IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ගම්තුන ඉරි තලයි : රෑට නින්දකුත් නෑ

මනහර කඳුවැටියකින් හා නිල්වන් කැලෑ රොදකින් වටවූ අරනායක ගම්තුනේ අවුරුදු 81ක් තිස්සේ සතුටින් ජීවත් වන පී බී කරුණාදාස දැන් සිටිනුයේ ලොකු බයකිනි. ඔහු මෙන්ම ගංතුන ගම්මානයේ  තව බොහෝ දෙනෙක් හයියෙන් එන සුළඟටත් බිය වෙති.

අවුරුදු ගණනක් ජීවත් වූ අලංකාර පරිසරය දමා යෑමට තැනැක් නැති නිසා සමහරු තවමත් ජීවත් වන්නේ ඉරි තලා බිත්ති ඈත්වුණු නිවාසවලය.

මාවනැල්ලේ සිට අරනායකට ගොස් අම්බල කන්ද පසුකරමින් ගිය විට හුළංකපොල්ල හමුවෙයි. හුලං කපොල්ලෙන් දකුණට දිවෙන මාර්ගයේ යන ගංතුන වැසියන් දකුණු පසින් ගෙවල් දහයක් විනාශ කරගෙන නාය ගිය ස්ථානය දර්ශනය වෙත්ම   ඉරි තලා ගිය තම නිවාසවලට යන්නේ චංචල සිතිනි.

ගංතුනට යන මාර්ගය ද තැනින් දැන ගිලා බැස තිබුණු අතර තැන් දෙකක පමණ කඩා වැටුණු පස් කඳු හරි හැටි ඉවත් කර නොතිබිණි.

ගම්තුනේ ආර් පී සෝමරත්න මහතා සහ හේමන්ත අමරනාත් සුරවීර මහතා සංස්කරණය කළ ‘මෙහෙවර‘ නම් කෘතියට අනුව ගම්තුනේ ඉතිහාසය වලගම්බා රජ දවස තෙක් දිවෙයි. උඩගම, පල්ලෙගම හා බෙලිහුල්වාන යන ගම් ත්‍රිත්වය ඈඳීමෙන් ගම්තුන යන නාමය පට බැඳී ඇති බව ජනප්‍රවාදයේ කියැවෙයි.

දීර්ඝ ඉතිහාසයකට උරුම කම් කියන ගම්තුනේ අනාගතය ගැන ගමේ බොහෝ දෙනෙකු කතා කරනුයේ කුකුසකිනි.

එස් පී ලෝචන (34)ගේ නිවස ද ඉරි තලා ගොසිනි. කොයි වෙලේ බිත්ති බිමට පතිතවේදෝයි ඔහු මෙන්ම ඔහුගේ දරු දෙදෙනා ද බියෙන් සිටිති.

‘අපේ ගෙදර ඉරි තලලා. ළමයින් දෙන්නා බයෙන් ඉන්නේ. රෑට හුළඟක් ආවත් ළමයින් දෙන්නා බය වෙනවා.‘ යැයි ලෝචන කීවේය.

ආර් පී සෝමරත්න සහ කාන්ති විජේසිංය යුවළ ද ලෝචන මෙන්ම කුකුසකින් ජීවත් වන අතර ඔවුන්ගේ ආර්ථිකයද කෙමෙන් කෙමෙන් පරිහානිය කරා යන්නේ ස්වභාවික නස්පැත්තිය මෙන්ම වගකිව යුත්තන්ගේ ප්‍රමාදය නිසා බව ඔවුහු පවසති.

‘අරනායක රාමසර කන්ද නාය ගියාට පස්සේ හැමෝම බයෙන් ඉන්නේ. ඒ සිදුවීමෙන් පස්සේ ගංතුනට එන මාර්ගය තැනින් තැන ගිලා බැහැලා. අපේ මහ ගෙවල් පුපුරලා.‘ යැයි කාන්ති විජේසිංහ කීවාය.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් පැමිණ පරීක්ෂා කළත් හරි උත්තරයක් නුදුන් බවත්, මෙය අධි අවදානම් කලාපයක් බව කියමින් ඇතැමුන් ගිය බවත්, දැන් ගමේ පාසලද වෙනත් තැනකට ගෙන යෑමේ වෑයමක් ඇති බවත් ඇය කියන්නීය.

