IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


කිරිඳිවැල ජනතා විරෝධය හමුවේ කුණු ලොරි හරවාගෙන යති

(උපාලි රණවීර)

කිරිදිවැල මාළිගාවත්ත කසළ කළමණාකරන මධ්‍යස්ථානයට කොළඹ නගරයේ කසළ ලොරි 10ක් රැගෙන ඒමට විරෝධය පළ කළ පිරිසට මීට ටික වේලාවකට පෙර පොලිස් ප්‍රහාරයක් එල්ල විය. පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ ද ප්‍රදේශවාසීන් පළවා හැරීමට නොහැකි විය. අවසානයේ කුණු ලොරි ආපසු හරවාගෙන යෑමට සිදු විය.

කිරිදිවැල මාළිගාවත්ත කසළ කළමණාකරන මධ්‍යස්ථානයට කොළඹ නගරයේ කසළ ලොරි 10ක් රැගෙන ඒමත් සමඟ ප්‍රදේශවාසීන් පාර අවහිර කරමින් බාධා කිරීම නිසා කිරිදිවැල මාළිගාවත්ත හන්දියේ උණුසුම් තත්ත්වයක් හට ගත්තේය. අපද්‍රව්‍ය රැගෙන ආ වාහනවලට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යොදා තිබිණි.

මෙම කසළ ලොරි 10 රැගෙන ඒම සම්බන්ධව ඊයේ පෙරවරුවේ ගම්පහ ජේෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල, නියෝජ්‍යය අමාත්‍ය ඩුලිප් විජේසේකර සහ හිටපු ප්‍රාදේශීය සභාපති මිලාන් ජයතිලක යන මහත්වරු  කිරිදිවැලදී සාකච්ඡාවක් පැවැත්වුහ. අප්‍රේල් 28 දින දක්වා කොළඹ කසළ ටොන් 80ක් බැගින් මෙම මධ්‍යස්ථානයට රැගෙන ඒමට මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇති බව ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා දන්වා සිටියේය.



අදහස් (9)

කිරිඳිවැල ජනතා විරෝධය හමුවේ කුණු ලොරි හරවාගෙන යති

shan saudi Thursday, 20 April 2017 12:23 PM

දැන් මේ කසල කළමනාකරණ මධ්‍යස්ථාන වලට කුණු දන්නේ නැතිව වෙන කොහාටද මේ අය මේවා දාන්න කියන්නේ ඔය කියන විදිහට මේ කසල කළමනාකරණ මධ්‍යස්ථාන තව හැදුවත් වැඩක් නැ නේ එහෙනම් ගමක් ගමක් ගැනේ මේවා හදන්න වෙනවා මේක දේසපාලන බලපෑමක් මත සිදුවන විරොදයක් නැතිව නියම ජනතාවගේ ප්‍රස්නයක් නොවේ

:       2320       2132

gam wasiyekFriday, 21 April 2017 05:32 AM

අපි ගම් වල කුණු කවදාවත් අනුන්ට කරදරයක් වෙන ආකාරයට දමන්නේ නැහැ. කුණු ගොඩ අවට ජීවත්වෙන අපි වෙන අය කරන ක්‍රියා කාරකම් නිසා දුක් විඳින්නේ. මේක ඇමරිකාව කරන විනාශයන්ට ලංකාවේ අපි දුක් විඳිනවා වගේ වැඩක්. මෙතන වෙන්න ඕන කොහෙවත් කුණු තව තැනකට දන්න නොවේ. කසල කලමණාකරණය කිරීමයි. තමන්ගේ සැප පහසුව ගැන පමණක් සිතීම වැරදියි. තමන්ගේ නිවාස අවටත් මෙවැනි ප්‍රශ්නයක් සිදු වූ විට පමණක් එහි බරපතලකම වැටහේවි. ඇත්තටම ලංකාවේ දුප්පත් සාමාන්‍ය මිනිස්සු ඒ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි උණාට ගොඩක් අසරණයි.

:       0       1

sisira Kumara Thursday, 20 April 2017 12:42 PM

මෝඩ කතා කියන ශාන්ගේ වත්තට තමයි කුණු ටික දාන්න වෙන්නේ.

:       0       0

chaminda Thursday, 20 April 2017 01:08 PM

කසල එකතු කිරීම තාවකාලිකව නවත්වන්න , කරදියන සහ වැලිවේරිය කිරින්දිවල ප්‍රදේශ වල

:       0       0

Lapaya Thursday, 20 April 2017 01:28 PM

ශාන් සෞදි ආසියාවේ තියන බොහෝ රටවල සෑම පළාතකම වෙන් වෙන් වශයෙන් කසල කළමනාකරන මධ්‍යස්ථාන තියනවා. ඒ නිසා වෙන පළාතක කසල තවත් පළාතක ගිහින් දාන්න අවශ්‍ය නැහැ. තමුන් කැමති වෙනවද අල්ලපු ගෙදර කසල ගෙනත් තමන්ගේ ගෙදර දානවට. ඒවාට තමයි සෑම දිස්ත්‍රික්යකම මහා නගර සභා, නගර සභා, පළාත් සභා ප්‍රාදේශීය සභා කියල අපේ බදු මුදල් වලින් ඒවා ඇති කරලා තියෙන්නේ. උන් ඒ බදු සල්ලි වලින් රජ සැප විදිනවා ඇරෙන්න බදු ගෙවන ජනතාව වෙනුවෙන් මොනවද කරන්නේ. නොදන්නා එකාට ලංකාවත් පෙන්නේ සවුදිය වගේ.

