IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ගුත්තිලද මූසිලද?

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අද තෝරා ගැනෙයි. මාසයක් තිස්සේ අපේක්ෂකයින් 19 දෙනෙකු තරඟ වැද තිබුණත් සටන පැවැතියේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනකු අතරය. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් අතරය.

මේ තරඟය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය උඩු යටිකුරු කළ සටනක් විය. සාමාන්‍යයෙන් සිදුවන්නේ ප්‍රතිවාදී අපේක්ෂකයා ප්‍රධාන විපක්ෂයේ ඉදිරිපත් වීමය. නමුත් මෙහිදි සිදුවුයේ ප්‍රධාන අපේක්ෂක වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා මෙන්ම ඔහුගේම ප්‍රධාන පෙලේ කැබිනට් සඟයකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිවාදි අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමයි.

මෙවැනි තත්ත්වයක් ආසියාවේ හෝ බටහිර ලෝකයේ මෑත කාලයේ වාර්තා නොවීය. ඒ නිසාය මෙය ශ්‍රී ලංකාවේ දේශපලානය උඩු යටිකුරු කළ සටනක් ලෙස හැදින්වූයේ.

ප්‍රතිවාදි අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට තමන් නියෝජනය කළ ආණ්ඩුවෙන් මන්ත්‍රීවරුන් 26 දෙනෙකු තමන්ගේ පාර්ශවයට එකතුකර ගත් අතර ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් රජයට එකතුකර ගැනීමට හැකිවුයේ එක් මන්ත්‍රීවරයෙක් පමණි. ඒ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් වරයාව සිටි තිස්ස අත්තනායක මහතාය.

මේ ජනාධිපතිවරණ සටනේ ප්‍රධානම ලක්ෂණය වුයේ ඉහළ සිට පහළට බෙදීම් ඇති කිරීමය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නික්ම යෑමත් සමඟම ප්‍රධාන දේශපාලන පක්ෂ දහරාවල සාමාජිකයින් එහාට මෙහාට හුවමාරු වීම දිනපතාම දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයක් විය. මෙය කොතෙක් උපහාසයට ලක්වීද කියතොත් යමෙක් තමන්ගෙන් අනෙක් පාර්ශවයට සමස්ත අවශ්‍ය නම් ඔහුට ආප්ප කන්න දිය යුතු බවටත්, තමන්ගේ පාර්ශවයට ගන්න අවශ්‍ය නම් කළුකෝපී කෝප්පයක් හොදටම ප්‍රමාණවත් යන්න මුළු සමාජයේම කථා බහට ලක් වී තිබුණි.

මේ සටනේදී විපක්ෂයෙන් ගෙනහැර පෑ ප්‍රධාන සටන් පාඨය වුනේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ යහපාලනය ඇති කිරීම සඳහා වෙනසක් ඇති කළ යුතු බවය. මෙය සිත්කාවදින සටන් පාඨයක් ලෙස සමාජ ගත කිරීමට විපක්ෂයට හැකිවුයේ ප්‍රධානම විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයත් මේ සටන් පාඨයටම අනුගත වී සිටි නිසාය. ඊට හේතුව විධායක ජනාධිපති ක්‍රමයේ නිර්මාතෘ එක්සත් ජාතික පක්ෂය වීම නිසාය.

අනෙක් අපේක්ෂකයා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන සටන් පාඨය වුනේ විපක්ෂය යහපාලනය පෙන්වා බෙදුම්වාදය රට තුළ ඇති කිරීමට උත්සාහ කරන බවය. ඊට හේතු ලෙස පෙන්වා සිටියේ ඊලමක් වෙනුවෙන් පෙනී සිටින ද්‍රවිඩ සන්ධානයත්, නැගෙනහරි වෙනම මුස්ලිම් කාලපයක් ඉල්ලා සිටින මුස්ලිම් කොංග්‍රසයත් ප්‍රතිවාදී අපේක්ෂක මෛත්‍රී පිලට එක්ව සිටින බවට පෙන්වමිනි.

ජනාධිපතිවරයා තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය හැදින්වුයේ මහින්ද චින්තන ලොව දිනන මඟ ලෙසිනි.

විපක්ෂයේ තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය හැදින්වුයේ මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් ලෙසය.

මේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකම ආකර්ශනීය විය. එය වටා මුළු සමාජයම දෙකට බෙදී ගිය ආකාරය මේ මැතිවරණ ව්‍යාපාරයේදී දක්නට ලැබිණි.

