දුටුගැමුණු මහ රජුගේ රාජකීය හස්තියාවන කඩොල් ඇතාගේ දෙදළ කතරගම දේවාලයේ පුජනීය වස්තුවක් ලෙස තැන්පත් කර ඇත. මෙම දළ යුගල සෑම වසරක දීම ඇසළ මංගල්‍යයේ හයවැනි පෙරහැර දින දේවාල මාලිගාවෙන් පිට මණ්ඩපයට රැගෙන විත් ප‍්‍රදර්ශනය කර නැවත දිය කැපු පසු දේවාලයට රැගෙන යයි.
මෙම ඇත් දළ යුගල දුටුගැමුණු රජතුමාගේ නියෝගයකට අනුව මහා දේවාලයේ තැන්පත් කළත් 1602 දි ඌව අල්ලා ගත් ඕලන්දක්කාරයින් ඌව වෙල්ලස්සේ වැව් අමුණු හා විහාරස්ථාන විනාශ කරන විටදී දේවාලයේ ඇති වස්තුව රැක ගැනිමට කපු මහත්වරු හා නිළමේවරු කි‍්‍රයා කළහ. ඇත් දළ යුගල ද සැඟවුහ.
ඇත් දළ යුගල සැඟවු ස්ථානය කිසිවකුට සොයා ගත නොහැකි විය. පසුව 1818 ඌවේ කැරැල්ලෙන් පසුව 1890 ශත වර්ෂයේ දී පමණ පාරම්පරික කපු මහතකු දුටු හීනයක් නිසා ඇත් දළ යුගල සඟවා තිබු ගල සොයා ගැනිමට හැකි වු බව කියති.
දුටුගැමුණු මහ රජතුමා රජවීමට පෙර ඔහුගේ මලනුවන් වන සද්ධාතිස්ස කුමරුවන් හා යුද්ධ කළේය. බුත්තල යුදගනාව යුදපිටියයි. සද්ධාතිස්ස කුමරුන් කඩොල් ඇතු පිට සිටියේය. දුටුගැමුණු වෙළඹක පිට සිටියේය. දුටුගැමුණු කුමරු වෙළඹ කඩොල් ඇතුගේ පිටට උඩින් කිහිපවරක්ම පන්නා ශිල්ප දැක්විය.
කඩු පහරකින් තම සහෝදරයාගේ ගෙළ කපා දැමීමට හැකි වුවත් දුටුගැමුණු රජු එසේ නොකළේය. තම පිටට උඩින් අශ්ව වෙළඹක් පැන්න විමෙන් ඇත් පරපුරටම අවමානයට මුහුණ දුන් කඩොල් ඇතා තම පිට උඩ සිටින සද්ධාතිස්ස ඉතාම දුර්වලයෙක් යැයි සිතා පිට ගසා සද්ධාතිස්ස කුමරුන් බිමට දමා දුටුගැමුණු රජු ඉදිරියට ගොස් දණ ගැසීය.
මෙම සිදුවීම බලා සිටි සියළුම සෙබළුන් ජය ඝෝෂා පවත්වා දුටුගැමුණු කුමරුට ජය පැතු අතර කුමරුන් මුලින් රජවු දිනය එදා බව පැරැන්නන් පවසති.
එදා සිට දුටුගැමුණු රජතුමා මිය පරලොව යන තෙක් විශේෂ කාර්‍යභාරයක් ඉටු කළ අප රටේ ඉතිහාස ගතවු හස්ති රාජයකු වන්නේ කඩොල් ඇතාය.
දුටුගැමුණු රජතුමා එළාර රජු සමඟ කළ යුද්ධයේ දී ඉතා ඥානවත්ත ලෙස සතුරන්ට එරෙහිව සටන් කිරිමට උරදුන් මෙම කඩොල් ඇතා දුටුගැමුණු රජතුමාගේ වයස හා සමාන බව පැවසේ.
කතරගම මහා දේවාලයේ පාරම්පරික ලේකම් මහා බෙත්මේ දයානන්ද අධිකාරම් මහතා පැවසුවේ කතරගම දේවාලයේ දෙවියන් වැඩම කළ පළමු ඇතා වන්නේ කඩොල් ඇතා බවයි . දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑය සාදන විට දී කඩොල් ඇතු ද රජු සමඟ සිටි අතර දැඩි ලෙස රෝගාතුරවු දුටුගැමුණු රජතුමා මියගිය පසුව එම දුක දැනුණු කඩොල් ඇතු ද රෝගාතුර වු බව කියයි.
මහා බෙත්මේ දයානන්ද අධිකාරම් මහතා පැවසුවේ දුටුගැමුණු රජතුමා මියගිය පසු නැවත කඩොල් ඇතා කතරගම දේවාලයට එද්දි දැඩි ලෙස රෝගාතුර වු බවයි. බුත්තල ගෝනගං ආර මායිමේ දියකිරිත්ත නම් ස්ථානයෙන් දිය නහවා කතරගමට රැගෙන ඒමට ඇත් ගොව්වන් කි‍්‍රයා කළ ද ඇත් රජු ගෙන ඒමට නොහැකි විය. පසුව දින කිපයකින් ඇතා මියගිය අතර එවකට සිටි බස්නායක නිළමේවරුන් හා දේවාලයේ රාජකාරිකරුවන් පැමිණ ඇත් දළ යුගල ඉවත්කර බුත්තල හොරමැඩිල්ල නැමැති ස්ථානයේ ඇතාගේ සිරුර මිහිදන් කළ බව ඉතිහාසය කියයි..
