(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ඕන්නම් ආණ්ඩුවකට රාජ්‍ය සේවයේ වැටුප් වැඩි නොකර ඉන්නත් යම් දීමනාවක් දීලා ඉන්නත් පුළුවන්කම තිබූ නමුත් මූලික වැටුපම වැඩි කරන්නට ආණ්ඩුව කටයුතු කළ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"රට ස්ථායිකරණ වැඩපිළිවෙළ අයවැයෙන් ප්‍රමුඛත්වය ගෙන තිබෙනවා.එමෙන්ම දුප්පත් භාවය තුරන් කිරීම ඇතුළු ප්‍රශ්න ගණනාවකට විසැඳුම් සෙවිය යුතුව තිබෙනවා.ආර්ථික ස්ථායීකරණය මෙන්ම සංවර්ධනය ඉලක්ක කර ගනිමින් අප කටයුතු කරනවා.
තිරසර ප්‍රමාණවත් ආර්ථික වෘද්ධියක් අපට අවශ්‍යයි.අවුරුදු දහයක ආර්ථික වෘද්ධිය විනාශ කර දමා තිබුණා.ඍන මට්ටමේ තිබූ ආර්ථික වෘද්ධිය කෙටි කාලයක් තුළ ධන 5.2ක් ලෙස ඉදිරියට ගන්න අපට හැකි වුණා.එමෙන්ම අප ඉතා සූක්‍ෂම ලෙස ණය කළමනාකරණය කරමින් සිටිනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
සිය බල ප්‍රදේශයේ සුභසාධන කටයුත්තක් සඳහා අනුග්‍රහය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් පදනම් කරගෙන එක්තරා සමාගමකට මැණික් පතලක් පවත්වාගෙන යෑමට අවසර
මියන්මාරයේ හටගත් රික්ටර් මාපකයේ 7.7 ක සහ 6.4 ක අගයක් ගත් ප්‍රබල භූමි කම්පා දෙකෙන් තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික කිසිවෙකුට අහිතකර බලපෑමක් එල්ල වූ බවට තොරතු
මහනුවර - කොළඹ අධිවේගී මාර්ගයේ මීරිගම - කඩවත කොටසේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 8කට අලුත් අවුරුදු සමයේ සතොස අලෙවිසැල් මගින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා දීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපත
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හට ගත් බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි
මහවැලි අධිකාරිය සංවිධානය කරන වාර්ෂික මහවැලි ක්‍රීඩා උළෙලේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක්‍රීඩාංගණයේදී හෙට (29) පැවැත්වීමට නියමිතව තිබූ මහවැලි නිලධාරී ක්‍රි
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ඕන්නං පඩි වැඩි නොකර ඉන්නත් තිබුණා
ගුණරත්න Friday, 21 March 2025 02:21 PM
මහාචාර්යතුමෝ, රනිල් ද ඔයගොල්ලොන්ගේ ආණ්ඩුවේ හිටපු ජනාධිපති? එහෙම නම් ඔය ආර්ථිකය ධන වුණු කතන්දරේ ඇත්ත, රනිල් ජනාධිපති වෙලා ගිය අවුරුද්දට සාපේක්ෂව 2024 අවුරුද්දේ වර්ධනය 7.8 ඇති විශාල වර්ධනයක් අරන් තියෙනවා. එක සුළු පටු දෙයක් නම් නෙවෙයි. ඒවා එහෙම පිළි අරගෙන ලැබිය යුත්තාට ඒ ගෞරවය දෙන්න ඕනෑ... තමුන්නාන්සේලා කියන ධන කතන්දරේ ලබන අවුරුද්දේ මුලදී බලමු.
Nilantha Saturday, 22 March 2025 06:58 AM
අදහස නිවැරැදියි. ඕනෑ නම් පඩිවැඩිකිරීම නොකර ඉන්න පුළුවන්කම තිබුණා කියන්නේ සම්පූර්ණයෙන්ම කෙබරයක්. ඕය අයවැය හිටපු ජනාධිපතිතුමා සකසා තිබුණු එකක් මිස මුන්දැලාම හදපු එකක් නොවෙයි කියලා ජනතාව දන්නවා...
බකල ජයා Friday, 21 March 2025 02:27 PM
ඒ කියන්නේ ඕන්නම් තව වැඩිකරන්නත් තිබුණාද වඳුරු සංගණන මහත්තයෝ?
යෝගා Friday, 21 March 2025 02:31 PM
ෂා, මාරයිනේ. මාස හයෙන් ඍණ ආර්ථිකය ධන කරලා. හලෝ, ජනතාව මෝඩයෝ කියලා හිතන්නේ බූරුවෝ පමණයි. තමුන් යමක් කරලා ලකුණු දාගන්නවා, අනුන්ගේ කලිසම් ඇඳගෙන රඟන්නේ නැතුව...
මැක්ස් Friday, 21 March 2025 03:07 PM
ඇත්ත වශයෙන්ම පඩි වැඩි කිරීම නොම්මර එකේ ඇස් බැන්දුමකි. එසේ වුවත්, දැන් ඔබගේ රජයේ සියලු මෝඩ ක්‍රියා සෝදා හරින්නට උත්සාහ කරන, විවිධ නම්වලින් පෙනී සිටින ඩෝබිවරුන් එය ද සාධාරණීකරණය කරනු ඇත...
Toni Friday, 21 March 2025 03:12 PM
ඕනෑනම් ඡන්දෙ නොදී ඉන්නත් තිබුණා.