IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘කොටියාට යළි පණ දෙන්න බැරි වේවි’

උතුරු හා නැගෙනහිර පළාත් ආවරණය වන පරිදි දියත් කෙරුණු මෙහෙයුමකින් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයින් 20 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවක් දැනගන්නට තිබේ.මෙම මෙහෙයුම දියත් කර ඇත්තේ පොලිස් ත‍්‍රස්ත විමර්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධරයන්ය. අත්අඩංගුවට ගෙන ඇති 20 දෙන, ත‍්‍රස්ත මර්දන පනත යටතේ රඳවාගෙන සිටින බවද දැනගන්නට තිබේ.යාපනය,වව්නියාව,බූස්ස හා කොළඹ යන ප‍්‍රදේශවලදී ත‍්‍රස්ත විමර්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධරයින් ඔවුන්ගෙන් වරින් වර ප‍්‍රශ්න කරමින් සිටින බවද වාර්තා වේ.

 

අත්අඩංගුවට ගෙන ඇති හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගෙන් වැඩි දෙනෙක් යුද්දය අවසානයේ ආරක්ෂක අංශ වෙත භාරවූ අය වන්නෝය. ඔවුන් කෙටි කලක් ආරක්ෂක අංශ භාරයේ රදවාගෙන සිට පසුව පුනරුත්ථාපනය කර සමාජයට නිදහස් කළ අය වෙති.නමුත් ඔවුන් අතර පුනරුත්ථාපනය නොකෙරුණු සාමාජිකයින්ද සිටින බව දැනගන්නට ඇත. ඔවුහු යුද්දය අවසානයේ ආරක්ෂක අංශ වෙත භාර නොවුනු පුද්ගලයෝ වන්නෝය. 12000 ක පමණ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පිරිසක් ආරක්ෂක අංශ වෙත භාරව පුනරුත්ථාපනය වී ඇති බවට වාර්තා ඇතත් 4000 කට ආසන්න පිරිසක් එය මගහැර ගොස් ඇති බවටද සාක්කි තිබේ.මෙම පිරිසෙයින් ඇතැමෙක් අදටත් ජීවත්වන බව පැවසෙන්නේ ලංකාවේය.විශාල කොටසක් විදේශයන් බලා ගොස් ඇත.

 

මෙම 20 දෙනා අතර සුවිශේෂී පුද්ගලයින් සිව් දෙනෙකි.ඔවුහු  එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධරයෝය. විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අරගල කර ඔහුගේ කණ්ඩායමත් සමඟ එල්.ටී.ටී.ඊ යෙන් බිදී ගිය පසු සංවිධානයේ නැගෙනහිර පරිපාලනයේ ඉතාම බලවත් තනතුරු භාරව කටයුතු කර ඇත්තේ මොවුන් සිව්දෙනාය. එතිර්මානසිංහම් හරිස්චන්ද්‍රන් හෙවත් කර්නල් රාම්, කණපතිපිල්ලේ සිවමූර්ති හෙවත් ලූතිනන් කර්නල් නගුලන්, ගනේෂ්පිල්ලේ අරිවසාගන් හෙවත් ලූතිනන් කර්නල් කලයිඅරාසන්, කි‍්‍රෂාන්පිල්ලේ කලයිනේසන් හෙවත් ලූතිනන් කර්නල් ප‍්‍රභා, ඔවුහුය.රාම්, නගුලන් සහ කලයිරාසන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පිළිවෙලින් ති‍්‍රකුණාමලය,මඩකලපුව සහ අම්පාර යන දිස්ති‍්‍රක්ක වලදීය. ප‍්‍රභා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ යාපනය දිස්ති‍්‍රක්කයේදීය.

 

ජ්‍යෙෂ්ඨ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සිව්දෙනෙක්

 

හරිස්චන්ද්‍රන් හෙවත් කර්නල් රාම් අත්අඩංගුවට පත්ව තිබෙන්නේ අම්පාර දිස්ති‍්‍රක්කයේදීය.ඒ 2016 අප්‍රේල් මස 24 වැනිදාය.1984 දී එල්.ටී.ටී.ඊ සංවිධානය හා එක්ව තිබෙන රාම් අම්පාර දිස්ති‍්‍රක් සහ මඩකලපු දිස්ති‍්‍රක් අණදෙන නිලධාරියා ලෙස කටයුතු කර ඇත. යුද සමයේ වන්නි ප‍්‍රදේශයේ ඇවිළ ගිය ගැටුම් වලින් ඔහුට තම බිරිඳ හා දරු දෙදෙනා අහිමිව ඇත. යුද්දය අවසානයේ නැවත වරක් විවාහ වී ඇති හෙතෙම තම්බිලූවිල් ප‍්‍රදේශයේ කුඹුරු අස්වද්දමින් සාමාන්‍ය වැසියකු සේ ජීවිතය ගෙවමින් සිට ඇත. රාම්ගේ උපන් බිම වන්නේ අම්පාරේ දිස්ති‍්‍රක්කයේ තිරුක්කෝවිල් ප‍්‍රදේශයයි. දිනක් ඔහු කුඹුරේ සිට නිවසට එමින් සිටියදී නිල් පැහැ ජීප් රථයකින් ඔහුව ලූහුබැඳ පැමිණ නාඳුනන පුද්ගලයින් කිහිප දෙනෙක් එයින් බැස රාම්ව බලහත්කාරයෙන් රියට නංවාගෙන පලා ගියේය. තම සැමියා අතුරුදන්ව ඇතැයි රාම්ගේ බිරිද කලබල කරන්නට පටන් ගැනීමත් සමග නිල වශයෙන් නිවේදනය කෙරුණේ රාම්ව ප‍්‍රශ්න කිරීම් සදහා ත‍්‍රස්ත විමර්ෂණ ඒකකයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

 

අත්අඩංගුවට පත් දෙවැන්නා වන්නේ ගනේෂ්පිල්ලේ අරිවසාගන් හෙවත් ලූතිනන් කර්නල් කලයිඅරාසන්ය.ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ 2016 අපේ‍්‍රල් මස 25 වැනිදාය. කමල් යන අනවර්ථ නාමයෙන්ද හැඳින්වී ඇති කලයිඅරාසන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ති‍්‍රකුණාමල බුද්ධි අංශ ප‍්‍රධානියා ලෙස සේවය කර ඇත. ති‍්‍රකුණාමලයේ කින්නියාහි ආලන්කර්නි ප‍්‍රදේශයේ උපන්නෙකු වන කලයිඅරාසන් යුද්දයෙන් පසු විවාහවී වාසය කරමින් සිටියේ ති‍්‍රකුණාමලය නගරාසන්නයේය. ඔහු ජීවිකාව ලෙස කිරි ගොවිපලක් පවත්වාගෙන ගිය අතර හරක් ඇති දැඩි කිරීමේද නිරත විය.

