IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


"කුස පබා" විකෘතියක් නොවෙයි

මේ දිනවල ඊ.ඒ.පී. මණ්ඩලයේ සාර්ථක ලෙස තිරගත වෙන ”කුස පබා” චිත‍්‍රපටය, පන්සිය පනස් ජාතක පොතේ කුස ජාතකය ඇසුරෙන් නිර්මාණය කරන ලද්දකි. එහි සමහර කරුණු මේ චිත‍්‍රපටයෙන් විකෘති කර ඇති බවට සමහරු චෝදනා එල්ල කරති. මෙහි ඇත්ත නැත්ත සෙවීමට, අපි මෙහි නිමැවුම්කරු මහාචාර්ය සුනිල් ආරියරත්න සොයාගෙන ගියෙමු. ලාංකීය සිනමා ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාකාරීව සිටින එකම විශ්ව විද්‍යාල මහාචාර්යවරයා වන සුනිල් ආරියරත්න සිනමාකරුවා, ගීත රචකයෙක්, ගත් කතුවරයෙක් ලෙසටද සම්මාන රැසකට හිමිකම් කියූවෙකි. වෘත්තියෙන් විශ්ව විද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන ඔහු කලාවට බොහෝ සේ ඇළුම් කරන්නෙකි. ඒ තුළ ක‍්‍රියාකාරීව නිරත වෙන්නෙකි. මේ මහැදුරු සුනිලූ සමඟ ”කුස පබා” චිත‍්‍රපටයේ මතභේදයන්ට තුඩුදුන් කාරණා සමග විවෘතව කළ කතාබහකි. දිගු කලකට පසුව ”කුස පබා” චිත‍්‍රපටයෙන් අප හමුවට නැවතත් සිනමා අධ්‍යක්ෂවරයෙක් ලෙස පැමිණෙන ඔබට මේ චිත‍්‍රපටය කරන්න විශේෂ හේතුවක් තිබුණාද? මට කවදා හෝ කුස ජාතකය නිර්මාණය කිරීම මගේ හීනයක් වෙලා තිබුණා. ඒ හීනය ඇතිවුණේ මම යාපනය විශ්ව විද්‍යාලයේ උගන්වන කාලයේදී. ඒ කියන්නේ අවුරුදු 25 කට එහා පැත්තේ. මම යාපනය විශ්ව විද්‍යාලයට යන විට එහි අංශ ප‍්‍රධානි වෙලා හිටියේ මහාචාර්ය සුචරිත ගම්ලත්. ඔහු මට පැවරුවා, කව් සිළුමිණ කියන මහා කාව්‍යය ශිෂ්‍යයන්ට උගන්වන්න. එය උගන්වන්න අමාරු කෘතියක්. ඒ අභියෝගය භාර අරගෙන මම එය සිසුන්ට ඉගැන්වුවා. කව් සිළුමිණට පාදක වෙලා තිබෙන්නේ කුස ජාතකය. ඒ හින්දා මම කුස ජාතකය කීප වරක්ම කියෙව්වා. කුස ජාතකය කොයි ආකාරයෙන් ද කව් සිළුමිණ මහා කාව්‍යයට සම්බන්ධ වෙලා තිබෙන්නේ කියා සොයා බැලූවා. මෙය සම්භාව්‍ය සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම කාව්‍යය ලෙසටයි සලකන්නේ. මේ ශ්‍රේෂ්ඨ ජාතකය ලියැවෙන්නේ කුස ජාතිකය පදනම් කරගෙන. කුස ජාතකයත්, කව් සිළුමිණත් මේ හින්දා මා අනේක වාරයක් කියවන්න ඇති මේ ළමයින්ට උගන්වන්න. එහිදී එහි ඇති වචනවල කියැවෙන දේ මම රූපමය අතින් තමයි දැක්කේ. එය රූපමාලාවක් වගෙයි. ඒ චිත‍්‍ර මගේ හිතේ ඇඳිලා තිබුණා. එවිට තමයි මට එයින් කවදා හෝ චිත‍්‍රපටයක් කරන්න  ඕනේ කියා අදහස ඇතිවුණේ. යාපනයේ ඉන්න කාලේ සුචරිත ගම්ලත් මහාචාර්යවරයා