අතීතයක් නොමැතිව වර්තමානයක් හෝ අනාගතයක් නොමැත. එහෙයින් අතීතය, අනාගතය මෙන්ම වටිනා කාලයකි. එහෙත් අද මේ සටහන ලියැවෙන්නේ අතීතය විද්‍යාවෙන් තොරව සිය කටයුතු කරගත් ආකාරය හෝ වර්තමානය හෝ අනාගතය විද්‍යාවෙන් කොතරම් ජයග‍්‍රහණයක් ලබා තිබේ ද යන්න සංසදනාත්මකව තහවුරු කිරීම වෙනුවෙන් නොවේ. අතීතයට අයත් දේ අයිති කරගෙන විකුණගෙන කෑම මෝස්තරයක් කොට ගත් අයගේ බියකරු ඉරණම පිළිබඳ විවරණයක යෙදෙනා අතර ඉතා ඈත අතීතයේ පැවැති කාල නිර්ණය කිරීමේ ගැඹුරු ශාස්ත‍්‍රයක සුලමුල ඇසුරින් පුරාවිද්‍යාව පිළිබඳ කතිකාවතක් ඇති කිරීම වෙනුවෙනි. ඔහු, අපි වෛද්‍ය ඉසුරුජීව වික‍්‍රමසේකර නමින් හඳුන්වමු. රාධව පඬිවරයාගේ ජ්‍යොතිෂය ඇසුරෙන් වික‍්‍රමසේකර මහතා මේ කතා කරන්නේ පුරාවිද්‍යා කොල්ලකෑම හා බැඳුණු අතිශය කනගාටුදායක තත්ත්ව පිළිබඳවය. අද වන විට පුරාවස්තු යනු කුමක් දැයි අසන පැනයට පිළිතුර වන්නේ විකුණාගෙන කීයක් හෝ ලබා ගත හැකි දේ හෝ තම සශ්‍රීකත්වය හෝ මහන්තත්තකම උළුප්පා දක්වන ගෘහ අලංකරණ මෙවලම් යැයි පැවසුවොත් එහි පුදුම වීමට කරුණක් නැත. මේ බහුතරයක් දෙනා ඒ පිළිබඳ දන්නා තරමයි. නමුත් සැබැවින්ම පුරාවස්තුවක් යනු මානව ශිෂ්ටාචාරය සතු අනභිභවනීය දේපලකි. මේ දේපල කිසිම ආගමකට, කිසිම ජාතියකට, සංස්කෘතියකට, රටකට, ආණ්ඩුවකට පෞද්ගලිකව හිමිකමක් ඇති දේපලක් නොවේ. කාලය විසින් ස්වභාවයෙන් ආරක්ෂා කරමින් සංරක්ෂණය කරන මේ දේපොල ආරක්ෂා කිරීමේ යුතුකම සහ වගකීම නම් මේ කියූ නොකියූ සෑම දෙනා වෙතම පවතින්නකි. අපේ රට ආක‍්‍රමණය කළ ඉංගී‍්‍රසි, ලන්දේසි, පෘතුගීසි හෝ සොලී ඉන්දියානු කිසිම ආක‍්‍රමණිකයකුට මුළුමනින්ම විනාශ කළ නොහැකි වූ පුරාවස්තු වැඩිපුරම විනාශ වීම ඇරැඹී ඇත්තේ අප රට නිදහස ලබාගත් පසුවය. එසේ නම් තමන්ගේ නොවූ පමණින් කිසිවක් විනාශ නොකළ විජාතිකයන්ට වඩා මේ සියල්ලෙහි විනාශය ආරම්භ කර ඇත්තේ තමන්ගේම යැයි තමන්ගේකමක් පවතින ස්වදේශික අපම වීම කනගාටුවට කරුණක් නොවේ ද? පුරවස්තූන්වල වාණිජ වටිනාකමක් නැත. නමුත් සංස්කෘතිකමය වශයෙන් පවතින වටිනාකම මිල කළ නොහැකිය. ලෝකය පුරාම පවතින නොයෙක් සංස්කෘතීන්ට යුගයන්වලට අයත් පුරාවස්තු විනාශ වීම ඇරැඹී ඇත්තේ ස්වාභාවික හේතු මත නොවේ. මිනිසාගේ කි‍්‍රයාකාරකම් මූලික කොට ගෙනය. යුද්ධ, සංස්කෘතික හා ආගමික අරගල යනාදී මිනිසා විසින් කරනු ලබන එවැනි කි‍්‍රයාකාරකම් අතර මේවායේ නිදන් ඇතැයි සිතා කරන ලද කඩා බිඳ දැමීම්, හෑරීම්, විනාශ කිරීම් අපමණය. මේ විනාශ කරන්නේ ලෝකය තුළ තම අනන්‍යතාව තම උරුමයේ පවතින නිර්මලත්වය බව නොසිතනවා නම් එය තම පරපුරේ ලේ උරුමයෙන් උපදින අනාගත පරපුරට ආතක් පාතක් නැති උරුමයක් නැති හිමිකමක් නැති පිරිසකගේ භූමිකාව අයත් වන බව අමුතුවෙන් සඳහන් නොකළ යුතු කරුණකි. මේ නිසා ඉතිරිව පවතින පුරාවස්තූ හෝ දිවි හිමියෙන් ආරක්ෂා කිරීමට ඇපකැප වීම ජාති, ආගම්, කුල, ගෝත‍්‍ර, පක්ෂ, ආණ්ඩු හා නිකාය භේදයකින් තොරව පවතින යුතුකමක් හා වගකීමකි. දැන් අපි පුරාවිද්‍යාව පිළිබඳ කතා කරමු. වර්තමාන පුරාවිද්‍යාව කාල නිර්ණය කරනු ලබන්නේ කාබන් කාල නිර්ණයක මත පිහිටාය. නමුත් අතීත රජ දරුවෝ සිය ජීවිතයෙන්ම ආරක්ෂා කළ පුරාවිද්‍යාව කාල නිර්ණය කළේ කෙසේ ද? සීගිරියේ පවතින වාරි ක‍්‍රමය අදටත් ලෝකයාට පුදුමයකි. එසේ නම් එහි යටි අරුත අපේ ඉතිහාසය නූතන විද්‍යාවට වඩා එහා ගිය බොහෝ ප‍්‍රබල තාක්ෂණික දැනුමක් අප වෙත පැවැති බවය. එකල පුරාවස්තුවල කාල නිර්ණය පමණක් නොව එය කා විසින් නැති නම් එය කාගේ පාලන සමයක ඉදි වූවක් ද පවා මේ කියන ප‍්‍රබල ශාස්ත‍්‍රය හරහා කියැවුණි. එම ශාස්ත‍්‍රය ලොවට දායාද කළේ ශ්‍රී රාධව පඬිවරයාය. රාධව පඬිවරයාගේ ජ්‍යොතිෂ පුරාවිද්‍යාවට අභියෝග කළ හැකි පුරාවිද්‍යාවක් මෙතෙක් බිහිවී නැත. මන්ද අපේ පුරාවිද්‍යාව කාබන් කාල නිර්ණය කිරීම් අනුව එය කිනම් කාලයකට අයත් දැයි තීරණය කළත් කාල නිර්ණය පමණක් නොව එය කිනම් රජවරයකුගේ සමයේ ද යන්න පවා ජ්‍යෙතිෂ පුරාවිද්‍යාව අනුව පැවැසීමට රාධව පඬිවරයාගේ ශාස්ත‍්‍ර ඥාණයට හැකියාව පවතී. ශ්‍රී රාධව පඬිවරයාගේ ජ්‍යොතිෂ ග‍්‍රන්ථවල ඉතා පැහැදිලිව මේ ජ්‍යොතිෂ පුරාවිද්‍යාව පිළිබඳ සඳහන් වන අතරම ඒ අනුව දැනටමත් ස්ථාන කීපයක් (පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තවම ස්ථිරව තහවුරු කර නැති) කෙතරම් පැරැණි දැයි අපි සඳහන් කරමු. මුල් වරට ජ්‍යොතිෂ පුරාවිද්‍යාව පිළිබඳ හෙලිදරව් කරමින් අප ජොතිෂ්‍ය පුරාවිද්‍යාවට අනුව කරන මේ කාල නිර්ණ කබන් කාල නිර්ණය කිරීම් අනුව සැසැඳූ කලක ඉරිදා ලංකාදීපය හෙළි කළ මේ කරුණුවල සත්‍යතාව හෙළි වනු නියතය. මෙය මෙම ජ්‍යොතිෂ පුරාවිද්‍යාව පිළිබඳ දිගුකාලීන පර්යේෂණයන් කරමින් කළ ගවේෂණයන් මත තමා පෞද්ගලිකව වගකීම දරමින් ඉතාම වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කර සිටින බව ඉසුරුජීව වික‍්‍රමසේකර මහතා පවසයි. ජ්‍යොතිෂ පුරාවිද්‍යාවට පැවැසිය හැක්කේ කිසියම් දෙයක් කොතරම් ඉපැරැණි ද එය කාගේ කාලයේ ඉදි වූවක් ද යන්න පමණක්ම නොවේ. පුරාවස්තු කොල්ලකන විනාශ කරන සොරා ගන්නා අයගේ ඉරණම කුමක් වේද යන්න ද එයින් පැවැසිය හැකිය. පළමුව මේ පුරාවස්තු සම්බන්ධයෙන් පවතින විශ්වාසයන්හි වූ මිථ්‍යා මතවල යථාර්ථය විමසා සිටීම ඒ අනුව වැදගත්ය. නිධන් කළ වස්තු සොයා වෙහෙසෙන අයට ජ්‍යොතිෂ පුරාවිද්‍යාව අනුව හෙළි කළ යුතු සත්‍යයක් තිබේ. ඒ නිදන් වදුලේ දැක්වෙන කිසිදු නිධානයක් මේ වන විට මෙහි නොමැති බවයි. ඒවා සියල්ල මේ වන විට ඒ කාල නිර්ණයන් අනුව කිසිවකුට හිමි කරගත හැකි සීමාවන් ඉක්මවා සැඟවී ඇති හෙයින් තව දුරටත් බුද්ධ ප‍්‍රතිමාවල හිස හෝ පපුව හාරා බහිරවයාට පුද පූජා පවත්වා ගත හැකි සීමාවක නොපවතී. අනෙක් කාරණය නම් පුරාණ රාජ සමයේ කිසියම් දෙයක් පූජා කරද්දී එය ගෞතම බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ සතර දෙසින් වැඩියාවූ මහා සඟරුවනට උරුම වන පරිදියි ඒවා කැප කොට ඇත්තේ. මේ බව සඳහන් වෙන්නේ අගත අනගත චතුෂ සදිස දිසා යන මැයෙන් මේවා ගෞතම බුදුන් හා ආර්ය පුද්ගල මහා සංඝරත්නය නමින් පූජා කළ වෙහෙර විහාර ඉදි කරවූ ඒ රාජෝත්තමයාණන් වහන්සේලා ඒ පිනින් දෙව්ලොව ඉපිද අදත් දිව්‍ය සම්පත් වළඳයි නම් ඔවුන් පූජා කළ මේ පූජාමය දේ ගෞතම බුදුන්ගෙන් පසු බුදු වන මෛති‍්‍ර බුදුන්ගේ උරුමයට පත්වන තෙක් ආරක්ෂා කිරීම අනිවාර්යයෙන් සිදු වන්නක්. ගෞතම බුදුන්ගේ උරුමයෙන් මෛති‍්‍ර බුදුන් ලබන මේ උරුමයන් කොල්ලකා ගන්නට කිසිවකුට නොහැකි වන කරුණු දෙකක් මෙහි දී තිබෙනවා. අප සඳහන් කළ මේ උරුමයන් මෙතේ බුදුන් පහළ වන තෙක් සුරකින දෙවිවරු සිටිනා බව. එමෙන්ම මේවාට ලැදි වූ මේවාට ආශා කළ මේවා ලබා ගන්නට උත්සාහ කර මිය ගිය පිරිස් මරණින් මතු භූතාත්ම හා පේ‍්‍රත ආත්මවල