 

චැනල් වීදියේ පිහිටා තිබූ කලයිඅරාසන්ගේ නිවස වෙත ත‍්‍රස්ත විමර්ෂණ ඒකකයේ නිලධරයින් පිරිසක් ගියහ.ඔවුහු සැරසී සිටියේ සිවිල් ඇඳුම් වලිනි. ඔවුන් එනු දැක බියපත්වූ කලයිඅරාසන් වහාම නිවසින් පලාගියේය.උදෑසන වන තෙක් සැගවී සිටි ඔහු පසුව තම බිරිද,සිතාරාද කැටුව මානව හිමිකම් කොමිසමේ ති‍්‍රකුණාමලය කලාපීය කාර්යාලය වෙත පැමිණියේය.ඔහු එනු දුටු කාර්යාලය අසළ ඒ වන විටත් රැදී සිටි ත‍්‍රස්ත විමර්ෂණ ඒකකයේ නිලධරයෝ තමන්ව හඳුන්වාදී කලයිඅරාසන්ව අත්අඩංගුවට ගත්හ. කලබල නොකරන ලෙසත්, කලයිඅරාසන්ව රැගෙන යන්නේ ප‍්‍රශ්න කිරීමට බවත්, දින පහක් ඇතුළත ඔහුව නිදහස් කරන බවත්, ඔවුහු සිතාරාට පැවසූහ.නමුත් තවමත් කලයිඅරාසන් නිදහස් කර නැත.

 

අත්අඩංගුවට පත් තෙවැන්නා වන්නේ කනපතිපිල්ලේ සිවමූර්ති හෙවත් ලූතිනන් කර්නල් නගුලන්ය.ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ 2016 අප්‍රෙල් මස 26 වැනිදාය.1986 වසරේදී එල්.ටී.ටී.ඊ සංවිධානයට බැදී ඇති නගුලන් චාල්ස් ඇන්තනී බලකායේ විශේෂ අණදෙන නිළධරයකු ලෙස සේවය කර ඇත. පසුව ඔහු කර්නල් රාම් යටතේ ති‍්‍රකුණාමලය සහ අම්පාර දිස්ති‍්‍රක්කයන්හි නියෝජ්‍ය අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කර තිබේ. වසර ගණනාවක් පුරාවට නගුලන් නැගෙනහිර පළාතෙහි ස්ථාන ගත කර සිටියද ඔහුගේ උපන් බිම වන්නේ යාපනයේ, නීරවේලි ප‍්‍රදේශයයි.

 

යුද්දයෙන් පසු විවාහවූ සිවමූර්ති කෙසෙල් වගාවක් පවත්වාගෙන ගියේය.ගුරුවරියක වූ ඔහුගේ බිරිඳ සේවය කළේ පරන්තන්හිය.ඇය ගුරු පුහුණු පාඨමාලාවක් නිමාකළා පමණි.ත‍්‍රස්ත විමර්ෂණ ඒකකයේ නිලධරයින් පිරිසක් නීරවේලිහි නගුලන්ගේ නිවස වෙත ගොස් ප‍්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඔවුන් සමඟ පැමිණෙන ලෙස ඉල්ලා සිටියෝය. නගුලන්ගේ පියාටද ඒ සමගම පැමිණෙන ලෙස දැනුම්දුන් ඔවුන් වැඩිදුරටත් පැවසුවේ ප‍්‍රකාශය සටහන් කරගැනීමෙන් පසු දෙදෙනම නිදහස් කරන බවය.දෙදෙනා වාහනයට නංවාගෙන යාපනය නගරයට පැමිණි පසු නගුලන්ගේ පියා නිදහස් කළ නිලධරයින් ඔහුට කීවේ පැය කිහිපයකින් පසු නගුලන් නිදහස් කරන බවයි. නමුත් ඔහු තවමත් අත්අඩංගුවේය.

 

මේ තිදෙනගේ ඉරණමට මුහුණ දුන් සිව්වැන්නා වන්නේ කි‍්‍රෂාන්පිල්ලේ කලයිනේසන් හෙවත් ලූතිනන් කර්නල් ප‍්‍රභාය. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ 2016 මැයි මස 02 වැනිදාය.යුද්දයේ අවසාන සමයේ ඔහු එල්.ටී.ටී.ඊ සංවිධානයේ අම්පාර සහ මඩකළපු දිස්ති‍්‍රක් බුද්ධි අංශ ප‍්‍රධානියා ලෙස සේවය කරමින් සිටියේය.මඩකළපුව දිස්ති‍්‍රක්කයේ සන්තිවේලිහි උපන්නෙකු වන ප‍්‍රභා විවාහයෙන් පසු ජීවත් වෙමින් සිටියේද එහිය.ඔහුට දරු දෙදෙනෙකි. ප‍්‍රභාගේ බිරිඳ නමින් කයාල්විස්හිය.තල් අතු විවීමේ ව්‍යාපෘතියකට සම්බන්ධව සිට පසුව මඩකළපුව,මන්චන්තෝඩුවායි හි පිහිටා ඇති තාක්ෂණ විද්‍යාලයේ ආපනශාලාව පවත්වාගෙන යාමේ අවස්ථාව හිමිකරගැනීමට දෙදෙනා සමත්වූහ.

 

මැයි 2 වැනි දා උදෑසන ප‍්‍රභාගේ නිවස වෙත ගිය ත‍්‍රස්ත විමර්ෂණ ඒකකයේ නිලධරයින් පිරිසක් ඔහුව කාත්තන්කුඩි පොලිස් ස්ථානය වෙත රැගෙන ගියහ. ඔවුන් ප‍්‍රභාගේ බිරිඳට දැනුම් දුන්නේ ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට ඔහුව කල්මුණේ පිහිටි මානව හිමිකම් කවුන්සිලයේ කලාපීය කාර්යාලයට රැගෙන බව බවය.ප‍්‍රකාශය සටහන් කරගැනීමෙන් පසු ප‍්‍රභාව නිදහස් කරන බවද ඔවුහු පැවසූහ. ප‍්‍රභාව රැගත් නිලධරයින් පිරිස අනතුරුව නික්ම ගියහ. පසුව අනාවරණය වූයේ ඔහුව කොළඹ ත‍්‍රස්ත විමර්ෂණ මූලස්ථානය වෙත රැගෙන ගොස් ඇති බවය.