සමග එකතුවෙලා මම තිරනාටකයකුත් රචනා කළා. තවමත් මා ළඟ ඒ පිටපත තිබෙනවා. ඒ කාලයේම තමයි මගේ පළමු චිත‍්‍රපටයත් නිර්මාණය වුණේ. නමුත් වෙනත් චිත‍්‍රපටත් එක්කම මගේ ඒ හීනය මැකිලා ගියා. ඊට පස්සෙ 2005 දී විතර, මේ කුස ජාතකය ඇතුළත් චිත‍්‍රපටය කරන්න මට අදහසක් ආවා. ඒ අනුව ආචාර්ය තිස්ස අබේසේකරගෙන් මා ඉල්ලා සිටියා. මෙයින් තිර නාටකයක් ලියාදෙන්න කියා. පන්සිය පනස් ජාතක පොතේ තිබෙන බොහෝ කතා රසවත් හා හරවත් කතා නොවෙයි. එයින් කතා බොහොමයක් අතරින් රසවත් භාවය හා ජනප‍්‍රියත්වය අතින් ජන හදවත් තුළ තිබෙන ජාතක කතා අතුරින් කුස ජාතකය දෙවැනි වන්නේ වෙස්සන්තර ජාතකයට විතරයි. ඉතිං ඒකට මගේ හිත ඇදිලා යන එක පුදුමයක් නොවෙයි. ඒ අනුවයි ”කුසපබා” චිත‍්‍රපටය මා අතින් නිර්මාණය වෙන්නේ. පන්සිය පනස් ජාතක පොතේ තිබෙන කුස ජාතකය ඇසුරින් තමයි මෙය නිර්මාණය වෙන්නේ. මෙහි සමහර කරුණු ඔබ අධ්‍යක්ෂවරයා විදිහට හිතාමතාම වෙනස් කළාද? එහෙමත් නැත්නම් තිර රචකයා මෙය වෙනස් කළාද? ප‍්‍රධාන වශයෙන්ම තිර නාටක අවස්ථාවේදීමයි මෙහි සමහර වෙනස්කම් සිදුකළේ. මොකද ඒකට හේතුව, මම තිස්ස අබේසේකරයන්ට මෙය පවරලා මම පැත්තකට වෙලා හිටියේ නෑ. මම කුස ජාතකය, කව් සිළුමිණ, අලගියවන්න මුකවැටි ලියූ කුසදා කව, මහාචාර්ය සරච්චන්ද්‍ර ලියූ පබාවතී නාටකය, නීතිඥ ජෝන් ද සිල්වා ලියූ කුස ජාතක දෘශ්‍ය කාව්‍ය නමැති නූර්ති නාටකය, කුස නාඩගම, මහාචාර්ය ගම්ලත් ලියූ කව් සිළුමිණ විනිස නමැති කෘතිය යනාදී සියල්ල මා ඔහුට දුන්නා, කියෙව්වා. වෙනස්කම් කළේ තිරනාටක අවධියේමයි. පසුව වෙනස්කම් කළේ 10%-15% ක ප‍්‍රමාණයක් විතරයි. කුස ජාතකය චිත‍්‍රපටයක් බවට පෙරැුලීමේදී වෙනස්කම් කළේ තිරනාටක අවධියේම බව මා තරයේ පවසනවා. මේ විදිහට වෙනස්කම් කිරීම තුළ ඔබ ඒ කරුණු විකෘති කිරීමක් කරනවා නේද? අනෙක මෙය පාසල් හා සරසවි විද්‍යාර්ථීන්ට ද කියාදෙන ජාතකයක්. ඔබ මෙයින් වැරැදි පූර්වාදර්ශයක් සපයනවා නේද? නෑ ජාතක කතාවක් ඒ ආකාරයෙන්ම නිර්මාණය වූ හැම අවස්ථාවකදීම ඒක අසාර්ථක කෘතියක් වුණා. උදාහරණයට ගන්න පුළුවන් කුස ජාතකයම. එය බොහෝ සංශෝධනයට ලක්කළ කව් සිළුමිණ තමයි ශ්‍රේෂ්ඨත්වයට පත්වූයේ. ඊළඟට පබාවතී නාට්‍ය. ඒ ඇරෙන්න අලගියවන්න මුකවැටිගේ කුසදා කව, සම්පූර්ණයෙන්ම කුස ජාතකය කවියට නැගීමක්. අනෙක් හැම කෘතියක්ම ඒ විදිහටයි. එය සංශෝධනයට ලක්වූ අවස්ථාවල දී විතරයි එය ශ්‍රේෂ්ඨත්වයට පත්වෙලා තිබෙන්නේ. කව් සිළුමිණ තුළ ජාතක