ම හැඩය හා තොන්ඩුව යන පාර්ශවය ගැන වැඩි සැලකිල්ලක් දක්වති. කණ්ඩායම් දෙකෙහිම අං එක සමාන විය යුතු  අතර උඩුපිල වකාරයත් බඳින්නේ නම් යම් විලත් වකාරයත් බැඳීම අනිවාර්යෙන්ම කළ යුතුය. මෙසේ ගනු ලබන අං වල තොණ්ඩුව නම් කොටසේ මුතු වේළු පොල්ල නමින් ශක්තිමත් ලී කැබැල්ලක් තබා නොලිස්සනාසේ ඉතා තදින් බැඳ වෙළුම සම්බන්ධ කොට දෙපැත්තේ අං දෙක අගට සම්බන්ධ  වන සේ  හිරකොට දෙපස වාරම්වලට බඳිනු ලැබේ. අං ඇඳීමේ කී‍්‍රඩාවේදී යටත් පිරිසෙන් එක් අඟකට සයදෙනා බැගින්වත් සිටිය යුතුය. මේ සඳහා උඩුපිල හා යටිපිල යන දෙපක්‍ෂයට තෝරාගනු ලබන්නේ ඉතා ශක්තිමත් අය වෙති. ඔවුන්ගේ හැකියාව හා දක්‍ෂතාව අනුව එක  කණ්ඩායමක ඉරණම  තීරණය වේ. අං කෙළියේ යෙදෙන්නන් අලූත් දෙවියෝ උඩුපිල වශයෙන් හා පත්තිනි  දෙවියෝ යටිපිල වශයෙන් යෙදෙති. පත්තිනි දෙවියන්ගේ යටිපිල දිනුවොත් සෞභාග්‍ය උදාවන බව පානම ගැමියෝ අදත් විශ්වාස කරති. අං කෙළිය අවසානයේ කපුරාල විසින් ජයගත් අඟ සුදු රෙදිවලින් ඔතා වියනක් යට යමින් ගෙනයමින් පැරදුන පිලේ අයට ගරහමින් බොහෝ වේලාවක් නටති. පත්තිනි දේවාලයේ දින පහළොවක්ම පූජාවන් පැවැත්වෙන කාලය තුළදී කාන්තාවන්ට  අං කෙළිය නැරඹීමට ලැබෙන්නේ  මෙම උත්සවය අවසාන දිනයේදී පමනකි. අං කෙළි උත්සවයෙන් පසු ජයග‍්‍රහණය කළ අං හා පත්තිනි දේවියගේ පිළිරුව රැුගෙන පෙරහැරින් ගම පුරා සංචාරය කරනු ලබයි. මෙහිදී ගම්වැසියන් බාර හාර ද  ඉටුකරනු ලබයි. පෙරහැරින් ගම පුරා යමින් ගමට හා ජීවත් වන වැසියන්ට සෙත් ශාන්තිය  පතන අතර යටිපිල හෙවත් පත්තිනි දේවියගේ පිල ජයගැනීම  ගමට කිසිම අනතුරක් නොවී ලෙඩ දුක් නොමැතිව සෞභාග්‍යයක් බව ගම්වාසීහු විශ්වාස කරති. 31 දින අලූයම මුහුදේ දිය කැපීමෙන් අනතුරුව අං කෙළි උත්සවය හමාර කෙරෙති. . අං කෙළිය සඳහා  සුභ නැකතින් හෙනකඳ සිටුවීමට පෙර . හෙන කඳට පූජාවන් පැවැත්වීම . හෙන කඳ වලට දැමීම සඳහා පත්තිනි දෙවියන්ගෙන් වරම් ලබාගැනීම. .හෙන කඳ වලට දමා සුදුරෙදි කැබැල්ලකින් වසා වලීමල බැලීම . පත්තිනි දේවාලය (යටිපිල) හා අලූත් දෙවියන් (උඩුපිල)  යන දේවාල දෙක . හෙන කඳ හා අන්ගහ ඡායාරූප දැක්වේ. . මෙහි තමයි අං බැඳීම  සිදුවන්නේ. . කලවැල් ගෙන පදන්කර පෙරස්  සූදානම් කරන අයුරු. . අං කෙළිය සඳහා අං තේරීම . අං බඳින අයුරු. . .  හෙන කඳට පෙරස් දැමීම. . අං කෙළියට සූදානම් කරන අං පිල් දෙකෙහිම එක සමානද යන්න පිල් දෙක පරීක්‍ෂා කරන අයුරු. . උඩු පිල හා යටි පිල විසින් අං ඇදීම සඳහා කෙකි දෙක දමන  අයුරු දැක්වේ අං අදින අයුරු දැක්වේ. . ජයග‍්‍රහණය කළ කණ්ඩායම පරාදවූ  පිලට උසුලූ විසුලූ කරමින් විනෝද වෙන අයුරු.