 

මාරාවන්පුලවු වලින් හමුවූ කුඩා පරිමාණයේ අවි ගබඩාව

 

මෙම අත්අඩංගුවට ගැනීම් වලට මූලිකවූ කාරණය වනුයේ 2016 මාර්තු මස 26 වැනිදා යාපනය,තෙන්මාරච්චි ප‍්‍රදේශයේ, මාරාවන්පුලවු හි පිල්ලෙයාර් වීදියේ නිවසක තිබී කුඩා පරිමානයේ අවි ගබඩාවක් සොයාගැනීමට හැකිවීමය.මරාගෙන මැරෙන ඇදුම් කට්ටලයක්,ක්ලේමෝ බෝම්බ හතරක්,ටීඑන්ටී පුපුරණ ද්‍රව්‍ය කිලෝ තුනක් පමණ අන්තර්ගතව තිබූ මලූ තුනක්,බැටරි ඇසුරුම් දෙකක් සහ මිලිමිටර 9 උණ්ඩ කිහිපයක් හමුවූ භාණ්ඩ අතර විය.මෙම අවි තොගය මන්නාරම් දිස්ති‍්‍රක්කයේ ඉලූප්පිකාඩවෙයි සිට යාපනය බලා ප‍්‍රවාහනය කර තිබුණේ නිවෙස හිමිකරු වූ 32 හැවිරිදි එඞ්වඞ් ජූලියන් නොහොත් රමේෂ්ය.මන්නාරම, මුරුක්කන් හි උපන්නකු වන ඔහු පුනරුත්ථාපන වැඩසටහනට එක්නොවූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු වේ.ට‍්‍රක් රථයක හිමිකරුවෙක්ද වන ඔහු මාලූ අලෙවි කිරීමේ හා බෙදාහැරීමේ ව්‍යාපාරයක නියැළී සිටියේය.එඞ්වඞ් කිළිනොච්චි දිස්ති‍්‍රක්කයේ ජයපුරම් සහ අක්කරායකුලම් අතර මාර්ග බාධකයකදී 2016 මාර්තු මස 30 වැනිදා ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්විය.

 

ත‍්‍රස්ත විමර්ෂණ ඒකකයේ නිලධරයෝ අනතුරුව එඞ්වඞ් කොළඹට රැගෙන ආවෝය.තවත් අත්අඩංගුවට ගැනීම් සිදුවූයේ එයින් පසුවය.එසේ අත්අඩංගුවට ගත් බොහෝ දෙනා එඞ්වඞ්ගේ ජංගම දුරකතනය මාර්ගයෙන් සොයාගත් අය වූහ.අත්අඩංගුවට පත් අය අතුරින් බහුතරය හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වීම විශේෂය.ඔවුන්ගෙන් ඇතැමෙක් පුනරුත්ථාපන වැඩසටහන මගහැර සිටියෝ වූ අතර තවත් අය ආරක්ෂක අංශ වෙත යටත්ව පුනරුත්ථාපනය වී සාමාන්‍ය වැසියන් ලෙස දිවි ගෙවමින් සිටියෝ වූහ.

 

ත‍්‍රස්ත විමර්ෂණ ඒකකය පමණක් මැදිහත්ව මෙහෙයුම් දියත් කර මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබීම තවත් සුවිශේෂී කාරණයකි.ඔවුන් ඒ සදහා වෙනත් කිසිඳු ආයතනයක් හෝ වෙනත් ආරක්ෂක අංශයක් සම්බන්ධ කරගෙන නොමැත.පුවත්පත් වාර්තා වල දැක්වුනු පරිදි ත‍්‍රස්ත විමර්ෂණ ඒකකයේ ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නාලක ද සිල්වා මහතාම මැදිහත්ව මෙම මෙහෙයුම් දියත් කරමින් සිටී.ප‍්‍රසිද්ධියක් නොමැතිවම යාපනයේදී හමුවූ අවි ගබඩාව සම්බන්ධ තොරතුරු සියල්ල අනාවරණය කරගැනීමේ භාරදුර මෙහෙයුමක ත‍්‍රස්ත විමර්ෂණ ඒකකය නියැළී සිටින බව පැහැදිලිය.

 

ගෙවුණු වසර කිහිපය පුරාවටම උතුරු සහ නැගෙනහිර කලාප වලින් කුඩා පරිමාණ අවි හා උණ්ඩ තොග සොයාගැනීමට හැකිවිය.මෙම අවි හා උණ්ඩ එල්.ටී.ටී.ඊ ය ම සඟවා තිබූ හෝ පලා යමින් සිටි එල්.ටී.ටී.ඊ සාමාජිකයින් මගදමා ගොස් තිබුණු ඒවා විය.එනිසා හමුවූ අවිතොගය 2008 වසර තරම් ඈතකදී ඉලූප්පායිකාඩවයි හි සඟවන්නට ඇති බවක් හඳුනාගත හැකිය.එල්.ටී.ටී.ඊ ය මෙම අවි සඟවන්නට ඇත්තේ එවක එම කලාපයේ මෙහෙයුම් දියත් කර සිටි ශවේන්ද්‍ර ද සිල්වා ප‍්‍රමුඛ 58 වැනි බලසේනාංකයේ ප‍්‍රහාර හමුවේ වන්නට විය හැකිය.නමුත් ගැටලූව එය නොවේ.ඉලූප්පායිකාඩවයි හි සඟවන ලද අවි යාපනයේ මාරාවන්පුලවු දක්වා පැමිණියේ ඇයිද යන්නය.

 

ප‍්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් මෙම අවි යාපනයට ගෙන එන්නට ඇතැයි සැකයක් ඇතිවන්නේ නිතැතින්මය.2009 මැයි මාසයේදී එල්.ටී.ටී.ඊ ය යුදමය වශයෙන් පරාජය කෙරුණද අන්තර්ජාතිකව කි‍්‍රයාත්මක වූ ඔවුන්ගේ මෙහෙයුම් ජාලයට කිසිත් බලපෑමක් ඇති නොවීය.යුද්දය පරාජයට පත්වූ අවස්ථාවේ සිටම නැවත වරක් එල්.ටී.ටී.ඊ යට ජීවන හුස්ම පිඹ රට අරාජික කිරීමට එම සංවිධානයේ අන්තර්ජාතික ජාලයේ මහ මොළකරුවෝ යත්න දැරූහ.ඔවුන් එසේ උත්සාහ කළ අවස්ථා තුනක් ශී‍්‍ර ලංකා ආරක්ෂක අංශ ඉතාම සාර්ථක ලෙස මැඩ පැවැත්වූවේය.නමුත් අවි ගබඩාවේ සොයාගැනීමත් සමග පෙනී යන්නේ ඔවුන් සිව් වැනි වතාවටත් උත්සාහ කරමින් සිටින බවද?

