රුඟුමෙන් රට නැලැවූ චිත්‍රෙස්නයන්ගේත් ගැයුමෙන් හද සැනසූ අමරදේවයන්ගේත් පයුරැපාසානයේ රඟමඬල හැඩකළ දමයන්තිය වජිරාය. එදා නල දමයන්ති මුද්‍රානාට්‍ය චිත්‍රසේනයන් මේ වේදිකාවේ රඟ දක්වද්දී වජිරාවන්ට නර්තනය පාන්නට ඈත කඳුකර හිමව් අරණේ ගීතය ගැයුවේ අමරදේව ගැටවරයාය. ප්‍රවීණ නර්තන ශිල්පී චිත්‍රසේනයන්ගේ කරදිය හා නල දමයන්ති මුද්‍රා නාට්‍යවලට ගැයුමෙන් - වැයුමෙන් සුසංයෝග වූ අමරදේව ගැන වජිරා චිත්‍රසේනයන් මෙදා සෙනෙහෙ සිත් ඇතිව මතක වන්දනාවක යෙදුනාය.
මේ ඒ සදාතන මතකයේ අකුරැ මුතුහරයි
ඔබ එදා ඇල්බට් පෙරේරා තරැණයා මුලින්ම දැන හඳුනා ගත්තේ කොහොමද?
ඇල්බට් මේ කාලේ ගියේ කළුතර විද්‍යාලයට. එතකොට මගේ අම්මා ඒ විද්‍යාලයේ ගුරැවරියක්. මගේ අම්මා සංගීත හෝ නැටුම් ගුරැවරියක් නොවුණාට කලාවන්ට හුඟාක් ප්‍රිය කළා. මම නැටුම් ක්ෂේත්‍රයට ආවෙත් අම්මගේ ඒ ආශීර්වාදයෙන්. මාව චිත්‍රසේන ළඟ නැටුම් ඉගෙන ගන්න එව්වේ අම්මගේ කැමැත්තෙන්. පාසලේ ප්‍රසංගවලදී අම්මත් නාට්‍ය එහෙම හදන්න දායක වුණා. ඇල්බට් ශිෂ්‍යයා ඒ කාලේ ඒ ප්‍රසංගවලත් වයලීනය ගැහුවා. එදා චිත්‍රසේන කලායතනය ඇසුරේ පයුරැ පාසානම් ගොඩනගාගත්තු කලාකරැවන්, සාහිත්‍යවේදීන්, සෞන්දර්යවාදීන් නිතර චිත්‍රසේනයන් හමුවන්න ආවා.
ඒ අය කවුද කියලා ඔබට මතකද?
ඒ කාලේ මම අවුරැදු 15ක ශිෂ්‍යාවක්. ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, ඩබ්.ඒ. මකුලොලුව, ලයනල් අල්ගම, එඩ්වින් සමරදිවාකර, ඇල්බට් පෙරේරා වගේ ඒ කාලේ හිටපු කලාකාරයන් හැමෝම වගේ චිත්‍රසේන දකින්න ආවා. මේ අය අතුරින් බාලම කෙනා තමා ඇල්බට්. ඒ කාලේ චිත්‍රසේනට කොල්ලුපිටියේ විශාල ගෙයක් තිබුණා. මකුලොලුව බැඳලා නෝනත් එක්ක ඉස්සරලම හිටියෙත් චිත්‍රසේනගේ ගෙදර. ඇල්බට් ඉන්දියාවට යන කාලය වෙද්දි නතරවෙලා හිටියේ ඔය ගෙදර.
ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, ඇල්බට් පෙරේරා වගේ අය ආවම සින්දු කියලා සංගීතය කලාව ගැන කතා කරනවද? කොහොමද ඒ ගෙවුණු සන්ධ්‍යාවන්...?
මම ඒ කාලේ හුඟාක් පුංචියි. අවුරැදු 15ක විතර ළමයෙක් නිසා මම කවදාවත් ඒ අයගේ කතාවලට එක්කහු වුණේ නැති වුණාට මම දන්නවා ඒ ගෙදර කලාකාරයන්ගේ තෝතැන්නක් වෙච්ච හැටි.
චිත්‍රසේනයන්ගේ කලායතනයේ යාවජීව සාමාජිකයෙක් වූ අමරදේවයන් ගැන ඔබට තියෙන සංවේදී මතකය කොහොමද?
