(චන්ද්‍රසේන ගමගේ සහ ගයාන් සුරියආරච්චි)
දරු දෙදෙනාද සමඟ යතුරු පැදියෙන් යමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කළ ‘කජ්ජා’ මියගොස් වැටී සිටි ස්ථානයේ තිබු පොලිස් ‘මාංචු’ කුට්ටම් දෙක ඔහුට දුන් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල කොට්ඨාශ රථවාහන අංශයේ කොස්තාපල්වරයා මාර්තු 05 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් නවෝද්‍යා හැන්නදිගේ මහත්මිය අද (21) නියෝග කළාය.
වෙඩි තබා ඝාතනය කළ අනුර විදානගමගේ හෙවත් ‘කජ්ජා’ නමැත්තාගේ මෘතදේහය ආසන්නයේ වැටී තිබු පොලිස් ‘මාංචු’ කුට්ටම් දෙක සම්බන්ධයෙන් කළ විමර්ශන වලදී එම පොලිස් ‘මාංචු’ කුට්ටම් ඔහුට ලබාදී ඇත්තේ සැකකරු බව හෙළි වී ඇතැයි කියමින් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළාය.
සිද්ධියට අදාළව සැකපිට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ තංගල්ල කොට්ඨාශ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු වශයෙන් කටයුතු කළ වීරකැටිය කැප්පිටියාවේ පදිංචි ඉපිටගම ලියනගේ ජනක ප්‍රසාද් නමැත්තෙකි.
‘කජ්ජා’ නමැත්තාගේ මෘතදේහය ආසන්නයේ පොලිස් ‘මාංචු’ කුට්ටම් දෙකක් වැටී තිබීම සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සිද්ධියට සැකකරුගේ ඇති සම්බන්ධතාවය හෙළි වීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බව කියමින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.
අනුර විදානගමගේ හෙවත් ‘කජ්ජා’ ඔහුගේ 06 හැවරිදි විදානගමගේ පමති අහස්යා මාදෙව්නි නමැති දියණිය සහ 09 හැවිරිදි විදානගමගේ උදේස් මාදෙව් නමැති පුත්‍රයා සමඟ ගමන් කරමින් සිටියදී පසුගිය 18 වැනිදා රාත්‍රී 10.15 පමණ මිද්දෙනිය ගල්පොත්තයාය කඩේවත්ත මංසන්ධියේදි නාඳුනන තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ‘කජ්ජා’ සහ දියණිය එම ස්ථානයේදීම මිය ගිය බවත් ුකරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පුත්‍රයා ඊට පසු දින මියගොස් ඇති බවත් අධිකරණයට දැනුම් දුන් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ‘කජ්ජා’ නමැත්තා මියගොස් වැටී සිටි ස්ථානයේ පොලිස් ‘මාංචු’ කුට්ටම් දෙකක් වැටී තිබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව දැනුම් දුන්නේය.
ඒ සම්බන්ධයෙනන් කළ විමර්ශන වලදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා ‘කජ්ජා’ නමැත්තා සමඟ මිතුරු කමක් පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වු බවත් එම මිතුරුකම හේතූවෙන් සැකකාර කොස්තාපල්වරයා ‘කජ්ජා’ නමැත්තාට මෙම පොලිස් ‘මාංචු’ කුට්ටම් දෙක දී ඇති බව අනාවරණය වු බවත් කී නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන හෙයින් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියහ.
ඉල්ලීම පිළිගනිමින් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරිය පැමිණිල්ල යළි කැඳවන ලබන 05 වැනිදා විමර්ශන වල ප්‍රගතිය වාර්තා කරන ලෙස පොලිසියට නියම කළාය.
ත්‍රිපුද්ගල ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනකු සම්බන්ධයෙන් කරන විමර්ශන කටයුතු අවසන් වීමෙන් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළේය.
මිද්දෙණිය පොලිස් වසමේ ගල්පොත්තයාය ප්‍රදේශයේදී ඉකුත් 18 වන දින රාත්‍රී වෙඩි තබා පියා හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තංගල්ල කොට්ඨාස අපරාධ
සංවිධානාත්මක අපරාධකාලී නායක ගනේමුල්ලේ සංජීවට ගම්පහ අධිකරණය තුළ වෙඩි තබන බවට තොරතුරක් මින් පෙර ලැබී තිබුණ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසී
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ගෙවල් කුලිය කාලයක සිට අඩුවෙන් අය කිරීම හේතුවෙන් රජයට වාර්ෂිකව විශාල පාඩුවක් සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලි
කැලණිවැලි මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමන් වාර 5ක් අද දින අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
බළන්ගොඩ ප්‍රදේශයේ සිට අනුරාධපුර වන්දනාවේ පැමිණි බස් රථයක් විශ්‍රාමශාලාවක් තුල නවතා තිබියදී අද (22දා) අළුයම හදිසියේ ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් එම බස්
කොළඹ වරායේ ජය බහලුම් පර්යන්තයේ සේවකයන් වැඩ වර්ජනයක් අද (22) පෙරවරුවේ ආරම්භ කළ බව වරාය වෘත්තීය සමිති පවසයි.
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
කජ්ජාට මාංචු දුන් PC රිමාන්ඩ්