IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ගිනස් පොතට ගිය තායිලන්තයේ 'සියම් තිරමීට්' සංස්කෘතික සංදර්ශනය

2016-10-25-ent-28

තායිලන්තයේ බැංකොක් නුවර රංගශාලාවක පැවැත්වෙන "සියම් තිරමීට්" නම්සංස්කෘතික සංදර්ශනය හැඳින්වෙන්නේ විනාඩි 90 ක කාලයකදී ලොව පැවැත්වෙන විශිෂ්ටතම සංදර්ශනය ලෙසිනි.

2016-10-25-ent-29නරඹන්නන් විශ්මයට පත් මෙම නාට්‍ය සංදර්ශනය පැවැත්වෙන වේදිකාවද මේ වනවිට ලෝකයේ විශාලතම වේදිකාව ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව අවසානය.

තායිලන්තයේ සංචාරය කරන සෑම සංචාරකයෙකුම මෙම අපූරු සංදර්ශනය නැරඹුවේ නැතිනම් එය එම සංචාරයේ විශාල අඩුපාඩුවක් බව පැවසෙයි. ඒ නිසාම දෝ පසුගියදා තායිලන්තයේ සංචාරයකට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ජනාධිපති ආර්යාවද සංචාරයේදී ලද විවේකයකදී "සියම් තිරමීට්" සංදර්ශනය නැරඹීමට ගියේය. සංදර්ශනය නැරඹීමට පෙර සංදර්ශන භූමියේ ඉදිකර තිබෙන තායිලන්තයේ "අපේ ගම" නැරඹීමටද ජනාධිපතිවරයා අමතක නොකළේය.

තායිලන්තයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා එරට පෞද්ගලික සමාගමක් විසින් මෙම සංදර්ශනය ඉදිරිපත් කිරීමද විශේෂ කරුණකි.

එරට වසර 800 ක පමණ ඉතිහාසය මෙම සංදර්ශනයෙන් දිගහැරෙන අතර, එය අපූරුවට ගළපමින් ඉදිරිපත් කිරීමට සංවිධායකයෝ සමත්වී සිටිති. එක් දර්ශනයකදී එකල හුදෙකලාවූ තායිලන්තයේ උතුරු ප්‍ර‘දේශයේ හා දකුණු ප්‍ර‘දේශය අතර වෙනස පෙන්වයි. දකුණේ මුහුද රටට පැමිණෙන විදේශීය වෙළෙඳුන්, බුරුම ආක්‍රමණ, යුද ගැටුම් මෙන්ම අභ්‍යන්තර ගැටුම්ද මනාව පෙන්වයි.

එසේම තායිලන්තයේ කෘෂිකාර්මික කටයුතු සිදුවූ ආකාරය සමග ගොයම් නෙළීමේදී කෙරෙන ගායනාද, තායිලන්තයට ආවේණිකවූ අතීතයේ සිට පැවත එන තායි බොක්සිං ක්‍රීඩාව සමග එකල ජන ජීවිතය පැවැති ආකාරයද මෙහිදී අපූරුවට ප්‍රදර්ශනය කෙරේ. මෙහිදී ගොයම් ගස පීදෙන ආකාරය නවීන තාක්ෂණයෙන් නිර්මාණය කර ඇති ආකාරය අපූරුය. මීළඟ දර්ශනයෙන් තායිලන්ත ඉතිහාසයේ විවිධ පැති අනාවරණය කරවයි. තායි ජාතිකයන්ගේ විවිධ ඇදහිලි හා විශ්වාසද මෙහිදී අපූරුවට ඉදිරිපත් කරයි.

විශේෂයෙන්ම 96% ක පමණ බෞද්ධයන් වෙසෙන තායිලන්තයේ බෞද්ධ ඇදහිලි සමග වත්පිළිවෙත්, ජීවන රටා සඳහාද %සියම් තිරමීට්^ සංදර්ශනයේ විශේෂ තැනක් ලබාදී තිබේ.