මෙම බෙදීයෑම පිළිබඳව විශ්ලේෂණය කිරීමේදී 2005, 2010 වසරවල පැවැත්වූ ජනාධිපතිවරණය ගැන සළකා බැලිය යුතුය.

2005 ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේකෂකයන් වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂත් එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහත් යන මහත්වරුන්ය. 2005 ජනාධිපතිවරණයේදී ප්‍රධානම සටන් පාඨය වුයේ 2002දී එල්.ටී.ටී.ඊ.ය සහ අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් කළ සටන් විරාම ගිවිසුම මඟින් රට දෙකඩ කරන්නට කළ උත්සාහය පිළිබඳවය. මේ සටන් පාඨය සමාජගත කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ මහතාට ඔහුගේ පක්ෂයට අමතරව ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය, භික්ෂුන් වහන්සේලා ඇතුළු සකල විධ ජාතික බලවේග ගොනු වී තිබුණි. ‘රට පෙරට‘ යන ආකර්ශනීය සටන් පාඨය යටතේ ඔවුන්ගේ අදහස සාර්ථකව සමාජ ගත කර ඉන් ජයගත්හ.

2010 ජනාධිපතිවරණය ඊට බොහෝ හෙයින් වෙනස්ය. එය මහින්ද රාජපක්ෂ මහතාට පහසු තරඟයක් විය. ඊට හේතුව වුයේ 2009 මැයි 19 දින මේ රටේ පැවැති තිස් අවුරුදු යුද්ධයෙන් ප්‍රභාකරන් පරාජය කිරීමය. යුද්ධයෙන් පරාජය කළ නොහැකි බවට මුළු ලෝකයම හඳුනාගෙන තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය වුයේ මහින්ද රාජපක්ෂ මහතා අතිනි.

ඒ යුද ආශ්වාදයෙන් ඔද වැඩි ගිය ජනතාව යලිත් වරක් මහින්ද රාජපක්ෂ මහතා ඉහලින්ම ඔසවා තැබීය.

එම තරඟයේදීත් ජනතා විමුක්ති පෙරමුණ දෙකට බෙදුණ අතර සෝමවංශ අමරසිංහ මහතා ප්‍රධාන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිවාදී අපේකෂක හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට සහාය දැක්වීය.

ජනතා විමුක්ති පෙරමුනෙන් කැඩි ගිය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන පෙලේ කථිකයෙක්ව සිටි විමල් වීරවංශ මහතා ප්‍රධාන පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට සහාය දුනි. ජනතා විමුක්ති ‍පෙරමුනේ විමුක්ති පෙරමුණ හැරෙන්නට අන් සියලුම බලවේග එක පෙලට සිට ගන්නේ මහින්ද රාජපක්ෂ මහතා සමඟය.

මෙම ජනාධිපතිවරණ සටන් දෙකේදීම මහින්ද රාජපක්ෂ මහතාට තිබූ එකම අභියෝගය වුයේ ජනාධිපතිවරණය දිනා ගැනීම පමණි. ඒ වෙනුවෙන් ඔහු නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත්, එය සන්ධාන ගතව සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් පූර්ණ ආශිර්වාදය හිමිවිය. මුළු සමාජය තුළ කිසිදු බෙදීමක් දක්නට නොලැබිණි. දකුණේ 72% වූ සිංහල බහුතරයෙන් 60% කට වඩා සහයෝගය ලැබුණේ මහින්දටය.

2015 මැතිවරණය මෙයට වඩා හාත්පසින්ම වෙනස්ය. මෙවර සටනේදී ජනාධිපති මහින්දගේ ප්‍රතිවාදී අපේක්ෂකයා ඔහුගේම පක්ෂයේම ප්‍රධාන ලේකම් වරයා වූ හිටපු සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේනය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ සටනට පැමිණිමත් සමඟම සමාජය තුලත් ඒ බෙදීම දක්නට ලැබුණි. පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම නොපැකිලිව මහින්ද රාජපක්ෂ මහතාට සහාය දුන් දේශපාලන පක්ෂ සමාජ බලවේග , භික්ෂුන් වහන්සේලා යන පිරිස් මෛත්‍රීපාල සිරිසේන මහතා වටා රොක්වූ ආකාරයක් මෙවර දක්නට ලැබීම කැපී පෙනුණි. ඒ අතර වඩාත්ම කතාබහට ලක්වන්නේ ජාතික හෙළ උරුමයයි.

