IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


"ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ"

මැතිවරණ ප්‍රතිඵලවලින්  මහින්ද රාජපක්ෂ මහතා පරාජය බාරගැනීමත් සමග පුත්තලමේ සිංහල හා මුස්ලිම් ජනයා සතුටින් හා සමගියෙන් මග තොටේ එකතුවී සිටියහ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන ගමනේ තීරණාත්මක පරාජය සිදුවූයේ 2005 ජනාධිපතිවරණයේදීය. මේ පරාජයට හේතුව ලෙස බොහෝ විචාරකයින් පෙන්වාදෙන්නේ එල්.ටී.ටී.ඊ නායක ප‍්‍රභාකරන් විසින් කරන ලද නියෝගයට අනුව උතුරේ දෙමළ ජනතාව විසින් ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීම වර්ජනය කිරීම නිසා බවය.

එය එක් හේතුවක් වුවත් රනිල් වික‍්‍රමසිංහ මහතාට එම ජනාධිපතිවරණයේදී ලැබූ පරාජය පිටුපස තිබූ සැබෑ බලවේගයන්ගේ සාමුහික ප‍්‍රයන්තයේ ප‍්‍රතිඵලයක් ලෙස එම පරාජය ලබන්නට රනිල් වික‍්‍රමසිංහ මහතාට සිදුවූ අයුරු විශ්ලේෂණය කිරීම මෙම ලිපියේ අරමුණය.

2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය පිටුපස සිටි මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුව අතහැර දමනු ලැබූ ප‍්‍රධාන පුද්ගලයින් තිදෙනෙක් සිටියහ. එක් අයෙක් මංගල සමරවීර මහතාය. අනික් දෙදෙනා විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රීපති සූරිආරච්චි මහතාය. මහින්දගේ ජයග‍්‍රහණය පිටුපස සිටි ඊළඟ නියමුවා වූයේ ජනතා විමුක්ති පෙරමුණය.

2000 වසර වනවිට ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය සමග එකට එක්වී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයට එරෙහිව අවිඅමෝරා සිටින බව චන්ද්‍රිකාටත් වඩා හොඳින් තේරුම් ගත්තේ මංගල සමරවීර විජයදාස රාජපක්ෂ සහ ශ්‍රීපති සූරිආරච්චි යන තිදෙනාය.

මෙය වඩාත් තහවුරු වූයේ 2000දී එජාපය දියත් කළ ජනබල මෙහෙයුම් ව්‍යාපාරයේදීය. එහි අරමුණ වූයේ 17 වන සංශෝධනය මගින් ජනාධිපතිගේ විධායක බලතල සීමාකිරීමය. එජාපයේ ජනබල මෙහෙයුමට සමගාමීව ජනතා විමුක්ති පෙරමුණ පාගමන අරඹමින් චන්ද්‍රිකා රජයට දැඩි පීඩනයක් එල්ල කළේය.

17 වන සංශෝධනය කරලියට ගෙනඒමේ ප‍්‍රයත්නයේදී ජනතා විමුක්ති පෙරමුණ කොතරම් නම්‍යශීලි ප‍්‍රතිපත්තියක් ගෙනගියාදැයි කිවහොත් ඔවුන්ගේ මූලික හතුරා වූ එක්සත් ජාතික පක්ෂය සමග එකම මේසයක වාඩිවී පුවත්පත් සාකච්ඡුා පැවැත්වීමටත් ඉදිරිපත් විය. එවැනි පුවත්පත් සාකච්ඡා ඇරඹීමට පෙර එවකට විපක්ෂ නායකව සිටි රනිල් වික‍්‍රමසිංහ මහතා මේසය ඉදිරිපිට අසුන් ගන්නා ගමන් අහන්නේ කෝ විමල්? කියා බව ලියුම්කරු හොඳින් අවබෝධ කර ගෙන සිටියේය.

එපමණකින් නොනැවතී ඔවුන් දෙපාර්ශවය තවත් ඉදිරියට ගියේය. එහි උපරිමය ලෙස එජාපයේ ජනබල මෙහෙයුමේදී වෙඩි තැබීමකින් මියගිය තොටලඟ එජාප සාමාජිකයාගේ අවමඟුල් උත්සවයේ ප‍්‍රධාන කථිකයෙක් වූයේද එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්ව සිටි විමල් වීරවංශ මහතාය.

මේ සාමුහික ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵලය වූයේ චන්ද්‍රිකා රජයට 17 වන සංශෝධනය සම්මත කිරීමෙන් මිසක රජය බේරා ගැනීමට වෙනත් විකල්පයක් නැති තැනට වැඩ සැලැස්වීමය. අවසානයේ 17 වන සංශෝධනය සම්මත විය.

