IMG-LOGO

2024 දෙසැම්බර් මස 29 වන ඉරිදා


කල්මුණේ ළමා නිවාස පාලිකාවට කිසිම වෘත්තීය සුදුසුකමක් නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කල්මුණේ ළමා නිවාසයක දී 15 හැවිරිදි දරුවකුට විකට් පොල්ලකින් සහ කොස්සකින් පහරදී  ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් ළමා නිවාස පාලිකාව කිසිම වෘත්තීය සුදුසුකමක් නො ලැබූ අයෙකු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

මේ වන විට අදාල සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් අරඹා ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරිය අදාල පරිවාස නිලධාරිනිය පිට පාරෙන් අා කෙනෙක්දැයි  සොයා බැලු බවත් නමුත් ඇය විභාගය සමත් වී තිබුනත් වෘත්තීය  සුදුසු කමක් නැතැයි කීවා ය.

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය මගින්   ඉතා ඉක්මනින් රටපුරා පරිවාස නිලධාරීන්  පුහුණු කිරීමට කටයුතු කරන බවද ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.



අදහස් (9)

කල්මුණේ ළමා නිවාස පාලිකාවට කිසිම වෘත්තීය සුදුසුකමක් නෑ

කලුමදේව දමිත් Monday, 04 December 2023 03:07 PM

නිවාස පාලිකාව හා පරිවාස නිලධාරි කියන්නේ තනතුරු දෙකක් කියලා මතක් කරන්න ඕනෑ... පරිවාස නිලධාරින්ට පුහුණුවක් දීම අත්‍යාවශ්‍යම දෙයක් වගේම නිවාස පාලක පාලිකාවන්ටද පුහුණුවක් දීමට කටයුතු කරන්න ඕනෑ...

:       1       14

Rata Perata Monday, 04 December 2023 03:17 PM

සාමාන්‍ය පෙළවත් සමත් නැති අය පාලනය කරන රටක මේවා ගැන මොන කතාද?

:       0       17

ගමේ එකාලා Monday, 04 December 2023 03:45 PM

දූෂිතයෝ, මාල හොරු, ආර්ථික ඝාතකයෝ, ගණිකාවෝ, කුඩු කාරයෝ, මැරයෝ පාලනය කරන රටක, ඉන්න උන්ගේ සුදුසුකම් දිහා බැලුවාම මේවා ඒ හැටි දේවල්ද?

:       0       16

අරවින්ද මොනරවිල Monday, 04 December 2023 05:05 PM

අනිවාර්‍ය්යෙන් මේවා සුදුසුකම් බලා දෙන තනතූරු නොවෙයි ඒනිසා යම්කිසි සිදුවීමක් වෙනතුර ක්‍රියා මාර්ග ගන්න බලාගෙන ඉන්නේ නැතුව කාලයෙන් කාලයට අදාල නීලධාරින් දැනුවත් කළයුතු බව, පුහුණු කළයුතු බව කායික හා මානසික සුදුසුකම් පරික්ෂා කළයුතු බව නොවැටහෙන නොතේරෙන බලධාරින් ඉන්න රටක මෙහෙම දේවල් සිදුවෙන එක පුදුමයක් නොවේ...

:       0       5

වීරසූරිය Monday, 04 December 2023 07:02 PM

මොනරවිල මහත්තයෝ ළමා නිවාස පාලක පාලිකාවන් ගන්න අධ්‍යාපන සුදුසුකම් අදාල පළාත් පරිවාස දෙපාර්තමේන්තුව නියමකර තියෙනවා. ඒත් හරියට කරන්න කිසිවෙකුට අමාරුයි... රැකියාවක් නැතත් බොහෝම දෙනෙක් ඔය තනතුරු ගන්න කැමැති නැහැ.. කෙනෙක් සොයාගන්න හරිම අමාරුයි. ඔබතුමා බලන්න ගෙදර දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා නම් කොහොමද කියලා... එහෙම තියෙද්දී දරුවෝ දහයක් විස්සක් කෙනෙකුට දෙන්නෙකුට පාලනය කරන්න පුළුවන් කියලා හිතනවාද? අනෙක පරිවාස නිලධාරින් හැටියට ගන්නේ සමාජ විද්‍යාව සම්බන්ධ උපාධිය සහිත අයගෙන් තමයි. ඒත් ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරින් නම් විභාග තියලා ගන්නේ නැහැ ඉන්නම පරණම කෙනෙකුට සුදුසුකම් නැතත් දෙනවා මේවැනි වැරැදි බොහෝමයක් වෙන්න හේතුවක් තමයි පළාත් මට්ටමේ බඳවා ගැනීම...

:       0       0

Asela Monday, 04 December 2023 06:26 PM

ගීතාට තියෙන සුදුසුකම් මොකක්ද? ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයෙක් වෙන්න...

:       4       9

විපරමා Monday, 04 December 2023 11:33 PM

රටම දන්න එකේ ඔබතුමා නොදැන ඉන්න එකනේ පුදුමේ...?

:       0       0

pakeer Monday, 04 December 2023 09:35 PM

ඒ වුණාට මම නම් ඒ කාලේ ආසම නිළිය ගීතා...

:       0       0

Perera Tuesday, 05 December 2023 06:21 AM

පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්ගෙන් කීයෙන් කීදෙනෙක්ට ද හරි හමන් සුදුසුකමක් තියෙන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වේදනා නාශක දියරය පෙවුණ සිඟිත්තා මරුට
2024 දෙසැම්බර් මස 29 42 0

නිවසේ තිබු දියර වේදනා නාශකයක් පානය කළ කුඩා දරුවෙකු එයින් ඇතිවු අධික අසාද්මිකතාවකින් මියගොස් ඇතැයි පොලීසිය කියයි.


අවිස්සාවේල්ල මාර්ගයය වහයි
2024 දෙසැම්බර් මස 29 149 0

කොළඹ - අවිස්සාවේල්ල මාර්ගය අද (29) රාත්‍රී 9.00 සිට හෙට (30) අලුයම 1.00 දක්වා වාහන ධාවනයට සීමා පනවන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.


‘පුලතිසිට‘අලියෙක් බිලි වෙයි
2024 දෙසැම්බර් මස 29 94 0

හබරණ ප්‍රදේශයේදී, කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වු පුලතිසි ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් වන අලියකු මියගොස් තිබේ.


පෞද්ගලිකව ආනයනය කළ සහල් ටොන් 75,000 ක් වෙයි
2024 දෙසැම්බර් මස 29 250 0

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (29) වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 75000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බව රේගු මාධ්‍ය ප


කොකේන් සමඟ විදේශිකයෙක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 29 212 0

රුපියල් එක් කෝටි හතලිස් දෙලක්ෂයක් වටිනා කෙකේන් මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මලු තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’


රාජකාරියට බාධා කළ 9ක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 29 406 0

බීමත්ව අශෝභන ලෙස හම්බන්තොට නගරයේ හැසුරුණු පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට ගිය හම්බන්තොට පොලිසියේ නිළධාරීන්ට අඩන්තේට්ටම් කළ පුද්ගලයින් නව දෙනෙකු අත්


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 216 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 144 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 111 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site