මේ බෙදීයාම බිම් මට්ටම දක්වාම දක්නට ලැබේ. කලාකරුවන්, විද්වතුන් , වෘත්තියවේදීන්, වෛද්‍යවරුන් අතර පමණක් නොව ජොතිශ්‍යවේදීන් අතර පවා මේ බෙදීයාම බහුලව දක්නට ලැබුණි.

සන්ධානයේ පක්ෂ දෙකක් වන සමසමාජ කොමියුනිස්ට් සහ මහජන පක්ෂ අතරටත් මේ බෙදීයාම ගොස් තිබු අතර මෙතෙක් කලක්ම ප්‍රධාන විපක්ෂය සමඟ උරෙන් උර ගැටී එකට එක්ව සිටි නව සිංහල උරුමය මෙවර ජනාධිපති සමයේදී ඉන් ඉවත්ව මහින්ද රාජපක්ෂ මහතාට සහාය දීමට ඉදිරිපත්ව සිටියි.

මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රතිවාදී අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරන ද්‍රවිඩ සන්ධානය තුළද මහ ගැටුම් හටගෙන තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට ගත් තීරණයට විරුද්ධත්වය පල කළ කරමින් උතුරු පළාත් සභාව නියෝජනය කළ දෙමළ සන්ධානයේ මන්ත්‍රීනි ආනන්දී සසිදරන් සහ සිවාජිලංගම් යන මහත්ම මහත්මීන් පවසන්නේ මෙවර ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු බවයි.

ජනතා විමුක්ති පෙරමුණ මෙවර ජනාධිපතිවරණයට තරඟ නොකරන අතර ඔවුන් රට පුරා රැස්වීම් තබමින් කියා සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් අනිවාර්යෙන් පරාජය කළ යුතු බවය.

එහෙත් ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දෙන ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි.

මේ සියලු කාරනා ගෙන බැලුවිට සමාජයේ සිදුවු මේ බෙදී යෑම පසුගිය බස්නාහිර, දකුණ සහ ඌව පළාත් සභා මැතිවරණ වලින් ඉගිකර තිබුණු බව පැහැදිලිය. එය පැහැදිලි වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද ප්‍රමාණයේ පහළ බැසීමක් තිබීම හේතුකොටගෙනය.

සමස්ථයක් වශයෙන් ගත් කළ මේ සියල්ල විශ්ලේෂණය කිරිමේදී මෙය ආප්ප සහ කළු කෝපී අතර සටනක් බව පැහැදිලිය.

එය එසේ කීමටත් වඩා ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගුත්තිල මූසිල සටනක් ලෙස හැදින්වීම වඩා උචිතය. පන්සිය පනස් ජාතකයේ එන ගුත්තිල ජාතකය ඇසුරෙන් වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍ය සංග්‍රහයේ එන කවි දෙකක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පෙළොන්නරුවේදී ජනගත කළේය.

දියෙහි යන දණ්ඩට- පිහිටක් වෙතොත් පෙරසිට

දුදනන් හට පිහිට -නොවෙම් යන බස සැබෑ කළේ මට

කොපමණ ගුණ කළත් - දුදනෝ නොවෙති යහපත්

කිරි දියෙන් දෙවියන්- අඟුරු සුදුවන කලෙක් නම්නැත්

විණාව වයන්ට මූසිලට ඉගැන්වූ ගුත්තිල ගාන්ධාර්වයාට තමා සමඟ ප්‍රසිද්ධියේ විණාව වැයීමේ තරඟයට එන ලෙස තම ගෝලයා වූ මූසිල කළ අභියෝගයෙන් ගුත්තිල පඩි වරයා කම්පාවට පත්විය.

ඒ කම්පාව වැත්තෑවේ හිමියන් කවියට නැඟුවේ ඉහත පරිද්දෙනි.

අච මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රධාන අභියෝගය වූයේ තමාගේම මහලේකම් වරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා තමා සමඟ ජනපති සටනට පැමිණීමය.

ගුත්තිල මූසිල සටනින් මූසිල පරදවා ගුත්තිල ජයගත්තේය.

එහෙත් වර්තමානයේදී මේ ගුත්තිල මූසිල සටනින් මූසිල ජය ගනීද? ගුත්තිල ජයගනීද? තව හෝරා කිපයකින් එය විසදෙනු ඇත.

පොතේ හැටියට ගුත්තිල ජය ගත්තත් මෙහිදි මූසිල යම් ලෙසකින් ජයගත හොත් එය ගුත්තිල මූසිල සටනට නව අර්ථ කථනයක් වනවාට කිසිදු සැකයක් නැත.