කතාවේ තිබෙන සියලූ අංග ඉවත් කරලා තිබෙනවා. උදාහරණයට කුස ජාතකයේ තිබෙන නිධාන කතාව, වර්තමාන කතාව පවා ඉවත් කර තිබෙනවා. කව් සිළුමිණට ගන්නේ ඒ පේ‍්‍රම කතා වෘත්තය විතරයි. ඒ පේ‍්‍රම කතාව තමයි ශ්‍රේෂ්ඨත්වයට පත්වෙලා තිබෙන්නේ. ජාතක පොතෙන් වැඩියෙන්ම වැඩගත්ත පුද්ගලයා තමයි මහාචාර්ය සරච්චන්ද්‍ර. ඔහු අග‍්‍රගණ්‍ය නාට්‍යකරුවෙක් බවට පත්කරන්න අමුද්‍රව්‍ය බොහෝවිට සැපයුවේ ජාතක පොතෙන්. නමුත් ඔහු ජාතක පොතෙන් සම්පූර්ණ කතාවක් ඒ ආකාරයෙන්ම නාට්‍යයට නැගුවේ නෑ ”මනමේ, මහාසාර, බවකඩතුරාව, ඒකට මට හිනා හිනා, කදා වළලූ” යන නාට්‍යවල තිබෙන්නේ ඒ ඒ ජාතක කතාව නොවෙයි. ඔහු ඒ චරිත, සිද්ධි අරගෙන කතාව විකෘති නොකර ඒවාට තවත් දේ ඇතුළු කළා. ජාතක කතාව ඒ ආකාරයෙන්ම නැගීම නිර්මාණයක් නොවෙයි. නිර්මාණය කියන්නේ අපූර්ව දෙයක්. අද ”කුස පබා” බලන්න. නරඹන්නන් රැස්කකා එන්නේ එහි යම් අපූර්වත්වයක් ඇති හින්දයි. එහෙම නැත්නම් ජාතක කතාව ඒ විදිහට දකින්න නම්, ඒ ජාතක කතාව කියෙව්වාම ඇති. ඔබේ චිත‍්‍රපටයට පාදක වෙන්නේත් මේ පේ‍්‍රම කතාවයි. නමුත් මා පැවසුවොත් මෙහි දකින්න නැත්තේත් පේ‍්‍රමය කියලයි. ඔබ මොකද පවසන්නේ? මම එය පිළිගන්නේ නෑ. කුස ජාතකය අපේ ජාතක කතා අතර තිබෙන ශෘංගාරය ප‍්‍රධාන කරගත් ජාතක කතාවක්. මා එය පේ‍්‍රම වෘතාන්තයක් ලෙසටයි පිළිගන්නේ. ඒක සරල පේ‍්‍රම වෘතාන්තයක් නොවෙයි. මතුපිට තිබෙන්නේ පේ‍්‍රම කතාවයි. මෙවැනි කතා ලෝකයේ හැම තැනම තිබෙනවා. මෙහි ධර්ම කාරණා අයින් කළාම තිබෙන්නේ ඉතාම සුරංගනා කතාවක්. ඉතාම විරූපී පුද්ගලයෙක් රූමත් කාන්තාවකට ආදරය කරනවා. ඔහු නැවතත් ප‍්‍රකෘති තත්ත්වයට පත්වන්නේ ඒ කාන්තාවගේ ආදරය ලැබුණු දවසට පමණයි. මෙවැනි කතා ලෝකය පුරා තිබෙනවා. ඒ හින්දා මෙහි පේ‍්‍රමය නෑ කියන එක මා පිළිගන්නේ නෑ. මේ කතාවේ යටිපෙළ තමයි මෙහි එන බෞද්ධ කතාන්දරය. හේතුඵල වාදය, කර්මය, පුනරුත් පත්තිය යන යටිපෙළක් තමයි මේ බෞද්ධ දර්ශනය අපි ඉදිරියට ගේන්නේ. පේ‍්‍රමය නෑ කියන මතය මා සපුරාම ප‍්‍රතික්ෂේප කරනවා. ඔබ ඔහොම පැවසුවත් මා කියන්නේ මෙහි ප‍්‍රධාන චරිතය වන කුස, ජාතක පොතේ හැටියට සොළොස් වියේ තරුණයෙක් වුවත්, ඔබේ චිත‍්‍රපටය තුළ මැදිවියේ පුද්ගලයෙක් වගෙයි. ඔහු පබාට එතරම් ආදරය කරන බවක් අපට දැනෙන්නේ නැති තරම්. අනෙක ඒ චරිතයට ඔහු මුහුකුරා ගිහින් වැඩියි. ඇයි ඔබ එවැනි දෙයක් කළේ? ඒකට හේතුව, අපි ජාතක කතාව කියලා මවාගන්න රූපයක් තිබෙනවා. අපේ ඒ රූපය