ඉපිද මේවාට අරක් ගෙන සිටිනවා. කිසියම් කෙනකු බුදුන්ගේ දෙයක් කොල්ලකෑම දේව උදහසට මෙන්ම පේ‍්‍රත, භූත බලපෑම්වලට ද හේතුවක් වෙන්නේ මේ අනුවයි. ”මෙහි සත්‍ය අසත්‍යතාව ඔබ දන්නා පුරාවස්තු කොල්ලකෑ පුද්ගලයන්ගේ ජීවිතවලට ආදේශ කර බැලූ විට මේ කාරණයේ සත්‍ය විමසිය හැකියි. සමහරු අකාලයේ මිය ගොස් බංකොලොත්ව මහ මගට වැටිලා. තව සමහරු මිය ගියේ ශරීරයවත් ඉතිරි නොවී විය හැකියි. තවත් සමහරුන්ගේ ඉපදුන දරුවන් අංග විකල, මන්දමානසික දරුවන්. තවත් සමහරුන් විවාහවී සිටියාට දරුවන් නැහැ. උපදින්න යන යන දරුවන් මියැදෙනවා. මේ දෙවි දොස් මොන යන්ත‍්‍රයක් දාලාවත් මොන මැණික් පළඳාවත් දුරලිය නොහැකි සේම මොන පිරිතකින් බෝධි පූජාවකින්වත් මේ පාපකර්මය දුරලිය නොහැකියි. ආත්මයක් ආත්මයක් පාසා මේ පව ඒ හත් මුතු පරම්පරාව කරා ගෙන දෙන්න මේ දෙවි දොස්වලටත් භූත පේ‍්‍රත බලපෑම්වලටත් හැකියාව පවතිනවා. ”බොහෝ විට පුරාවස්තු කොල්ලකෑ අය සුව කළ නොහැකි උමතු රෝගවලින් දුක් විඳ මිය යනවා. මෙය ස්ථිර වශයෙන්ම ආනන්තර්ය පාපකර්ම හා සමාන පසුපස පැමිණ සංසාරික වශයෙන් ඵල දෙන පාපකර්මයක්. මේ නිසා පුරාවස්තුවක් මොන බහිරව පූජාව තබා ලබා ගෙන අතට ගත්තත් එදින සිට ඔහු පමණක් නොවෙයි දරු පරම්පරාවම ඒ ශාපයට පාවා දෙනවා. එය ගෙවා දමන්න මොන දානමානය දුන්නත් මොන පුණ්‍යකර්මය කළත් හැකියාවක් නෑ. එය ඉර හඳ මෙන් ස්ථිරයි,” යැයි ඉසුරුජීව මහතා පවසයි. නමුත් පුරාවස්තු රැක ගැනීම වෙනුවෙන් ඇපකැප වෙන පුද්ගලයා ලබන ප‍්‍රතිලාභ ඔහු මෙසේ පවසයි. ”සුව සේ නිදන්න සුව සේ තම කර්මාන්ත දියුණු කර ගන්න, සැප සම්පත් ලබන්න, ගෞරවය හා පිළිගැනීම ප‍්‍රසිද්ධිය ලබන්න, සියලූ දෙයින් ජය ලබන්න, දූ දරුවන් රූප හා ඥාණ සම්පත්තිය ලබන්න, විවාහ ජීවිත සාර්ථකව ගත කරමින් පින් රැස් කර සුවපත් මරණයකට පත්වී එයින් මතු නැවත පිං බර මනුස්ස ආත්මයක හෝ දේවාත්මයක උපදින්නට හැකියාව ලබනවා.” ජ්‍යොතිෂ පුරාවිද්‍යාව අනුව බලංගොඩ කූරගල කඳු වැටිය රාවණ රජුගේ මාලිගය පිහිටි ස්ථානයයි. දැන් එම පුරාවිද්‍යා රක්ෂිතය තුළ අනවසරයෙන් වෙනත් ආගමික පුද බිමක් සකසා තිබේ. ඒ අනවසර ඉදි කිරීම කර තිබෙන ස්ථානයේ පැවැති බුදු පිළිමය වසර 22,000ක් පැරැණිය. නමුත් එය අද කඩා බිඳ දමා වෙනත් ගොඩනැගිල්ලක් ඉදි කර ඇතත් චෛත්‍ය පමණක් පවතී. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු ඉඩමකි. ‘අනවසරයෙන් ඇතුළු වීම තහනම්’ යැයි එහි පුවරුවක් වෙයි. මේ අනුව වසර විසි දෙදහසක් ඉපැරැණි ඒ බුදු පිළිමය කඩා බිඳ වෙනත් ගොඩනැගිල්ලක් ඉදි කිරිමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර ගත්තා දැයි අපි නොදනිමු. ජ්‍යොතිෂය පුරාවිද්‍යාවට අනුව තන්තිරිමලයේ පවතින ප‍්‍රතිමාකරණය දැනට ශ්‍රී ලංකා භූමිය තුළ පවතින ඉපැරැණිම ප‍්‍රතිමාවයි. කාශ්‍යප බුදුන් වෙනුවෙන් ඉදි කරන ලද මෙම නිර්මාණය වසර 15,200ක් ඉපැරැණිය. මිහින්තලයේ පවතින සිරිපතුල ද කාශ්‍යප බුදුන් වහන්සේ වෙනුවෙන් ඉදිවූ වසර 17,800ක් පැරැණි අතර චීනයේ පවතින පැරැණිම මහා බුද්ධ ප‍්‍රතිමා වහන්සේ වසර 19,000ක් ද සැතපෙන පිළිම වහන්සේ වසර 25,000ක් ද පැරැණිය. මේ කාබන් කාල නිර්ණයන් නොවේ. නමුත් කාබන් කාල නිර්ණයන් අවසන්වූ දිනයක ඉරිදා ලංකාදීප මේ සටහන මෙය මුලින්ම පැවසීමේ ගෞරවය දිනා ගනු ඇත. ශ්‍රී ලංකාවේ පැරැණි ජ්‍යොතිෂ පුරාවිද්‍යාව යොදාගත් රජවරුන් අතර ඉතාම සුවිශේෂම පුද්ගලයා වන්නේ නිශ්ශංකමල්ල රජතුමායි. පුරාවිද්‍යා වටිනාකමක් ඇති මේ දේවල් රැක ගැනීම හෝ රැක දීම රජයටම පවරා අත සෝදා ගන්නට කිසිම දේශපාලන පක්ෂයකට හෝ ආගමකට, සංස්කෘතියකට, ජාතියකට, නිකායකට, ගෝත‍්‍රයකට නොහැකිය. මන්ද පුරාවස්තුවල හිමිකරුවා රජය නොවන බැවිනි. මේවා අපේය. මේවා රැකීම අපගේ යුතුකම හා වගකීමය. මන්ද මේවා අපි අපේ දරු මුණුබුරන්ට දිය යුතු බැවිනි. පුරාවස්තු වනසා පවුල් පිටින් වැනසී ගිය සහ යන පිරිසට අප එකතු වනවා ද යන්න තීරණය කරන්නට ඔබට අවස්ථාව තිබේ. ඇතැම් විට මේවා කර නීතියෙන් රිංගා යන්නට ඔබට ඕනෑ තරම් සිදුරු තිබෙනවා විය හැකිය. නමුත් හෘද සාක්ෂිය නමැති අධිකරණය ඔබේ මරණ මංචකය තෙක් අපරාධකරුවාගේ තත්ත්වයෙන් ඔබට ජීවිතය විඳවන්නට උරුම කරවන බව අසත්‍යයක් නොවේ. විදේශිකයන් පවා රැකි පුරාවස්තු අප අතින්ම විනාශ කිරීම යන කාරියට දිය හැකි නමක් සොයන්න. එයට කාලය පැමිණ තිබේ.
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කාබන් කාල නීර්ණය වරැදි බව ජ්‍යොතිෂ පුරාවිද්‍යාවෙන් මතයක්