IMG-LOGO

2025 පෙබරවාරි මස 23 වන ඉරිදා


කොටහේනේ ඝාතනය ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක්

(ගයාන් සූරිය ආරච්චි)

කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට ඊයේ (21) වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක් බවට මූලික පරික්ෂණවලින් අණාවරණය වූ බව පොලිසිය කියයි.

වෙඩි තැබීම කළ බව කියන හිටපු හමුදා සෙබළා සහ යතුරු පැදි කරු ගිනි අවි තොගයක් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ පොලිසියට වෙඩි තබා පලායාමට උත්සහ කිරීමේදී පොලිස් ප්‍රතිප්‍රහාරවලින් සැකකරුවන් දෙදෙනා මිය ගියේය.

රුපියල් ලක්ෂ 2 ක කොන්ත්‍රාත්තුවකට මෙම ඝාතනය සිදු කර ඇති බවත් ඊට අත්තිකාරම් ලෙස සැකකරුවන්ට රුපියල් විසි දහසක මුදලක් ලබා දී තිබූ බවද පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණයය වී ඇත.

කොටහේන ප්‍රදේශයේ ජංගම දුරකථන අලවිසලක් තුළ සිටි ශසි කුමාර් නැමත්තාට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඩුබායි නිපුණ නමත්තාගේ මෙහෙයවීමෙන් පලනි රෙනෝශන් නැමැත්තා විසින් බවට තොරතුරු අනාවරණය වී ඇත.

මිය ගිය සැකකරුවන්  පිළියන්දල ප්‍රදේශයේ පදිංචි (32) හැවිරිදි හිටපු යුද හමුදා සෙබළෙකු සහ මෝදර ප්‍රදේශයේ පදිංචි (35) හැවිරිදි පුද්ගලයෙකි.

හිටපු යුද හමුදා සෙබලා 2015 වර්ෂයේදී යුද හමුදාවෙන් ඉවත් වූ අයකු වන අතර ඔහු එම ඝාතනයේ වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති බව පොලිසිය පවසයි.

කොළඹ උතුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සමරපාල මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී නාලක සේනානායක මහතාගේ මෙහෙයවීම මත කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චි මහතා ඇතුළු විනිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

 



අදහස් (2)

කොටහේනේ ඝාතනය ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක්

Sunaa Sunday, 23 February 2025 09:40 AM

200,000/=කට මිනී මරනවා කියන්නේ මොන සක්කිලි වැඩක්ද? මිනිස්සු එච්චර පල්ලෙහා ලෙවල් එකටම වැටුණාද? ඒ ගාණට මාසෙට හරකෙක්වත් අරගන්න බෑ. හරකෙකුත් 300,000 කට වැඩියි.

:       0       0

Kamal Koyrala Sunday, 23 February 2025 01:10 PM

මාකඳුරේ මදූෂ් චිත්‍රපටය අවසන් නැවැත්ම සිනමා පටය ඩුබායි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සුපිරි වෙළඳසැලෙන් භාණ්ඩ සොරාගත් එස් අයි අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 23 8 0

පේරාදෙණිය පොලිස් වසමේ කිරිබත්කුඹුර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳ සැලකින් රුපියල් 650ක් වටිනා භාණ්ඩ සොරකම් කළ බව කියන පේරාදෙණිය පොලිසියට අනුයුක්ත උප පො


ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් වැඩි කරන්න සැලසුමක්
2025 පෙබරවාරි මස 23 39 0

ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුව සදහා තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් දිරි ගැන්වීමේ අවශ්‍යතාවය පිළිඳව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍


පුංචි ඡන්දෙට මුදල් වෙන් කරයි
2025 පෙබරවාරි මස 23 38 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මේ වන විට රජය වෙන් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයට සූර්ය පැනල සවිකර කරයි
2025 පෙබරවාරි මස 23 166 0

කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගය හරහා ගමන් කරන වන අලි දුම්රියේ ගැටීම වැළැක්විම සඳහා ගල්ඔය හා හිඟුරක්කොඩ දක්වා කොටසේ අඩි 1520 ක සූර්ය පැනල සවිකර ආලෝකමත් කිරීම


ළමා අපයෝජන සම්බන්ධ මහජන පැමිණිලි වැඩි වෙයි
2025 පෙබරවාරි මස 23 110 0

ළමා අපයෝජන සම්බන්දයෙන් 1929 ළමා උපකාරක දුරකථන සේවාව වෙත ඉකුත් වර්ෂයේ දි (2024) ඇමතුම් 29,667ක් ලැබි තිබු අතර ඉන් මහජන පැමිණිලි වශයෙන් ඇමතුම් 7362ක් ලැබි ඇති බැව්


කසිප්පු පෙරූ නාවික හමුදා නිලධාරියා පොලිස් දැලේ
2025 පෙබරවාරි මස 23 147 0

අඹගස්දොව උඩුකිද මැදවෙල ප්‍රදේශයේ නිවසක කාමරයේ නීති විරෝධි කසිප්පු පෙරමින් සිටි නාවික හමුදා නිළධාරියකු අද (23) සැකපිට අත්අඩංගුවට ගත් බව අඹගස්දොව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 153 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 402 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 173 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site