අදහස් (0)

එදා අං කෙළි ලොවේ මෙදා මේ සිරි මැවේ

ලාල් Monday, 27 August 2012 06:24 PM

අවසන් දිනය පමණක් කාන්තාවන්ට නරඹන්නට දීම නම් හරිම ප්‍රාථමිකයි. (නි)

:       0       0

නිරෝ නිරෝෂනී Sunday, 26 August 2012 10:23 PM

ලංකාදිප ඹබට බෙහෙවින්ම ස්තුතියි මෙ පුවතට. මම මුල් වතාව මෙවන් දෙයක්ගැන ඇහුවෙ. ඉතාආඩම්බරයි අපේ පරන සිරිත් විරිත් නැවත ස්මතුවීම ගැන. (ත)

:       0       0

ඉන්දික Sunday, 26 August 2012 10:36 PM

දැන් ජීවත් වෙන නවීන පරපුරට අපේ පැරණි දේවල් දැක ගැනීමට සැළැස්වීම අගය කළ යුතුයි. (නි)

:       0       0

nade Sunday, 26 August 2012 10:50 PM

මොනවා කරලා හරි කමක් නෑ අපිට වැස්ස ලබා දෙන්න. (ත)

:       0       0

බණ්ඩාර Monday, 27 August 2012 12:17 AM

අපේ සංස්කෘතිය අපි අගය කළ යුතු වෙමු. (නි)

:       0       0

නය බණ්ඩාර දසනායක Monday, 27 August 2012 12:22 AM

අපේ සංස්කෘතිය අපි අගේ කළ යුතුයි. (ත)

:       0       0

පවුල්රාජ් Monday, 27 August 2012 05:14 AM

රැකගැනීම වටිනවා. (නි)

:       0       0

නාලක Monday, 27 August 2012 08:39 AM

චාරිත්‍ර ,සිරිත් විරිත්, සංස්කෘතික අංග රටක සමාජයක තියෙන්න ඕනෑ. ඒවාට ගරු කරන්න ඕනෑ. (නි)

:       0       0

සමන් Tuesday, 07 April 2015 06:51 AM

අනාගත පරපුර වෙත මේවා ගෙන යාම අපේ පරම යුතුකමකි (බ)

:       0       0

මහීන් Monday, 27 August 2012 08:59 AM

ඉන්දියාවේ මෙහෙම දේවල් තිබුණ කිව්වම කට්ටිය කියන්නේ එයාලා ' මෝඩයි' කියලයි‍‍...මෙහේ කරාම 'රැකගත යුතුයි' කියනවා....අනේ මන්දා‍‍..(ස)

:       0       0

නිශාර්ඩ් Monday, 27 August 2012 09:25 AM

බොහොම අගය කළයුතු කාර්යයක් (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Monday, 27 August 2012 10:44 AM

හෙල සිරිතට විරිතට දෙමු අපි මුල් තැන.. ජයවේ සිරි ලංකා -------------(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1561 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 370 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 124 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 217 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 107 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 73 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39982 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25939 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 220 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site