තමයි නැවත ප‍්‍රතිනිර්මාණය කරන්න හදන්නේ. මෙහි පළමු කාරණාව තමයි, මේ පේ‍්‍රම වෘතාන්තයට තිබෙන ලොකුම ගැටලූව තමයි ඔවුන් රාත‍්‍රි කාලයේ දී හමුවන පෙම්වතුන් වීම. ඒක නිසා මේ පේ‍්‍රමය අපට යම් තරමකට සීමා කරගන්න තිබෙනවා. මොකද ඇහැට පෙනෙන තැනක පේ‍්‍රම කරන්න ඔවුන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැති හින්දා. මෙහි පෙම් ජවනිකා නෑ. පේ‍්‍රමය තිබෙන්නේ ඔවුන්ගේ අභ්‍යන්තරයේ. අපට මේ පේ‍්‍රමය පෙන්වාගන්න පුළුවන් එකම අවස්ථාව තමයි ඔවුන්ගේ සයනාගාරය. ඒකත් සීමා සහිතයි. මොවුන් අඳුරේ විතරයි හමුවන්නේ. චිත‍්‍රපටයේ අඳුර කියන්නේ යම් ආලෝකයක් ගෙනදෙන ජවනිකා පෙළක්. ඒ හින්දා ජවනිකා දෙකකට අපි සීමා කළා. ඔබ කියන අනෙක් කාරණය කුසගේ මුහුකුරායාම. මේ චරිතයට අපට ජැක්සන් ඇන්තනී හැර සිනමාවේ හෝ වේදිකාවේ හෝ වෙනත් නළුවකු නෑ. ඒ අතින් අපි දුප්පත්. විශාල ගැටලූවකට අපි මුහුණ දුන්නා මේ චරිතය කවුද කරන්නේ කියා. ජැක්සන් ඔබ කියන විදිහට වයසින් මුහුකුරා ගිය කෙනෙක් තමයි. ඒක අපේ සමාජයේ අය දන්නවා. මේකට උපක‍්‍රමයක් අපි යොදනවා. තිර නාටකයේදීම ඔහු විවාහ වන වයස පසුවූ කෙනෙක් බව එහි කියැවෙනවා. එය මේ චරිතය සාධාරණය කරන්න කළ උපක‍්‍රමයක්. මෙය පරිණත නැති නළුවකුට නිරූපණය කරන්න බැරි චරිතයක්. මා හිතන්නේ ජැක්සන් ඔහුට පැවරූ වගකීම 100% ක්ම සාර්ථකව කළා කියලා. ඔබ බොහෝ කලකට පසු නර්තනය හා සංගීතය මේ චිත‍්‍රපටයේ වැඩි වශයෙන් ප‍්‍රයෝජනයට ගෙන තිබෙනවා. ඒ පිළිබඳව ඔබට මොකද හිතෙන්නේ? මම චිත‍්‍රපට විශාල සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කර තිබෙනවා. මට පළමු වතාවට තමයි ලැබෙන්නේ නර්තනය හා සංගීතය මේ තරම් යොදා ගන්න පුළුවන් චිත‍්‍රපටයක්. අනෙක් ඒවායේ විෂය පථය වෙනස්. නර්තනය මගේ චිත‍්‍රපටවල තිබුණේම නෑ. රෝහණ සමග මම සිංදු සිය ගණනක් හදන්න ඇති. නමුත් මගේ ”සුදු සෙවණැලි” චිත‍්‍රපටයේ විතරයි ඔහු සංගීතය සැපයුවේ. එයත් ගීත නැති චිත‍්‍රපටයක්. ඒ හින්දා පළමු වතාවට තමයි රෝහණත් එක්ක චිත‍්‍රපටයක ගීත ඇතුළත් කරන්නේ. ඒ වගේම මේ චිත‍්‍රපටය නර්තනය ඉල්ලා සිටි චිත‍්‍රපටයක්. ඒ හින්දා මා ලබාගත් අත්දැකීම් හා දුටු දේවල් අනුව මට හිතුණා, මෙයට සුදුසුම පුද්ගලයා චන්දන වික‍්‍රමසිංහ කියා. ”අබා” චිත‍්‍රපටයෙන් තමයි චන්දනව මා දැක්කේ. ඒ වගේම ඔහු ඉන්දීය නර්තනයට දැක්වූ කුසලතාව නිසා, මම හිතුවා මගේ චිත‍්‍රපටයට සාධාරණයක් ඉටුකරයි කියලා. ඒ වගේම ඔහු