(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මුල්ලේරියාව සහ දෙමටගොඩ ප්‍රදේශවලින් අද සවස ගිනි ගැනීම් දෙකක් වාර්තා වූ බව පොලිසිය කියයි.
අංගොඩ හන්දියේ වසා තිබූ වාහන අමතර කොටස් අලුත් වැඩියා කරන ස්ථානයක ඇතිවූ ගින්න එම ගොඩනැගිල්ලට යාබදව පිහිටි දෙමහල් නිවසකටද පැතිරී ගිය බව මුල්ලේරියාව පොලිසිය සඳහන් කරයි.
ඇතිවූ ගින්නක් සමගම කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ තුනක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවන රථයක්ද පැමිණ ගින්න පාලනය කිරීමට සමත් වීමෙන් අවට වෙළඳසැල්වලට පැතිරීම වැළැක්වීමට හැකි වූ බව පොලිසිය කියයි.
ඇතිවූ ගින්නෙන් වාහන අමතර කොටස් අලුත් වැඩියා කරන ස්ථානය හා හිමිකරු පදිංචි දෙමහල් නිවසේ උඩුමහල සහ පහත මහලේ ගබඩා කර තිබූ මෝටර් රථ අමතර උපාංග සමග සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එම දෙමහල් නිවසේ උඩුමහලේ පදිංචිව සිටි සිටි ගරාජයේ හිමිකරුගේ මව ඇතිවූ ගින්නක් සමගම ප්‍රදේශවාසීන් සහ පොලිසියේ එක්ව බේරාගෙන ඇත.
ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ මෙන්ම මුල්ලේරියාව පොලිස් නිලධාරීන්ද,කැලණි මුල්ල යුද හමුදා කඳවුරේ නිලධාරීන්ද මෙන්න ප්‍රදේශවාසීන්ද දැඩි පරිශ්‍රමයක් දැරූ අතර කැලණි මුල්ල යුද හමුදා කණ්ඩායමක්ද එහි අණ දෙන නිලධාරියා සමග පැමිණ සහාය දැක්වූහ.
ගින්න පැවති ගරාජය ඉදිරිපිට කැලණිමුල්ල පැය දෙයකට අධික කාලයක් තාවකාලික වසා දැමීමට පොලිසිය මගින් පියවර ගැනිණි.
ඕස්ට්‍රේලියාවට එරහෙිව අනිද්දා (12) ආරම්භ වන තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වේග පන්දු යවන
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍ර
කොළඹ හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘නවම් මහා පෙරහැර හෙට (11) සහ අනිද්දා (12) වීථි සංචරය කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
ශ්‍රී ලාංකික ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් නව රජය අනුගමනය කරන ප්‍රතිපත්තිමය ක්‍රියාදාමය සහ ඒ වෙනුවෙන් ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය වෙත හිමිවූ අතිවිශාල
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දුඹුරු වලසුන් යුවලක්,හයිනා යුවලක් සහ මියර්කැට් යුවල තුනක් සත්ව හුවමාරු වැඩසටහන යටතේ මෙරට සත්වෝද්‍යාන ප්‍රදර්ශනය සඳහ
ලෝක රාජ්‍ය සමුඵව (WGS)ට සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දූත පිරිස ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපො
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කොළඹ ගිනි ගැනීම් දෙකකින් කෝටි ගණනක අලාභයක්