‘වැඩිපුර කටකතාත් යනවා. ඉහළින් පෙනෙන කකුළුපිටිය ගල පෙරලෙනවා කියලත් කට කතාවක් ගිහින් කට්ටියක් පැනලා දිව්වා. යන්න තැනක් නැති නිසා අපි දිව්වේ නෑ. මෙහෙට එන පාරේ ගෙවල් දහයක් පමණ නාය ගියා.  මේ ගම ගැන බලන්න ජනමාධ්‍යයෙන්වත් එන්නේ නෑ. ගමේ පාසලත් වෙන තැනකට ගෙනියන්න යනවා. මොනවා වෙනවද කියලා අපටවත් හිතා ගන්න බෑ. අපිව හරියට දැනුම්වත් කරන්නෙත් නෑ. දැන් අපෙත් ඔළුව හොඳ නෑ වගේ. ඉන්නවට ඉන්නවා.‘ යැයි කාන්ති පැවසුවාය.

ගමේ සිල්ලර කඩයක් කරගෙන ජීවත් වන කාන්තිගේ සැමියා ආර් පී සෝමරත්න කියනුයේ දැන් පෙරට වඩා වෙළෙඳාම අඩු බවයි. ගම ගැන ලියැවුණු පොතේ සංස්කාරක ඔහුය.

‘ගමේ බොහෝ දෙනෙක් නැහැ. අනාරක්ෂිතයි කියා වෙනත් තැන්වලට ගිහින්. ඒ නිසා කඩේ වෙළඳාමක් නෑ. ‘ සෝමරත්න කීවේය.

ගමේ වැඩි දෙනෙක් ජීවත් වන්නේ වැවිලි කර්මාන්තයෙනි.

උපන් දා සිට ගංතුනේ ජීවත් වන පී ආර් එස් සුරවීර කීවේ  තේ, ගම්මිරිස්, කෝපි, කරාබු මෙන්ම කුඹුරු ගොවිතැනින්ද ගංතුන වැසියන් වැඩි දෙනෙකු ජීවිතය සරි කර ගන්නා බවයි.

එම පවුල් ගමෙන් ඉවත් කළහොත් ගොවිතැනට යන කළ දසාව ගැනත් කිලෝමීටර ගණනක සිට නැවත ගොවිතැන් කිරීමට කඳු මුඳුනට ඒමේ අපහසුව ගැනත් ගම්වැසියෝ තැන තැන කතා කරති.

ගෙවල්වල සිටීම අනාරක්ෂිත බව කීවද යන්න එන්න තැනක් නැති නිසා නැවතත් ගමටම වී සිටින බව එච් පී විජේ (50)  කීවේය.

‘ගෙවල් බලලා යන්න කිව්වා. දවස් හයක් පමණ කඳවුරක හිටියා. කඳවුරේ ජීවත් වෙන්න අමාරුයි. වෙන යන්න තැනකුත් නෑ ඒ නිසා ආයෙත් ගමටම ආවා.‘ යැයි ඔහු කීවේය.

 හත්තෑ පස් හැවිරිදි චන්ද්‍රා වික්‍රමගේ දරු මුණුබුරන් කිහිප දෙනකුගේ මිත්තනියකි. ඇයද ගමට වී ඇති නස්පැත්තිය ගැන කියනුයේ දැඩි කණගාටුවෙනි.

‘ගෙවල් ඇවිත් බලලා ගියා. කොළඹට වාර්තාව යවලා සතියකින් කියන්නම් කිව්වා. තවම නම් කිව්වේ නෑ. රෑට නින්ද යන්නෙත් නෑ මහත්තයො අපි හරි බයෙන් ඉන්නේ. ‘ චන්ද්‍රා මහත්මිය කීවාය.