අමරදේව හරි නිහතමානී කෙනෙක්. අමරදේව නැතිවුණාට පස්සේ එයා ගැන හැමෝම කියන හොඳ තියෙනවානේ. ඒ හැමදේම ඇත්ත කියලා තමා මටත් කියන්න තියෙන්නෙ. කාටත් කරැණාවයි. වැඩිය සද්දෙට කවදාවත් කතා කරන්නෙ නෑ. හැබැයි තමන්ගේ වැඩේ හරියටම කරනවා. ඒ වගේම එයාට ඕනකෙනෙක් එක්ක වැඩකරන්න පුළුවන්. මොකද එයා හරි සරල නම්‍යශීලී ඉවසිලිවන්ත මනුස්සයෙක් නිසා.
ඒ කාලේ චිත්‍රසේන මහත්තයා බෙර ගහනවා. චිත්‍රසේනගේ සොහොයුරා සරත්සේන තබ්ලාව ගහනවා. අමරදේවයන් වයලීනය ගහනවා. අද කොහොමද ඔබ ඒ සුන්දර අතීතය සිහිපත් කරන්නේ?
වෙලාවකට චිත්‍රසේනත් තබ්ලාව ගහනවා. හැම දවසකම වාගේ සංගීතය නර්තනය එක්ක තමා සන්ධ්‍යාවන් ගෙවුණේ. කලායතනයේ නැටුම් ශාලා දෙකක් තිබුණා. හැන්දෑවරැ හැමදාම වගේ ඔහොම තමා ගෙවී ගියේ. ඔය හැමෝම හැම තිස්සෙම කලාවෙම තමා යෙදිලා හිටියේ. අනිත් එක එයාලා ඒ දේවල් කළේ හරි සතුටින්. වෙහෙසක් කියලා හිතුවෙ නෑ කවදාවත්.
අමරදේවයන්ගේ සංගීතය එදා චිත්‍රසේනගේ කරදිය නල දමයන්ති වගේ මුද්‍රා නාට්‍යවල අලංකරණයට දුන්නු දායකත්වය අද ඔබ අගයන්නෙ කොහොමද? චිත්‍රසේනගේ නාට්‍යවල වචන තිබුණේ හරි අඩුවෙන්. අත්‍යවශ්‍යම තැනකදී විතරයි වචන තිබුණේ. ඒ නාට්‍ය පුරාම තිබුණේ සංගීතය විතරයි. භාව ප්‍රකාශ කළේ සංගීතයෙන් හා නර්තනයෙන්. 1950 කරපු නල දමයන්ති මුද්‍රා නාට්‍යයට සංගීතය කළේ ආනන්ද සමරකෝන් සහ එඩ්වින් සමරදිවාකර කට්ටිය එකතුවෙලා. නල දමයන්ති තුන් පාරක් කළා. දෙවැනි වර නල දමයන්ති කළේ 1963. ඒකට ලයනල් අල්ගම හා අමරදේව දෙන්නම එකතුවෙලා තමා සංගීතය කළේ. නිර්තාංජලී කරද්දිත් අමරදේව සහ කට්ටියම එකතුවෙලා හිටියා. සින්දු කීවා. වයලීන් ගැහුවා.
චිත්‍රසේනයන් ඇතුළු කණ්ඩායම නාට්‍ය සමඟ ගිය විදෙස් සංචාරවලටත් අමරදේවයන් එකතුවෙච්ච අවස්ථා තිබුණද?
මොස්කව්වල Youth Festival එකටත් අමරදේව ගියා. ඒ වගේම බැලේ නාට්‍ය කණ්ඩායමත් එක්ක ඕස්ට්‍රේලියා ගියා. ඔය විදිහට කීප වතාවක්ම ඒ කාලේ චිත්‍රසේන සමඟ ඔහු ගියා මට මතකයි.
චිත්‍රසේන - අමරදේව කියන කලාකාරයෝ දෙදෙනා එක්ව වැඩ කරපු කාලයේ සංවේදී සොඳුරැ මතක මොනවද?
