IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


කැස්බෑවේ ඡන්ද මධ්‍යස්ථානයක් භාර නිලධාරිනිය හදිසියේ මිය ගිහින්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්‍ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස රාජකාරී  යොදවා සිටි කාන්තාවකට  හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන්  මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ  පයාගල ඉඳුරුවගොඩ අංක 33 බී, හි පදිංචි ලියනගේ චාමිකා රුවනි ලියනග නමැති (48) හැවිරිදි  අවිවාහක කාන්තාවක බව පොලිසිය කියයි .

කොළඹ අලුත් කඩේ මහාධිකරණයේ වැඩසටහන් සහකාරි අධිකරණ ලෙස රැකියාවේ නිරත මෙම කාන්තාව  කැස්බෑව පොල්හයන භික්ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස ඊයේ (13) දා පෙරවරුවෙ සිට රාජකාරී ආරම්භ කර තිබේ.

ඒ සදහා  මරණකාරිය සමග තවත් කාන්තා නිලධාරින් 15  පමණ රාජකාරීයේ යෙදී සිට ඇති අතර කිසිදු සිවිල් නිලධාරියකු රැඳී සිට නොමැත.
 

ඇය රාත්‍රී 7.40 පමණ භික්‍ෂුණී ආරාමයේ කාමරයක රැඳී සිටියදී හදිසියේ හෘදයාබාධයකට ලක්ව තිබේ. එහිදී රැඳී සිටි පොලිස් නිලධාරින් ක්ෂණිකව ප්‍රතිකාර සඳහා ඇය පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් මියගොස් ඇති බව වෛද්‍යවරුන් පවසා ඇත. මෙම සිද්ධියෙන් ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරී කටයුතුවලට කිසිදු බාධාවක් සිදුව නොමැති බව පොලිසිය කියයි.

 

.

 



අදහස් (1)

කැස්බෑවේ ඡන්ද මධ්‍යස්ථානයක් භාර නිලධාරිනිය හදිසියේ මිය ගිහින්

Indrani wijesinghe Thursday, 14 November 2024 12:37 PM

ඇයට උතුම් නිර්වාණ සුවයම ලැබේවා... මරණයට දිනයක් තැනක් වේලාවක් නොමැති බව මිනිස්සුන්ට පෙන්වන්න හොඳ අවස්ථාවක්..!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 14 1351 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


රත්නපුර තැපැල් ඡන්දවලින් ජාජබ ඉදිරියෙන්
2024 නොවැම්බර් මස 14 942 0

රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ඡන්ද තැපැල් ඡන්ද ඡාතික ජන බලවේගය ඡන්ද 24,776ක් ලබා ගත් අතර සමගි ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛයාව 2969කි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරම


ගාල්ල තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 14 2421 2

පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි.


චාල්ස් රජුට 76 යි
2024 නොවැම්බර් මස 14 246 1

තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව


’’ප්‍රතිඵලෙන් පසු පෙළපාලි බෑ’’
2024 නොවැම්බර් මස 14 280 0

මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස


මනාප ඡායාරූප ගත කළ තවත් අයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 14 206 0

ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 235 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 557 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1666 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site