IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඔබත් දන්ත ප‍්‍රතිකාරවලට බයද?

කුරුණෑගල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ ප‍්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය-හර්ෂ මාරසිංහ

බොහෝ දරුවන් පමණක් නොව සමහර වැඩිහිටියන් පවා දන්ත ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා දන්ත සායන වෙත යන්නේ ඉමහත් බියකිනි. සමහර විට මේ බිය නිසාම දන්ත ප‍්‍රතිකාර මඟ හරිමින් සිටිති. බොහෝ විට මෙම බිය, සුළු අපහසුතාවේ සිට බරපතළ ගැටලූවක් දක්වා ව්‍යාප්ත විය හැක. මෙසේ දන්ත සායන කෙරෙහි හෝ දන්ත ප‍්‍රතිකාර කෙරෙහි හෝ දන්ත වෛද්‍යවරයා කෙරෙහි හෝ දක්වන අධික බිය නිසාම විවිධ අපහසුතාවයන් වලට ලක්වන රෝගීහු සිටිති. විශේෂයෙන් දත් ගැලවීම කෙරෙහි ඇති අධික බිය නිසාම දත් ගැලවීමට නිර්වින්දනය සඳහා එන්නත් කටුව රැගෙන එන විටම  දන්ත පුටුවෙන් බැස දුවන රෝගීහු සිටිති. 

දන්ත ප‍්‍රතිකාර ලබා ගැනීමට පසුබට වීමෙන් රෝගීන්ට අවාසියක් සිදුවේද?

දන්ත වෛද්‍යවරුන් මෙවැනි බිය සහිත රෝගීන් සමඟ ගනුදෙනු කිරීමට පුහුණුවක් ලබා ඇත. එසේ තිබියදීත්,සමහර රෝගීහු දන්ත පුටුවට නැගීමට පවා බියක් දක්වති.එවැනි රෝගීන්ට නොදැනීම නිසි වේලාවට කරගත යුතු දන්ත ප‍්‍රතිකාර මඟ හැරීම නිසා, දන්ත රෝග තවදුරටත් බරපතළ වන අතරම ,විශේෂයෙන් දත් දිරායාම සහ විදුරුමස් දියවීම උග‍්‍ර වීමෙන් රෝගියාගේ සිරුරේ සුවයට පවා අහිතකර බලපෑම් ඇති කරයි. එනිසා, එවැනි රෝගීන්ගේ හෘදයාබාධ,හෘද අකරණිය,දියවැඩියාව වැනි ආබාධ තත්ත්වවල අවදානම වැඩිවිය හැක.

රෝගීන්  දන්ත සායන කරා යාමට බියක් දක්වන්නේ ඇයි?

බොහෝ විට, දන්ත ප‍්‍රතිකාර ලබා ගැනීමේදී අත් විඳින ලද අමිහිරි අතීත අත්දැකීම් මෙයට හේතු විය හැක. සමහර විට, බාහිර සමාජයේදී හෝ නිවසේදී අත් විඳින ලද මානසික පීඩාවක්  හෝ වෙනත් හේතු නිසා ඇති වූ මානසික අවපීඩනය බලපාන්නට ඉඩ ඇත. සමහර විට දත්වල ඇති අධික වේදනාවම බිය ඇති කරනවා විය හැක. සමහර පිරිමින් දත් ගැලවීමට සායනයට පැමිණීමට පෙර මත් වතුර පානය කිරීමට පුරුදු වී ඇත්තේත් බිය මඟ හරවා ගැනීමට විය හැකියි. මත්ද්‍රව්‍ය පානය කර පැමිණි රෝගියකුගේ දත් ගැලවීම හෝ එවැනි වෙනත් ශල්‍ය කර්මයක් කිරීම නුසුදුසු වන්නේ, එයින් අතුරු ප‍්‍රතිඵල ඇති විය හැකි බැවිනි.

මෙයට අමතරව, දන්ත ශල්‍යාගාරයේ පවතින වටපිටාවට, එතුළින් ඇසෙන විවිධ ශබ්ද වලට, එන්නත් කටුවට හා දන්ත උපකරණ වලට, දත් පුරවන හා විදින යන්ත‍්‍රයේ ශබ්දයට,තමන්ගේ මුඛයේ අපිරිසුදුකම නිරාවරණය වීමට වැනි කරුණු වලට ඇති විවිධාකාර බිය නිසා දන්ත ප‍්‍රතිකාර පමා කර ගන්නා අය බහුලව සිටිති.