:       0       0

samira Thursday, 20 April 2017 01:39 PM

දැන් ශාන් ගේ ගමටත් කුණු ලොරියක් ආවා නම් අපිට හැබැ තත්වේ බලාගන්න තිබුන මේවා කසල කසල කළමණාකරන මධ්‍යස්ථාන කියල නමට තිබුනට නිකන් කුණු ගොඩවල් විතරයි මිනිස්සු අරගල කරන්නේ නිකන් කවුරුවත් කියනවට නෙමෙයි තමන්ට එක ඇත්තටම දැනෙන නිසා මෙහෙම විරුද්ධ වෙද්දී පොලිසිය දම්මල ගහල මීතොටමුල්ලට කුණු දමල අන්තිමට මොකද වුනේ

:       0       0

ප්‍රීති Thursday, 20 April 2017 02:10 PM

පහුගිය ටිකේ ප්‍රශ්න නැතිව වේලි වේලී ඉඳලා අනවශ්‍ය දේවලුත් ප්‍රශ්නයක් කරගෙන, ඒක කුණු කන්දක් කර ගත්තු ජනතාවට දැන් නියම කුණු කඳු පැමිණ තිබෙනවා. ප්‍රශ්නයක් විසඳනවා වෙනුවට ප්‍රශ්නය කුණු ගොඩක් බවට පත්කරගෙන, කුණු අවුස්සමින්, රටම ගඳ ගස්සන, ඔබලා නිතිපතා දෙපැත්ත, තුන් පැත්ත බෙදීගෙන වන්දනාමාන කරන ඒ දේශපාලකයිනුත් හවුල් කරගෙන මේ ගඳ ගහන කුණු ප්‍රශ්නය විසඳා ගැනීමට සැමට ප්‍රඥාව පහල වේවා!! හොඳ වෙලාවට මේ රටේ මිනිස්සුන්ගේ ඇතුලාන්තයේ තිබෙන කුණු පිටට දාන්නේ නැතිව ඇතුලෙම තියාගෙන ඉන්නේ, බැරි වෙලාවත් ඒ කුණුත් එලියට දැම්ම නම් එහෙම, මුළු රටම කුණු වලින් වැහිලා යන්න වැඩි වෙලාවක් ගත වෙන එකක් නැහැ.

:       0       0

lalin Thursday, 20 April 2017 02:22 PM

ශාන සවුදි, ඔයාගේ ගේ ඉස්සරහ මේ වගේ මධ්‍යස්ථානයක් දැම්මොත් ඔයා සපෝට් කරනවද ?

:       0       0

රසික Friday, 21 April 2017 12:13 AM

දොම්පේ කසල රදවනයේ ධාරිතාවය දිනකට ටොන් 5~10ක් පමණ වෙයි. දිනකට ටොන් 80ක් මෙහි බැහැර කරලීම කසල කළමනාකරණයක් නොව කසල ගොඩ ගැසීමක් ලෙස හැදින්වීම වඩාත් නිවැරදි වෙනු ඇත. එහෙයින් දේශපාලන බලපෑමක් ඇතිව හෝ නැතිව අනාගත මීතොටමුල්ලකට විරුද්ධ විම පොදු මහජනතාව සතු මුලික අයිතියකි. ඔවුන් මේ ඉල්ලා සිටින්නේ තමන්ට ජීවත් විමට ඇති අයිතියයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි
2024 සැප්තැම්බර් මස 19 1034 0

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය


ගවහිමියා වෙඩි තබා මරාදමලා
2024 සැප්තැම්බර් මස 18 930 0

වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් අද (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .


ඒ.එස්.පී සංජීවගේ වාහන 3ක් - අක්කර 5ක් තහනම්
2024 සැප්තැම්බර් මස 18 1612 0

අනුරාධපුර හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සැළසුම් කර මෙහෙය වුයේ යැයි කියන අනුරාධපුර හිටපු සහක


මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගර සේවිකාවට ඇප
2024 සැප්තැම්බර් මස 18 629 0

මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවගේ හිස කෙස් එකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු එම කාන්තාවගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බ


මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 1398 6

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


මැකෝ කාලගුණ වාර්තාවක් කැඳවයි
2024 සැප්තැම්බර් මස 18 702 0

ඉදිරි දිනවල රටේ කාලගුණ තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැ


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 25 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2163 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site