IMG-LOGO

2024 සැප්තැම්බර් මස 05 වන බ්‍රහස්පතින්දා


ක්ලබ් වසන්ත රට වටේටම ණය වෙලා

(ගයාන් සූරියආරච්චි)

අතුරුගිරියේදී නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් මියගිය ක්ලබ් වසන්ත නමැත්තා මිය යන විට රට වටේටම ණය වූ අතේ සතේ නැති පුද්ගලයකු බවට දැනට අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

ඔහු ඒ බව පැවසුවේ අද බත්තරමුල්ල මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

 මියගිය ක්ලබ් වසන්ත නැමැත්තා  සුඛෝපභෝගී ජීවිත ගත කරන වීඩියෝ පට විවිධ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වුවද ඔහුගේ ව්‍යාපාර බංකොලොත්වී රටටම ණය වී ඇති බව මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව අමාත්‍යවරයා පැවසීය.



අදහස් (20)

ක්ලබ් වසන්ත රට වටේටම ණය වෙලා

sk Thursday, 18 July 2024 02:06 PM

මෙයා මෙහෙම කීවට ඔක්කොම ඇමතිවරු තමයි හිටියේ

:       14       129

Pathum asanka Thursday, 18 July 2024 10:01 PM

එයාට මුදල් තිබුණාද? නැද්ද? ඒක අපිට අදාල නෑ.. මැරුනේ වෙඩි තියලා පට්ට දවාලේ ඒ ගැන කියන්න...

:       1       34

පිටිගල මිලානෝ Thursday, 18 July 2024 02:18 PM

ක්ලබ් වසන්තයියා සල්ලි පිරිසිදු කරන දාර ලොන්ඩරියක් වගේම කලේ නොමනා ව්‍යාපාර සහ වැඩ. මොහු මිලානෝ වලටත් ඇවිල්ලා ලොකු ෂෝ එකක් දැම්මා. මොන්සා අලියෙක් ලොකු පාටියක් දුන්නා. ඒකෙ හිටියේ මිලානෝ ඉන්න අපතම සෙට් එක. ඒඒ කෙසල් වලට ඒඒ බනිස් වගේ.

:       12       94

Indhika Thursday, 18 July 2024 02:18 PM

මූ වගේ කාලකන්නියෙක්. රටේ දේශපාලුවන්ගේ තත්වේ තමා ඔය වගේ ගොන් කතා වලින් ලෝකෙට පෙන්නන්නේ.

:       15       120

අරවින්ද මොනරවිල Thursday, 18 July 2024 02:30 PM

ඝාතකයන් හොයන එක පැත්තකට තියලා පොලිස් ඇමතියා ක්ලබ් වසන්තගේ දේපොල හොයන්න පටන් අරන්.

:       10       118

Dhammika Wickramasingha Thursday, 18 July 2024 02:47 PM

ඔයා මොන වගේ ඇමැති කෙනෙක්ද? කොහොද ඔයාගේ මනුස්සකම .. මිනිමරුවන් නිතිය ඉදිරියට ගෙන්න

:       5       58

Roshan Thursday, 18 July 2024 02:57 PM

ඒ කියන්නේ මෙයාගේ සල්ලි වලට කවුරු හරි විදින්න හදන්නේ

:       1       52

don Thursday, 18 July 2024 03:47 PM

උගේ සබ්බසකලමනාවම යුක්තියේ මෙහෙයුම නාමයෙන් සූරාගෙන අන්තිමේට මරලා දාපු සිද්ධියක් වගේ මටනම් පෙනෙන්නේ