බොහෝ දෙනකුට ඇත්තේ එන්නත් කටුවට හෝ දත හිරිවැට්ටීමට ඇති බියයි. දත් හිරිවැටෙන අවස්ථාවේදී කලාන්තය ඇතිවීම, කට පැත්තකට යාම,ඇස්වලින් කදුළු පිටවීම වැනි කරුණු වලට රෝගීහු බිය වෙති.

සමහර දෙනෙක් දන්ත පුටුවේදී යම් කලබල ස්වභාවයක් පෙන්වන්නේ ඇයි?

දන්ත පුටුවේදී රෝගියාට බොහෝ දුරට ඇලවී සිටීමට සිදුවන අතර , දන්ත වෛද්‍යවරයා ඉහළින් හා ඉතා ආසන්නව සිටිමින් ඔබගේ මුව තුළට යම් යම් උපකරණ ඇතුල් කරන්නට උත්සාහ කරන විට රෝගියාට බියක් ඇතිවීම සාමාන්‍ය දෙයකි. එසේම,මුව අයාගෙන ප‍්‍රතිකාර වලට මුහුණ දෙමින් සිටින රෝගියාට කථා කිරීමට හෝ සමහර විටක හුස්ම ගැනීමට පවා අපහසුවෙන් පෙළෙන්නට ඉඩ තිබේ. ඊටත් අමතරව, එන්නත් කටුවේ දර්ශනයද, දත් පුරවන යන්ත‍්‍රයේ කම්පනයද රෝගියාගේ බිය උත්සන්න කිරීමට හේතු විය හැක. දන්ත වෛද්‍යවරයා හෝ වෛද්‍යවරිය ඔබට ඉතා කිට්ටුවෙන් සිටිමින් ප‍්‍රතිකාර ලබාදීම ද ඔබ අපහසුතාවකට ලක් කරන කරුණක් විය හැක.

ඔබ මෙවැනි බියකින් පෙළෙන්නේ දැයි ඔබම හඳුනා ගන්නේ කෙසේද?

ඔබ දන්ත ප‍්‍රතිකාර සඳහා යන්නේ ඉතා කලාතුරකින් නම්, දත්වල වේදනාව ඔබ දිගු කලක් දරා ගෙන සිටියි නම්,දන්ත වෛද්‍යවරයා හමුවන දිනය ළං වන විට පවා ඔබට බියක් දැනේ නම්,දත් පුරවන යන්ත‍්‍රයේ ශබ්දය ඔබව අපහසුතාවයට ලක් කරයි නම්, දන්ත ප‍්‍රතිකාරවල අතීත අත්දැකීම් ඔබට අමිහිරි නම්,බොහෝ දුරට දන්ත ප‍්‍රතිකාර වලට බිය කෙනෙක් බව ඔබටම හැඟී යනු ඇත. එහෙත් අනවශ්‍ය බිය නිසා දන්ත ප‍්‍රතිකාර කල් තැබීම නුවණට හුරු නොවේ. එසේ කල් තැබීම නිසා රෝගය උත්සන්න වීමෙන් පහසුවෙන් විසඳා ගත හැකිව තිබූ ගැටලූ සංකීර්ණ වීමටද ඉඩකඩ වැඩිය. උදාහරණයක් ලෙස සුළු පිරවීමකින් විසඳා නොගැනීම නිසා , වියදම් අධික ස්නායු පිරවීමක් දක්වා හෝ දත ගැලවීම දක්වා ගමන් කිරීමට ඔබට සිදුවනු ඇත. මෙවැනි දතක් ඉවත් කිරීම සඳහා සුළු ශල්‍යකර්මයක් පවා කිරීමට සිදුවිය හැකි අතර, ”දත ගන්නේ පළලද? ” යයි විමසන්නේත් මෙම බිය නිසාමය.

දන්ත ප‍්‍රතිකාර දරා ගැනීමේ හැකියාව සෑම කෙනකුගේම එක සමානද?

මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර,දන්ත ශල්‍යාගාරයේදී සෑම පුද්ගලයෙක්ම එක හා සමාන මට්ටමකින් තබා ප‍්‍රතිකාර ලබා දීමට හැකියාවක් නැත. සමහරු දන්ත පුටුවට නැගීමට තබා,දන්ත ශල්‍යාගාරයට ඇතුළු වීමටත් බිය වෙති. එහෙත් සමහර දෙනෙක් වේදනාව හෝ අපහසුව දරාගෙනම ප‍්‍රතිකාර වලට මුහුණ දෙති. මෙහිදී රෝගියා හා දන්ත ශල්‍ය වෛද්‍යවරයා අතර මූලික සාකච්ඡාවක් ඇතිවීම වැදගත්ය. රෝගී තත්ත්වය ගැන පවසන අතරම, දන්ත ප‍්‍රතිකාරවලට ඇති බිය ගැනද වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කළ යුතුය. එසේම,අතීත අමිහිරි අත්දැකීමක් දන්ත ප‍්‍රතිකාර සම්බන්ධයෙන් තිබේ නම්,ඒ පිළිබඳවද දන්ත වෛද්‍යවරයා දැනුවත් කළ යුතුය. එමෙන්ම, ඔබ යම් අසනීපයකට ඖෂධ ලබා ගන්නේ නම් හෝ ඔබට අභ්‍යන්තර රෝග තත්ත්වයක් තිබේ නම් හෝ යම් ඖෂධයකට හෝ ආහාරයකට හෝ වෙනත් දෙයකට අසාත්මිකතාවක් තිබේ නම් හෝ ඒ ගැනද නිවැරදි තොරතුරු හා වාර්තා ඉදිරිපත් කිරීමද ඔබගේ යහපතට හේතු වෙයි. ඒ සියලූ තොරතුරු වලට අනුකූල වන සේ හැඩ ගැසීමට හා ඔබ කෙරෙහි අනුගමනය කළ යුතු වඩා සුදුසු ක‍්‍රමවේදය තීරණය කිරීමට වෛද්‍යවරයාට හැකි වේ.

දන්ත ප‍්‍රතිකාර භීතිකාව ආරම්භ වන්නේ කෙදිනක සිටද?

බොහෝ දුරට බිය වර්ධනය වීම ආරම්භ වෙන්නේ ළමා අවධියේ සිටය.දරුවා දන්ත ශල්‍යාගාරයට යන පළමු දිනයේදීම ලබන අත් දැකීම අමිහිරි එකක් නම්, ඉන් අනතුරුව එළඹෙන සෑම දන්ත සායන දිනයක්ම දරුවාට අකැමැති එකක් වනවා පමණක් නොව වැඩිහිටි වයස දක්වාම දිගු වන බියකින් පෙළෙන්නට බොහෝ දුරට ඉඩ තිබේ. පළමු අත් දැකීම ඉතා ප‍්‍රසන්න වන්නේ නම්, මුළු දිවිය පුරාවට දිවෙන ප‍්‍රතිශක්තියක් දන්ත ප‍්‍රතිකාර සම්බන්ධයෙන් ඇති කර ගනු ඇත. එබැවින්, දන්ත ප‍්‍රතිකාර සඳහා කැටුව යන පළමු දිනයේදී දත් ගැලවීම හෝ පිරවීම වැනි දරුවා අසහනයට පත් කරන ප‍්‍රතිකාරයකට නොගොස් මුඛයේ සරල පරීක්‍ෂාවක් සිදු කර අවශ්‍ය උපදෙස් හා අවශ්‍ය නම් ඖෂධීය ප‍්‍රතිකාරයක් ලබාදිම වුවත් ප‍්‍රමාණවත් වනු ඇත.

සමහර දන්ත ප‍්‍රතිකාර වඩා වේදනා ගෙන දෙන සුළුද ?

ස්නායු පිරවීමේ ප‍්‍රතිකාරය හා ඥාණ දත ඉවත් කිරීමේ ශල්‍ය කර්මය සමහර විටෙක වේදනා ගෙන දීමට ඉඩ ඇත. එයට එක් හේතුවක් වන්නේ ප‍්‍රතිකාර සඳහා හේතු වූ රෝග තත්ත්ව දෙකම රෝගියා කාලයක් මුළුල්ලේ පීඩා විඳි ඒවා වීමයි. අනෙක් අතට ප‍්‍රතිකාර සඳහා ලබාදුන් නිර්විදනය ප‍්‍රමාණවත් නොවිය හැක.මෙයින් ස්නායු පිරවීම ආරම්භයේදී යම් වේදනාවක් දැනුනත් ,ක‍්‍රමයෙන් වේදනාව පහ වී යයි.එසේම ඥණ දත ඉවත් කිරීමේ ශල්‍යකර්මයට බිය වීම අවශ්‍ය නොවන්නේ එම ප‍්‍රතිකාරයෙන් පසු විශාල සහනයක් රෝගියාට අත්වන බැවිනි.

