චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් මාරාන්තික කොරෝනා වයිරසය 75,000කට වැඩි පිරිසකට ආසාදනය වී ඇතැයි නව පර්යේෂණ වාර්තාවක් උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
හොංකොං විශ්ව විද්‍යාලයේ ලී කා ෂින්ග් වෛද්‍ය පීඨයේ පීඨාධිපති ආචාර්ය ග්‍රේබ්‍රියල් ලියෝන්ගේ ප්‍රමුඛත්වයෙන් මෙම පර්යේෂණය සිදු කර ඇත.
එම පර්යේෂණයට අනුව ජනවාරි 25 වැනිදා වනවිට මාරාන්තික කොරෝනා වයිරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 75,815කි.
මෙම පර්යේෂණ වාර්තාව හොංකොංහි සතිපතා පළවන ‘ද ලාන්සෙට්’ වෛද්‍ය ජර්නලයේ පළ කර ඇත.
චීන රජය නිකුත් කළ දත්තවලට අනුව කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 304කි. වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව 14,380ක් දක්වා ඉහළ ගොස් ඇත.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයේ පමණක් මිලියන 11ක් ජීවත්වෙති. “ජනවාරි 25 වෙද්දි 75,815කට වයිරසය ආසාදනය වී ඇතැයි අපි ඇස්තමේන්තු කරනවා” යැයි නිවේදනයක් නිකුත් කරමින් ග්‍රේබ්‍රියල් ලියෝන් පැවැසීය.
වයිරසය ආසාදනය වූ පිරිස සම්බන්ධයෙන් තිබෙන සත්‍ය සංඛ්‍යා දත්ත සහ අප ඇස්තමේන්තු කළ සංඛ්‍යා අතර වෙනසට හේතු කිහිපයක් තිබෙන බව ද හෙතෙම කීය.
වයිරසය ආසාදනය වීමත් වයිරසය ආසාදනය වූ බවට රෝග ලක්ෂණ පහළ වීමටත් යම් කාලයක් ගත වන බවත් එම නිසා ඊට කාලය වැය වීම එක් හේතුවක් බව පෙන්වා දුන් හෙතෙම විද්‍යාගාරවලින් කොරෝනා ආසාදිතයකු බවට තහවුරු කිරීමට තවත් කාලයක් ගත බවත් කීවේය.
එම නිසා කොරෝනා වයිරසය ආසාදනයවූවන් පිළිබඳ සටහන් කරගැනීමේ හා වාර්තා කරගැනීමේ සමස්ත ක්‍රියාවලියට බලපෑම් කරන බව ද ඔහු කීය.
දෙසැම්බර් මාසයේදී වයිරසය ආසාදනය වූ පුද්ගලයන්ගෙන් තවත් දෙදෙනකුට හෝ තිදෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි ද ඒ නිසා සෑම දින 6.4කදීම වයිරසය ආසාදනය වන පිරිස දෙගුණයක් වී ඇතැයි ද මෙම අධ්‍යයනයෙන් අනාවරණය වූ බව ආචාර්ය ග්‍රේබ්‍රියල් ලියෝන් කීවේය.
වයිරසය ජාතික මට්ටමින් ඉතා වේගයෙන් ව්‍යාප්ත වන්නේ නම් එය චීනයේ ප්‍රධාන නගර තුළ වර්ධනය වීමේ හැකියාවක් ඇති බවත් එහෙත් එම නගරවල වයිරසය ව්‍යාප්ත වීමේ වේගය වූහාන්වලට වඩා සති දෙකක් පමණ පිටුපසින් තිබෙන බව මෙම අධ්‍යයනයට සහභාගී වූ හොංකොං විශ්ව විද්‍යාලයේ තවත් මහාචාර්යවරයකු වන ජෝශප් වූ පැවැසීය.
නව ඇස්තමේන්තු කිරීම් නිවැරැදි නම් වයිරසය මරණ අනුපාතය කලින් අනුමාන කළාට වඩා අඩු යැයි ද පැවසේ. කොරෝනා වයිරසයේ මරණ අනුපාතය 1% අඩු යැයි මීට කලින් නිවේදනය කර තිබිණි.
එහෙත් මරණ අනුපාතය අඩු වුවද වයිරසය වේගයෙන් ව්‍යාප්ත වුවහොත් විශාල පිරිසක් මරණයට පත්වනු ඇතැයි පැවසේ.උදාහරණයක් ලෙස සාමාන්‍ය උණ තත්ත්වලින් වසරකට 290,000ත් 650,000 අතර පිරිසක් මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
රෝග පලනය කිරීමේ මධ්‍යස්ථානවල ගණනය කිරීම්වලට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ මරණ අනුපාතය සියයට 0.13%
2019-එන් සී.ඕ.වී වයිරසය කොරෝනා පවුලේ නව වයිරසයකි. මීට පෙර ලොව පුරා ව්‍යාප්ත වූ සාර්ස් සහ මර්ස් වයිරස ද කොරෝනා පවුලට අයත් වයිරස වේ.2002/2003 කාලයේ ඇති වූ සාර්ස් වයිරසයෙන් 774 දෙනකු මියගිය අතර 8,096කට ආසාදනය විය. 2012 දී ව්‍යාප්ත වූ මර්ස් වයිරසයෙන් 858 දෙනකු මියගිය අතර 2,494කට ව්‍යාප්ත විය. සාර්ස් වයිරසයේ මරණ අනුපතය 9.5% ක් වූ අතර මර්ස් වයිරසයේ මරණ අනුපාතය 34.5%ක් විය.
(055)
ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය.
විදානගමගේ අරුණ ප්‍රියන්ත නැමැත්තා සහ ඔහුගේ දියණිය සහ පුත්‍රයා මිද්දෙනිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ඉන්දියාවේ චෙන්නාය
උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු
මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරී
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොරෝනා වයිරසය පුද්ගලයින් 75,000 කට ආසාදනය වෙලා