:       9       75

විජිත් Thursday, 18 July 2024 04:22 PM

ඔය කතාව ටිරාන් අලස් කියන්න ඕනා නැහැ. ඒ ගැන කවුද නොදන්නේ ? කොටියට කප්පම් ගෙනිච්ච පින්ගුත්තර ත්‍රස්තවාදියා ඔහේ කියවනවා, පුලුවන්නම් ක්ලබ් වසන්තට වෙඩි තියපු දෙන්නාව හොයලා ගන්නවාකෝ. ඒ ගැන මිනිහා කතා නැහැ. දැන් ඉතින් ඇමතිකමේ කාලය තව මාස දෙක තුනයිනේ ..ඊට පස්සේ හිරේ. ක්ලබ් වසන්ත විතරක් නොවෙයි රටේ ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙක් ණයවෙලා තමයි තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්නේ. හැබැයි ඒගොල්ලෝ ඒ " සීමාව " නොදැනුවත්වම පහුකරගෙන ගිහින්..රටේ ඉහලම නමක් පරම්පරා දෙකක් රැකගෙන ආපු ව්‍යාපාරික පවුල් අද බංකොලොත්වෙලා.ඒ ණය වුන කතන්දර එලියට එන්නේ ඒ ව්‍යාපාරිකයා මියගිය පසුවයි.පුදුමවෙන්න එපා දවසක ලංකාවේ ලොකුම සල්ලිකාරයායි කියාගන්නා රතුපස්වල මිනීමරුවා මැරුණ දවසක කියයි " ඇඳගෙන හිටපු කලිසම " හැර ඔක්කොම ණයට ගත්ත ඒවා කියලා.

:       11       100

Anura Thursday, 18 July 2024 04:54 PM

හොරු වෙනුවෙන් හොරු...

:       3       49

Ariyathilaka Thursday, 18 July 2024 06:44 PM

ණය ඉල්ලීම, ණය ගැනීම, සහ ණය දීම මෙරට නීතිය අනුව නීති විරෝධී නැත. මියගිය පුද්ගලයාට ඔහුගේ වටිනා ම දේ නැති වී ඇත. එනම්:- ඔහුගේ පණයි. ඔහුගේ පණ බලහත්කාරයෙන් අහිමි කර ඇත. ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 3 වැනි ව්‍යවස්ථාවේ "ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍ය අත්හළ නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයද ඇතුළත් වන්නේ ය." යනුවෙන් ව්‍යවස්ථා කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි "ජනතාවගේ පරමාධිපත්‍ය” යන වචනය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ඉදිරි ව්‍යවස්ථා සියල්ල පිහිටා ඇත. මෙතෙක් ඇමරිකා, මහා බ්‍රිතාන්‍ය (අලිඛිත), ප්‍රංශය ඉන්දීය ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුළ ද ඒ ස‍‍‍‍‍‍‍ඳහා දී ඇති අර්ථයන්, එහි සැබෑ තේරුම සෘජුව ස්පර්ෂ නොකරයි. "ජනතාවගේ පරමාධිපත්‍ය" නම් සෑම කෙනෙකුගේ ම පණට තිබෙන අයිතියයි. සෑම කෙනෙකුට ම පණ රැක ගැනීමට තිබෙන අයිතිය යි. සෑම කෙනෙකුම විසින් සියලු දෙනාගේ පණ රක්ෂා කර දීමට ඇති අයිතිය යි. “පරමාධිපත්‍ය අත්හළ නොහැක්කේ ය.” කිසිවෙකුගේ පණ කිසිවෙකුටත් ම අත්හැරිය නො හැක.

