IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට

(ටී.කේ.ජී.කපිල)

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ, එරට මධ්‍යම බන්ධනාගාරයේ  (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට සිර දඩුවම් විදිමින් සිටින ශ්‍රී ලාංකික සිරකරුවන් 104 දෙනෙකු අතරින් 32 දෙනෙකු, ඉතිහාසයේ පළමු වතාවට, කුවේට් රාජ්‍යයේ සිට විශේෂ ගුවන් යානකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (25) පස්වරුවේ පැමිණ තිබුණි .

මෙම ශ්‍රී ලාංකිකයන්  කුවේට් රාජ්‍යය තුළ භයානක ඝනයේ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, වෙළෙඳාම් සහ ජාවාරම් කිරීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කර වැරදිකරුවන් වූ පිරිසකි .

මොවුන් අතරින් කොටසක් ශ්‍රී ලංකාවට එවීම සදහා ඉකුත් මාර්තු මාසයේ සිට කුවේට් රාජ්‍යයේ  ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා ප්‍රයත්න දරා තිබූණි .

පසුව කුවේට් රාජ්‍යයේ රජතුමා සහ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සමග ශ්‍රී ලංකා තානාපතිවරයා  පැවති සමීප සබදතා උපයෝගී කර ගනිමින්  සහ ඔවුන් සමග මේ පිළිබඳ සාකච්ඡා වට ගනනාවක් සිදු කිරීමෙන් අනතුරුව , මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙරටට එවීම සදහා කුවේට් ගුවන් හමුදාව සතු විශාලතම සී.- 17 වර්ගයේ ගුවන් යානයක් නොමිලේ ලබා ගැනීමට සමත් වී තිබුණි .

මෙම ශ්‍රී ලාංකික සිරකරුවන් භාර දීමට පියවර ගෙන තිබුණ ද එම සිරකරුවන් හුවමාරු ගිවිසුම යටතේ මෙරට සිර දඩුවම් විදිමින් සිටින කුවේට් සිරකරුවන් කිසිවෙකු නොසිටීම විශේෂත්වයකි .



අදහස් (0)

කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 341 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 462 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 453 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1500 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


හඳුන්නෙත්ති මහජනතාවට අමාත්‍යාංශයේ දොර අරියි
2024 නොවැම්බර් මස 25 1963 0

වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.


මෙන්න මහා අපරාධයක්
2024 නොවැම්බර් මස 25 2468 2

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 529 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 741 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2063 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site