IMG-LOGO

2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා


කහ වල ඖෂධීය ගුණ

උපදෙස් - බොරැල්ල රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ  නියෝජ්‍ය  අධ්‍යක්ෂ ආයුර්වේද වෛද්‍ය  ධනපාල හෙට්ටිආරච්චිගේ

කහ

1222

විෂබිජ නාශක ගුණයෙන් ඉහළ සම පැහැපත් කිරිම සඳහා  භාවිතා  කරනා  කහ, ආයුර්වේදයේ ඖෂධයක්  ලෙස මෙන්ම ආහාර  වශයෙන් ගන්නා  කුළු බඩු අතර  ඉහළ වටිනාකමක් ඇති  ශාක විශේෂයකි.

ශරිර අභ්‍යන්තරවත්  බාහිරවත්  ඇති  වන දීලිර ,  බැක්ටීරියා  සහ වෛරස්  ආසාදන සඳහා  ගුණදායකය කහ, ආයුර්වේදයේදි ඒකිය ඖෂධයක්  ලෙස මෙන්ම ඖෂධ සංයෝගයක්  ලෙස ද භාවිතා  කෙරේ.

කහ , අත් කහ යනුවෙන්ද ව්‍යවහාරයේ  භාවිතා කරන කහවල උද්හිද විද්‍යාත්මක නාමය වනුයේ  curcuma longa යනුවෙනි.

කහ වර්ග හතරකි.

·        හරිද්‍රා

·        කර්පුර හරිද්‍රා

·        ආම්රගන්ද

·        හරන්

හොදින්  පැසුණූ  කහ අලය , රතු  පැහැයට  හුරුය. කුංකුම පැහැයට  හුරු පැහැයක්  ගන්නා  කහ ඖෂධ ගුණයෙන්  ඉහළ බව කියවේ.

ඖෂධිය ගුණ

කප හා  වාතය සමනයට  ගුණදායක කහ ඖෂධය, පිත වර්ධනය කිරිමකින් යුක්ත වන බැවින්  ග්‍රැස්ට්‍රයිටීස් රෝගින්ට  සහ  පිත්තාශයේ  ගල්  ඇති විටද කහ  භාවිතය සිමා  කිරිම රෝගි තත්ත්වයට  ගුණදායකය.

ශරිරයේ  ඉදිමුම්  සහිත වේදනාව සමනය කිරිමටත්, කුෂ්ඨ හා තුවාල පිරිසිදු  කිරිමටත්  අමු  කහ භාවිතා කෙරේ. (ආහාර රුචිය ඇති  කිරිමට ච කහ ඉතා  යෝග්‍ය  ඖෂධයකි.

අන්ත්‍රගත කෘමිනාශක ගුණයක්  ඇති  නිසාම කහ සියලු  වයස්වල පසුවන්නේ  පණුරෝග සමනයට ද වඩාත්  යෝග්‍යය වේ.

 හික්කාවෙන්  පෙළෙන රෝගින්ට වියළී කහ පුලුස්සා  ඇවිළෙන විට එකවර  නිවා දැමිමේදි  නගින දුම ගුණදායකය.

ශරිරයේ ඇතිවන ආසාත්මිකතා  සඳහා  අමු පොල්  කොළ දුමට  කහ කුඩු දමා  දුම ඇල්ලිමෙන්  ගුණය ලැබේ.

රුධිරයේ සුදු සෛල වැඩි කිරිමේ  ගුණයකින්  යුතු  කහ, ඇදුම රෝගින්ට  මී පැණි සමඟ මිශ්‍රකර  ගැනිම ද යෝග්‍යය වේ.

පුරස්ථිත ග්‍රන්ථි ඉදිමුණ රෝගි  තත්ත්වය සඳහා කහ භාවිතය ගුණදායක අතර  මල්ගෝවා  ව්‍යාංජනයට  කහ වැඩිදුර  දමා  ගැනිමෙන් , පුරස්ථිත  ග්‍රන්ථි  ආශ්‍රිතව සහ පියයුරු ආශ්‍රිතව ඇතිවිය හැකි  පිළිකා  තත්ත්ව පාලනය කරගත හැකිය.

ස්වාභාවිකවම අක්මාවේ  ඇතිවන විෂ  තත්ත්ව ඉවත්කර  රුධිරය පිරිසිදු  කිරිම ද ගුණදායකය.

                                            images-(3)35

ශරිරයේ ඇතිවන අර්බුද ග්‍රන්ථි ගෙඩි වලට  රුධිරය ගමන් කිරිම අඩුකිරිම නිසා  පිළීකාවන් වර්ධනය විම සිමා  කිරිමටත් , තුවාල පටකවල නව පටක වැඩි  තුවාල ඉක්මණින්  සුව විමටත්  කහ උපකාරි වේ.

ගංසුරිය කොළ පොතු ,අමුකහ එකට  දමා තැම්බු  ජලය තුවාල සේදිම සඳහා  භාවිතා  කිරිම ද ගුණය.

