(සුමිත් පොතුපිටිය)
පාසල් සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකට මැදිහත්ව පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ඇතුළු හත්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය රජයන් ගණනාවකදී අමාත්‍ය දුර දරා ඇති හිටපු අමාත්‍යවරයෙකුගේ එවකට සම්බන්ධීකරණ ලේකම් වරයෙකු මෙන්ම කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වරයෙකු බව පොලිසිය කීය.
කළුතර ප්‍රධාන පාසලක සිසුන් පිරිසක් අතර නාගස් හන්දිය ගාලුපාරේ පෙරේදා දහවල් ගැටුමක් සිදුව ඇති අතර, එය සමතයකට පත් කිරීමට යාමෙන් පසු සැකකාර හිටපු අමාත්‍ය ලේකම් වරයා ඇතුළු පිරිස පහරදීමට මැදිහත්ව ඇති බව වාර්තා වේ.
පහර කෑමක් හේතුවෙන් 10 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවකු කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, ඔහු වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවද රෝහල් ප්‍රකාශකයෙක් කීය.
සැකකාර හිටපු උප සභාපතිවරයා ද පහරදීමක් සිදුව ඇති බව සඳහන් කරමින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත්ව ඇති අතර, ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කීය.
අත්අඩංගුවට ගෙන ඇති සෙසු සැකකරුවන් හය දෙනා පොලිස් ඇප මත මුදා හැරී ඇති බවද සදහන් වේ.
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකාරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතා ගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වති.
පුවත්පත් මුද්‍රණ කඩදාසි හා තීන්ත මිල අඩු කළ යුතුව තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අසත්‍ය පුවත් පළ කරන වෙබ් අඩවි යම් නියාමනයකට ලක් කරන්න බලාපොරොත්තු වෙන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා අධිකරණ නියෝගයට අනුගත නොවුණ හොත් සැකකරුවන් නීතිය හමුවට රැගෙන එන ක්‍රමවේදවලට අනුව අත්අඩංගුවට ගැනීමට කටයුතු ක
පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසා
රජයේ රෝහල්වල ජල භීතිකාව සඳහා දෙන එන්නත් වල හිඟයක් ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
කළුතර ප්‍රා:සභාවේ හිටපු උප සභාපති ඇතුළු 7ක් අත්අඩංගුවට