(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා කරමින් රේගු අධිකාරිවරුන් සිව් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැලකෙන මෙම රුපියල් කෝටි දොළහ හමාරේ අල්ලස් මුදල ඉල්ලාලබාගැනීම කුමන්ත‍්‍රණකාරීව සිදු කළ බව ඇතුළු චෝදනා 16 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.
දැනට මියගොස් සිටින නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක මහතා සමග එවකට එක්ව ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැලකෙන මෙම රුපියල් කෝටි 12 ½ ක අල්ලස් මුදල ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටින්නේ ශ්‍රී ලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී උපාලි ගුණරත්න පෙරේරා, රේගු අධිකාරී වසන්ත විමලවීර, රේගු අධිකාරී උපාලි සෙනරත් වික‍්‍රමසිංහ සහ රේගු අධිකාරී සුජීව පරාක‍්‍රම ජිනදාස මහත්වරුන්ය.
2015 ජුනි මස 22 වැනිදාත් 2015 ඔක්තෝබර් මස 15 වැනිදාත් අතර කාලයේ කොළඹ පංචිකාවත්තේදී රුපියල් මිලියන 150 ක මුදලක් දැනට මියගොස් සිටින නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක මහතා සමග එක්ව ඉල්ලා ලබා ගැනීමට කුමන්ත‍්‍රණය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත.
එම කුමන්ත‍්‍රණයට අනුව අවස්ථා කිහිපයකදී පැමිණිලිකරුගෙන් අල්ලස් ඉල්ලීම ඒ අනුව 2015 ඔක්තෝබර් මස 15 වැනිදා රුපියල් මිලියන 125 ක මුදලක් ලබාගත් බවට මෙන්ම සෙසු විත්තිකරුවන් ඊට ආධාර සහ අනුබල දුන් බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම වැඩිදුරටත් චෝදනා ඉදිරිපත් කර තිබේ.
රුපියල් කෝටි 12 1/2 ක අල්ලස් මුදල ඉල්ලීම සම්බන්ධයෙන් මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයකු වන බන්ධුසේන මහතා විසින් අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබිණි.
පැමිණිලිකරු මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වීමේදී රජයට අඩුවෙන් බදු මුදල් ගෙවා ඇති බව සඳහන් කරමින් පැමිණිලිකරුගේ ගබඩාව පරීක්ෂාවට භාජන කර ඇති බවත් එහිදී නිසි අන්දමට මෙම භාණ්ඩ ගණනය කළහොත් රුපියල් මිලියන 300 ක පමණ බදු මුදලක් රජයට ගෙවීමට සිදුවනු ඇති බව පවසා එය අඩුවෙන් ගණනය කර රජයට අඩුවෙන් බදු මුදල් ගෙවීමට සලසා දීම සඳහා රුපියල් මිලියන 150 ක මුදලක් විත්තිකරුවන් විසින් මුල් අවස්ථාවේදී ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.
රුපියල් මිලියන 150 ක මුදල ඉල්ලීමේ සිද්ධියෙන් පසුව පැමිණිලිකරු අවස්ථා ගණනාවකදී විත්තිකරුවන් සමග සාකච්ඡා කර අල්ලස් මුදල රුපියල් මිලියන 125 දක්වා අඩු කරගෙන ඇති බවත් ඉන් අනතුරුව 2015 ඔක්තෝබර් මස 15 වැනිදා රුපියල් මිලියන 125 ක මුදලක් පැමිණිලිකරුගේ ව්‍යාපාරික ස්ථානයේදී ලබාගන්නා අවස්ථාවේදී විත්තිකරුවන් දෙදෙනකුත් ඉන් අනතුරුව සිදුකළ පරීක්ෂණවලදී සෙසු විත්තිකරුවනුත් අත්අඩංගුවට ගෙන ඇතැයිද අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී තිබේ.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා ලේඛන හා සාක්කිවලට අමතරව හඬපට සහ රූප දර්ශන සහිත වීඩියෝ පටද සාක්කිලෙස ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අල්ලස් කොමිසම අධිකරණයට වැඩිදුරටත් දැනුම් දී ඇත.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කෝටි 12 ක අල්ලසේ රේගු ලොක්කන් හතරට නඩු
Perakum Monday, 02 October 2017 04:52 AM
රේගුවේ ලොක්කෝ පොඩ්ඩෝ එක්කොම අල්ලස් ගන්න එක අමුත්වෙන් කියන්න ඕන නැහැ. වැරැද්ද තියෙන්නේ ඒවා අල්ලන්න ඇති උනන්දුව නැතිකම. නැති නම් බැරිකම. හේතුව හරියට දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
Thilak Monday, 02 October 2017 04:56 AM
මට මතක නැහැ.. දන්නේ නැහැ කිව්වා නම් ඉවරයිනේ..
Sanjay Monday, 02 October 2017 06:00 AM
ඔක්කොම සිංහල අය නේද?
shameer Monday, 02 October 2017 06:16 AM
රේගුව සුද්ද කරන්න ගියොත්, අවුරුදු 100ක් විතර යයි ....
Raveendra Monday, 02 October 2017 07:23 AM
තිලක් මයා වෙත, ඔබගේ නිවැරදි අදහසට අපද ගරු කරන්නෙමු. දැන් අපටද ඕනෑම අසීලාචාර, අලුගුත්තේරු වැඩකර ඉතා පහසුවෙන් කිසිම හිරිකිතයක් නැතුව එලෙස (දන්නේ නැහැ, මට මතක නැහැ, මම අල්ලපු ගෙදර ඇඳේ නිදාගෙන හිටියේ) පැවසීමට හැකිවන වටපිටාවක් සලසා දීම පිළිබඳව සහ මහජනතාවගේ විශාලම මුදල් හොරා ගැනීම වෙනුවෙන් "දෙනුලබන කුසලානය හිමිකරගත්" එ් අයට අප සියල්ලෝම අසීලාචාර ලෙස හෙළා දකින්නෙමු.
pradeepa Monday, 02 October 2017 09:29 AM
රේගුව කිව්වොත් මුලින්ම මතක්වෙන්නේ අල්ලස් ගන්න එකනේ......රේගුවේ මහත් හොරු සල්ලි හුගක් තියෙන අය කියල පුංචි දරුවෝ පවා දන්නා දෙයක්නේ.....ඉතින් මේවා වෙනස්කරන්න මොන සක්කරයා ආවත් බැහැ. මේවා පෞද්ගලික කරණය කරන්න ඕනේ ......රජයේ කියල රටට මොකක්ක්ද ඇති සෙතේ. හොරෝ ඇල්ලුවා කියල දඩුවම් දෙන්නේ කවුද ?? නීතියේ ලොක්කොත් ජරාව ගන්නේ මේ අයගෙන්නේ ....මේක ජරාව චක්‍රයක් කීවොත් නිවැරදි. අනේ රටේ මුදල් වලට වෙන දෙයක්....