IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ටී.කේ.ජී.කපිල)

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ  ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හීනටියන මහේෂ් නමැත්තාගෙන් බවට මෙතෙක් කළ මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි  කටුනායක පොලිසිය කියයි.

අද පෙරවරුවේ වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණිය ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා ඝාතනය අසාර්ථක වීමෙන් පසු වෙඩික්කරු අල්ලා දීමට කටයුතු කර ඇත්තේ ඝාතකයාගේ ඉලක්කය වූ අංජන ඇතුළු ගම්වාසීන් පිරිසක් බව පොලිසිය කියයි. වෙඩි තැබීමට ආ අනෙක් පුද්ගලයා පැන ගොස් ඇත.

අල්ලා ගත් ඝාතකයා සන්තකයේ තිබී රිවෝල්වරයක් පොලිස් බාරයට ගෙන ඇති අතර එම ස්ථානයේ වැටී තිබී 9 එම් එම් ජීව උණ්ඩ දහයක් අඩංගු මැගසිනියක් සහ ඒ අසල වැටී තිබූ බෑගයක  තවත් එවැනිම මැගසිනයක් සොයාගත් බව පොලිසිය කියයි.

එම බෑගයේ පලා ගිය සැකකරුගේ ජාතික හැඳුනුම්පත ද තිබූ බව පොලිසිය සඳහන් කරයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවකු වන සංඛ නැමැත්තාගේ ගෝලයකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ නිවසකට අද පෙරවරුවේ  යතුරුපැදියකින් පිස්තෝලයක් සහ රිවෝල්වරයක් රැගෙන ආ දෙදෙනඅකු මෙලෙස වෙඩි තැබීමට උත්සාහ දරා ඇතැයි පොලිසිය කියයි.

වෙඩි ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී වෙඩික්කරුවේ ඉලක්කය වූ අංජන නමැත්තා වෙඩික්කරුවන් දෙසට එකවරම කඩා වැදීමත් සමගම එක් පුද්ගලයකු තාප්පෙන් පැන පලා ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා අන්ජන ඇතුළු ගම්වාසීන් විසින් අල්ලාගෙන ඇති බව පොලිසිය කියයි.

ඒ වනවිට ඔහුගේ පාදයක්ද බිඳීමකට ලක්ව ඇතැයි පොලිසිය කියයි.

එහිදී ඔවුන් එම පුද්ගලයාට පහරදී ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

(ඡායාරූප: ටී.කේ.ජී.කපිල)



අදහස් (4)

කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට

අංජන Tuesday, 22 April 2025 04:08 PM

ගහලා මරන්න එපා. වෙඩික්කරු අව්වේ තියලා වේලලා මරන්න.

:       0       15

ජිල්බු Tuesday, 22 April 2025 04:09 PM

පාදයේ බිඳීම ස්ථිර කලොත් ආයේ කැටපෝල් එකක්වත් අල්ලන් නෑ. ගම්වැසියන්ට අතක් ගැනත් බලන්න තිබුණේ.

:       0       20

බද්රානි Tuesday, 22 April 2025 04:27 PM

ඔක්කොම කෙලි ටික වුණාට පස්සේ තොරතුරු ටික නියමෙට හොයා ගන්න බුද්ධි අංශයක් ද ලංකාවේ තියෙන්නේ..? ඇඟේ පතේ හයියෙන් තමන්ගේ ආරක්ෂාව තියා ගන්න සිදුවෙලා තියන රටේ, මිනී මරලා, ඩුබායිවල සැඟව සිටිනවා කියන කාගේ හරි නමක් ප්‍රකාශ කලාම ඔක්කොම හරිනේ...

:       6       18

බණ්ඩා Tuesday, 22 April 2025 05:03 PM

අංජන හැංගුණානේ, කොහොමද අල්ලාගත්තේ දුවපු අයව එතකොට?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 30 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 110 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 83 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


දළදා වන්දනාව අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී
2025 අප්‍රේල් මස 22 50 0

සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 2281 4

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 584 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 570 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site