ශරිරයේ  ඇතිවන කුෂ්ඨ  , දද , ඇති  අවස්ථාවේදි  අමු කහ කොටා ගැල්විම හෝ තම්බා  වතුරෙන්  සේදිම ද යෝග්‍යය.

දිලිරි  ආසාදන වළක්වා ගැනිමට  හින්  නිදිකුම්බා  අමුකහ දමා තම්බා  ඇත්තෝර කොළ ද අමුකහ සමඟ අඹරා තලපය ගැල්විම ද සුදුසුය.

සියඹලා  කොළ අමුකහ සමට  ගෙන තම්බා  හෝ කොටා ශරිරයේ  ගැල්විමක් ආසාත්මිකතා  අවම කරගත හැකි  බව ආයුර්වේදයේ පෙන්වා  දේ.

ශරිරයේ  වේදනා  සහිත තැන්වලට  කහකුඩු  වියළි ඉඟුරු  සමඟ මිශ්‍රකර විනාකිරෙන්  අනා  ශරිරයේ  වේදනා  සහිත ඉදිමුන ස්ථානයට  පැලැස්තර  යෙදිය හැකිය.

රුව වැඩි කිරිමට  භාවිතා  කරන ආයුර්වේද පැක් වර්ග, ස්ක්‍රබ් වර්ග , ක්ලෙන්ස් වර්ග අතර ද ප්‍රධානම අමුද්‍රව්‍ය  ලෙසට  භාවිතා  කරන කහ වඩාත්  යෝග්‍ය වන්නේ  ස්වභාවික කහ අමුවෙන්  ගැනිම බව ද මතක තබා ගත යුතුය.

කහ ශරිරයේ  ගැල්විමෙන්  මැරුණූ සම ඉවත් වන බව විද්‍යාත්මකව තහවුරු කර  ඇති  කරුණකි. එම නිසාම සම පැහැපත්  කිරිමේ  ආලේපනයක්  ලෙසත්  අකලට  සම වයසට  යෑම වැළැක්විමේ  ඖෂධයක  ලෙසත්  අතිතයේ  සිට අද දක්වා  කහ භාවිතා  කර  තිබේ.

එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.



අදහස් (2)

කහ වල ඖෂධීය ගුණ

Pewmini Thursday, 26 May 2022 09:33 AM

හොඳයි...!

:       1       12

චෙනුල් සුපේක් Wednesday, 29 November 2023 03:26 PM

ගොඩක් හොඳයි...

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාතර මිලියනපතියන්ටත් අස්වැසුම
2024 දෙසැම්බර් මස 12 676 0

දකුණු පළාතේ ඇතැම් අස්වැසුම ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ ආධාර මුදල් ලැබෙන බැංකු ගීණුම් හිමි ශාඛාවේම රුපියල් මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතු ගිණුම් තිබෙන බව ද


කලල්පිටියේ අනතුරින් පහක් රෝහලට
2024 දෙසැම්බර් මස 12 661 0

කොළඹ මහනුවර මහා මාර්ගයේ නිට්ටඹුව කලල්පිටිය ප්‍රදේශයේ දී අද පස්වරුවේ පුද්ගලික බස් රථයක් හා වෑන් රියක් මුහුණට මුහුණලා ගැටීමෙන් තුවාල ලැබූ පස් දෙනකු වත


ජනපති මුදල් අමාත්‍යංශය කැඳවයි
2024 දෙසැම්බර් මස 12 855 0

රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස්


අද ලැබුණු බණ්ඩි පෝර ඔක්කොම නොමිලේ බෙදා දෙනවා
2024 දෙසැම්බර් මස 12 657 0

ලෝක ආහාර වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට අද (12) ප්‍රදානයක් ලෙස ලැබුණු මියුරියේට් ඔෆ් පොටෑෂ් (බන්ඩි පොහොර) මෙට්‍රික් ටොන් 55,000 වී සහ පොල් ගොවීන් සඳහා නොමිලේ බෙදා ද


මානසික ආබාධ දරුවා මුදලට විකුණු එක්දරු පියා වසර 30ක් හිරගෙට
2024 දෙසැම්බර් මස 12 748 0

මානසික ආබාධ සහිත දැරියක් බලහත්කාරයෙන් රඳවාගෙන ගණිකාවෘත්‍තියේ යෙදවීම ඇතුළු චෝදනාවන්ට වරදකරු වූ 37 හැවිරිදි එක්දරු පියකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත


රටවිරු දූ දරු ශිෂ්‍යත්ව අයැදුම් කාලය 31 න් අවසන්
2024 දෙසැම්බර් මස 12 205 0

රටවිරු දූ දරු ශිෂ්‍යත්වය සදහා අයදුම්පත් කැඳවීම නොවැම්බර් මසදී ආරම්භ කළ අතර එම කාලය දෙසැම්බර් මස 31 වැනිදායින් අවසන් වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ත


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 16 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 92 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 59 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site