 

විදේශයන්හි සැපසේ ජීවත් වන කොටි සාමාජිකයෝ අවදානම භාරගැනීමට අකැමැතිය.ඔවුන්ගේ ඉලක්ක වන්නේ ඉන්දියාවේ හා ශී‍්‍ර ලංකාවේ වාසය කරන හිටපු එල්.ටි.ටී.ඊ සාමාජිකයින්වය.මෙම පිරිස අතරින් බහුතරය ආර්ථික වශයෙන් ඉතාම අසීරු අඩියක පසුවන බව විදේශයන්හි සිටින කොටි සාමාජිකයෝ හොදින් දනී.එනිසා ඔවුන් උත්සාහ කරනුයේ මුදල් ලබාදී තමන්ගේ සිතැගි ඉටුකරගැනීමට මෙම හිටපු එල්.ටි.ටී.ඊ සාමාජිකයින් යොදාගැනීමටය.එල්.ටී.ටී.ඊ ය නැවත නැගිටුවීම ඔවුන්ගේ සිහිනයයි.නමුත් ඒ සිහිනය සැබෑ කරගැනීමට ඔවුන්ට කිසිත් හැකියාවක් නැත.එනිසා ඔවුන්ගේ සැළසුම වී ඇත්තේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් මාර්ගයෙන් කඩාකප්පල්කාරී කි‍්‍රයාවක්,බෝම්බ පිපිරවීමක් හෝ මිනිස් ඝාතනයක් සිදුකිරීමය.කොටි නැවත හිස ඔසවා ඇතැයි කීමට මෙවැන්නක් ප‍්‍රමාණවත්ය.ඒ ඔස්සේ ඔවුනට නැවත වරක් තම අරමුදල් තරකර ගැනීමට අවස්ථාව සළසා ගත හැකිය.

 

 

කොටි නැවත නැගිටුවීමට ගන්නා උත්සාහය

 

විදෙස් එල්.ටි.ටී.ඊ සාමාජිකයින්ගේ මෙම කටයුතු නිසා තම පාඩුවේ වැඩපළ කරගෙන සිටින හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ටද ආරක්ෂක අංශ වල සැකයට ලක්වීමට සිදුව තිබේ.කිසියම් ප‍්‍රදේශයක අපරාධයක් වූ අවස්ථාවක පොලිසිය එම ප‍්‍රදේශයේ සිටින කළහකාරීන්,සොරුන්ල ඇතැම් විට අපරාධ සිදුකර ඇතැයි වාර්තා ඇතියවුන්ල සියලූම දෙනා අත්අඩංගුවට ගැනීම හා සමානව එල්.ටී.ටී.ඊ යේ නැවත නැගිටීමක් ගැන සඳහන් වන සෑම අවස්ථාවකම ආරක්ෂක අංශ වල සැකය පළමුවෙන්ම යොමුවන්නේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වෙතටය.මාරවම්පුලාවු හි අවි ගබඩාව සොයාගැනීමත් සමග හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් කණ්ඩායමක්ම අත්අඩංගුවට ගැනුනේ මේ නිසාය.ප‍්‍රධාන සැකකරුවන රමේෂ් පුනරුත්ථාපනය නොකෙරුණු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු වන නිසාවෙන්ම ආරක්ෂක අංශ මෙසේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම එක් අතකට පදනම් සහගතය.

 

මෙම කරුණට වැඩි අවධානයක් යොමුකරමින් එඞ්වඞ් ජූලියන් හා සම්බන්ධතා පැවැත්වූ 20 දෙනෙක් පමණ උතුරුකරයෙන් අත්අඩංගුවට ගත් ත‍්‍රස්ත විමර්ෂණ ඒකකය අනතුරුව අවධානය යොමුකළේ නැගෙනහිරටය.එම ප‍්‍රදේශයෙන්ද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම අරබයා මහත් කලබගෑනියක් ඇතිවිය.එම සාමාජිකයින් එල්.ටී.ටී.ඊ යේ හිටපු ජ්‍යෙෂ්ඨම නායකයෝ වීම ඊට හේතුව විය.නමුත් දැන් ඔවුන්ව අත්අඩංගුවට ගන්නේ ඇයි? ප‍්‍රහේලිකාව එයයි.

 

යුද්දයෙන් පසු රටේ තත්ත්වය ගැන මුල සිටිම අවධානයෙන් සිටියෝ කිසියම් තැනක වරදක් සිදුව ඇතැයි වටහාගත්තෝය.ආරක්ෂක අංශ වලට ජාතික ආරක්ෂාව අරබයා නැගෙන සැකයකදී  ඕනෑම කෙනෙකු අත්අඩංගුවට ගැනීමට අයිතිය ඇති බව සත්‍යය වුවත් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන්ගේ අතීත කි‍්‍රයාකාරකම් පිළිබඳව ආරක්ෂක අංශ අවධානයෙන් කටයුතු කරනවාදැයි යන්න ගැටලූවකි.මෙය වඩාත් පැහැදිලි වූයේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පළව තිබූ පුවත්පත් වාර්තා වලින්ය.පොලිස් ආරංචි උපුටා දක්වා තිබූ ඇතැම් වාර්තා වල සඳහන්ව තිබුණේ නැගෙනහිරින් අත්අඩංගුවට ගත් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් හමුදා බුද්ධි අංශ වල ඔත්තුකරුවන් ලෙස කටයුතු කර ඇති බවය.රාම්,නගුලන් සහ කලයිඅරාසන් අත්අඩංගුවට ගත් ත‍්‍රස්ත විමර්ෂණ ඒකකයේ නිලධරයන් යුද්දයෙන් පසු ඔවුන් ඉටුකළ ඒ වැදගත් රාජකාරි ගැන නොදැන සිටි බව මෙම පුවත්පත් වාර්තා වලින් මනාව පැහැදිලි විය.ශී‍්‍ර ලංකාවට, ආරක්ෂක අංශ වලට ආඩම්බර විය හැකි බුද්ධි මෙහෙයුමකට මේ සිව්දෙනාම සම්බන්ධව සිටියෝය.