 

 

 



අදහස් (0)

ගුත්තිලද මූසිලද?

සමන්ජය Thursday, 08 January 2015 09:40 PM

හිතවතුනි, බන්දුල පෙරේරාගේ අවසාන අදහස බලාගන්න. (නි)

:       0       0

විමුක්ති Thursday, 08 January 2015 10:43 AM

ඒ කාලේ ගුත්තිල හොඳ මනුස්සයෙක්.අද ගුත්තිල නාගත්ත හැටි දැක්ක නේද. (ස)

:       0       0

ලෂන් ප්‍රනාන්දු Thursday, 08 January 2015 10:47 AM

ගුත්තිල හොරකම් කරේ නෑ.ගුත්තිලව මහින්දට සම කරන්න එපා .පාපයක්. (ස)

:       0       0

ජයත් Thursday, 08 January 2015 10:47 AM

මේ විශ්ලේෂණයත් එක්ක නම් මම එකඟයි. නමුත් මේ අපේක්ෂකයෝ දෙන්න ගුත්තිලට - මූසිලට සමාන කිරීම නම් ගැලපෙන්නේ නැහැ මොකද මෙතන " මූසිල " ගුත්තිල ගෙන් ශිල්ප ලැබුවේ නැහැ ." ගුත්තිල " ගේ යම් යම් පොදු සමාජයට අනුමත කරන්න බැරි දේවල් නිසා එරෙහි උනා මිසක්. (ස)

:       0       0

රෝයි Thursday, 08 January 2015 10:57 AM

මෙය ගුත්තිල මුසිල කතාවට සමාන කිරීම කොහෙත්ම සාදාරන නැහැ. මේ පාදඩ දේසපාලනය ගුත්තිලට සමාන කිරීම මොනතරම් අපහාසයක්ද ? මේ ගැන ටිකක් හිතල බලන්න. අද ගුත්තිලත් එදා මුසිලත් අතර වෙනස බැලුවත් එදා මුසිල අද ගුත්තිලට වඩා ශ්‍රේෂ්ටයි. (ස)

:       0       0

අකිල Thursday, 08 January 2015 10:59 AM

ගුත්තිල මූසිල වැරදි හැදින්වීමක් . මෛත්‍රීපාල සිරිසේන දිනනවා ....දිනනවා ....දිනනවා. (ස)

:       0       0

ලුම්බිණි Thursday, 08 January 2015 11:06 AM

මෙතන ගුත්තිල මූසිල සටනක් නැත. මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂගෙන් ඉගෙනගත් දෙයක් නැත. අනික ගුත්තිල ඉතාම යහපත් ගුණ ගරුක කෙනෙකි. (ස)

:       0       0

අර්ජුන රණවන Thursday, 08 January 2015 11:09 AM

ඔබේ අර්ථ කථනය සම්පුර්ණයෙන්ම වැරදිය.මේ සටන රටේ යහපාලනය හා දුෂණය අතර සටනක් . ගුත්තිල යනු බෝසත් චරිතයයි .මහින්ද කිසි සෙත් බෝසත් කෙනෙකු තබා එහි දුවිල්ලක්වත් තරම් නොවටී. නොදන්නා ගුත්තිල නොකියනු.අනෙක සිරිසේන මුසිල වූයේ කෙසේද. සැසදීමට පෙර ගුත්තිල ජාතකය කවිය හරියට කියවන්න. නොදන්නා කම සහ මෝඩකම එකට යයි. " අවසානය්දිත් කඩේ ගියෙමි. සතයක්වත් නොලදමි. ඉදුල් බත් බුදින්නෙමි අහෝ මෙත් සිත නොදැක්කෙමි. (ස)

:       0       0

දුසාර Thursday, 08 January 2015 11:09 AM

මේ උදාහරණය ගැලපෙන්නේ නැත. කවුද මුසිල, කවුද ගුත්තිල. මෙතන ගුරු ගෝල සබදතාවක් නැත.මඩ ගහන්න එපා. (ස)

:       0       0

චමිලා Thursday, 08 January 2015 11:10 AM

ගුත්තිල, මුසිල වගේම පෙනුම තියෙන කෙනෙක් එක්කගෙන ඇවිත් මෙන්න මුසිලත් වීණා වදනේ කරන්නේ මගේ පැත්තට කියල කිව්වේ නෑ නේ ? (ස)

:       0       0

අමිල Thursday, 08 January 2015 11:15 AM

කොහොමටත්ම නොගැලපෙන උපහැරණයක් යොදාගෙන කරපු හෑල්ලක් හැටියටයි පේන්නේ.ආර්ථිකයේ සාදරනත්වයක් නැතිව කවදාවත් බෑ පන්ති බේදය නවත්වන්න.පන්ති භේදය නවත්වන තුරු කවදාවත් රටේ දියුණුවක් නෑ. (ස)

:       0       0

සෙනෙත් ගයාන් Thursday, 08 January 2015 11:15 AM

පැහැදිලි ලෙසම පක්ෂග්‍රාහීව ලියූ ලිපියකි.ලියුම්කරුට බලවත් අප්‍රසාදය පළ කරමි. (ස)

:       0       0

බලපිටිය Thursday, 08 January 2015 11:23 AM

ඇත්තටම හොඳ ලිපියක් (නි)

:       0       0

විජේදාස Thursday, 08 January 2015 11:23 AM

මේක ගුත්තිල මූසිල කතාවේ නව පිටපත වෙන්න ඇති (නි)

:       0       0

ජයන්ත Thursday, 08 January 2015 11:24 AM

ගුත්තිල කාව්‍යයේ අර මහින්ද මහත්තයා කිවුව කවි දෙපදය නම් නියමෙටම ගැළපෙනවා (නි)

:       0       0

උපුල් Thursday, 08 January 2015 11:25 AM

මෛත්‍රී කියන්නේ පක්ෂයේ ලේකම්. මෛත්‍රීට කැමති දේශපාලන තීරණයක් ගන්න නොහැකිද? (නි)

:       0       0

හින්නිමහත්තයා Thursday, 08 January 2015 11:39 AM

ජගත් කියන දේ හරි. වත්මන් මුසිල කිසිවක් ගුත්තිලගෙන් ඉගෙනගත්තු කෙනෙක් නොවෙයි. ඔහුගේ පරාජයට හේතුවන්නේ එයම තමයි. (ස)

:       0       0

ප්‍රියන්ත Thursday, 08 January 2015 11:42 AM

මෙය එවන් සටනක් නොවේ. රට වෙනුවෙන් මෛත්‍රී පෙනී සිටියි. (ස)

:       0       0

සුපුන් Thursday, 08 January 2015 11:53 AM

රතනපාල මහත්තයාගේ උපහැරනය නම් නොගැලපේ.හැමදාම ජන්දයක් තියලා හොර වැඩ කරලා රනිල්ව බාල්දු කළා. රනිල් ගහපු ගැටේ නිසා අද අනුන්ට කැපු වලේ තමාම වැටිලා.මෛත්‍රි කිසිදා මුසිලයෙක් වි නැහැ.මේවා මේ බටහිර බලවේග. (ස)

:       0       0

ලලිත් Thursday, 08 January 2015 12:02 PM

ලිපිය හොඳ නමුත් ගුත්තිල - මූසිල දෙපල යොදා ගැනීම කෙතරම් දුරට සුදුසුදැයි දෙවරක් සිතා බැලීම වටී. (ස)

:       0       0

අනුර Thursday, 08 January 2015 12:03 PM

මෙය ඉතිහාසය විකෘති කිරීමක්. ගුත්තිල ඇදුරුතුමා මේ වගේ පාදඩ දේශපාලනයේ යෙදුන කෙනෙක් නොවේ. මෙය මෙම පාදඩ දේශපාලනය තුරුකිරීමේ පිවිතුරු සටනක්. (ස)

:       0       0

සමන්ජය Thursday, 08 January 2015 12:08 PM

දැන් ඔය මෛත්‍රීට කඩේ යන අය හෙට උදෙත් ඉඳීද කියල බලමු. (ස)

:       0       0

දයාන් Thursday, 08 January 2015 12:12 PM

බලය පවතින ජනාධිපතිවරයෙක් ව පරාද කිරීමට නම්,ඔහුව ජනතාවට ඉතා අතිශය ලෙස එපා විය යුතුය කියලයි මට හිතෙන්න.ඒ නිසා ඉතා සරල ප්‍රතිශතකයකින් හෝ ඉදිරියට පැමිණිය හැක.පොදු අපේක්ෂකයාද ජය ගැනීමේ ප්‍රවනතාවයක් ද ඇත.එයද ඉතා සරල ප්‍රතිශතකයකින් විය හැක....කෙසේ වෙතත් මෙය ගුත්තිල මුසිල සටනක් නොවේ.දෙදෙනාම හොඳයි. දෙදෙනාටම සුබ පතමු. (ස)

