(වසන්ත චන්ද්‍රපාල)
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිංචි සිසුන්ට නිවාඩු ලබා දී සිසුන් අනාරක්ෂිතව ට්‍රැක්ටරයක් දමා නිවෙස්වලට යැවිම පිළිබදව එම අරාබි විදුහලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයකු සමග තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම සිසුන් නිවසට යැවිමට විදුහල්පතිවරයා ඇතුලු ආචාර්ය මඩුල්ල තිරණය කර ඔවුන් විදුහලෙන් ඉකුත් 26 වෙනි දින පිටත් කර ඇත.
කාර්තිව් හන්දිය දක්වා පැමිණි මෙම සිසුන් සමන්තුරේ බලා යෑමට වාහනයක් නොතිබු නිසා මාවඩිපල්ලි මාර්ගයේ ගමන් කරමින් තිබු ටැක්ටරයක නැගි සමන්තුරේ දක්වා යෑමට පිටත්ව ගොස් තිබේ.
එම යන අතරතුරදි ටැක්ටරය පාරෙන් ඉවතට පැන පෙරලිම නිසා සිසුන් හයදෙකකු ඇතුලු අට දෙනකු අතුරුදහන්විය.
ට්‍රැක්ටරයේ ගමන් ගත් සිසුන් පස්දෙනකු පමණක් බේරා ගැනිමට අවට සිටි පිරිස් සමත්වූහ.
මෙම සිදුවිම පිළිබදව අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි එන්. ජයපත්ම මහතා ගේ උපදෙස් පරිදි විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ අතර එම පරීක්ෂණය අක්කරපත්තුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේසිංහ මහතා විසින් සිදුකර මෙම සිව්දෙනා අත් අඩංගුවට ගැනිම සිදුකරනු ලැබිය.
කොළඹ 15 පෞද්ගලික ගබඩා සංකීර්ණයක් වැටලූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් එහි සගවා තිබූ කහ කිලෝ ග්‍රෑම් 765 ක් අධිකාරිය බාරයට ගෙන තිබේ.
පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙ
වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරකටපැමිණි වනඅලියෙකු කුඹුරේ මඩේ එරීමෙන් යාගත නොහැකිව වැටී සිටින බවට ප්‍රදේශවාසීන් විසින් වව්නියාව වනජ
නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් ඩෙල්ෆ් දූපතට අයත් නෙදුන්තීව් රෝහලේ සිටි අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට