IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘ගංඟා හෑරිලා - මුහුද රට ඇතුළට : එන පොට හොඳ නෑ‘

1985 පමණ සිට මෙරට පරිසර ඇමැතිවරුන් කොතෙකුත් සිටියද මෙවන් නායයෑම් ගංවතුරුවලින් සිදුවන විනාශ නැවැත්විමට හෝ අවම කිරිමට ඔවුන්ගෙන් කිසිම අනුබලයක් ලැබී නැති බවත් ඉදිරියේදි මුහුදු ජලය රට තුළට පැමිණීමේ අවදානමක් ඇති බවත් ඊට ඔවුන් වගකිව යුතු බවත් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ මහාචාර්ය ජිනදාස කටුපොත මහතා පැවැසිය.

වසර 2050 දි සාගර ජල මට්ටම මීටර් 3 සිට 5 දක්වා ඉහළ යන බවට දේශගුණ,සාගර විද්‍යාඥයන් පවසා ඇති බවත්  එහි බලපැම් මගින් වෙරළ පරිසරයට විශාල විනාශයක් සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නේය. මේ අනුව මුහුදු ජලය රට තුළට පැමිණීමේ, ජල ගැලිම් ඇතිවිමේ හා නායයැම් බහුල වීම ආදියේ අඩු විමක් ඇති නොවන බව ද මහචාර්යවරයා කීය.

ශ්‍රි ලංකාවේ මධ්‍ය කඳුකරයේ සිට ගලා යන ගංගා පද්ධතියෙන් අනවශ්‍ය ලෙස වැලි ඉවත් කිරිම පසුගිය දශක දෙකේ අධිකව සිදු කෙරුන අතර එයට කුමන ආකාරයේ නිති රිති දමා තිබුනද එම ක්‍රියාවන් නතර කිරිමට කිසිම රජයකට හැකිවුයේ නැති බවත්  මේ නිසා අනාගතයේදි වෙරළ ඉම ප්‍රදේශවල සිට රට තුළට කිලෝමීටර් ගණනාවක් මුහුදු ජලය පැමිණීම වැළැක්විය නොහැකි බවද අනාගතයේදි වෙරළබඩ ජනතාව බීමට ගන්නා ජලය පිළිබද ගැටලු වලට වැඩිවශයෙන් මුහුණ දිමට සිදුවන කටුපොත මහතා සඳහන් කළේය.

සුර්යයා හා චන්ද්‍රයාගේ බලපෑමෙන් ඇතිවන ගුරුත්වාකර්ෂණය සහ පෘතුවියේ බ්‍රමණය හේතුකොට ගෙන ඇතිවන උදම් නිසා මුහුදු ජල මට්ටම ඉහළ නැගිම් හා පහළ බැසිම් සිදුවන බවත් මෙය දෛනිකව සිදුවන ක්‍රියාවලියක් වන අතර සෘතුමය වශයෙන්ද වෙනස්කම් ඇතිවන අතර සමක ආසන්න ප්‍ර‍දේශ වල හා සෞම්‍ය කලාපික ප්‍රදේශ වල සිට ද්‍රව ප්‍රදේශ වලට ආසන්න වන විට එහි අන්තරයන් විශාල වන අතර සමහර ස්ථාන වල මීටර් 18 ක් 22 ක්  පමණ වන බවත් නමුත් ශ්‍රි ලංකාව වටා මුහුදේ මෙම සාගර ජලය ඉහළ පහළ යෑම අවමය සෙන්ටි මීටර් 2 ක් පමණ සිට උපරිමය සෙන්ටිමීටර් 90 ක් පමණ වෙන බවද පැවසූ මහාචාර්යවරයා  2016 මැයි  මාසයේ මුල් සතියේ එම ප්‍රමාණය සෙන්ටිමීටර් 110 ක් දක්වා ඉහළ ගිය බවද අධික වර්ශාව පැවැති 17 - 21 දින දක්වා එය සෙන්ටිමීටර් 81 දක්වා පහළ බැස තිබු බවද කීවේය.