 

එහි අතීත කතාව මෙසේය.2009 වසරේ මැයි මාසයේදී එල්.ටී.ටී.ය පරාජය කෙරුණායින් පසු, එහි නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ඝාතනය කෙරුණායින් පසු වුවද, එල්.ටී.ටී.ඊ සාමාජිකයෝ කණ්ඩායමක් නොනවත්වාම ආරක්ෂක අංශ හා සටන් වැදුණහ.ඔවුන් ස්ථානගතව සිටියේ අම්පාර දිස්ති‍්‍රක්කයේ කන්ජිකුඩිචාරු සහ කන්ජිරන්කුඩා යන ප‍්‍රදේශවල වනාන්තර කලාපයේය.අම්පාර - මඩකළපුව අණදෙන නිලධාරී කර්නල් රාම් සහ නියෝජ්‍ය අණදෙන නිලධාරී ලූතිනන් කර්නල් නගුලන් මෙම කණ්ඩායමට අණ දුන්හ.මුල්ලිවයික්කාල් ආරක්ෂක වළල්ල බිඳ පළා යෑමට ප‍්‍රභාරකන් සකස් කළ සැළසුමේ අතිරේක ගමනාන්තයක් ලෙස නම් කර තිබුණේ කන්ජිකුඩිචාරු වනාන්තරය ය. නමුත් පළා යෑමට අවස්ථාවක් ඔහුට නොලැබිණ.

 

ශී‍්‍ර ලංකා ආරක්ෂක අංශ නැගෙනහිර තම මෙහෙයුම් තර කරගැනීමට හා පොලිස් විශේෂ කාර්ය බලකායද එම මෙහෙයුම් වලට එක්වීම නිසා අම්පාර දිස්ති‍්‍රක්කයේ සිටි එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට මහත් පීඩනයකට මුහුණ දෙන්නට සිදුවිය.ඔවුහු ක‍්‍රමයෙන් තොප්පිගල වනාන්තර කලාපය දක්වාම පසුබැස්සෝය.දිගින් දිගටම පසුබැසීමට නොහැකි බව වටහාගත් රාම් සහ නගුලන් ඔවුන් යටතේ සිටි එල්.ටී.ටී.ඊ භට කණ්ඩායම විසිරුවා හැර වෙල්ලාවෙලි බලා ගොස් සියලූදෙනාගෙන් සැඟවුණහ.එසේ වුවත් දෙදෙන එල්.ටී.ටී.ඊ යේ අන්තර්ජාතික ජාලය සමග සබඳතා පවත්වාගත්තෝය.තමන් තවමත් යටත්වී නොමැති බවත් අරගලය දිගටම පවත්වාගැනීමට ආධාර අවැසි බවත් සංවිධානයේ අන්තර්ජාතික ජාලය සමග සම්බන්ධ වූ සෑම අවස්ථාවකදීම පාහේ ඔවුහු කීවෝය.

 

එල්.ටී.ටී.ඊ යේ මඩකළපුව - අම්පාර කලාප බුද්ධි අංශ ප‍්‍රධානියා වූ ලූතිනන් කර්නල් ප‍්‍රභා යුද්දයේ අවසන් භාගයේ ස්ථානගතව සිටියේ වන්නියේය.අපේ‍්‍රල් මාසයේදී පුදුකුඩිරිප්පු - මුල්ලිවයික්කාල් ප‍්‍රදේශයේ සිට කුඩා එල්.ටී.ටී.ඊ සාමාජික කණ්ඩායමක්ද සමග නැදුන්කර්නි වනාන්තර කලාපය බලා ගිය ඔහු එහි ස්ථානගත විය.එල්.ටී.ටී.ඊ ය සම්පූර්ණයෙන්ම පරාජයවූ පසු ප‍්‍රභා වවුනියාව නගරයෙන් දුර පිහිටා තිබූ නිවසක සැගවී ගත්තේය.ඔහුගේ සගයාවූ ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක් බුද්ධි අංශ ප‍්‍රධානී කලයිඅරාසන් මේ සමයේ සිටියේ ති‍්‍රකුණාමලයේ කිලිවෙඞ්ඩි වනාන්තරයේ සැඟවය.ප‍්‍රභා, කලයිඅරාසන් සමගත් රාම් - නගුලන් දෙපළ සමගත් දිගටම සබඳතා පවත්වාගෙන ගියේය.

 

අදියර තුනකින් යුතුවූ රැවටීමේ මෙහෙයුම

 

ශී‍්‍ර ලංකා බුද්ධි අංශ විශිෂ්ට ගණයේ බුද්ධි මෙහෙයුමක් කි‍්‍රයාවට නැංවූයේ මේ සමයේදීය.එහි ප‍්‍රධාන අදියර තුනක් විය.පළමු අදියරේදී සිංහල - දෙමළ මිශ‍්‍රිටී’ නම් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු ලවා ති‍්‍රකුණාමල කොටි බුද්ධි අංශ ප‍්‍රධානී කලයිඅරාසන් නම්මා ගැනීමට කටයුතු කැරිණ.ඔහු මාර්ගයෙන් වව්නියාවේදී ප‍්‍රභා කොටුකරගැනීමත්, අනතුරුව ඔහුවත් ආරක්ෂක අංශ වෙත දිනාගැනීමත් දෙවැනි අදියරේදී සිදුවිය.තෙවැනි අදියරේදී ප‍්‍රභා ලවා ඉතාම දක්ෂ ලෙස රාම් හා නගුලන් ඔවුන් සැඟවී සිටි වෙල්ලාවේලි ප‍්‍රදේශයේදී කොටුකර ගැනීමට ශී‍්‍ර ලංකා බුද්ධි අංශ සමත්විය.හිටපු ජ්‍යෙෂ්ඨ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සිව්දෙනකුම අත්අඩංගුවට ගැනීමට මෙසේ හැකිවූවත් ආරක්ෂක අංශ ඒ සම්බන්ධ කිසිඳු තොරතුරක් මාධ්‍යට ලබා නුදුන්නේය.ඉදිරි මෙහෙයුම් ඔවුන් දියත් කළේ ඉතාම රහසිගතව සහ මෙතෙක් නොඇසූ නොදුටූ විරූ ක‍්‍රමවේදයන් භාවිතා කරමින්ය.