ඒ කාලේ එයා හැමදාමත් අමරදේවත් එක්ක මාතරට කෝච්චියේ යනවලු එහෙ පන්ති කරන්න. මේ දෙන්නා මාතරට යන්නේ කෝච්චියේ ජනේලය අසල ඉඳගෙන මුහුද දිහා බලාගෙනලු. ඔය යන ගමන්වලදී චිත්‍රසේන කියනවලු මගේ කතන්දරය මේකයි මේ වගේ සංගීතය තිබුණොත් හොඳයි කියලා. ඉතින් අමරදේව නාට්‍යයට ඕනෑ සංගීතය හිතින් මවන්නේ මුහුද දිහා බලාගෙනලු. චිත්‍රසේන රාගධාරී සංගීතය ගැන දැනන් හිටියා. ඔහු කියනවලු මට මේ රාගය ඕනෑ එහෙම කියලා. යනකම් ඕවලු කතා කරන්නෙ. කරදිය මුද්‍රා නාට්‍යයේ හෝයියා හෝයියා සංගීතය දැම්මෙත් ඔය යද්දි මුහුද ධීවරයෝ දැකලා ආව අදහසකින් කියලා චිත්‍රසේන කියලා තියෙනවා.
ඔබට මතකද සුචිත්‍ර-මිත්‍රා කියන වංග ගායිකාව ලංකාවට ඇවිත් අමරදේව මාස්ටර් සමඟ ගුවන් විදුලියේදී චන්දෝ මා බිළිඳේ ගීතය ගයලා මාස්ටර්ට රත්තරන් තාලම් පොට එහෙම තෑගි කළා....
ඔව්.... සුචිත්‍ර-මිත්‍රා චිත්‍රසේනගෙත් හොඳ මිතුරියක්. චිත්‍රසේන ඉන්දියාවේ රබීන්ද්‍රනාත් තාගෝර්ගේ මිනිබිරියත් සමඟ නටලත් තියෙනවා. ඒ කාලේ ඒකේ සින්දු කියලා තියෙන්නේත් සුචිත්‍ර මිත්‍රා.
ඉන්දියාවේ ගිහින් ඇවිත් විශාරද වෙලා පණ්ඩිත් එහෙම වුණාම අමරදේව මාස්ටර් වෙනස් වුණේ නැද්ද?
අමරදේව කවදාවත් මොන තනතුරැ ලැබුණත් වෙනස් වුණේ නෑ. එයා මුලින් හම්බවුණ ඇල්බට්ම තමා හැමදාමත්. අපේ යාළු මිත්‍රකම් හැමදාම එක වගේ.
ඔබ අමරදේවයන්ගේ වඩාත් ප්‍රිය කළ ගීතයක් තියෙනවාද?
ඔව්. ඈත කඳුකර හිමව් අරණේ ගීතය.
ඒකට විශේෂ හේතුවක් තියෙනවද?
මම නල දමයන්ති නාට්‍යයේ නැටුවේ අමරදේවගේ ඒ ගීතයට. මම නටද්දී ඔහු වේදිකාවේ කොණක ඉඳගෙන ගීතය ගයනවා. ඒ කාලේ ඔය පටිගතකිරීම් එහෙම තිබුණෙ නෑ. දවසක් අමරදේව අසනීප වෙලා උගුරේ ලොකු ප්‍රශ්නයක් වෙලා. කරදිය කරන කාලේ එක දවසක ගීය ගැයුවේ වෙන කෙනෙක්. එදා අමරදේවගේ කටහඬ අහද්දී එන හැඟීම මට ආවේ නෑ, නර්තනය ඉදිරිපත් කරද්දි. එදා මට හරියට නටා ගන්නත් බැරිවුණා. ඇඟේ තිබුණ නර්තනය එළියට එන්න අමරදේවගේ සංගීතය කටහඬම ඕනෑ වගේ හැඟීමක් තිබුණු කාලයක් අපට තිබුණා.
අමරදේවයන්ගේ සමුගැනීම අහපු වෙලාවේ ඔබේ හිතට දැනුණු හැඟීම කොයිවගේද?
ඔබට ඔහු හා එක්ව කටයුතු කළ කලාකාමී අතීතය සිහිපත් වුණාද? මම ජීවිතේ හුඟාක් කඳුළු හලලා අඬන කෙනෙක් නෙවේ. මම වේදනාවන් කාටවත් නොපෙනෙන්න දරාගන්න කෙනෙක්. කාටවත් නොපෙන්නුවත් මගේ හිතේ ලොකු කම්පනයක් ඇතිවුණා.
පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ
තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ
ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ
පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කරදියට තනුව හැදුවේ කෝච්චියේදී...