IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


කුඩ්ඩන්ට වෙන දේ පොලිස් ඇමැති කියයි

(හේමන්ත ද සිල්වා)

මත්කුඩු ජාවාරම හා පාතාලය මේ රටින් තුරන් කිරීම සදහා හෙට (17) අලුයම සිට සතියක් පුරා විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා අද (16) පෙරවරුවේ අම්බලන්ගොඩදී පැවසීය.

පොලීසිය සහයට විශේෂ කාර්ය්‍ය බලකාය හා යුද හමුදාව ද ඊට එක්වන බව මහජන ආරක්ෂක ඇමැතිවරයා පැවැසීය.

මත්කුඩු ජාවාරම හා පාතාලය ලබන වසරේ ජුනි මස 30 වන දින වන විට මේ රටින් තුරන් කර සම්පූර්ණ වෙනසක් ඇති කිරීමේ ස්ථිර අධිෂ්ටානයෙන් කටයුතු කරන බවටද මහජන ආරක්ෂක ඇමැති වරයා මෙහෙදී ප්‍රතීඥා දුන්නේය.

කුඩුකාරයන් බේරා ගැනීමට කොයි ලොක්කා කතා කරත් තමා ඊට ඉඩනොදෙන අතර කාටවත් බලපෑම් කිරීමට කාටවත් ඉඩ නොදෙන බවටද මෙහිදී අවධාරණය කලේය.

මත් ජාවාරම පාතාලය ගමෙන් තුරන් කිරීමට එකතු වන ලෙස ප්‍රජා පොලිස් කමිටු නිලධාරීන්ගේන් ඉල්ලා සිටි ඇමැති වරයා කිසිදු අවිශ්වාසයක් තබා නොගන්නා ලෙසත් මේ වැඩ පිළිවෙළේ සිටින කිසිවකුට කිසි දෙයක් වීමට තමා ඇමැති ධූරයේ සිටින තුරු ඉඩ නොතබන බවද ඇමැති අලස් මහතා මෙහිදී පැවසීය.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරුන්ගේ හා මහා සඟරුවන අන්‍යාගමික පූජකතුමන්ලා ප්‍රජා පොලිස් කමිටු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඇල්පිටිය පොලිස් කොට්ඨාසයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාල ශ්‍රවනාගාරයේදී ප්‍රථම වැඩසටහන ආරම්භ කරමින් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා එසේ ප්‍රකාශ කලේය.

 



අදහස් (16)

කුඩ්ඩන්ට වෙන දේ පොලිස් ඇමැති කියයි

Saneera Kanchana Saturday, 16 December 2023 05:00 PM

නියමයි අපි බලන් ඉන්නවා. ක්‍රියාවෙනුත් කරයි කියලා...

:       0       0

Anura Saturday, 16 December 2023 05:45 PM

කිසිවක් නැතිවන්නේ නැත. ලොකුම තනතුර බාරදීපු කෙනා... අංක 01...

:       1       1

Prabha Saturday, 16 December 2023 06:34 PM

දින නියම කරලා කළින්ම කියන්නේ බඩු හංගන්න කල් දෙන්නද?

:       0       1

Sachith Saturday, 16 December 2023 06:41 PM

අපේ ලන්සා ඇමැතිතුමා හොඳටම බයවෙලා ඇත්තේ.. පව්..!

:       0       1

Ranjit Saturday, 16 December 2023 07:38 PM

දැන් ඉතින් කුඩු කාරයෝ සේරම "අපි තමා කුඩු වෙළෙන්දෝ " කියල පිටේ බෝර්ඩ් එල්ලගෙන පොලිසිය එනකල් පාරට වෙලා ඉඳී. අනේ, හොරු අල්ලන්නන කලින් අපි එනවා උඹලා අල්ලන්න කියලා නිවේදන නිකුත් කරන්නේ කොයි රටේද?

:       0       2

sakiu Saturday, 16 December 2023 09:16 PM

ලොකු දෙයක්...!

:       0       0

Sriyal Saturday, 16 December 2023 10:20 PM

ඇත්තටම ඇහැරලාද?

:       0       1

හැරී, Saturday, 16 December 2023 10:27 PM

විකුණන පොඩි අය අල්ලනවාට වඩා කුඩු ගේන ලොකු කුඩ්ඩෝ ඉන්නේ... තමුන් ඉන්න පාර්ලිමේන්තු ගුබ්බෑයමේ නේද?

:       0       1

Sandhya balasuriya Saturday, 16 December 2023 10:49 PM

ආත්ම ගානකට කරන පිනක් බලාගෙන ඉන්නවා අපි එදා වෙනතුරු...!

:       1       0

Perera Saturday, 16 December 2023 11:05 PM

හාල්මැස්සෝ පස්සේ පැන්නුවාට, තල්මසුන්ට මොනවත් වෙන්නේ නෑ. මේවා ඡන්දෙ ලබාගන්න කරන ජවනිකා...