මෙහිදී ශ්‍රී ලාංකේය බෞද්ධයන්ට ඉතාම සමීපම දර්ශන අවස්ථාව වන්නේ අපාය සමග යමරජු හා යමපල්ලන් පවුකාරයන්ට දඬුවම් දෙන ආකාරයි. අපායේ කටුඉඹුල, ලෝදිය පෙවීම ඇතුළුව පවුකාරයන්ට ලබාදෙන විවිධ දඬුවම් දක්නා විට අපේ රටේ විහාරස්ථානවල නිර්මාණය කර තිබෙන අපාය අපූරුවට සිහිපත් කරවයි.

"සියම් තිරමීට්" සංදර්ශනයේ දක්නට ලැබෙන දර්ශනීයම අංගය ලෙස සැලකෙන්නේ අපායෙන් පසුව ඉදිරිපත් කරන දිව්‍ය ලෝකයයි. සක්දෙවිඳුගේ දිව්‍ය විමානය සහ දෙවිවරුන් සමග විද්‍යාංගනාවන් අහසේ සැරිසරන්නේ නරඹන්නන් විමතියට පත්කරමිනි.

සංදර්ශනය නරඹමින් සිටියදී එක්වරම නරඹන්නන් අතරින් අලි ඇතුන් සහිතව නර්තනකරුවන්ද පෙරටුකරගෙන ගමන් කරන සුවිසල් පෙරහරෙන් සියම් තිරමීට් වේදිකාවේ සුවිසල්භාවය මනාව වටහාගත හැකිය.

තවත් දර්ශනයකදී එක්වරම වේදිකාව මත දැවැන්ත ජලමාර්ගයක් නිර්මාණය වේ. එහි නාට්‍ය ශිල්පීන් සහිත බෝට්ටු පවා ගමන් කරන්නේ නරඹන්නන් විශ්මයට පත්වෙමිනි. ඊළඟට විදුලි කොටමින් ඇදහැලෙන අනෝරා වැස්සකි. ඒ අස්සේ ශාලාවම ගුගුම් දෙවමින් විදුලි කොටන්නේ නරඹන්නන් භීතියෙන් මුසපත් කරවමිනි. මේ සියල්ලම වේදිකාව ඇතුළු සම්පූර්ණ රංග කලාවම යොදාගනිමින් සිදුකර ඇති විශිෂ්ට නිර්මාණයන්ය. විවිධ කෝණ හා පැති ආවරණය වන පරිදිදැවැන්ත පසුතල, වර්ණවත් ආලෝක පසුබිම් සමග මුසුවූ සංගීතයෙන්ද මෙම සංදර්ශනයේ විශිෂ්ටත්වය මනාව කියාපායි. දැවැන්ත පසුතල කොපමණ අපූරුවට නිර්මාණය කර ඇත්දැයි කිවහොත් වේදිකාව පසුතලයේ දැවැන්ත නැව් පවා ගමන් කරවීමෙන් මෙම සංදර්ශනය නිර්මාණය කළ පිරිසේ දක්ෂතාව මනාව වටහාගැනීමට හැකිය. ඒ නිසාම %සියම් තිරමීට්^ සංදර්ශනය තායිලන්තයට පැමිණෙන විදේශකයන් වශී කරවනවා සේම එරටට විශාල විදේශ ආදායමක් ලබාදෙන නිර්මාණයක්ද වී තිබේ.

මෙම සංදර්ශනයේ කිසිදු අවස්ථාවක් ඡායාරූපයට නැගීමට හෝ වීඩියෝගත කිරීමට අවස්ථාව නොදෙන්නේ එහි ජීවගුණය සුරැකීමටය. %සියම් තිරමීට්^ සංදර්ශනයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක නියෝජිතායතනය සවාරි ට්‍රැවල්ස් සංචාරක ආයතනයයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු "savaritravels.com" වෙබි අඩවියෙන් ලබාගත හැකිය.

 

ගීතාංජලී ප්‍රියදර්ශනී

 

2016-10-25-ent-27
2016-10-25-ent-26
2016-10-25-ent-25
2016-10-25-ent-23
2016-10-25-ent-22
2016-10-25-ent-21
2016-10-25-ent-20



අදහස් (0)

ගිනස් පොතට ගිය තායිලන්තයේ 'සියම් තිරමීට්' සංස්කෘතික සංදර්ශනය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 89 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 117 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 136 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 533 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 847 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 255 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39760 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 383 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site