(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාතික ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතීඥ නිලන්ති කොට්ටචි මහත්මියට අපහාස වන ආකාරයෙන් පෝස්ටුවක් පළ කිරීමේ චෝදනාව මත මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර රම්මුනි නැමැත්තා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට මන්ත්‍රීවරිය ඉකුත් 30 වෙනි දින කරන ලද පැමිණිල්ලකට අනුව මිල්ලනිය බටගොඩ ගුඩ්හොෆ්වත්ත නිවසේදී සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.
මන්ත්‍රීවරිය සැකකාර මන්ත්‍රීවරයා සමග දෙහිවල ප්‍රදේශයේ ලැගුම්හලක රුපියල් 20000/= ක මුදලකට රාත්‍රියක් ගත කළ බවත් ,ඇය සරාගී තැනැත්තියක් බව සඳහන් කරමින් මුහුණු පොතේ පෝස්ටුවක් පළ කරමින් සංසරණය කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරිය කරන ලද පැමිණිල්ලකට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.
රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල අය කර ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි
පොල්තෙල් ආනයනකරුවන් රජයට ගෙවිය යුතු රුපියල් කෝටි 5000ක වැට් බදු ගෙවීම පැහැර හැර ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය ප්‍රධාන කැඳවුම
වියදම් වාර්තා ඉදිරිපත් කිරීම පැහැර හැරි ජනාධිපති අපේක්ෂකයන් 12 දෙනාගෙන් ඉතිරි පස්දෙනාට එන සතියේ නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
දඹදිව සිද්ධස්ථාන අලුත් වැඩියා කටයුතු සම්බන්ධයෙන් ලක්දිව දානපතියන්ගේ මෙන්ම ආණ්ඩුවේද අවධානය යොමු විය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අ
බලන්ගොඩ මොරහැල ප්‍රදේශයේ වෙල්යායක ඇති මැණික් පතලකදි තරුණයෙක් විදුලි සැර වැදි අද (05) දා මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
ත්‍රීපෝෂ සමාගම නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
එන්.පී.පී මන්ත්‍රිනියට අපහාස කළ පොහොට්ටු ප්‍රා මන්ත්‍රී අල්ලයි
සෙනෙවිරත්න Friday, 03 January 2025 12:23 PM
මොවුන් අම්මලා සහෝදර සහෝදරියන් නැති අය, මොවුන්ගේ හිටපු මහ එකා සම්මත කළ පනතින්ම උපරිම දඬුවම් දෙන්න. අනිත් අයටත් ආදර්ශයක් ගන්න..
අරවින්ද මොනරවිල Friday, 03 January 2025 12:40 PM
ඔය පෝලීම බොහොම දිග වෙයි ඉස්සරහට, තමන්ගේ ආණ්ඩුවක් නැති සොවින් අනුන්ට මඩ ගහන කට්ට්ය පරිස්සමින් !
පිටරටවැසියා Friday, 03 January 2025 12:55 PM
දේශපාලනය පැත්තකින් තබා, "කාන්තා සහ ළමා අපචාර, මත්ද්‍රව්‍ය ජාවාරම සහ රාජ්‍ය මුදල්- දේපළ අයථා පරිහරණය/අවභාවිතාව" සම්බන්ධ වැරැදි වලට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුයි. නැතිනම් මේ රට කවදාවත් හැදෙන්නේ නැහැ..