(ගයාන් සූරියආරච්චි)
පසුගිය මාස 4 ක කාලය තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පොලිස් නිලධාරීන් 17 දෙනකු ස්ථීරවශයෙන් සේවයෙන් පහ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.
පොලිසියට අනුයුක්තව රාජකාරී සිදුකරමින් මත්ද්‍රව්‍ය භාවිත කරන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් නිලධාරී ලැයිස්තුවක් ලබාදී ඇති අතර එම ලැයිස්තුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා හරහා සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ඒ අනුව එම ලයිස්තුගත නිලධාරීන් පිළිබදව විමර්ශන පවත්වා ඔවුන් වෛද්‍ය පරීක්ෂණවලට යොමුකර එහිදී මත්ද්‍රව්‍ය භාවිත කරන බවට තහවුරු වුවහොත් පොලිස් සේවයෙන් පහ කිරීමට කටයුතු කරන බවද මනතුංග මහතා පැවැසීය.
මත්ද්‍රව්‍ය භාවිත කරන තවත් නිලධාරීන් ගණනාවක් පිළිබදව විමර්ශන සිදුකරන බවත් එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා මත්ද්‍රව්‍ය භාවිත කරන බවට තහවුරු වුවහොත් කිසිදු සමාවක් නොමැතිව දැඩි තීරණ ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
සංචාරකයන් ලෙස පැමිණ , වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් දොළොස් දෙනකු හා වියට්නාම් ජාතිකයකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර
අවමගුල් නිවසක කාන්තාවක සම්බන්දයෙන් ඇතිවූ කතාබහකින් පසු පුද්ගලයකුගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ කාන්තාවකට සහ තවත් පුද්ගලයන් තිදෙනකුට රෝහල් ගත කළ බ
විදුලි කප්පාදුව නතර කරන දිනයක් ගැන නිශ්චිතව කිව නොහැකි යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලය සඳහා වැඩමුළුවක් නාරාහෙන්පිට නිල මැදුර පරිශ්‍රයේ දී අද (11) පැවැත්විණි.
පොලිස් ස්ථානාධිපතිවරුන් 139 කට අද (11) එකවර ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කුඩුවලට ඇබ්බැහිවූ පොලිසියේ 17 ක් දොට්ට
Jayantha Tuesday, 11 February 2025 08:06 PM
මොන දාහතක්ද පන්දහට වැඩිය ඉන්නවා