:       4       42

Ariyathilaka Thursday, 18 July 2024 05:05 PM

අනෙකාගේ පණට ගෞරව කළයුතු නොවන්නේද? සැමදෙනා විසින් ගෞරවයෙන් රැකිය යුතු තමාගේ මෙන්ම අනෙකාගේ පණ, මිය ගිය පුද්ගලයාට අහිමි වී ඇත. නිකන් ම නොව සාහසික අපරාධ කරුවන් විසින් අහිමි කර ඇත. එසේ නම් ඒ අපරාධය විමර්ශනය කිරීමේව්දී මියගිය තැනැත්තා රට වටේට ණය වී ඇති බව අනාවරණය වූ පසු මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් කියා සිටින්නේ මේ අපරාධයේ, රටේ ජනතාව විසින් දැන ගතයුතු ප්‍රධානම දේ එය යැයි කියාද? එය රටේ ජනතාවට දැන ගැනීමෙන් ඵලය කිම? මේ පරාදය සම්බන්ධව සොයාගත් අවශ්‍යම වූ ප්‍රධානත ම වූ සහ හොඳම සොයා ගැනීම එය නිසාද? පණ ආරක්ෂා කර දීමේ ප්‍රධාන වගකීම රජය සතුයි. මියගිය පුද්ගලයාගේ පණ රැක දී ගත නොහී, ඔහු මියගිය පසු මිය ගිය පුද්ගලයා “මිය යන විට රට වටේටම ණය වූ අතේ සතේ නැති පුද්ගලයකු බව” කීම ඔහුගේ පණට කළ නිගාවක් නොවන්නේද? ණය වී ඇති නම් අතේ සතේ නැති නම් මිය ගියාට කමක් නෑ කියන්නා සේය. මියගිය තැනැත්තාට එසේ නම් ජීවත්ව සිටින පුද්ගලයින්ටද එය එසේ ම යැයි කියා අපට නො සිතා සිටීම නොහැක.

:       6       69

Ruwan De Silva Thursday, 18 July 2024 06:15 PM

යුක්තිය මෙහෙයුම නමට විතරයි තාම වසන්තට වෙඩිතියපු එකෙක්වත් ඇල්ලුවේ නෑ ටැටූ කඩේ එකා හිරේ යයි අන්තිමට එයා වෙඩි තිබ්බේ කියලා. ඔක්කෝම දේශපාලන සම්බන්ධකම් තියෙන්න පුළුවන්. තව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්වත් මහා දවල් මැරුවා යුක්තිය මික් නෑ. ඔයිට වඩා හොඳයි අර රන්ජන් රාමනායකගේ වන්ෂෝට් වන් චිත්‍රපටිය...

:       0       4

Premasiri Dayananda Friday, 19 July 2024 06:11 AM

මැරුණු මිනිහාගේ ණය ගැන කියලා වැඩේ අහවර කරන්න බැහැ. ඒ පවුලේ අයට යුක්තිය ඉටු විය යුතුයි...

:       0       13

Swene Haputhantirige Friday, 19 July 2024 08:01 AM

මහජනයාට විවිධ ප්‍රචාර සිදු කිරීමෙන් වැළකි ඝාතකයා සොයා ගන්න හලෝ

:       1       14

Jayasekara Friday, 19 July 2024 09:16 AM

අපිට කෙනෙක්ගේ පුද්ගලික ජීවිතේ වැඩක් නෑ. වගකිවයුතු ඇමැති කෙනෙක් හැටියට ඒවා සොයා නොබලා ප්‍රසිද්ධියේ කීම හරිම වැරැදියි. අනුන්ගේ ඒවා හොයන්නේ නැතිව. යුක්තිය විසඳලා දෙන්න ඒ පවුලට. නිකන් වාචාල කමින් දොඩවන්නේ නැතිව...! 

:       1       7

Rata Perata Friday, 19 July 2024 11:57 AM

ඊළඟ ආණ්ඩුවකින් වත්කම් හොයන්න ඕන උන්ගේ පළවෙනි එකෙක් තමයි මෙයා.. ත්‍රස්තවාදීන්ට සල්ලි දුන්නා

:       0       9

Athula Friday, 19 July 2024 03:59 PM

ප්‍රශ්නය ඔහුව මැරුවේ කවුද කියලා හොයන එක.. කියන එකා ජාතියටම ණයයි.. තඩි හොරෙක්... අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද පේනවා. තමුන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නැහැ කියලා කථාවක් තියෙනවා...