ස්වභාවික වෘක්ෂලතා විනාශය, අනවසර මැණික් ගැරිම, වැලි ගොඩ දැමිම, රක්ෂිත වනාන්තර ආක්‍රමණය කර ඒවා විනාශ කිරිම පසුගිය දශක දෙකේ පැහැදිලිවම වැඩි වී ඇති අතර ගල් වෙඩි සිය දහස් ගණනින් මධ්‍ය කඳුකර ආශ්‍රයේ පිපිරවීම සිදු කෙරුණු අතර උදාහරණ වශයෙන් බණ්ඩාරවෙල,කොස්ලන්ද, අරණායක වැනි ප්‍රදේශද නාය යෑමට ඒවා හේතු වූ බවද ඔහු කීවේය.

එසේම ගම්පහ සහ කුරුණැගල දිස්ත්‍රික්ක වල තවමත් කරගෙනු යනු  ලබන ලබන පස් කැපිමේ කටයුතු තවමත් නතර කරගත කිරිමට නොහැකි වි ඇති අතර එමගින්ද පාංශු ඛාදනය හා ගංවතුර උවදුරු පැහැදිලිව දැකිය හැකි බවත් ඔහු සඳහන් කළේය.

1-jinadasa-kapukotuwa-poto 2-jinadasa-kapukotuwa-poto 3-jinadasa-kapukotuwa-poto

 

 



අදහස් (0)

‘ගංඟා හෑරිලා - මුහුද රට ඇතුළට : එන පොට හොඳ නෑ‘

සඳුන් Thursday, 26 May 2016 07:00 AM

අමතක වුණාද කෑලෑ කපන එකත්, අර උඩහට වෙන්න? (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 26 May 2016 08:22 AM

සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ. (අ)

:       0       0

අරවින්ද Thursday, 26 May 2016 12:30 AM

ඕවා මේ කණෙන් අහලා අනිත් කණෙන් පිටකරන අයනේ මේ රටේ ඉන්නේ (නි)

:       0       0

විජේ Thursday, 26 May 2016 12:47 AM

ගඟ ජඹුර වූ නිසා කැළණි මිටියාවතේ ගංවතුර 60 දශකයේ සිට අඩුවුණා. ඒ නිසා තද වැස්සට ගඟ පිට දැම්මේ නැහැ. මෙවර ගඟ හරහා ළඟදී ඉදිකළ බැම්ම නිසා කැළණි මිටියාවත විනාශ වුණා (නි)

:       0       0

සමන්ති Thursday, 26 May 2016 01:00 AM

මෙය ඇමතිවරුන් පිට පමණක් පටවන්න බැහැ. අපි සියල්ලම වගකිවයුතුයි නේද? (නි)

:       0       0

නිමල් ලලිත Thursday, 26 May 2016 02:20 AM

කුමන දේශපාලනයකට හෝ ගැති නොවන උගත් බුද්ධිමතුන්ගේ අදහස් වලට වඩා, දේශපාලන බලපෙරේතයන්ගේ අණට නැවෙන පරිපාලන නිලධාරීන් පිරිසක් සහ දේශපාලන ගැත්තන් ඉන්න රටකට මෙවැනි බුද්ධිමතුන්ගේ ප්‍රකාශ සහ උපදෙස් වලින් වැඩක් වේද? (නි)

:       0       0

නුවන් Thursday, 26 May 2016 02:48 AM

ඇයි චතුරි දියවන්නාව ගොඩකරලා පාර්ලිමේන්තුවක් හැදුව එක ගැන ලියන්න අමතක වුණාද? (නි)

:       0       0

විපුල Thursday, 26 May 2016 02:55 AM

මේවා මේ කාලයට කියන කතා. බලන්න මාස දෙකක් යනකොට මේවා කතා කරයිද කියලා. සුනාමි දවස් වල මීටර් 100 කට එළියේ ඉදිකිරීම් කළයුතුයි කියලා නීතියක් අාවා. දැන් රත්මලාන හරියේ දුම්රියෙන් යනකොට පේනවා ගෙවල් අලුතින් හදනවා. සුනාමි අා දවසක් අායෙත් කියයි කලින් නීතිය. (නි)