 

රාම්,නගුලන්,ප‍්‍රභා සහ කලයිඅරාසන් සහ තවත් නැගෙනහිර එල්.ටී.ටී.ඊ සාමාජිකයින් කිහිපදෙනෙක් තවමත් කි‍්‍රයාකාරීව සිටින බවටත්, ඔවුන් දෙමළ ඊළම දිනාගැනීම සඳහා අරගලය තවමත් අතහැර නොමැති බවටත් මතයක් ඇතිකිරීමට ශී‍්‍ර ලංකා බුද්ධි අංශ බලධරයෝ කටයුතු කළෝය.මේ හමුවේ රැවටුණු විදේශයන්හි එල්.ටී.ටී.ඊ ශාඛා සමග ඉතාම පහසුවෙන්ම සම්බන්ධතා ගොඩනගාගැනීමට රාම්ට හැකිවිය.විශාල මුදලක් විවිධ රටවල සිට ලංකාවට එවා තිබෙන බවට තොරතුරු තිබෙතත් එම මුදලේ වටිනාකම අභිරහසකි.සෙල්වරාජ් පද්මනාදන් හෙවත් කේපීට තම සහය පළකරමින් රාම් ඔහු වෙත ලිපි පවා ලිව්වේය.පෙරිම්බරාසා සිවපාරන් හෙවත් නෙදියවන් සහ කේපී අතර එල්.ටී.ටී.ඊ යේ නායකත්වය මුල්කරගෙන ගැටුමක් ඇතිව තිබුණේ මෙසමයෙහිය.අම්පාර - මඩකළපුව එල්.ටී.ටී.ඊ දේශපාලන න්‍යායාචාර්ය දයා මාස්ටර් මලයාසියාවටත් එතැන සිට ස්විටර්සර්ලන්තයටත් පිටත්ව ගියේද මේ කාලයේදීය.

 

එල්.ටී.ටී.ඊ යේ අන්තර්ජාතික ජාලය නොමග යැවීමට ශී‍්‍රලංකා බුද්ධි අංශ අපූරු උපක‍්‍රමයක් භාවිතා කළේය.නැගෙනහිර කලාපයේ තවමත් සටන් ඇවිළෙන බවට බුද්ධි නිලධරයෝ ව්‍යාජ චිත‍්‍රයක් මවා පෑහ.කලාපයේ තැන් තැන්හි ව්‍යාජ කඳවුරු පවා ඉදිකැරිණ.මෙම කඳවුරු නැරඹිමට අවස්ථාව ලැබුණේ ඉන්දියා හා පකිස්තාන මාධ්‍යවේදීන්ටය.බුද්ධි අංශ නියමයෙන් එම කඳවුරු වල රැදී සිටි නගුලන් හා රාම් වැනි එල්.ටී.ටී.ඊ නිලධරයෝ හමුවූ එම මාධ්‍යවේදීහු ලූණු ඇඹුල් ඇතිව වාර්තා ලියූහ.බුද්ධි අංශ නිලධරයින් අපේක්ෂා කළ අයුරින් ඇම නැවත පිටතට දැමිය නොහැකි ලෙස ගිල දැමූ සඟරා හා පුවත්පත් අතර සති දෙකකට වරක් බෙදා හැරෙනිනක්කීරන’ නම් ගවේෂණාත්මක මාධ්‍යකරණයක යෙදෙන බව කියනා සඟරාව ප‍්‍රධාන විය.මෙම වාර්තාකරණයේ උච්ඡුතම අවස්ථාව වූයේ නැගෙනහිර එල්.ටී.ටී.ඊ අරගලය තවමත් දිවෙන බව සඳහන් කර බි‍්‍රතාන්‍යයේ සුප‍්‍රකට ප‍්‍රකාශනයක පළවූ වාර්තාවකි.එහි කතුවරයා වූයේ බි‍්‍රතාන්‍යය ආදිපාද දියණියකගේ සැමියා වූ එරට ඉහළම පෙළේ සමාජ තලයට අයත් මාධ්‍යවේදියෙකි.

 

මෙසේ ගොඩනැගුණු ව්‍යාජ විශ්වාසය මුවාවෙන් එල්.ටී.ටී.ඊ අන්තර්ජාතික ජාලයේ තොරතුරු ක‍්‍රමයෙන් අනාවරණය කරගැනීමට බුද්ධි අංශ නිලධරයෝ සමත්වූහ.නමුත් මෙය දිගින් දිගටම සිදුකරගෙන යාමට අවස්ථාවක් නොවීය.2009 සැප්තැම්බර් මාසය වත්ම ඇතැම් ඩයස්පෝරා සාමාජිකයින් අතර රාම් ගේ කි‍්‍රයාකලාපය ගැන සැක මතුවීමට පටන්ගෙන තිබිණ.

 

2009 වසරේ නොවැම්බර් මාසයේදී නාටකයේ අවසන් ජවනිකාව රගදැක්විණ.මින්නේරිය ආරක්ෂක හමුදා කදවුරෙන් රාම් පැනගොස් ඇතැයි 2009 නොවැම්බර් මස 5 වැනිදා පුවත්පත් වාර්තා පළවිය.නොවැම්බර් 10 වැනිදා පළවූ පුවත්පත් වාර්තා වල සඳහන් වූයේ රාම් නැවතත් අත්අඩංගුවට ගෙන ඇති බවය.මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කළ අවස්ථාවේදී රාම්, ඒල්.ටී.ටී.ඊ අන්තර්ජාතික ජාලයේ සාමාජිකයින් හමුවේ තමන් තවමත් නිදහසේ සිටින බව අවධාරණය කර සිටියේය.නොවැම්බර් මස 27 වැනිදාට යෙදී තිබුණු මහවිරු දිනයේදී කියැවීමට රාම්ගේ නමින් ප‍්‍රකාශයක්ද නිකුත් කැරිණ.නමුත් ඒ වන විට බොහෝ දෙනා ඔහුගේ දෙබිඩි පිළිවෙත වටහාගෙන සිටියහ.නොවැම්බර් මාසය අවසානය වන විට බුද්ධි අංශ දියත් කළ මෙහෙයුමද අවසානයට ළගාවී තිබිණ.එල්.ටී.ටී.ඊ ය නැගෙනහිර කලාපයේ තවමත් කි‍්‍රයාකාරීව පවතින බවට ඇතිව තිබූ කතාබහද ක‍්‍රමයෙන් පහව ගියේය.

 

රාම්,නගුලන්,ප‍්‍රභා සහ කලයිඅරාසන් අවුරුදු කිහිපයක් යනතෙක්ම ආරක්ෂක අංශ භාරයේ සිටියහ.අත්අඩංගුවට ගෙන සිටි එල්.ටී.ටී.ඊ නායකයින් සමග සබඳතා පැවැත්වූ නිලධරයෝ මෙම සිව්දෙන ජීවිතයේ අලූත් පිටුවක් පෙරළීමේ සූදානමින් පසුවන ක‍්‍රමයෙන් තේරුම්ගත්හ.ආරක්ෂක අංශ භාරයෙන් මිදුණු පසු සාමාන්‍ය ජීවිතයක් ගතකරන බවට සහතිකයක් ලබාගැනීමෙන් පසු සිව්දෙනව දින 45 ක පුනරුත්ථාපන වැඩසටහනකට යොමු කැරිණ.ආරක්ෂක අංශ හා සහයෝගයෙන් කටයුතු කර තිබූ හෙයින්ද, සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමට දැක්වූ උනන්දුව නිසාද, ඔවුන්ව , සාමාන්‍ය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් යොමුකෙරෙන වසරක අනිවාර්යය පුනරුත්ථාපනය වැඩසටහනට අනුයුක්ත කිරීම අවශ්‍ය නොවන බව ආරක්ෂක නිලධරයින්ගේ මතය විය.දින 45 අවසානයේ, 2009 අගෝස්තු මසදී සිව්දෙනාව ඔවුනොවුන්ගේ පවුලේ සාමාජිකයින් වෙත භාරදීම සිදුවිය.