මෙලෙස එජාපය සහ ජනතා විමුක්ති පෙරමුණේ ඒකාබද්ධ ප‍්‍රහාරයට මුහුණ දීමේ සැලැස්ම සකස්කිරීමට චන්ද්‍රිකා බාර කළේ මංගල සමරවීරටය. ඔහුට සහායට අනුර බණ්ඩාරනායක මහතාත් විජයදාස රාජපක්ෂ මහතාත්  ශ්‍රීපති සූරිආරච්චි මහතාත් පත්වූහ.

සමරවීර පරම්පරාව කොහොමටත් සභාගයන් කඩා බිඳ දැමීමට හපනුන්ය. 1964 දී සිරිමා බණ්ඩාරනායක රජය සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ සමග සම්මුතියකට එළඹී සභාග රජය පිහිටුවීමෙන් පසු මැතිණියගේ රජය බිඳ වැට්ටීමේ ප‍්‍රධාන නියමුවා වූයේ මංගල සමරවීර මහතාගේ පියාණන් වූ මහානාම සමරවීර මහතාය.

ඒ මහානාම සමරවීර මහතාගේ පුත් මංගල සමරවීර එ.ජා.ප ජවිපෙ දෙපාර්ශවය විසින් චන්ද්‍රිකා රජයට එල්ල කළ තර්ජනාංගුලිය අඩපන කර දැම්මේ එය දෙකඩ කරදැමීමෙනි. ජවිපෙ මංගල සමරවීර පාර්ශවයට නැඹුරු වූයේ පරිවාස ආණ්ඩු සංකල්පය හරහාය. එජාපය ඊට ප‍්‍රතික‍්‍රිියා දැක්වූයේ රජයේ මන්ත‍්‍රීන් පිරිසක් විපක්ෂයට බිලිබා ගැනීමෙනි. චන්ද්‍රිකා ඊට පිළිතුරු දුන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙනි.

ඉන්පසු පැවැත්වූ මහමැතිවරණයෙන් එජාපය යළි බලයට පත්විය. ජවිපෙ සහ ශ්‍රීලනිප විපක්ෂය විය. රනිල් වික‍්‍රමසිංහ අගමැති විය.

ශ්‍රීලනිපය විපක්ෂයේ සිටිමින් කළේ ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ සහායට ලංකර ගැනීමේ වැඩ පිළිවෙලයි. එහි නියමුවා මංගලය. ජනතා විමුක්ති පෙරමුණ පාර්ශවයෙන් නියමුවා වූයේ  විමල් වීරවංශය.

ඒ වන විට ජවිපෙ ශ්‍රීලනිප සුසංයෝගයට අවශ්‍ය පසුබිමද මනාව සැකසෙමින් තිබුණි. ඉන් ප‍්‍රධානම කරුණ වූයේ එල්.ටී.ටී.ඊ සංවිධානය සමග රනිල් වික‍්‍රමසිංහ මහතා අත්සන් කළ සටන් විරාම ගිවිසුමය. දෙවෙනි කරුණ වූයේ යළි පුබුදමු වැඩ සටහනය. ඒ යටතේ රජයේ ප‍්‍රධාන ව්‍යාපාර පෞද්ගලිකකරණය කිරීම පිළිබඳ දැඩි විරෝධයක් එල්ල කළේය.

මේ කරණු දෙක ප‍්‍රධාන කරගෙන ශ්‍රීලනිප ජවිපෙ ඒකාබද්ධ  ප‍්‍රහාරයක් රනිල් වික‍්‍රමසිංහ රජයට එරෙහිව දියත් කර තිබුණි. එම ප‍්‍රහාරය තවත් ශක්තිමත් වූයේ කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස චන්ද්‍රිකා ජනාධිපතිනියට රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ ඇමැතිවරුන් අතින් එල්ලවූ දැඩි පීඩනය නිසාය.

මෙහි අවසන් ප‍්‍රතිඵලය වූයේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව යටතේ පවතින ආරක්ෂක අමාත්‍යංශය ජනාධිපතිනිය යටතට පවරාගැනීමේ මෙහෙයුම ක‍්‍රියාත්මක කිරීමය. එම මෙහෙයුමේ නියමුවා වූයේද මංගල සමරවීරය.

ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසමින් ඇරඹුන නඩු කටයුත්තේදී නීති උපදෙස් පාර්ශ්වයෙන් ප‍්‍රධාන වගකීම් භාරදෙනු ලැබුවේ විජයදාස රාජපක්ෂ මහතාට සහ ශ්‍රීපති සූරි ආරච්චි මහතාටය.

ඔවුන් එය අති සාර්ථකව ඉටු කළහ. අවසානයේදී ආරක්ෂක අමාත්‍යංශය පමණක් නොව ජනමාධ්‍ය අමාත්‍යංශය සහ තවත් අමාත්‍යංශයක්ද ජනාධිපතිනිය යටතට පවරා ගත්තාය.