:       0       1

Bamunuarachchi Sunday, 17 December 2023 12:00 AM

ඔහොම දින, වෙලාව, කාලය කියලා ඔයවගේ මෙහෙයුම් කරන්න පුළුවන්ද? අනේ මං දන්නේ නැහැ. කොහොම වුණත් කමක් නැහැ මැටියෙන් වුණත් බලළා පාතාලයෝ අල්ලනවා නම්. අල්ලලා හිරගෙවල් පුරවන්න එපා සුසාන භූමි පුරවන්න පාතාලයින්ට, කුඩු කාරයින්ට මානව හිමිකම් අයිති නැහැ..

:       1       4

Bamunuarachchi Sunday, 17 December 2023 10:45 PM

පාතාලේ කුඩුකාරයෙක් ඩිස් ලයික් දාලා.

:       0       0

රොෂාන් Sunday, 17 December 2023 06:14 AM

කුඩු ගහන අයට තමයි සේරම පාට් සද්ද දාන්නේ... පාර්ලිමේන්තුවේ ඇමැතිලාගේ අනුග්‍රහය ඇතිව කුඩු ගේන කිසි එකෙකුට කිසිම දෙයක් වෙන්නේ නෑ. මොවුන් තාමත් ජනතාව අන්දනවා. හැමතැනම හොරකම්, මැරකම් වෙන්නේ... කුඩ්ඩෝ හරහා පොලිස් අනුග්‍රහය අධීක්ෂණය මත. පොලිසියේ කාට හරි දෙයක් ඕනෑ වුණාම කුඩු, කසිප්පු, ගංඡා මුදලාලිලාට තමයි කියන්නේ... නැත්තන් ඒ පැත්තේ ඉන්න කුඩ්ඩෝ ලව්වා හොරකම් කරවනවා...

:       0       3

Renuka piyante Sunday, 17 December 2023 08:23 AM

ඔබලාට පින් සිදුවේවා.. මේ රටේ අසරණ තරුණ ජීවිත අපරාදෙ නැතිවී යනවා.

:       1       0

Anu Sunday, 17 December 2023 01:57 PM

ඒක එදාට වුණොත් කන කපනවා. කලකට ඉහත එස්ටීඑෆ් එකෙන් පාතාලය මඩින්න ප්‍රහාර වැඩ පිළිවෙල කරගෙන යනකොට රජතුමා හෙලිකොප්ටරෙන් ගිහින් ලන්සාව බේරගත්තා...!

:       0       1

Sharm Monday, 18 December 2023 07:23 AM

ආ.. මූත් ටකේ හොල්ලන්න පටන් අරන් තියෙන්නේ... අර කුඩු ගහන උන් ටිකක් කුදලගෙන ඇවිත් පත්තරෙත් දාලා... ගේන උන්ව මලාට අල්ලයිද?? මේ දේශපාලන විකාර නාට්ටිය දැන් පරන පිටපතක් මචං.. අර මදූෂ් වෙඩි තියන්න කලින් කියපු නම් ගම් ටික පස්සෙන් ගිහින් අල්ලලා පෙන්නපන්කො මහ පොරක් නං...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මිලියන 67,500 ක භාණ්ඩාගාර බැඳුම්කරයක් 13 දා
2025 පෙබරවාරි මස 11 104 0

රුපියල් මිලියන හැට හත්දහස් පන්සියයක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් පෙබරවාරි 13දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


කෝටි 4කට වාලම්පුරි 4ක් විකුණන්න බැරිවෙයි
2025 පෙබරවාරි මස 11 80 0

ත්‍රිකුණාමලය කුච්චවේලි හා හොරොව්පොතාන ජාතික උද්‍යානයේ වනජීවී නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී වාලම්පුරි 04ක් රුපියල් කෝටී හතර හමාරකට අලෙවි කිරීමට ගි


ජනපති පකිස්ථාන අගමැති හමුවෙයි
2025 පෙබරවාරි මස 11 177 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් මහතා අතර හමුවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අද (11)සිදු විය.


කුඩුවලට ඇබ්බැහිවූ පොලිසියේ 17 ක් දොට්ට
2025 පෙබරවාරි මස 11 256 0

පසුගිය මාස 4 ක කාලය තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පොලිස් නිලධාරීන් 17 දෙනකු ස්ථීරවශයෙන් සේවයෙන් පහ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී


දර ලොරියට යට වී සිසුවා මරුට
2025 පෙබරවාරි මස 11 320 0

දර පටවගෙන ගමන් කරමින් තිබු ලොරි රථයකට යටවි පාසැල් සිසුවකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.


නොරොච්චෝලේ බලාගාර හදිසියේ නතර කරන්න බෑ
2025 පෙබරවාරි මස 11 865 0

විදුලිබල පද්ධතිය හදිසියේ නරත කිරීමට සිදුවුවද නොරොච්චෝලේ බලාගාරයට හදිසියේ නතරවීමට නොහැකි බවත් එම අවස්ථාවේදී ආරක්‍ෂක පද්ධතිය ක්‍රියාත්මක වූ පසුව බලා


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 103 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 896 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site