IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


කොග්ගල දි අරිසෙන් අහුබුදු සැමැරෙයි

අරිසෙන් අහුබුදු තරම් සිංහල භාෂාවට, ගීත සාහිත්‍යයට සේවයක් කළ මිනිසත් කමින් අනූන මිනිසකු මේ මිහිපිට සිටියාදැයි සැක සිතෙන තරමටම ඔහු විශිෂ්ට මානව හිතකාමී යුග පුරුෂයෙකියි අරිසෙන් අහුබුදු 92 වැනි ජන්ම දිනය වෙනුවෙන් කොග්ගල අරිසෙන් අහුබුදු මහතා උපන් බිමේ දී අද (18) පැවැති උත්සවයකදී කොළඹ විශ්ව විද්‍යාලයයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය සරත් විජේසූරිය පවැසීය. ‘‘අරිසෙන් අහුබුදු සුනිල් ශාන්තයන්ටත්, අමරදේවයන්ටත් ගීත රචනා කළා. ඒ වගේම දරුවන් වෙනුවෙන්, වැඩිහිටියන් වෙනුවෙන් සමාජයේ සියලූම තරාතිරමේ අය වෙනුවෙන් සාහිත්‍ය නිර්මාණ කළා. විශ්ව සාහිත්‍යයපරිශීලනය කරමින් ඔහු කළ නිර්මාණ අති විශිෂ්ටයි.’’ ‘‘අහුබුදු ගුරුවරයෙක්. ගාල්ල මහින්ද මහා විද්‍යාලයේ ගුරුවරයෙක්. ප`ඩිවරයෙක්. මෙරට සාහිත්‍ය ක්ෂේත‍්‍රයට අති විශාල ගෝලයන් පිරිසක්  බිහිකළා. ඔහු හැමදාම ගමන් කළේ බසයෙන්. ඒ වගේම නිවසට පැමිණි සියලූම දෙනාට තම බිරිඳ සමග එක්ව ආගන්තුක සත්කාර කළා. මේ විශිෂ්ඨ මානව හිතකාමියා පිළිබඳ බොහෝ දේ කිව හැකියි. සිංහල භාෂාව පවතිනතාක් අරිසෙන් අහුබුදු නාමයත් ඒ ආකාරයෙන්ම අනාගතයට උරුම කිරීමට හැකියාව ලැබේවා.’’ ආචර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා මුලසුන  හෙබැවීය. නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා ද කථා කළේය. කලාභූෂණ මාටින් ජයවර්ධන මහතා විසින් කවි දෙසුමක් පවත්වන ලද අතර අරිසෙන් අහුබුදු මහතා විසින් ලියන ලද කොග්ගල පවත ග‍්‍රන්ථයේ දෙවැනි මුද්‍රණයේ පළමු පිටත අහුබුදු මහතාගේ මිණිපිරියක වන සඳනි අහුබුදු මහත්මිය විසින් ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංගට වෙත පිළිගැන්වීය. හරිස්චන්ද්‍ර මහතා මෙසේ කීවේය. ‘‘මා අහුබුදු ඇසුරු කරන්න පටන් ගත්තේ 1948 දී. නමසිය පනස් ගණන් වල රටේ දැවැන්ත පරිවර්ථනයක් වෙමින් තිබුණා. සිංහල රාජ්‍ය භාෂාව කරන්න අවශ්‍යයැයි කියූ සටනේ පුරෝගාමියකු ලෙස අහුබුදු මහතා රට පුරාම කථා පවත්වමින් ගියා. මේ ආභාෂය මටත් ලැබුණා. සිංහල පමණක් නොවෙයි. ගී‍්‍රක, ප‍්‍රංශ වැනි භාෂා පවා අපි ඉගෙන ගත්තා. රැපියෙල් තෙන්නකොන් කුමරතුංගයන් ගැන කීවා වාගේම මටත් අහුබුදු ගැන කියන්නට වන්නේ ‘මටැදුරු සුමිතුරුද වූ අහුබුදුවන්‘ කියා තමයි. ’’ ‘‘සන්සෝනි කොමිසමේ මා නීතීඥයෙක් ලෙස පෙනී සිටියා. සිංහල බෞද්ධයාට වූ අසාධාරණය ගැන මම එහිදී කියද්දී මා කථා කළ සෑම දේටම ශක්තිය ලැබෙන්න කරුණු කාරණා සපයා දුන්නේ මෙතුමා. ශාස්තී‍්‍රය කරුණු සහ ඓතිහාසික කරුණු දුන්නේ මෙතුමා. මගේ සේරම වැඩ අතහැරලා පෙනී සිටිද්දී මෙතුමා පුදුමාකාර සහයෝගයක් දුන්නා. ප‍්‍රභාකරන්ගේ රූපය ඇදලා ඒකට ඇණ ගහලා දුන්නා. කඩදාසියේ යන්ත‍්‍රයක් ඇදලා දුන්නා මේක සාක්කුවේ දාගෙන ගිහින්  ඕනම කෙනෙක් ඉස්සරහා තර්ක කරන්න කියා කිව්වා. මම ඒක රැගෙන ගිහින් කරපු හැම තර්කයක්ම දිනුවා.’’ චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේ සිංහල කම සිංහල සාහිත්‍යය අගය කළ ශේෂ්ඨ විද්වතකු වෙනුවෙන් කොග්ගල සිහිවටනයක් තැබීම ගැන කෘතඥ වන බවයි. අහුබුදු මහතාගේ නිවස පිහිටි ස්ථානය මුහුදට සෝදාගෙන යාමෙන් පසු ඉතිරිවූ එකම සළකුණ වූ එම ගෙවත්තේ පිහිටි සෙක්කු ගල කොග්ල වෙරළ උද්‍යානයේ තැන්පත් කැර එම ස්ථානයේ අනුස්මරණ ඵලකයක් නිරාවරණය කැරිණි සඳා අහුබුදු සැමියාගේ පිළිරුව මල්දමින් සැරැසුවාය.



අදහස් (0)

කොග්ගල දි අරිසෙන් අහුබුදු සැමැරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන්න
2025 අප්‍රේල් මස 26 304 0

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල


සාමකාමීව විසඳා ගන්න
2025 අප්‍රේල් මස 26 158 0

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත


ජනපති කාර්යාලයේ තව සැප වාහන 27ක් වෙන්දේසියට
2025 අප්‍රේල් මස 26 272 0

ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.


පොලිස්පති දේශබන්දුට මැතිසබා කමිටුවෙන් චෝදනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 26 226 1

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත


ඡන්දෙට ගමේ යන්න නිවාඩු දෙන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 26 297 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම


විජේවීරගේ නැගණිය අභාවප්‍රාප්ත වේ
2025 අප්‍රේල් මස 26 1206 0

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 851 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 388 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 542 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site