ඒ වන විට චන්ද්‍රිකා රජයට අවි අමෝරාගෙන සිටි ජනතා විමුක්ති පෙරමුණ සහ මුලින්ම ඉන් ඉවත්වී ශ‍්‍රිලනිපය සමග එක්වී රනිල් වික‍්‍රමසිංහ මහතාගේ රජය පලවා හැරීමේ දිශාවට පූර්ණ කාලීනව එළඹී තිබුණි. එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහිවූයේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි.

එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ රජය චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය විසින් ඇයගේ විධායක බලය පාවිච්චි කොට විසුරුවා හැරීමය.

ජනමාධ්‍ය අමාත්‍යංශය ජනාධිපතිනිය යටතට පවරාගැනීම නිසා රජයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සියල්ලේම බලය රනිල් වික‍්‍රමසිංහ මහතාට අහිමි විය.

එවර පැවැත්වූ මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට පත්වූ අතර ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රථමවරට ආණ්ඩුවේ අමාත්‍යධුර ලබාගත්හ.

අනුර දිසානායක, විජිත හේරත්, ඇමතිවරුන් වූ අතර ඔවුන්ගේ සටන් පාඨය වූයේ ‘රට පෙරට’ යන්නය.

එම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට දැඩි ප‍්‍රහාරයක් එල්ල වූවත් මන්ත‍්‍රී ආසන 80 ගණනක් හිමිකර ගැනීමට ඔවුනට හැකිවිය. එවිට එජාපයේ පසුබැස්මට මූලිකම හේතු දෙකකි. ඉන් පළමුවැන්න වූයේ ජවිපෙ සහ ශ්‍රීලනිප පක්ෂ එල්ලකළ එක්බද්ධ ප‍්‍රහාරයයි. දෙවැන්න වූයේ එජාපයේම වරදවල්ය. රජයේ සේවක වැටුප් වැඩි නොකිරීම, අවුරුදු 2ක කාලය තුළ කිසිදු පුද්ගලයකුට රැුකියා නොදීම සහ රජයේ ආයතන පෞද්ගලීකරණය කිරීම විය.

අවම වශයෙන් රජයේ සේවක වැටුප් වැඩිකර රැුකියා ලබාදීම සිදුකර තිබුණානම් ඒ මහමැතිවරණයේදී එජාපය පරාජය කිරීම එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලෙහෙසි නොවනු ඇත.

මහමැතිවරණ පරාජයෙන් පසු එජාපය අභ්‍යන්තරයේත් අවුල් වියවුල් ඇතිවිය. ඒ අවුල් වියවුල් පිටුපස සිටියේත් ඉහත පිරිසමය.

ජනාධිපතිවරණය 2005 වසරේ පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලැබූ නියෝගය අනුව ජනාධිපතිවරණය දෙකොන් සටනක් විය. මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා විය. ඔහු වටා ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය ප‍්‍රධාන සෙන්පතියන් ලෙස කැපී පෙණුනි. මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප‍්‍රධානියා වූයේ මංගල සමරවීරය. ඔහු විජේදාස රාජපක්ෂ සහ ශ‍්‍රීපති සූරිආරච්චි වූහ. ශ්‍රීපති සූරිආරච්චි රූපවාහිනි සාකච්ඡාවලදී එක්සත් ජාතික පක්ෂය පතුරු ගැසූ පුද්ගලයෙකි. විජේදාස රාජපක්ෂ මහතාද එලෙසය. මංගල සමරවීර මහතා රනිල්ට එරෙහි දැවැන්ත පෝස්ටර් ප‍්‍රචාරණයක් දියත් කර තිබුණි. ඒ අතරේ පිස්සු පූසා, මිස්ටර් බීන් වැනි මඩ පෝස්ටර් ද විය. ජනතා විමුක්ති පෙරමුණද ආකර්ශනීය පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කර තිබුණි. ‘රනිල්ට බෑ’ ඉන් එක් පෝස්ටරයක් විය. සන්ධානයේ රැුස්වීම්වල ප‍්‍රධාන කථිකයන් වූයේ අනුර කුමාර දිසානායක, විමල් වීරවංශ, ශ්‍රීපති සූරිආරච්චි, අර්ජුන රණතුංග වැනි පුද්ගලයින්ය.

මැතිවරණ ව්‍යාපාරයද ශක්තිමත් ලෙස කැපී පෙනුනේ මහින්ද රාජපක්ෂ මහතාගේය. ගෙයින් ගෙට යන ව්‍යාපාර සංවිධානාත්මකව ජනතා විමුක්ති පෙරමුණ මූලික කරගෙන පිළිියෙල වී තිබුණි.

