IMG-LOGO

2024 සැප්තැම්බර් මස 18 වන බදාදා


කොණ්ඩේ හදන්න ගිහින් විස වෙලා

( කීර්ති ප්‍රනාන්දු  )

සාදයකට සහභාගි වීම සඳහා සිය හිස කෙස් සකසා  ගැනීම සඳහා මිනුවන්ගොඩ නගරයේ රූපලාවණ්‍යාගාරයකට ගිය කාන්තාවක්හට එහිදී  හිසේ ගැල්වූ ද්‍රව්‍යයන් ආසාත්මික වීම හේතුවෙන් හිස කෙස් ගැලවී යාමේ බරපතල තත්ත්වයක් හේතුවෙන් එම කාන්තාව ගම්පහ මහ රෝහලට ඇතුළත් කළ බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි .

පොලිසිය සඳහන් කරන පරිදි මිනුවන්ගොඩ  බොරගොඩ වත්ත  ප්‍රදේශයේ පදිංචි  35 හැවිරිදි  මෙම විවාහක කාන්තාව  ඉකුත් ( 30 ) දා සාදයකට සහභාගී වීම සඳහා  හිස කෙස් සකසා ගැනීමට  මිනුවන්ගොඩ  බස් නැවතුම්පළ ඉදිරිපිට  සණස වෙළඳ සංකීර්ණය තුළ පිහිටි  රූපලාවන්‍යාගාරයක් වෙත  ගොස් ඇත  .

එහිදී රූපලාවණ්‍යාගාරයේ කටයුතු කරන  ප්‍රධාන කාන්තාව  විසින්  කොණ්ඩය සැකසීම සඳහා රුපියල්  පහළොස්දහසක  කුලිය ලෙස ලබාගෙන ඇත  .

අනතුරුව කොණ්ඩය සැකසීමට  පැමිණි කාන්තාව  කොණ්ඩය සැකසීම සඳහා  හිස ගල්වන ද්‍රව්‍යයන් කීපයක්  ගැල්වීම සිදුකර ඇත  . මෙසේ හිස  ගල්වන ආලේපන යොදා  ටික වෙලාවක් යන විට කාන්තාවගේ  හිසේ ඇති වූ දැවිල්ල සමග දැඩි අපහසුතාවයක් දැනීමට පටන් ගැනීම නිසා  ඇය ඒ බව  හිස කෙස් සකසමින් සිටි  ගැහැණු ළමයින් දෙදෙනාට පවසා ඇත  .

 පසුව එම ගැහැණු ළමයින් දෙදෙනා මෙම කාන්තාවගේ හිස  සෝදා  පිස දැමීම සිදුකළද  ඇතිවූ  අධික දැවිල්ල  හේතුවෙන්  මෙම කාන්තාව  තම හිස අත ගෑමේදී  හිස කෙස්  සම්පූර්ණයෙන්ම ගැලවී අතට  පැමිණ තිබේ . අනතුරුව ඇය රෝහල්ගත කර ඇත.



අදහස් (1)

කොණ්ඩේ හදන්න ගිහින් විස වෙලා

sam Monday, 02 September 2024 10:20 AM

බලන්ඩ පියුම් හංසමාලිගේ බදුද දන්නේ නැ ඔලුවේ ගෑවේ

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රැජිනගේ ඉතාලි මාලිගය කෝටි 1660කට විකුණයි
2024 සැප්තැම්බර් මස 17 633 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ’’පල්මියෙරි විලා’’ ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට ත


ස්පාවකින් බලෙන් සල්ලි ගත් කොස්තාපල් අත් අඩංගුවට
2024 සැප්තැම්බර් මස 17 337 0

සෝදිසි වරෙන්තුවක් ලබා ගෙන පොලිස් කාන්තාවක සමග වැටලීමකට ආවැයි පවසා අනුරාධපුර සම්බාහන (ස්පා) මධ්‍යස්ථානයකට ඇතුළුවී එම ආයතනය සෝදිසි නොකර සිටීමට රුපියල්


නීතිය ක්‍රියාත්මක කරන්නැයි මැකෝට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 17 382 0

ජනාධිපති අපේක්ෂකයෙකු තමාට ඡන්දය දෙන ලෙසට අස්වැසුම ප්‍රතිලාභීන්ට එස්.එම්.එස් පණිවිඩයක් සමග හඬපටයක් යවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍ර


අනුන්ගේ වේදිකාවට නැග්ග තවත් අපෙක්ෂකයෙක් බස්සයි
2024 සැප්තැම්බර් මස 17 1107 0

ස්වාධීන ජනාධිපති අපේක්ෂක පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා පොළොන්නරුව පුලස්තිගම 400 නගරයේදී පැවැති සමගි ජන බලවේ


ශ්‍රීලනිපයෙන් සජබ‍ට ගිය ව්‍යාපාරිකයා පහරදී මරලා
2024 සැප්තැම්බර් මස 17 966 0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ සම්පත් ගමගේ නැමැත්තා හෝමාගම පනාගොඩ සිය නිවෙසේදී පහර දී ඝාතනය කර ඇතැයි මීග


ජනපතිවරණ අවසන් මෙහෙයුම
2024 සැප්තැම්බර් මස 17 428 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සඳහා ඡන්දපොළ වෙත යැවීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සේවක පිරිසක් අද(17)වැනි දා ඡන්ද පෙට්ටි සහ ලිපි ලේඛන සූදානම් කළ අය


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 91 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2151 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 998 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site