දන්ත ප‍්‍රතිකාර ලබා ගැනීමට ප‍්‍රථම හා ප‍්‍රතිකාර ලබා ගන්නා අවස්ථාවේදී බිය තුරන් කර ගැනීම සඳහා ඔබට කළ හැකි දේ මොනවාද?

1 මුලින්ම ඔබ ලබා ගැනීමට යන ප‍්‍රතිකාරය ගැන සොයා බලන්න. ඒ සඳහා එවැනි ප‍්‍රතිකාර ගැන අත් දැකීම් ඇති හිතවතකුගෙන් හෝ ඥතියකුගෙන් තොරතුරු විමසන්න.                                                                                                                      

2. දන්ත සායනයේ හෙද නිලධාරි හෝ සායනයේ සහායක හෝ සහායිකාව මුණ ගැසී ඔබගේ ප‍්‍රතිකාර ගැන විමසා බලන්න.ඔබගේ ගැටලූව පවසා ඔබට පහසුවක් සැලසෙන අයුරින් ප‍්‍රතිකාරය ලබා ගත හැකිදැයි විමසා බලන්න.ඔබගේ තොරතුරු වේලාසනින් දන්ත වෛද්‍යවරයාට සන්නිවේදනය කිරීම සඳහා එය පහසුවක්වනු ඇත. එමෙන්ම,පළමු දිනයේදීම ප‍්‍රතිකාර ලබා ගැනීමට ඔබ පැකිළෙන්නේ නම්,ඔබගේ රෝගය හා ප‍්‍රතිකාර ගැන වෛද්‍යවරයා මුණ ගැසී සාකච්ඡා කළ හැකිදැයි විමසා බලන්න.

3 දන්ත වෛද්‍යවරයා මුණ ගැසුණු අවස්ථාවේදී ඔබ අපහසුතාවෙන් පෙළෙන ගැටලූ වෛද්‍යවරයා සමඟ නොසඟවා කථා බහ කරන්න. ඔබ අවශ්‍ය කරුණු පිළිබඳව හා ඔබගේ බිය සැක තුරන් වන අයුරින් ප‍්‍රශ්න විමසා සැක හැර දැනගන්න. ඔබගේ බිය තුරන් වන අයුරින් ප‍්‍රතිකාරය සිදු කිරිමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමට වෛද්‍යවරයාට හැකි වනු ඇත.

4 දන්ත වෛද්‍යවරයා මුණ ගැසීම සඳහා යන විට ඔබගේ ළඟම හිතවතා හෝ ඥතියා කැටුව යන්න. ප‍්‍රතිකාර ලබා ගන්නා අවස්ථාවේදී එම හිතවතා ඔබට පෙනෙන මානයේ රඳවා ගැනීමට අවසර ලබා ගන්න. එම අවස්ථාවේදී හිතවතා ඔබ අසලම සිටිමින් ඔබේ අතිනුත් අල්ලාගෙන සිටීම ඔබට ඉතා පහසු විය හැකි නමුත් දන්ත වෛද්‍යවරයාගේ රාජකාරියට බාධාවන අයුරින් හිතවතා කටයුතු කිරීම සුදුසු දෙයක් නොවේ.

5 ප‍්‍රතිකාර ලබාගන්නා අවස්ථාවේදී සමහර දේවල් දන්ත වෛද්‍යවරයාගෙන් ඉල්ලා ලබා ගත හැක. උදාහරණයක් ලෙස හිරිවැටෙන එන්නත ලබාදීමට ප‍්‍රථම මතුපිට හිරිවැටෙන ජෙල් ආලේපනය කළ හැකිදැයි විමසන්න. වෛද්‍යවරයා ඉතා සියුම් එන්නත් කටුවක් භාවිත කරමින් ඔබට තවදුරටත් පහසුවක් සලසනු ඇත.

6 හැකි තරම් වේලාසනින් දන්ත සායනයට යන්න. ඔබ ප‍්‍රමාද වී දන්ත සායනයට ගිය විට ඔබට වැඩි වේලාවක් සායනයේ රැඳීමට සිදු වීමත්, පැමිණ සිටින හා ප‍්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ගේ ප‍්‍රතිචාර වලට සවන් දීමට සිදුවීමත්, දන්ත සායනය තුළින් නැගෙන විවිධ ශබ්ද ඇසීමටත් සිදුවීමෙන් ඔබගේ සිත සැහැල්ලූ කර ගැනීමට ඔබට අපහසු වනු ඇත.