සාධාරණය ඉටුකළා. මේ චිත‍්‍රපටයට සංගීතයෙන් හා නර්තනයෙන් ලැබුණු ආලෝකය ඉමහත් කියා මා හිතනවා. ගීතවලට තිබෙන නැටුම් චිත‍්‍රපටයත් එක්ක බද්ධ වුණා. මෙය වර්ණවත් චිත‍්‍රපටයක්. චන්දන ඒ වර්ණවත්භාවය මේ චිත‍්‍රපටයට එක්කර තිබුණා. ඒ වගේම වෙනුක ඇඳුම් නිර්මාණයත් එයට තවත් හොඳ රුකුලක් සැපයූ බව කියන්න  ඕනේ. ඔබ මේ චිත‍්‍රපටයේ අවසානය හරි අභව්‍ය විදිහට ගෙන එනවා. ඒ සිද්ධි දාමය ඔබ හිතාමතාම කළ දෙයක්ද? අපට ජාතක කතාවට එරෙහිව යන්න අයිතියක් නෑ. එහි යම් සංශෝධන කළත් විකෘති කරන්න අයිතියක් නෑ. ඒ නිසා ජාතක කතාවේ අවසානයේ ඔහුගේ මුහුණ සුරූපී වෙනවා. නූතන සමාජය ගත්විටදී එය අභව්‍ය සිද්ධියක්. ඒ හැරෙන්න යම් යම් අභව්‍ය දේවල් අපි ඉවත් කළා. අවසානයේ දී පබා සත්කඩකට පැලීමේ දර්ශනයේ දී කුස ආ විට අනෙක් රජවරු සත්දෙනා ඇතුළු පිරිස පළා යද්දී, පබාගේ මව සහ පියාගේ පැනයෑම ගැන ඔබට ගැටලූවක් තිබෙන්න ඇති. ඇත්තටම අපේ ප‍්‍රධාන අවධානය යොමුවුනේ කුස පබා දෙදෙනාගේ එක්වීම සඳහා පමණයි. රූගත කිරීමේ දී මේ දෙමව්පියන් හා ගැමියන් හිටියා. නමුත් අපි ඒක අමතක කළා. අපට එහිදී වැස්සත් සමග අවශ්‍ය වූයේ මේ දෙදෙනාගේ එක්වීම පමණයි. අද කුස පබා තිරගත වෙද්දී අධ්‍යක්ෂවරයා ලෙසට ඔබට මොකද හිතෙන්නේ? ඇත්තෙන්ම පිරී ඉතිරී යන පේ‍්‍රක්ෂකගාරයක් දැකීම තරම් සතුටක් අධ්‍යක්ෂවරයෙක්ට වෙන තිබෙන්න විදිහක් නෑ. චිත‍්‍රපටයක් හදන්නේ සිනමා ශාලාවට. නිර්මාණකරුවකු විදිහට මම අද සතුටක් ලබනවා. වැඩිම ආදායම් වාර්තා තබා තිබෙන්නේ ”අබා” චිත‍්‍රපටය. අද ඒ ආදායම් වාර්තා ”කුස පබා” බිඳහෙලා තිබෙනවා. මේ චිත‍්‍රපටය 65 වසරක සිංහල සිනමාවේ සියලූ ආදායම් වාර්තා බිඳහෙළන බවට අනාවැකි ප‍්‍රකාශ කළේ, මේ චිත‍්‍රපටය රූගත කරද්දීමයි. ඒ වැඩිම ආදායම් චිත‍්‍රපට නිර්මාණය කළ ජැක්සන් ඇන්තනී හා ආචාර්ය සෝමරත්න දිසානායකයි. මේ දෙදෙනාම මගේ ”කුස පබා” චිත‍්‍රපටයට දායක වීම වාසනාවක්. අද මට සතුටුවෙන්න පුළුවන් එවැනි ගමනකට මේ චිත‍්‍රපටය යන බවක් පෙනීයාම ගැන. මම අද තෘප්තිමත්. මම අතෘප්තියෙන් හිටියේ. ”සුදු සෙවණැලි” මගේ තිරනාටක චිත‍්‍රපටයක්. එයින් පසු මා චිත‍්‍රපට කරන්නේ නෑ කියලයි හිතාගෙන හිටියේ. රන්ජන් රාමනායක පුවත්පතකට කියා තිබුණා, සිනමාවේ නාමයෙන් මා චිත‍්‍රපට කළ යුතුයි කියා. මේ චිත‍්‍රපටය සම්මාන රැසක් දිනාගත්තා. උත්්පලවණ්ණාට පසු මේ කුසපබා යන චිත‍්‍රපට මා හොඳින් නිමා කළා. අද ඒ හින්දා මා තෘප්තිමත්.