මැතිවරණ ප‍්‍රකාශවලින් මහින්ද චින්තනය බැලූ බැල්මටම ආකර්ශනීය විය. එජාපයේ ජනතා න්‍යාය පත‍්‍රයට මහින්ද චින්තනය ළඟටවත් යෑමට නොහැකි ලෙස ලොකු පරතරයක් දක්නට ලැබුණි.

එජාපයට එල්ල කළ දරුණු ප‍්‍රහාරයන් එල්ල වූයේ ජනතා විමුක්ති පෙරමුණෙනි. ඔවුන්ගේ ප‍්‍රධානම තේමාව වූයේ රනිල් කොටියට රට දීමට සැරසෙන බවය. කොටින්ම මංගල සමරවීර මහතා දියත් කළ මුළු මැතිවරණ මෙහෙයුමට පදනම් වී තිබුණේ රනිල්ගේ කොටි හිතවාදී ප‍්‍රතිපත්තිය සහ රජයේ දේපල පෞද්ගලීකරණයට එරෙහිවය. අති දැවැන්ත ලෙස එජාපයට ප‍්‍රහාර එල්ල කළත් රනිල් වික‍්‍රමසිංහ මහතා පරාජය වූයේ වැඩි ඡුන්ද 180000 කිනි. මහින්ද ලබාගත් මේ වැඩි ඡන්ද ප‍්‍රමාණයේ නියම උරුමකරුවන් කවරහුද? ඉන් ප‍්‍රධානම පාර්ශවය වන්නේ ජනතා විමුක්ති පෙරමුණය.

දෙවනුව ජාතික හෙළ උරුමයයි. පුද්ගලයින් ලෙස ගතහොත් මංගල සමරවීර, විජේදාස රාජපක්ෂ, ශ්‍රීපති සූරිආරච්චි, අනුර දිසානායක, විමල් වීරවංශ, පාඨලි චම්පික රණවක, අර්ජුන රණතුංග මහින්දගේ වැඩි ඡුන්ද මෙහෙයුමේ නියමුවන් වූහ.

එදා ඔවුන් මෙම සටනින් කරඇරියා නම් ප‍්‍රභාකරන් ඡුන්දය වර්ජනය කළත් රනිල් ගොඩය.

එදා රනිල් පරාජය කරන්නට පෙරමුණ ගත් පෙරමුණේරාලවරුන් වූ මංගල සමරවීර, විජේදාස රාජපක්ෂ, පාඨලි චම්පික රණවක, අර්ජුන රණතුංග මෙදා රනිල් දිනවන්න පෙරමුණ ගෙන සිටීම හරියට බැලූවොත් දෛවයේ සරදමක් වැනිය.

මේ සැබෑ තත්ත්වය මහින්ද රාජපක්ෂ මහතා තේරුම් ගෙන සිටියාද යන්න ප‍්‍රහේලිකාවකි. එය සැබෑ ලෙසම තේරුම්ගෙන සිටියා නම් උතුරේ ඡුන්දය නොලැබුණත් දකුණේ ඡුන්දයෙන් 2015 දී රාජපක්ෂ මහතා පරාජය නොවනු ඇත.  ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා 2015 දී පරාජය වූ වැඩි ඡුන්ද ලක්ෂ 4 1/2 කාගේද? මහින්ද රාජපක්ෂ මහතාට අනුව උතුරේ ඡුන්දය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලැබුණු නිසා තමන් පරාජය වූ බවය.

නමුත් යථාර්ථය එය නොවේ. එහි 2005 දී මහින්ද දිනවූ ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය සහ මංගල සමරවීර, විජේදාස රාජපක්ෂ, අර්ජුන රණතුංග යන පිරිස 2015 දී රොද බැඳගත්තේ මහින්ද පරාජය කරන්නටය. ඔවුන් එදා රනිල්ට කළ දේම මෙදා මහින්දටද කළහ.

මේ නිසා මෑත කාලීන ශ්‍රී ලංකා දේශපාලනයේ රජුන් තනන්නේ මෙම පිරිස බව පැහැදිලිය. වරින් වර ප‍්‍රභාකරන්, තොණ්ඩමන්, රවුෆ් හකීම් වැනි දේශපාලනඥයින් රජුන් තනන්නේ තමන් බව ප‍්‍රකාශ කළද එහි නියම උරුමක්කාරයන් වන්නේ ජනතා විමුක්ති පෙරමුණත් ජාතික හෙළඋරුමයත් ඇතුළුව මංගල සමරවීර ඇතුළු පිරිස බව 2005 සහ 2015 ජනාධිපතිවරණ ප‍්‍රතිඵල විග‍්‍රහ කිරීමේදී මැනවින් පැහැදිලි වේ.

DSC04436 DSC04440_1 DSC04441_1 DSC04445 DSC04447

 



අදහස් (0)

"ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ"

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 181 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 88 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 126 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1118 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 1524 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 96 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14608 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 202 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site