පෝක් සමූද්‍ර සන්ධියේ නිල් ජල තලයෙන් වටවූ කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ තුන් දින වාර්ෂික මංගල්‍යයේ අවසන් දිනය අදයි.
තෝම්ස් සෞන්ද්‍රනායගම් යාපනය අග රදගුරුතුමන් අද උදේ පැවති අවසන් දේව මෙහෙයට අඩු ගණනේ දස දහසක් එක් වූහ. ඉන් වැඩි දෙනා ඉන්දියාවේ තමිල්නාඩුවෙනි.
දෙරටේ ධීවරයනට පිහිටවන බව කියන ශාන්ත අන්දෝනි මුනිඳුන් පිහිටි මේ දේවස්ථානය යාපනය හා ඉන්දියාව අතර පිහිටියේය.
අක්කර 285ක් පමණ වන මෙම දූපත ජන ශූන්‍ය දූපතකි.
පැමිණි දකුණු ඉන්දියා බැතිමතුන් ඇතුළු සියලු දෙනාට ආහාරපාන ඇතුළු සියලු පහසුකම් උතුරේ නාවික ආඥාපති රියර් අද්මිරාල් ශිරන්ත උඩවත්ත මහතාගේ අනුග්‍රහයෙන් සැපැයිණි.
ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් අශෝක් ජේ කාන්ත්, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් හතුරුසිංහ, ඇමැති ඩග්ලස් දේවානන්ද මහත්වරු ද දේව මෙයෙහට පැමිණ සිටියහ.
දේව මෙහෙයෙන් පසු දෙරට බැතිමත්හු ආපසු යෑම ඇරඹූහ.
ඉන්දියාවෙන් පැමිණි බෝට්ටු සංඛ්‍යාව 80 ඉක්මවා තිබිණි.
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කච්චතිව් මංගල්ලෙට දහ දාහක්
සම්පත් Monday, 25 February 2013 12:20 PM
රීටා මෝඩයි.(නදී)
නිරාන් Sunday, 24 February 2013 11:08 AM
බලන්න ලංකාවේ මිනිස්සු කොතරම් ගුණගරුකද කියලා. ලාංකිකයෙකුට තමිල්නාඩුවේ පැත්තෙ යන්න බැරි මොහොතක අපේ අය ඒගොල්ලන්ට සලකන විදිහ. මේවා අර සංවිධාන වලට පේන්නේ නැද්ද ?? (ස)
තිලක Sunday, 24 February 2013 11:13 AM
සුබ පැතුම් (දී )
රීටා Sunday, 24 February 2013 11:17 AM
කෝ සේනාව?(නදී)
සුදීර Sunday, 24 February 2013 12:04 PM
අපිට කෑම, ආහාර, ඉදුම් හිටුම්, යාන වාහන දෙන්නේ ඉන්දියාවෙන්. අසැල්වැසි රටවල් එක්ක සහයෝගයෙන් ඉන්න ඕනා.(නදී)
නිශ්ශංක Sunday, 24 February 2013 08:45 PM
ඔය සැලකිලි අපට නැහැනේ. ඉන්දියානුවන් අපට සලකන හැටි පේනවනේ.(නදී)
සුධීර Sunday, 24 February 2013 12:21 PM
මේක ගුණවත් කම නෙවේ අසරණ කම(ස)
අනුර Sunday, 24 February 2013 12:32 PM
ගිහින් ජයලලිතට කියන්න ලාංකිකයන්ගේ සැලකිලි කොහොමද කියලා, පිස්සුවෙන් වගේ කියවන්නේ නැතිව (ස)
මේරි Sunday, 24 February 2013 09:26 PM
අපේ රටේ අය ඒ අතින් කොච්චර හොදද? (නි)
ප්‍රදීපා Monday, 25 February 2013 03:20 PM
රීටා, හැමදේටම උඩු බුරන්න එපා. තැනට සුදුසු විදිහට කතා කරන්න. (නි)
පාලිත Monday, 25 February 2013 03:33 PM
අනේ හොදයි, අනේ හොදයි, (දී)
උපුල් Sunday, 24 February 2013 01:39 PM
රීටා , ඇයි සේනාව කෝ කියලා අහන්නේ? මේ මංගල්ලෙට විරුද්ධ වෙන්නද ? ඇයි මෙහෙම මංගල්‍යක් තියන්න බැරිද ? ඔයා ඇයි එහෙම කිව්වේ කියලා පොඩ්ඩක් කියනවද? (නි)
අශේන් Sunday, 24 February 2013 10:22 PM
මටත් යන්න තිබුනානම් (දී)
අෂාන් Sunday, 24 February 2013 02:29 PM
රීටා කණ්නාඩි දෙකක් ගත්තොත් හොඳයි වගේ (ස)