කුස පබා චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ/මහාචාර්ය සුනිල් ආරියරත්න

සමන්ත යහම්පත්
 



අදහස් (0)

"කුස පබා" විකෘතියක් නොවෙයි

බන්දුල ද සිල්වා Friday, 10 February 2012 03:05 PM

බෞද්ධයකුට හෝ අනෙත් ආගමිකයකුට මෙයින් ගත හැක්කේ ධර්ම අර්ථය තමයි. කර්ම විපාක දෙනවා කියන්නේ ඒක ඇත්තටම කුස රජුගේ විකෘත්තිය වෙනස් වුණා නොවේ. පබාවතිගේ හිතේ තිබුණ මාන්‍යය විකෘත්තියයි වෙනස් වුණේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විකටෝරියා සේලය දිග හැරෙයි
2024 නොවැම්බර් මස 27 1749 0

කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා


මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රීන් අසූවක් පෝලිමේ
2024 නොවැම්බර් මස 27 1721 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප


මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි
2024 නොවැම්බර් මස 27 780 0

කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්


දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් කොටහේනෙන් වටලයි
2024 නොවැම්බර් මස 27 468 0

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල


විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට
2024 නොවැම්බර් මස 27 618 0

සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.


අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
2024 නොවැම්බර් මස 27 1247 0

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 564 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2153 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site