:       0       0

ජයන්ත Thursday, 26 May 2016 04:26 AM

සේනානායක මැතිතුමා කලින් දැනගත්තා නම් මේ වගේ දේශපාලුවො ලංකාවේ ඉන්නවා කියලා, නිදහස ගන්න හිතන්නෙවත් නැතිවෙයි (නි)

:       0       0

නුවන් Wednesday, 25 May 2016 12:24 PM

පරිසරය බාර අපේ ජනාධිපති තුමානෙ එතුමා ලංකාදීප බලන වෙලාවක ඕක දැන ගනීවි මහත්තයෝ (බ)

:       0       0

චතුරි Wednesday, 25 May 2016 12:44 PM

ඉස්සර කාලේ රජ ගොල්ලෝ වැව් ගංගා ,පාලම් මේ හැමදෙයක්ම හැදුවා ඒ පිහිටෙන් කල්ප කාලයක් මිනිසුන් ඒවායින් ප්‍රයෝජන ගත්තා , හිටපු ගමන් දැන් රජවරු බිහිවෙලා ඒවා. කඩලා නිදාන හෙව්වා දිගට ම රජවෙලා ඉන්න ,ඒවගේම ජලය බහින තැන ගොඩකර හිතවත් කට්ටිය. සමග බෙදා ගන්නවා මේවගේ රජවරුනම් නැවත පහළ නොවේවා (බ)

:       0       0

බමුණු Wednesday, 25 May 2016 12:46 PM

ඇයි දෙවියනේ 1985 පසුවද ගැන වතුරයි නාය යාම් අාවේ ඊට කලින් තිබුනේ නැද්ද? ඊට කලින් තිබුන නමුත් මිනිසුන් එම සථානවල පදිංචි වුනේ නැහැ. දැන් රජයෙන් අවසර නොදුන්නත් මිනිසුන් වගුරුබිම් ගොඩකරගෙන පදිංචි වෙනවා. 1970 ගණන් වල වැල්ලම්පිටිය තිබුණු වගුරු බිම් එකක්වත් දැන් නැහැ ඒවා ගොඩ කරගෙන ගෙවල් හදාගෙන. පොළොවේ පිහිටීම අනුව ගලන වැහිවතුරට යන්න තැනක් නැති නිසා පළාතම යට කර ගන්නවා. (බ)

:       0       0

විමලසේන Thursday, 26 May 2016 04:49 AM

ලංකව තුළ ඉදිකර ඇති ගොඩනැගිලි වල ප්‍රමිතිය ඉතාම පහත්. භූ ගර්භයේ සිදුවන වෙනස් සිදුවීම් අනුව භූමිකම්පාවක් ඇතිවුණහොත් ඉතාම අඩුම කාලයකින් හයිටි රාජ්‍යයේ ඇතිවුණ ඛේදවාචකයට වැඩි දරුණු විනාශයක් ලංකාව තුළ සිදුවීම වැළැක්විය නොහැකි බව මගේ අත්දැකීම සහ විශ්වාසයයි (නි)

:       0       0

පුබුදු ප්‍රසන්න Wednesday, 25 May 2016 12:56 PM

සම්පුර්ණ ඇත්ත (බ)

:       0       0

සාගර Thursday, 26 May 2016 12:04 PM

පාලකයින්ට මේවා කොච්චර කිව්වත් වැඩක් නැහැ .බීරි අලින්ට වීනා වාදනය කලා වගේ තමයි .(හේ)

:       0       0

පීරිස් Thursday, 26 May 2016 05:11 AM

අපේ අහවල් මහත්තයා තවම මේ ගැන පත්තරයෙන් කියවලා දැනගෙන නැතුව ඇති. නැත්නම් ඕක මෙලහකට නවත්තලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 44 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 553 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 620 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 254 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 701 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 1966 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38635 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site