7 ඔබගේ මුඛය කණ්ණාඩියක් ඉදිරිපිටට ගොස් නිරතුරුව පරීක්‍ෂා කර ගැනීමත්, අවම වශයෙන් වසරකට වරක් වත් දන්ත වෛද්‍යවරයා ලවා පරීක්‍ෂා කරවා ගන්න. එමගින් රෝගය උත්සන්න වන තුරු නොසිට සරල අපහසුතා අවම ප‍්‍රතිකාරයක් මගින්  පහසුවෙන් විසඳා ගතහැකි වනු ඇත.

8 මේ සියලූ ක‍්‍රම අසාර්ථක වන්නේ පමණක් ඊළඟට තෝරා ගැනීමට ඇති ක‍්‍රමවේදය වනුයේ සිහි නැති කර දන්ත ප‍්‍රතිකාරය ලබා ගැනීමයි.

ප‍්‍රතිකාරය ලබාදෙන අවස්ථාවේදී ඔබට අපහසුතාවක් දැනේ නම් කුමක් කළ යුතුද?

දන්ත ප‍්‍රතිකාර ආරම්භ කළ පසු බොහෝ දුරට ඔබට කථා කිරීමේ ඉඩකඩ අඩුවෙයි. ඒ නිසා ඔබට වේදනාවක් දැනුන විට ඔබ හිස සෙලවුවහොත් හෝ දැඟලූ‍්‍රවහොත් මුව තුළ උපකරණ ක‍්‍රියාත්මක වෙමින් පවතින නිසා , මුඛය තුවාල වීමට හෝ වෙනත් අනතුරක් වීමට හෝ ඉඩ තිබේ.

ප‍්‍රතිකාරය ලබමින් සිටින විට අපහසුවක් දැනේනම්  ඕනෑම අවස්ථාවකදී ප‍්‍රතිකාරය සුළු මොහොතකට හෝ කෙටි වේලාවකට නවතා ගැනීමේ අයිතිය ඔබ සතුය. එසේ නතර කර ගැනීම සඳහා කළ යුතු සුදුසුම ක‍්‍රියා මාර්ගය වනුයේ ඔබගේ  වම් අත ඔසවා සංඥ කිරීමය.

කුඩා දරුවන් දන්ත සායන වලට කැටුව යාමේදී අනුගමනය කළ යුතු ක‍්‍රමවේදය කුමක්ද?

දන්ත සායන වලට පැමිණීමට කුඩා දරුවන් ඉතාමත් බියෙන් පසු වෙති. මවුපියන් හෝ භාරකරුවන් මෙහිදී වැඩි වගකීමක් දැරිය යුතුය. දත් ගලවන බව හෝ දත් පුරවන බව හෝ සිදු කිරීමට යන ප‍්‍රතිකාරය හෝ දරුවන්ට වේලාසනින් නොපවසන්න. එසේම,ඇත්තටම දත් ගැලවීම සඳහා සූදානම් වෙමින් දත් ගලවන්නේ නැති බවට බොරු නොපවසන්න. අවසානයේදී දන්ත වෛද්‍යවරයාත් බොරු කාරයකු ලෙස දරුවන් සිතනු ඇත. දන්ත සායනයට යන ප‍්‍රථම දිනයේදීම දත ගලවා දැමීමට උත්සාහ නොගන්න. දරුවන් අකැමැතිම දේ දත ගලවා දැමීමය. එවැනි, අකැමැතිම දෙයක් මුල් දවසේදීම සිදුකිරීමට උත්සාහ ගැනීමෙන් දරුවන් මොන තරම් කායික හා මානසික අපහසුතාවයට ලක් වෙනවාද? වර්ථමානයේදී දරුවන්ගේ දත් ගලවන්නේ අවශ්‍යම නම් පමණක් වන අතර, වේලාසන කිරි දත් ගැලවීම ස්ථිර දතේ පැමිණීමට බාධා ඇති කරන බව සිහි තබා ගන්න.මුල් දිනය ප‍්‍රතිකාර වලට නොගොස් උපදෙස් ලබා ගැනීමකට හෝ දන්ත පරීක්‍ෂාවකට හෝ සරල ඖෂධ ප‍්‍රතිකාරයකට පමණක් සීමා කිරීමයි.

එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

ඔබත් දන්ත ප‍්‍රතිකාරවලට බයද?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2724 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2353 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2930 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5850 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1970 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6659 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18601 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site