:       0       0

මංගල Thursday, 08 January 2015 12:14 PM

වැරදි ශීර්ෂ පාඨයක්. (ස)

:       0       0

සමන් Thursday, 08 January 2015 12:14 PM

මෛත්‍රී මහතා මූසිලට සම කිරීම එතුමාට කරන ලද විශාල අපහාසයකි. අනෙක මහින්දව ගුත්තිලට සම කිරීම ගුත්තිල පඬිවරයට කරන ලද අපහාසයකි. (ස)

:       0       0

සහන් Thursday, 08 January 2015 12:28 PM

මේකේ වැරදි තැන් දෙකක් තියෙනවා.ජනාධිපති සටන උඩු යටිකුරු කලේ 2010 කියලයි මමනම් කියන්නේ.එවෙලේ සටනට ගත්තෙත් මහින්ද ළඟ හිටපු මහින්දගේම හමුදපතිවයි,ඒ වෙලාවෙත් දකුණ දෙකට බෙදුව එහෙමත් නෙතිනම් බෙදුන ප්‍රබල ලෙසම මොකද දෙදෙනාම එකවගේම යුධ ජයග්‍රහණයට වැදගත් වෙච්ච නිසා,බෝම්බෙට තුවාල වීම නිසා පොන්සේකාට අමතර වාසියකුත් අනුකම්පාවකුත් ලැබුන, ඒක ජ වී පෙ ඒ වෙලාවේ හොඳට සමාජගත කළා, එත් ඉතින් මහින්දමහත්තය දිනුව,මෙවර සිරිසේනට පොන්සේකාට තිබුන පෞරුශය නැතිකම ලොකු පාඩුවක් උනා. (ස)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 08 January 2015 12:40 PM

අපේ සමහර කළු සුද්දන්ට රිදිලා වගෙයි.හෙට උදේට ඔය රිදිල්ලට සහළවා උණ ගනීවි.කෝකටත් කට්ටිය පැනඩෝල් කාඩ් එකක් ගෙනවිත් තියාගන්න.කට්ටියට සුභ අනාගතයක්! (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 08 January 2015 12:41 PM

මහින්ද මහත යනු බෝසත් ගති ඇති චරිතවත් අයෙකි (නි)

:       0       0

ජනක Thursday, 08 January 2015 01:01 PM

බන්දුල පෙරේරා හිතාගෙන ඉන්නේ එයා අමරණීයයි කියලා. අනේ බන්දුල ඔය ආවැඩිල්ල අපි කාට කාටත් කරගන්න බැරි දවසක් එනවා. එතකොට ඔය පන් මලු ඔක්කොම එක්ක අර හතර රියනේ සැතපෙන්න යන දවසට තමන් ඊළඟ ආත්මයේ ඉපදෙන්න නියමිත කළු සුද්දෙක්ද හෙළයෙක් විදියටද කියලා පුළුවන් නම් දැන් කියන්නකෝ (නි)

:       0       0

කුමුදු Thursday, 08 January 2015 01:08 PM

ඉතාමත් වැදගත් ලිපියක්. තරුණ පරපුරට මේ දේශපාලනයේ කිසිම වැටහීමක් නැති බව හැ‍ඟෙනවා. අන්තර්ජාලයට වී පිස්සු නටන ඔබ සතුරන් හා මිතුරන් හඳුනන්නේ නැත. අතීත අත්දැකීම් තුළින් අපිට සත්‍යය ‍හොඳින්ම පෙනීයයි. මෛත්‍රිය ඔබටම ලැබෙන්න කියා මම පතනවා (නි)

:       0       0

සංජීව Thursday, 08 January 2015 01:19 PM

ඇත්තටම ජනාධිපතිතුමා සැබෑ වීරයෙක්. (නි)

:       0       0

සුමිත් Friday, 09 January 2015 10:16 AM

ඇත්තටම ජනාධිපතිතුමා සැබෑ වීරයෙක්. (ස)

:       0       0

මහින්ද Thursday, 08 January 2015 01:41 PM

දය අලහකෝන් මහත්තය, මහින්ද මහතා බෝධිසත්වයෙක්ද? බෝධිසත්වයන් වහන්සේ ගිනිගොඩට පැන්නේය. ගිනිගොඩට (හුනුපොරනුවට) තල්ලුකළේ නැත. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1413 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 594 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 422 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 680 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 439 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1231 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site