:       3       6

පාකේ ඩිස් Friday, 19 July 2024 09:49 PM

වසන්තය නිය වෙච්ච රෙද්දවල් අපිට වැඩක් නෑ... එයාට වෙඩි තියපු කෙනා හොයන්න.

:       0       5

බද්රානි Monday, 22 July 2024 02:05 PM

ඒ මනුස්සයා රටටම ණය වෙලා නම්, ඒක, ඒ ණයකාරයෝ බලා ගනීවි...අපිට මොකටද අනුන්ගේ පැටිකිරියවල්... නමුත්, ආයුධ දෙකකුත් අරගෙන ඇවිත්, මහා දවාලේ වෙඩි තියලා ගිය මිනීමරුවන්ව අල්ලන්න තවමත් සිරි ලංකා පොලිසියට බැරිවෙලා...අර ආයුධ දෙකෙන් තව කීදෙනෙකුට වෙඩි තියයිද දන්නේ නැහැ.... කැළෑ පත්තර කාරයොත් පළකරන්නේ අවශ්‍ය දේ නෙවයි... අනුන්ගේ ඕපාදුප.... නොදකින් මෙහෙමත් අබිලිංලා ...

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොව වැඩිම මෝටර් රථ එකතුවේ හිමිකරු
2024 සැප්තැම්බර් මස 04 620 0

බෲනායි සුල්තාන් හසනාල් බොල්කියා ලොව විශාලතම මෝටර් රථ එකතුවේ හිමිකරු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ත්‍රිපුද්ගල අධිකරණය මුදාහල සැකකරුවන් පංච පුද්ගල අධිකරණයෙන් කැඳවයි
2024 සැප්තැම්බර් මස 04 987 0

ජාවාරම් කිරීම සඳහා කුඩු කිලෝ 196ක් ලංකාවට රැගෙන එද්දී 2019 වසරේ උතුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද කුඩු ජාවාරම්කරුවන් පස්දෙනාට එරෙහිව නඟා තිබු කුඩු ග්‍රෑ


කොළඹ වරයෙන් හමු වූ මිනිස් ඇටකටු ගොඩ ගැනීමට අවසර
2024 සැප්තැම්බර් මස 04 826 0

වරාය අධිවේගී මාර්ගය ඉදිකිරීම් කටයුතු කිරීමේ දී කොළඹ වරාය පොලිසිය ඉදිරිපිට වට රවුමේ මතු වූ මිනිස් ඇටකටු ගොඩ ගැනීම හෙට (05)වැනි දා ආරම්භ කරන ලෙසට කොළඹ ප්‍ර


මන්ත්‍රීවරු අටක් නිමල්ට,දුමින්දට සහ දයාසිරිට එරෙහිව උසාවි යති
2024 සැප්තැම්බර් මස 04 946 0

ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට නොහැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රකාශ කරන්නැයි ඉල්ල


හෙරොයින් අතුරුදහන් කිරීමට සැකපිට භාණ්ඩ භාරකාරවරයා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 04 244 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරෙන භාණ්ඩ භාරකාරවරයා ලබන 12


ජරාජීරණ වූ පරාජිත අන්ත දුෂිත දේශපාලන හවුල් වලට යන්නේ නැහැ
2024 සැප්තැම්බර් මස 04 427 0

සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය මොනම හේතුවක් නිසාවත් රට විනාශ කරණ කල්ලි එක්ක සහ ජරාජීරණ වූ පරාජිත අන්ත දුෂිත දේශපාලන හවුල් සමග එකතුවෙන්නේ නැති බැව් ස


වැඩි දෙනා කියවූ පුවත්



ගීතා කේන්තියෙන්
2024 අගෝස්තු මස 15 12306 27

තලතා පැත්ත මාරු කරයි ?
2024 අගෝස්තු මස 21 11638 46

කොණ්ඩේ හදන්න ගිහින් විස වෙලා
2024 සැප්තැම්බර් මස 01 11316 1

මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1695 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 812 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 645 4
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site