(ඉන්දිකා රාමනායක)
හෙරොයින් කිලෝ ග්‍රෑම් 124 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 344 ක් සමඟ මාලදිවයින වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටී "අශේන් පුතා " ධීවර යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පස්දෙනා මෙරටට පිටුවහල් කළ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
මාලදිවයින් රජය මගින් මෙම සැකකරුවන්ට එරෙහිව නීතිමගින් කටයුතු කිරීමට අදහස් නොකරන බවට පවසමින් මෙරටට පිටුවහල් කර ඇත.
මෙලෙස පිටුවහල් කර ඇත්තේ දෙව්නුවර ප්‍රදේශයේ සහ ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකි. ඉහත මත්ද්‍රව්‍ය තොගය මෙරටට ප්‍රවාහනය කරමින් සිටියදී 2024 නොවැම්බර් මස 14 දින මාලදිවයින වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.
ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභාව වාර්තාව පිළිබඳ විවාදය ආරම්භ කෙරිණ.
දරුවෙකු ලැබීමට දින හයක් තිබියදී නිවස තුළ වැසිකිළිය ඉදිරිපිට එම දරුවා බිහි කළ මවක් සහ දරුවා සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි මාළිගාවත්ත පොලිසිය කියයි.
වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මරණයට පත්වූ බව කියන මීගහකිවුලේ නිමේෂ් සත්සර (25) තරුණයා ගේ මළ සිරුර මිහිදන් කළ ඔහුගේ නිවසට යාබද සුසානභුමියට ඊයේ (09) රාත්‍රියේ
පොලිස් සේවයට 2500ක් කඩිනමින් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
විශ්‍රාමික නාවික යාන්ත්‍රික සෙබළෙකුට අයත් හෝටලයකට පැමිණ පොලිස් නිලධාරීන් බව පවසා රුපියල් ලක්ෂ 45 මුදලක් කොල්ලකෑ බව කියන පොලිස් සැරයන් වරුන් දෙදෙනෙකු,
රජයේ නිලධාරීන්ට ගෙවිය යුතු අප්‍රේල් මස වැටුප අද (10) ගෙවීමට කටයුතු කළ යුතු නමුත් කිසියම් පිළිගත හැකි හේතුවක් මත සංශෝධිත වැටුප ගෙවීමට අපොහොසත් වුවහොත් ම
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
කුඩු එක්ක කොටුවූ ධීවරයෝ මාලදිවයිනෙන් පන්නති
idr tharanga Friday, 04 April 2025 12:09 PM
ඉතාම හොද තීරණයක්. රටේ මිනිස්සුන්ගේ බදු සල්ලිවලින් මොවුන් පෝෂණය කිරීම සුදුසු නෑ
රම්බොඩ Friday, 04 April 2025 01:54 PM
කුණුකසළ අදාළ තැනටම විසිකරලා දාලා. නැත්නම් බොරුවට වියදම් කරන්න එපැයි. මොවුන් ඉතින් අපේ රටේදි නිදොස් කොට නිදහස් වෙයිද දන්නේ නෑ. ඊට පස්සේ ආයෙත් ගජරාමෙට වැඩේ කරයි. මේ තරම් තොග එව්වාගෙන් රොටී හදන් කනවාද දන්නේ නෑ.