IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


ගුරු පුණුවට ජාත්‍යන්තර ත්‍රෛයි පාක්ෂික ගිවිසුමක්

(අංජුල මහික වීරරත්න)

දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය, යුනෙස්කෝ දකුණු ආසියාතික කලාපීය කාර්යාලය සහ ඉන්දිරා ගාන්ධි ජාතික විවෘත විශ්ව විද්‍යාලය අතර ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දකුණු ආසියා ගුරු සංවර්ධන මධ්‍යස්ථානය ස්වාධීන සහ ස්වයං මූල්‍යන ආයතනයක් ලෙස පිහිටුවා තිබේ. 

එම මධ්‍යස්ථානය මඟින් ඉටු කළ යුතු කාර්යයන් යාවත්කාලීන කිරීම සඳහා එහි කාර්යයන් ප්‍රවර්ධනය කිරීම සහ කලාපයේ අනෙකුත් ආයතන හා සංවිධාන සමඟ හවුල්කාරීත්වයන් ස්ථාපිත කරගැනීම යුනෙස්කෝ විධායක මණ්ඩලය විසින් නිර්දේශ කර ඇත. 

ඒ අනුව, ගුණාත්මකභාවයෙන් හෙබි මාධ්‍ය සහ තොරතුරු සාක්ෂරතාව පිළිබඳ නව පුහුණු වැඩසටහනක් හඳුන්වා දීම මඟින් කලාපීය සහයෝගීතාව තව දුරටත් වර්ධනය කර ගැනීම හා 2030 තිරසර සංවර්ධනය පිළිබඳ න්‍යාය පත්‍රයේ දක්වා ඇති ඉලක්ක ඇතුළුව ජාතික සහ කලාපීය ක්‍රියාකාරී සැලසුම් ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින්, දකුණු ආසියා ගුරු සංවර්ධන මධ්‍යස්ථානය, යුනෙස්කෝ දකුණු ආසියා කලාපීය කාර්යාලය සහ ඉන්දිරා ගාන්ධි ජාතික විවෘත විශ්ව විද්‍යාලය අතර ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී තිබේ. 

යෝජිත කෙටුම්පත් අවබෝධතා ගිවිසුම සඳහා නීතිපතිගේ අවසර  ලැබී ඇත. 

එකී ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන්  අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.



අදහස් (0)

ගුරු පුණුවට ජාත්‍යන්තර ත්‍රෛයි පාක්ෂික ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පළාත් කීපයකට අදත් තද වැසි
2025 අප්‍රේල් මස 17 43 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම්


සිසුන් දෙදෙනෙක් මුහුදේ සැඟ වෙති
2025 අප්‍රේල් මස 17 294 0

පවුලේ අයවළුන් සමග පානදුර මුහුදේ විනෝදයට දියනාමින් සිටී පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.


පුංචි ඡන්දය නියම දිනටම මැකෝ තීරණය කරයි
2025 අප්‍රේල් මස 17 259 0

පළාත් පාලන ආයතන 339 ඡන්ද විමසීම එකවර පැවැත්වීමට අදහස් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ නීති අංශය පවසයි.


රෝහලට පැන මලසිරුරක් බලෙන් පැහැරගෙන
2025 අප්‍රේල් මස 17 584 0

අනතුරකින් පසු රෝහලට රැගෙන එන අතර තුර මියගොස් සිටි පුද්ගලයකුගේ මල සිරුරක් ඔහුගේ ඥාතීන් විසින් බලහත්කාරයේ පානදුර රෝහලට රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.


ඇමෙරිකන් තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක්
2025 අප්‍රේල් මස 17 2227 0

ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම


රටපුරා රජයේ රෝහල්වල දැඩි බෙහෙත් හිඟයක්
2025 අප්‍රේල් මස 16 2062 1

කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 168 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 331 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1010 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site