IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


ඓතිහාසික අවස්ථාව නාස්ති කරන්න එපා යයි සෙයිද් රාද් අල් හුසේන් කුමරු ඉල්ලයි

(සැකසුම හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම් සම්බන්ධයෙන් වෙනස් පියවරක් අනුගමනය කිරීමට සූදානම් වන බව පෙනී යන නමුත් පුළුල් සහ ශක්තිමත් උපායමාර්ග අනුගමනය නොකළහොත් විවිධ දුෂ්කරතා සහ අභියෝග මධ්‍යයේ ලබාගත් ජයග්‍රහණ හුදු මායාවක් වනු ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු පවසයි.
 
ශ්‍රී ලංකාවේ සංක්‍රාන්තික යුක්තිය සම්බන්ධයෙන් පවතින මන්දගාමී ස්වභාවයත් පසුගිය කාලයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වගවීමේ යාන්ත්‍රණය ක්‍රියාවට නැංවීම සඳහා පුළුල් උපායමාර්ගයක් නොමැතිකමත් නිසා දිගු කාලීන සාමය, සංහිඳියාව සහ ස්ථාවරත්වය අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයිද එක්සත් ජාතීන්ගේ සංවිධානයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට සමගාමීව අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා අද (3) පැවසීය.
 
ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සහ ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ප්‍රගතියක් පෙන්නුම් කර ඇතැයි ද එම වාර්තාව පෙන්වා දී ඇත.මේ දිනවල ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවරයාට මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති අතර වාර්තාව සකසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යලයයි.
 
මෙහිදි තවදුරටත් අදහස් දක්වා ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් රාද් හුසේන් කුමරු මෙසේ ද පවසා තිබේ.
 
“මාස හතකට පෙර අපි සවිස්තර වාර්තාවක් ප්‍රකාශයට පත් කළා. යුද්ධය සමයේදී ශ්‍රී ලංකාවේ සිදුවූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එහි සඳහන් වුණා. ශ්‍රී ලංකාව සත්‍ය වශයෙන් මූලික වෙනස්කම් රැසක් සිදු කිරීම සඳහා ලැබී ඇති ඓතිහාසික අවස්ථාව නාස්ති නොකරන්නැයි මා ශ්‍රී ලංකා රජයටත්   අවධාරණය කරනවා.
 
ශ්‍රී ලංකාවට උදාවී තිබෙන අවස්ථාව නැති කර නොගත යුතුයි. යුක්තිය සහ සංහිඳියාවය මූලිකත්වය සහ ප්‍රමුඛත්වය දී අතීතයේ සිදු වූ බිහිසුණු සිදුවීම් නැවත සිදු නොවීම සඳහා කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා රජයෙන් හා එරට ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා” යැයි  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා සඳහන් කර තිබේ.



අදහස් (4)

ඓතිහාසික අවස්ථාව නාස්ති කරන්න එපා යයි සෙයිද් රාද් අල් හුසේන් කුමරු ඉල්ලයි

දොන් Friday, 03 March 2017 08:28 PM

මෙය පිලිපැදිය යුතු වන්නෙ උතුරේ ජනතාවයි . සිංහල අපේ මානුසික අදහස් තිබුනට පරාජයට පත්වුන ඔවුන් තුල තවමත් අැත්තේ වෙෙරය සහා ක්රෝදය . එයට හේතුන් වන්නෙ ජාතිබේදය සහා අාගම් බේදයයි.

:       0       0

සමන් Saturday, 04 March 2017 01:24 AM

වර්තමාන රජය රටෙහි මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ හා සංහිදියාව වර්ධනය කිරීමේ ක්‍රියාවලියක දී තිබෙනවා. එය අවංක කැපවීමක්. උත්සහයක්. නමුත් රජයේ ඇතැම් මැති ඇමතිවරුන් එය වටහාගෙන ඇත්දැයි සැකයි. ඒකාබද්ද විපක්ෂය මෙය කඩා ඉහිරවීමේ සහ ජාති වාදය වැපිරීමේ උත්සාහයක යෙදී සිටිනවා. ජාත්‍යන්තරය සහයෝගය දීමට වඩා එක් එක් පාර්ශවයන්ගේ අරමුණු ඉටු කිරීම සදහා අප රට බිත්තියට හේත්තු කිරීමට යත්න දරයි. අවංක නොවුන පරිවාර සහකයන් සමග රජය මේ යන ගමන ඒදන්ඩේ යන ගමනක් වැනිය.

:       0       0

දිමුත් Saturday, 04 March 2017 02:15 AM

ගිහිල්ලා ඇමරිකාවට ඕවා කියන්න. සල්ලි වලට කහින එකාලා.

:       0       0

abaran Saturday, 04 March 2017 02:56 AM

උංගේ රටවල ලෝකේ තියෙන ලොකුම අසාධාරණම ප්‍රශ්න නහුතයක් තිබියදී අනුන්ගේ ප්‍රශ්න වලට හොට දමනවා. පිලිපීනයේ වගේ කොන්දක් තියෙන නායකයෙක් හිටියෝතින් මූට රෙද්ද පල්ලෙන් බේරෙන්ට කියයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සජබ පක්ෂ සංවත්සරය හෙට
2025 අප්‍රේල් මස 02 214 0

සමගි ජන බලවේගයේ පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ දී හෙට(3) පස්වරු 1.00 ට පැවැත්වේ.


ඉන්දියාව සමඟ ද්විපාර්ශික ගිවිසුම් තබන්න රජය සූදානමින්
2025 අප්‍රේල් මස 02 240 0

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බලශක්ති, සෞඛ්‍ය, ආරක්ෂක සහ ඩිජිටල් ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට එළැබීමට රජය අ


සිමෙන්ති කුඩු කලවම් කරලා හිස කෙස් වර්ණක හදලා
2025 අප්‍රේල් මස 02 460 0

සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.


පෙට්‍රල් බෝම්බයෙන් දරුවා මිය සිද්ධියට දෙන්නෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 02 583 1

කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අ


දළදා මාලිගාවෙන් මියන්මාරයට කෝටි එකහමාරක්
2025 අප්‍රේල් මස 02 679 0

භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සි


රුධිර ප්‍රතිකාර බේතක් ඉන්දියාවෙන් ගනී
2025 අප්‍රේල් මස 02 328 2

හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 246 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site