ඇගේ සැමියා වන පී බී කරුණාරත්න (81) අවසන් වශයෙන් ප්‍රශ්න කළේ  උපන් දා සිට අවුරුදු අසූ එකක් තිස්සේ ජීවත් වන ගම්මානය දමා කොහේ යන්නද කියාය.

(යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල චන්දිම ප්‍රියසංක මහතාට ලංකාදීපයේ විශේෂ ස්තුතිය)

(ඡායාරූප අමන්ත පෙරේරා සහ තරිඳු ජයවර්ධන)

ganthuna-01 ganthuna-02 ganthuna-03 ganthuna-04 ganthuna-05



අදහස් (0)

ගම්තුන ඉරි තලයි : රෑට නින්දකුත් නෑ

රන්ජිත් Thursday, 23 June 2016 04:57 AM

දැන් දැන් කියන ඒවා දිහා බලනකොට අනවශ්‍ය පුද්ගලයන් ජීවත්වෙන නිසා පොළොව පැළෙන බව කියන අය ඉන්නත් බැරි නැහැ (නි)

:       0       0

කේ.ක්‍රිස් Wednesday, 22 June 2016 01:28 PM

ජපානෙට කිරි.මේ ගොල්ලන්ට කැකිරි. (බ)

:       0       0

විකුම් Thursday, 23 June 2016 07:22 AM

මේ අයට පහත සඳහන් වතු වලින් ඉඩම් දෙන්න රජයට බැරි හේතුව කුමක්ද? යටිදාරිය වත්ත - උදුගොඩ, හිග්ගොඩ වත්ත - උදුගොඩ, ගොලින්ද වත්ත - කෑගල්ල, පරබේ වත්ත, බොස්සල්ල සහ ඉල්වාන යන කොටස් වලින් (නි)

:       0       0

විපුල Wednesday, 22 June 2016 03:19 PM

රටකට වුණු නස්පැත්තියේ තරම. (බ)

:       0       0

ධම්ම Wednesday, 22 June 2016 04:39 PM

මන්ත්‍රීතුමෙක් කිව්වේ නැද්ද හිත හදාගන්න කියලා. (නි)

:       0       0

ගුණේ Wednesday, 22 June 2016 06:46 PM

මේ මහපොළොව කියලා අපි කියන්නේ පෘථිවි ධාතුවට. එය ඇසට නොපෙනෙන ශක්ති විශේෂයක්. අපිට ඕනෑ ආකාරයට හසුරවන්න, මැඩපවත්වන්න බැහැ. මිනිස්සු නොපිළිගත්තට මිනිස්සු තුළ ක්‍රියාත්මක වන චිත්ත තරඟයන්ට අනුව ප්‍රතික්‍රියා දක්වනවා (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 22 June 2016 09:35 PM

ලෝකයම මායාවකි. සියල්ල නැසෙන සුළුය. මේ දහම තේරුම් බේරුම් කරගෙන ජීවත්වෙන්න උත්සාහ කරමු (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 23 June 2016 01:38 AM

පවු දෙයියනේ අසරණ මිනිස්සු! (නි)

:       0       0

බන්දුල Thursday, 23 June 2016 02:00 AM

යමක් කැමති සේ සිතුසේ නැද්ද, පවත්වන්න බැරිද, එය දුකයි. යමක් දුකද, එයම අනාථවීමට හේතුවයි. ශරීරය ඇතුලු දේ ඇතිවන්නේ එ්වායේ හේතු ඵල අනුව මිස අපට ඕනෑ විදියට නොවේ. (නි)

:       0       0

තෙශාන් Thursday, 23 June 2016 10:01 AM

දැන් තේරෙනව නේද මිනිස්සුනෙග් අත්තනොමතික වැඩ නිසා විදින්න වෙන දේවල්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 18 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 37 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 941 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1378 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2062 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 509 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site