 

නිදහස ලැබීමෙන් පසු හිටපු එල්.ටී.ටී.ඊ නායකයෝ, පුනරුත්ථාපනය කර සමාජයට එක්කර සිටි සංවිධානයේ අනෙක් සාමාජිකයින් සේම ජීවිතය නැවත ගොඩනගා ගැනීමේ නිතර විය.බිරිඳ අහිමිව සිටි රාම් නැවත විවාහවී පරම්පරාවෙන් උරුමවී තිබූ ගොවිතැනෙහි නිරත විය.තම බිරිඳ හා දරු දෙදෙන සමග යළිත් එක්වූ ප‍්‍රභා දිවිසරි කරගනු වස් ඉතාම දුෂ්කර සමයක් ගතකළේය.නමුත් මන්චන්තෝඩුවායි තාක්ෂණික විද්‍යාලයේ අවන්හල පවත්වාගෙන යාමේ කොන්ත‍්‍රාත්තුව දිනාගැනීමට සමත්වීමත් සමග ප‍්‍රභා ගෙවමින් සිටි දුෂ්කර සමය නිමා විය.විවාහවූ කලයිඅරාසන් ති‍්‍රකුණාමලයට සංක‍්‍රමණයවී කිරි ගොවිපලක් පවත්වාගෙන ගියේය.නැගෙනහිර අතහැර තම උපන්බිම වූ නීරවේලි වෙත ගිය නගුලන් ගුරුවරියක හා විවාහවිය.කෙසෙල් වගාවක් ආරම්භ කළ හෙතෙම තොග වශයෙන් කෙසෙල් අලෙවි කිරීමේ හා ප‍්‍රවාහනය කිරීමේ කටයුතු වලද නිරතවිය.

 

ඔවුන් ගෙවමින් සිටි ජීවිත දැන් බිඳවැටී ඇත.අත්අඩංගුවේ සිටින එල්.ටී.ටී.ඊ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සිව්දෙන ආරක්ෂක අංශ හා සහයෝගයෙන් කටයුතු කළ බව ජනතාව හොදින්ම දන්නෝය.ඔවුන් ගෙවමින් සිටියේ සාමාන්‍ය ජීවිතයක් බවත් ඔවුන්ව යන්තම් හෝ ඇසුරුකළෝ දන්නෝය.ඩයස්පෝරාවේ සිටින කොටි හිතවාදීන්ට හැර අනෙක් සාමාන්‍ය දෙමළ ජනතාවට එල්.ටී.ටී.ඊ යේ නැවත නැගිටීමක් සම්බන්ධ අදහසක් හෝ නැත.ගින්නට පිදුරු දැමෙන පරිදි කලබලයක් ඇතිකිරීමේ කිසිඳු වුවමනාවක්ද ඔවුනට නැත.හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සාමාන්‍ය පුරවැසියන් සේ ඔවුන් අතරම ගැවසීම ගැනද ඔවුන්ගේ විරෝධයක් නැත.නමුත් අපේක්ෂා කළ හැකි සේම ජනතාව හා හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් අතර යම් පමණක දුරස්ථභාවයක් තිබෙන බව සත්‍යයකි.

 

නැවත ඇතිව තිබෙන සුදුවෑන් භිතිකාව

 

අත්අඩංගුවට පත්ව සිටින හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයෝ බියෙන් පසුවන්නෝය.කිසිඳු පූර්ව දැනුම්දීමක් නොමැතිව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබීම නිසාත්, සිවිල් ඇදුමින් සැරසී පැමිණි නිලධරයෝ ඔවුන්ව කෙලින්ම වාහන වල නංවාගෙන රැගෙන ගොස් ඇති නිසාත්, එවන් බියක් ඇතිව තිබීමේ පුදුමයක් නැත.පසුගිය රාජපක්ෂ පාලන සමයේ රටම වෙළාගෙන තිබූ සුදු වෑන් භිතිකාව අද යහපාලනයක් ගෙන යන බව කියන මෛතී‍්‍ර පාලන සමයේත් නැවත හිස ඔසවා ඇතැයි මතයක් ඇතිව තිබෙන්නේය.

 

අනෙක් බරපතලම ගැටලූව වන්නේ අත්අඩංගුවට ගෙන ඇති එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පුනරුත්ථාපනය කළවුන් වීමය.අත්අඩංගුවේ සිටින එල්.ටී.ටී.ඊ හිටපු ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සිව්දෙනාගේ පවුලේ අය දෙමළ මාධ්‍ය වල නැවත නැවතත් සඳහන් කර තිබුණේ අත්අඩංගුවට ගත් තම පවුල්වල සාමාජිකයින් පුනරුත්ථාපනය කළ අය බවය.ඇයි ඔවුන්ව අත්අඩංගුවට ගත්තේ? නැගෙන පැනය එයයි.

 

අත්අඩංගුවට ගෙන ඇති හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ පවුල්වල ඇතිව තිබෙන භිතිය හා සැකය සාධාරණය.නමුත් පැහැදිලි කිරීමක් කළ යුතුය.හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු පුනරුත්ථාපනය කිරීම යනුවෙන් අදහස් කෙරෙන්නේ සංවිධානයේ කි‍්‍රයාකාරී සාමාජිකයකුව සිටියදී ඔහු හෝ ඇය අතින් වූ වැරදි අමතක කොට, යහපත් වැඩදායී පුරවැසියකු ලෙස නැවත සමාජයට එක්වීමට ඔහුට හෝ ඇයට අවස්ථාව ලබාදීමය.නිදහස් කළ පසු නීතිවිරෝධී කටයුත්තක යෙදුණහොත් ප‍්‍රශ්න කිරීමෙන්,අත්අඩංගුවට ගැනීමෙන්,දඩුවම් නියම කිරීමෙන් ගැලවී ගැනීමට තමන් පුනරුත්ථාපනය කළ එල්.ටී.ටී.ඊ සාමාජිකයකු වීම තුරුම්පුවක් ලෙස භාවිතා කිරීමට කිසිවකුටත් අවස්ථාවක් නැත.එල්.ටී.ටී.ඊ ය නැවත බලගැන්වීමට හෝ වෙනත් නීතිවිරෝධී කටයුත්තක හෝ යෙදුණේයැයි සැක ඇතිවුවහොත් පුනරුත්ථාපනය කර තිබුණද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු අත්අඩංගුවට ගැනීමේ අයිතිය ආරක්ෂක අංශ සතුය.ඔහු හෝ ඇය නිවැරදිකරු හෝ වැරදිකරු වීම තීරණය වන්නේ අනතුරුව පැවැත්වෙන පරීක්ෂණය මතය.පුනරුත්ථාපනය කර ඇති නිසා, අත්අඩංගුවට ගැනීමට අවසර නැතැයි අමුතු වරප‍්‍රසාදයක් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට ලබාදී නොමැත.

