දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහිව ගෙනා දෝෂාභියෝගය, එරට ව්‍යවස්ථා අධිකරණය විසින් ඒකමතිකව සම්මත තහවුරු කෙරුණි.
ඒ අනුව, යූන් සුක් යෝල් ජනාධිපති ධුරයෙන් ඉවත් කෙරනු ඇති අතර, දින 60 ක් ඇතුළත ජනාධිපතිවරණයක් පැවැත්වීම ද කළ යුතුය.
යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගේ අප්‍රසාදයට ලක්වුණු යෝල්ට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගය ඉදිරිපත් කිරීම සිදුවූයේ පසුගිය දෙසැම්බරයේය.
එම අවස්ථාවේ දී යෝල්ගේ ජනාධිපති බලතල තාවකාලික හිටුවීම සිදුවිය. දකුණු කොරියානු අග්‍රාමාත්‍යවරයා වැඩ බලන ජනාධිපති ලෙස පත් කෙරුණි.
යෝල්ගේ ජනාධිපති ධුරය අහෝසි කිරීමට නම්, ව්‍යවස්ථා අධිකරණය යටතේ දෝෂාභියෝගය තහවුරු කළ යුතුව තිබුණු අතර එය අද (4) දිනයේ සිදුවිය.
ව්‍යවස්ථා අධිකරණ විනිසුරුවරු අට දෙනාම ඒකමතිකව, දෝෂාභියෝගය තහවුරු කළ බැවින් යෝල් ට ජනාධිපති ධුරය අහිමි විය.
(ඒ.එෆ්.පී.)
ජී.එස්.පී. ප්ලස් බදු සහනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දූත කණ්ඩායමක් මේ මාසය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවස
රතිඥ්ඥා දල්වන විට ඇස් කන්නාඩි පළඳින ලෙස කොළඹ අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඉල්ලීමක් කරති.
නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය පිළිබඳව පැමිණිලි කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව නව ක්ෂණික අංකයක් හඳුන්වාදී ඇත.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අදත් දුම්රිය සහ බස් රථ සේවා යෙදවීමට පියවර ගෙන ඇත.
දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු අධිවේගී මාර්ගයන්හි රිය ධාවනයේදී වේග සීමා ගැන වඩාත් සැලකිලිමත් වන්නැයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂ සියලු රියදුරන්ගෙන් ඉල්ලී
බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ, රොකට්ටුවක් සහ නිව් ෂෙපර්ඩ් ගගන කැල්සියුලයක ආධාරයෙන් කාන්තාවෝ හය දෙනෙක්, අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට සූදානමින් සිට
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
කොරියන් ජනපතිගේ දෝෂාභියෝගය සම්මත වෙයි