කතරගම දේවාලයට නැඟෙන හිරට වන්නට ඇති යාල අංක 02 කලාපයේ ගල් පර්වතයක් හාරා මෙම ඇත් දළ යුගල සගවා තිබු අතර ඇත් දළ යුගල සොයාගත් කපු මහත්වරු එය පෙරහැරකින් ආ බව කතරගම මහා දේවාලයට රැගෙන ආහයි කියති.දළ යුගල සැඟවු ගල තවමත් එලෙසම පවති. දළ යුගල සැගවිමට හෑරූ කුහරය ද දැනටද දක්නට ඇත.
නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්
පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.
නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය
මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කඩොල් ඇතු දෙදළ කතරගම පෙරහරේ
කොලින් වර්ණකුළසූරිය Tuesday, 21 July 2015 07:32 AM
මා අසා ඇති පරිදි මෙම ඇතා මීගමුවේ කඩොල් කැලෙන් හමුවී තිබේ. එමනිසා කඩොල් ඇතා යන නම තබා තිබේ. (නි)
සුගත් Tuesday, 28 July 2015 03:34 PM
මීට පෙර අසා දැක නැති ලිපියකි නොදත් දේ දැන ගත්තා ස්තූතියි (ම)
නවරත්න Tuesday, 21 July 2015 07:48 AM
මෙවන් ලිපි පල වීම හරවත් රුචියක් ඇති කියවන පිරිස් වැඩිකිරීමේ පිටුබල වනු නොඅනුමානය. (ම)
සුමිත් Tuesday, 21 July 2015 08:07 AM
කඩොල් කියන නම ලැබුනේ , කඩොල් කියන වැද්ද අලිය පිළිබද මුලින්ම රජ තුමාට කිව නිසා වැද්දාගේ නම මතක් වෙන්න ඒ නම තිබ්බ නිසා (නදී)
පුරවැසියා Tuesday, 21 July 2015 08:29 AM
ඇත්දළ තියන බව දැනගෙන දුටුගැමුණු රජුගේ කඩුව ගන්න කොළඹ කටුගෙට පැන්න හොරු අායිමත් දෙවාලේටත් පනිද? (ම)
අෆ්තාබ් හුස්සින් Tuesday, 21 July 2015 08:43 AM
අති විශිෂ්ටයි. අපේ රටේ ඉතිහාසය කොච්චර සුන්දරද. අහන් ඉන්නත් ආසයි. මගේ මව්බිමේ මෙවන් ඉතිහාස කතා ඇසීමට ලැබේවා.! (ර)
චන්න බුවනක Tuesday, 21 July 2015 09:21 AM
ඉතාමත්ම හොඳ ලිපියක් . මේ ඇත්දළ යුගලය මිලකළ නොහැකි වස්තුවක්. ඒ නිසා මෙය අප අනාගතය උදෙසා ආරක්ෂා කළ යුතුයි. විශේෂයෙන්ම සමහර දේශපාලුවන්ගෙන් සහ ජාවාරම් කරුවන්ගෙන්.(ම)
හුස්සින් Tuesday, 21 July 2015 09:31 AM
හුස්සින් ඔයා ගැන මට හරි සතුටක් , ඔයාට ඉතිහාසේ හොඳට අවබෝදයක් ගන්න ඕන නම් මහාවංසය කියවන්න , හරිම ලස්සන පොතක් , ලංකාවේ ඉතිහාසේ පිළිබද මුලාශ්‍රයක්. (ර)
තරංග Tuesday, 21 July 2015 05:57 AM
සාදු සාදු සාදු....(ම)
දිලිප් වික්‍රමරත්න Tuesday, 21 July 2015 06:07 AM
එ්ත් මේක සිංහල රට නෙමේලු (නදී)
දිව්‍යාංජලි Tuesday, 21 July 2015 06:27 AM
ඉතා ම වටිනා ලිපියක්. නොදත් දේ බොහොමයක් දැන ගත්තා..! ස්තුතියි. (ම)
ලුම්බිණි Tuesday, 21 July 2015 06:56 AM
දුටුගැමුණු රජතුමා මිය පරලොව ගිය පසු කඩොල් ඇතා කතරගම දේවාලයට අයිති වුණේ කොහොමද? (ම)
අනුරුද්ධ Tuesday, 21 July 2015 07:06 AM
මෙවැනි ඓතිහාසික වැදගත් කමක් ඇති ලිපි තව තවත් පල කිරීමට ඔබලාට හැකියාව ලැබේවා. (නදී)
දිනේෂ් Tuesday, 21 July 2015 11:19 AM
මේ ලස්සන පිංබර රට සිංහලයන්ගේ රට කීමට මෙම කථාවම ප්‍රමාණවත්. ඉතිහාසය පිළිබද මෙවන් වටිනා තොරතුරු තවත් අපට දැන ගැනීමට සලස්වන්න. (ර)
කළුපහන Tuesday, 21 July 2015 07:19 AM
වටිනා ලිපියක්. ස්තුතියි. (නි)