(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව බාරව සිටි ප්‍රධාන ජේලර්වරයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
මේ වන විට සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු පුද්ගලයන් 14 දෙනකුකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන ජේලර්වරයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා දෙවන වරටත් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශන ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී වැඩිම ඡන්ද දායකයන් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව ගම්පහ නියෝජ්‍ය මැතිවණ කොමසාරිස් රවීන්ද්
දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා හතක් ස්ථාපිත කිරීමට ගෙන ආ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.
සාධාරණ වැටුප් වැඩිවීමක්දී තිබියදී පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා කණ්ඩායම් රෝගීන් බිල්ලට තබා කරන වැඩ වර්ජනය අන්ත අසාධාරණ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 155 දෙනකුගේ පොහොර සහනාධාර මුදල් රුපියල් විසිනව ලක්ෂ තිස් හතර දහස් තුන්සිය දහයක් සොරකම් කර ඇතැයි කෘෂිකර්ම සහ පශු සම්පත
සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බස්නා
මෙරට සංචාරයේ නිරතවන විදේශීය සංචාරකයන් වෙනුවෙන් තෝරාගත් රජයේ රෝහල් කිහිපයක බටහිර සහ ආයුර්වේද ප්‍රතිකාර වෛද්‍ය කර්මයන්ගේ සංකලනයකින් යුතු ගෙවීම් වෛද්
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ජේලර් අත්අඩංගුවට
බටලන්දේ ප්‍රේමවතී Monday, 17 March 2025 05:50 PM
වැටත් නියරත් ආරක්ෂක අංශ, නීතියේ පිරිහීම, දේශපාලන විරුද්ධවාදීන්ගේ ක්‍රියා පමණක් සොයන රාජ්‍ය බුද්ධි අංශ, වැරැදිකරුවන් දඬුවමින් මුදවන පාලකයින් මාලිමාවට හදන්න බැරි වුණොත් ශ්‍රී ලංකාවේ අනාගතය...
මෝඩ හුටංලා Monday, 17 March 2025 06:12 PM
පොලිසියට බයේ හැංගෙන පොලිස්පති කෙනෙක් සිටින, තමන්ගේ පොලිස්පතිව හොයාගන්න බැරි පොලිසියක් තියෙන රට සැබැවින්ම වාසනාවන්තයි...
tissa Tuesday, 18 March 2025 03:24 AM
තවමත් ගල් යුගයේ නොසිට, මෙවැනි අපරාධකරුවන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පමණක් අධිකරණය සමග සම්බන්ධ කළ යුතුයි.
Sk Tuesday, 18 March 2025 08:32 AM
ඇතුලේ නම් සහයෝගයක් තියනවා කියලා අපි දන්නවා
කෞෂි Tuesday, 18 March 2025 09:29 AM
රම්බොඩ යෝගා ගුණරත්න... .... .... ඔයා මේ ගැන යමක් කියන්නැද්ද?
Chinthana Tuesday, 18 March 2025 10:27 AM
සංජිව මරුණේ උසාවිය ඇතුළේ. උසාවිය ඇතුළේ ඉන්නකොටත් ආරක්ෂාව භාර ජේලර්ටද? මෙයට වගකියවිය යුත්තේ උසාවියේ ආරක්ෂාව භාර උදවිය නොවේද? උසාවියේ ආරක්ෂාව ජේලර්ලාට අයිති රාජකාරියක් නොවේ. ජේලරෙන් ප්‍රශ්න කළේ මොනවද? සංජිව උසාවිය ගැනෙන දිනය වෙලාව හා උසාවි ශාලාව ගැන තොරතුරු දුන්නා කියලා සැකද?