IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


කෝටි දෙකක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

(එච්.එම්.ධර්මපාල) 

විදේශගත මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු දුරකථන මගින් මෙහෙයවන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනා අයිස් කිලෝ එකක් , හෙරොයින් ග්‍රෑම් 106 ක් හා අලෙවියෙන් උපයාගත් මුදල් රුපියල් 197,000 ක් සමඟ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි . 

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය කිරීමට යොදාගත් ඉලෙක්ට්‍රෝනික තරාදියක්ද, ජාවාරමට යොදාගත් වටිනා ජංගම දුරකථන දෙකක්, මත්ද්‍රව්‍ය සඟවා තිබූ හම්බෑගයක් ඇතුළු දේපල පොලිසිය බාරයට ගෙන ඇත.

සැකකරු ගල්කිස්ස, හේනපාර පදිංචිව සිටින වයස අවුරදු (48) ක් වන අතර විදේශගත " අයිඩී " නැමැති ජාවාරම්කරුගේ දුරකථන ඇමතුම් අනුව ලැබෙන මත්ද්‍රව්‍ය නිවසේ සිට පැකට්කර ගල්කිස්ස, පිළියන්දල, මොරටුව, බොරලැස්ගමුව, පානදුර, දෙහිවල යන ප්‍රදේශවලට දීර්ඝකාලීනව බෙදාහැර ඇති බවට අනාවරණය වී ඇතැයිද පොලීසිය පැවසීය. 

මහා පරිමාණ ජාවාරම්කරුවන් පිළිබඳව තොරතුරු හෙලිවීමත් සමග සැකකරු අද (21) වන දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරගන යන බවත් පොලීසිය පැවසීය. 



අදහස් (0)

කෝටි දෙකක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිස්තොලයක්-ජීව උණ්ඩ අස්ථානගතවුණැයි සැරයන් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 22 21 0

මාදම්පිටිය පොලිස් ස්ථානයේ උපසේවා බාරයේ තිබූ පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ 15 ක් අඩංගු පතරොම් ගැබ අස්ථාන ගතවීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුව


වෛද්‍යවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 63 කළ ගැසට්ටුව එයි
2024 දෙසැම්බර් මස 22 66 0

සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


මත්ද්‍රව්‍ය සමඟ අයෙක් දැලේ
2024 දෙසැම්බර් මස 22 47 0

වැල්ලම්පිටිය කුඩා බුත්ගමුව ප්‍රදේශයේදී රුපියල් කෝටියකට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ඊයෙ( 21) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කා


සැක කන්ටේනරයක් පොලිස් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 22 505 0

පාලවිය කල්පිටිය ප්‍රධාන මාර්ගයේ කුරක්කන්හේන ප්‍රදේශයේ රාත්‍රියේ මුර සංචාරයේ යෙදී සිටි කල්පිටිය පොලිසිය මගින් සැක කටයුතු කන්ටේනර් රථයක් අත් අඩංගුවට


බෙන්තොට රෝහලෙන් සොරකම් කළ ඊ.සී.ජී.යන්ත්‍රය දින තුනකට පසු යළි ගෙනත් දීලා
2024 දෙසැම්බර් මස 22 427 0

බෙන්තොට රජයේ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ තිබියදී ඉකුත් 18 දා රාත්‍රියේ කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගිය රුපියල් දෙලක්ෂ විසිපන්දාහක් පමණ වටිනා ඊ.සී.ජී.


දෙමටගොඩ ගුවන් පාලම යට බිළිදියකගේ සිරුරක්
2024 දෙසැම්බර් මස 22 418 0

දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 42 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 31 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site