 

එල්.ටී.ටී.ඊ සංවිධානයේ නැගෙනහිර කලාප ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සිව්දෙනා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විදේශයන්හි කොටි හිතවාදීන් දැක්වූ ප‍්‍රතිචාරයන්ද සැළකිල්ලට ගැනීම වටී.රාම්,නගුලන් ඇතුලූ අනෙක් අය ශී‍්‍රලංකා බුද්ධි අංශ හා සහයෝගයෙන් කටයුතු කළ බව ඔවුහු දන්නෝය.නමුත් එය දැනගන්නා විට පෙරහැර ගොස් හමාරව තිබිණ.සංවිධානයේ අන්තර්ජාතික ජාලයේ නායකයින් රැසක්ම රාම් හා නගුලන් හමුවේ රැවටී සිටියහ.සියල්ල අනාවරණය වූ පසු ඔවුහු තමන් රැවටී සිටි බව පිළිනොගත්තෝය.නැගෙනහිර කලාපයේ එල්.ටී.ටී.ඊ ය තවමත් කි‍්‍රයාකාරීව පවතින්නේයැයි මාස ගණනක් යන තෙක්ම විශ්වාස කිරීම ඔවුන්ව ලැජ්ජාවට පත් කර තිබිණ.එදා සිට රාම්,නගුලන් ඇතුළු කිසිවකුත් ගැන කිසිත් සඳහනක් නොකළ ඔවුහු, හිටපු නැගෙහිර නායකයින්ව ශී‍්‍රලංකා ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇති අසා අතිශය පි‍්‍රීතියට පත්ව සිටින්නෝය.සංවිධානයට ද්‍රෝහී වූවන්ට දැන් විදවීමට කාලය පැමිණ ඇතැයි ඔවුන් කියන්නෝය.

 

රජයට සහය දැක්වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ව අත්අඩංගුවට ගෙන තිබීම ගැන අවධානය යොමුකිරීමේදී අතීතයේ මෙන් ආරක්ෂක අංශ නියෝජනය කරන විවිධ ආයතනයන් අතර මනා සම්බන්ධීකරණයක් නොපවතින බව පැහැදිලිය.තයිවීගන් - ගෝපි - අප්පන් ති‍්‍රත්වය එල්.ටී.ටී.ඊ ය නැවත නැගිටුවීමට ගත් උත්සාහය සාර්ථකව ව්‍යර්ථ කිරීමට හැකිවූයේ පොලිසිය,හමුදාව සහ බුද්ධි අංශ ඇතුළු විවිධ ආයතනයන් කණ්ඩායමක් ලෙස වැඩ කළ නිසාය.එල්.ටී.ටී.ඊ ය නැවත නැගිටුවීමට ගත් එම උත්සාහය එහි මුල් අවස්ථාවේදීම හඳුනාගෙන විනාශ කිරීමට මේ නිසා හැකිවිය.

 

නමුත් දැන් එවන් කණ්ඩායම් හැගීමක් එකිනෙකා අතර නොතිබීම කණගාටුවට කරුණකි.මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මුල් පෙලේ බුද්ධි නිලධරයින් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබීමද,ඇතැම් නිලධරයින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට රහසේ ඔත්තු සපයන බවට මතයක් ඇතිව තිබීමද, සියලූදෙනා අතර බෙදීම් ඇතිකිරීමට හේතුවී ඇත.මෙවන් තත්ත්වයක් ඔඩුදිවීමට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ වැනි නායකයෙක් ආරක්ෂක අමාත්‍යංශයේ මුල්  පුටුවට පත්ව නොසිටීමය.කවුරුන් මොනවා කීවද තම ධූර කාලයේදී ආරක්ෂක අංශ වල විවිධ ආයතයන් අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගැනීමටත්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවූ අවස්ථා වලදී ඉතාම සාර්ථක ලෙස ඒවා මර්දනය කිරීමටත් ගෝඨාභය සමත්විය.

 

මේ හමුවේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කිසිවෙකුත් මේ දක්වාම පැහැදිලි අදහස් දැක්වීමක් සිදුකර නොමැත.අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත්තේ ත‍්‍රස්ත විමර්ෂණ ඒකකය හෙයින්ද,එය පොලිසිය යටතේ කි‍්‍රයාත්මක වන්නක් හෙයින්ද, මාධ්‍ය වෙත අදහස් දැක්වීම පොලිසියේ වගකීම වන මුත් මේ දක්වා



අදහස් (0)

‘කොටියාට යළි පණ දෙන්න බැරි වේවි’

ශෂික Monday, 16 May 2016 09:35 AM

තව ටිකදවසක් ඔහොම යන...බෝම්බ එක දෙක පුපුරනකොටයි අපේ ලොකු තැන්වලට වැඩේ තේරෙන්නේ.(අ)

:       0       0

බණ්ඩාර කුවෛට් Monday, 16 May 2016 09:50 AM

බයියන් දැන් මොනවා කියාවිද දන්නේ නැහැ මොකද මේ අයට කන්න හිතුනාම කබරයා තලගොයා වෙන බව අපි දන්නා නිසා (අ)

:       0       0

වාසුල Monday, 16 May 2016 11:17 AM

විමර්ශනය කලාට කිසිදු වරදක් නැත. (ර)

:       0       0

මංගල වේලාරත්න Monday, 16 May 2016 12:05 PM

පුනරුත්ථාපනය කලත් යම් සැකයක් ඇත්නම් ඒ පිලිබදව සොයා බැලීම වරදක් නොවේ. (ර)

:       0       0

සමන් Tuesday, 17 May 2016 03:08 AM

ඉතා අගනා කරුණු රැසක් තර්කානුකූලව සමබරව දක්වා අැති වටිනා ලිපියකි‍. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 37 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1343 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 824 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1367 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 972 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 918 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site