(අංජුල මහික වීරරත්න)
අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
එම මුදල් මඟදී එක් එක් පුද්ගලයන්ගේ සාක්කු වලට වැටීම හේතුවෙන් ගමේ සංවර්ධනය නිසි අයුරින් සිදු නොවූ බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
මුලතිව් දිස්ත්‍රික්කයේ, මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ නට්ටන්කණ්ඩාල් පොදු වෙළඳ සංකීර්ණය අසල සහ මල්ලාවි ප්‍රදේශයේ තුනුක්කායි ප්‍රාදේශීය සභාවට අයත් මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවති ජන හමු වලට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.
"අපේ රටේ අවුරුදු 76 ක් තිස්සේ පැවති සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කරමින් ඔබ අපට 2024 වර්ෂයේ ඓතිහාසික ජයග්‍රහණයක් ලබා දුන්නේ අප කෙරෙහි පවතින විශ්වාසය නිසා බව අපි හොඳින්ම දන්නවා. ඒ විශ්වාසය අපි රකිනවා කියලත් මේ මොහොතේ මම ඔබට කියන්න කැමතියි.
ඔබට ආසන්නතම රෝහලේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව හා එම රෝහලට ශල්‍යාගාරයක් නොමැති බවත් එමෙන්ම ශල්‍යාගාරයක් පවතින රෝහලකට කිලෝමීටර් 50 ක් පමණ දුරක් ගමන් කිරීමට සිදු වී ඇති බව මට මෙහි පැමිණි මොහොතේ දැනගන්න ලැබුණා.
ඒ වගේම ප්‍රදේශයට අයත් පාසලේ විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන්න, ගුරුවරු නොමැති වීම නිසා විද්‍යා විෂය ධාරාව හැදෑරීමට දරුවන්ට කිලෝමීටර් 50ක් දුර පවතින පාසලට යාමට සිදුවෙලා තියෙනවා කියලත් මට මට අහන්න ලැබුණා.
අපි දන්නවා ප්‍රදේශයේ ජනතාව පොදු ප්‍රවාහනය, දරුවන්ට අධ්‍යාපන පහසුකම් සහ විදුලිය වැනි පහසුකම් නිසි ලෙස නොමැතිකම නිසා පීඩාවට පත් වෙලා තියෙනවා. මේ තත්ත්වයන් වෙනස් කරන්න අවශ්‍ය නිසා තමයි ඔබ අපිව තෝර ගත්තේ.
සියලුම දරුවන්ට තමන්ගේ දක්ෂතාවය, කුසලතාවය අනුව තමන්ගෙ වෘත්තීය ජීවිතය තෝරගෙන දියුණු වෙලා ඉදිරියට යන්න අවස්ථාව හදන්න ඕනේ. ඒ කාර්යය අපේ රජය කෙසේ හෝ සිදු කරන බව මම ඔබට පොරොන්දු වෙනවා යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
එදා ගමට දුන් මුදල් වැටුනේ සාක්කු වලට